සඳැස් / නිසඳැස්

අවසාන කටයුතු අනුරාධපුර පොදු සුසාන භූමියේදී සිදුකෙරේ……!!!

0

සිප් එක පැනල
මිහින්තලා ගල් වැටියෙන්
තදකර වසා
මල්වතුඔය බදපටියෙන්
වකුගඩු උඩින්
ග්ලයිෆොස්පේට් කරපටියෙන්
හිරකරගෙන උන්දැ මැරුණෙ
උක්කුටියෙන්………………..

මහවැහි ගලා
වැව් ගොවිතැන් බත් ගිල්ලා
ඉර පෑයුවේ
උගසට ලේ මස් ඉල්ලා
උඳු මුං කව්පි ටික
බොල් කෙරුවම ගුල්ලා
ජීවත්වෙලා මොකටද
දෙයියම්පල්ලා………….

කණකොකුන්ට කක්කුටු කටු
පෙම් බඳින
තනිනරින්ට මැරුණු පෙතියො
රස ගෙනෙන
අඳගොවින්ට තෙල් කඩ
මැහිතෙල් පොවන
කන්න දෙකට බැංකුව
ඇඟ උඩ නගින…………..

රත්තරනේ වකුගඩු රිදුනද උඹට
හුජ්ජ පෙරන අවුසද හීනද අපට
ගින්දර ලයිට් දුන්නත්
සෙනෙහෙන් ළිපට
අඟුර අළුවෙයන්
දුක පුච්චන් සැපට…………

කොක්කු ඇවිත්
තෙඹු ලබු මල් තියල ගියා
ඇත්තු කනදරාවෙදි
දණ නමල ගියා
සත්තු අඬන්නෙම කෝ උඹ
කොහෙද කියා
පත්තු බැඳපු සරණේළිස්
නිවන් ගියා………………

බේත් කොහෙද
හේනෙ මැරෙණ රිලවුන්ට
පොළී පමණි
වෙළඳ හෙළඳ පිඹුරන්ට
පිනට උපන්
මහත දෙහෙත ඇමතින්ට
ගලපං දියවන්නාව
තොපි ටික වැලලෙන්ට………….!!!

මීට
සාතිශය සංවේගයට පත්
සරණේළිස් වෙදමහතාගේ
ප්‍රිය භාර්යාව——————
හේවාමාරමගේ කිරිමැණිකා
උපාසිකා මාතාව………………..

හැකිතාක් සතුටුවෙන්න.
මල්වඩම් අනවශ්‍යයයි……….!!!

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

https://gadyanohothkavi.blogspot.co.uk/2018/05/blog-post_981.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල