සාහිත්‍ය කළා විචාර

කේ පී සමග පොත් බෙදුවෙමු

Off

ඒ 2010 වර්ෂයයි. කේ පී ශ්‍රී ලංකා රජයෙන් රඳවා ගෙන සෑහෙන කළකි. ඩි බී එස්‌ ජෙයරාජ් මහතා තමන්ගේ වෙබ් අඩවියේ කේ පි ඇතුළු රඳවා සිටින හිටපු කොටි සාමාජිකයන් යුද්ධයෙන් අනාථ වූ දරුවන්ට උදව් කරන බව ලියා තිබුණි. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උදව් ඇතුව NEDRO නම් සංවිධානයක් පිහිටුවා තිබුනු බවක් සඳහන් විනි. ජෙයරාජ් මහතා දුන් තොරතුරු අනුව මේ දරුවන්ට උදව් කිරීමට අප තීරණය කෙළෙමු. මෙයට හේතුව යුද්ධය පැවති කාලයේ සුනාමියෙන් පසු උතුරේ හෝ නැගෙනහිර දරුවන්ට උදව් කිරීමට තැත් කල මුත් එයට අවස්ථාවක් නොලැබුණු හෙයිනි. ඒ අවස්ථාවේ ළමයි සඳහා වන මුදල් විමුක්ති කොටි සංවිධානය යටතේ ඇති සංවිධානයකට බැර කරන ලෙස අපට දැන්වූ පසු අප එය ප්‍රතික්ෂේප කල හෙයිනි. එංගලන්තයේ තහනම්, දේශපාලන වශයෙන් ත්‍රස්තවාදී යයි සැලකෙන සංවිධානයකට අනුබද්ධ ආයතනයකට අප සහයෝගය නොදක්වන බව කී පසු ඔවුන් කිවේ උතුරේ හැම දෙයකම පාලනය ඔවුන් යටතේ පවත්නා බවයි.

යුදයෙන් පසු සුනාමියෙන් වුවක් මෙන්ම දෙමාපියන් අහිමිවූ දරුවන් බොහොමයක් සිටින බව අපට දැන ගන්නට ලැබුණි. ඒ නිසා NEDRO හරහා අපි ඔවුන්ට පොත්පත් , පාසැල් බෑග් යනාදිය පිරි නැමුවෙමු. පහත ඇත්තේ ඒ පින්තුරයි. NEDRO මුලිකයා වශයෙන් කුමාරන් පත්මනාදන් (කේ පී) ද එයට සහභාගී වුනි. ඔහු එවිටත් හමුදාව යටතේ සිටි අතර මෙසේ සහභාගී වුයේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය සහිතව යයි සිතමි.

මෙයින් පසු මා කලේ මා දන්නා හඳුනන දෙමල ඩයස්පෝරාවේ යහළුවන්ට මේ ගැන කියා ළමයින් සඳහා උදව් ඉල්ලීමයි. බොහෝ අය ගත් කටටම කිවේ ඒ සල්ලි ගෝටාගේ සාක්කුවට යන බවයි. මෙය ගෝඨාභය රාජපක්ෂ මතාගේ අවසරය ඇතිව කරන දෙයක් බව පැහැදිලි මුත් මුදල් යන්නේ ළමයින්ගේ සුභ සිද්ධිය සඳහා පමණක් බව මම පැහැදිලි කලෙමි. එසේම ඒ සඳහා වගකීමද භාර ගතිමි. නමුත් කිසිවෙක් සුබසාධකයන් (sponsor) වීමට කැමති වුයේ නැත. “ඔබලාට දකුණේ බෝම්බ පුපුරන්නටත් , වෙනම රටක් හැදීමටත් මුදල් යවත හැකි වුවත්, ඔබගේ ළමුන් එංගලන්තයේ හොඳින් ඉගෙනීම ලබද්දී, ජීවිතය සතුටෙන් ගෙවද්දී, තමන්ගේ වරදකින් තොරව අසරණ වුනු මේ ළමයින්ට උදව් කිරීමට නොහැක්කේ මන්ද යයි “මම එක දෙමල පරිගණක ඉන්ජිනේරුවෙකුගෙන් ඇසුවෙමි. ඔහු අදටත් මා සමග කථා කරන්නේ නැත.
දැන් විජිත හේරත් මහතා ප්‍රමුඛ ජවිපෙ කේ පී ට දඬුවම් කරන්නට උසාවි නියෝගයක් ලැබීමට ගොස්ය. මා මෙහිදී කේ පී වත් කරුණාවත් නිදොස් කරන්නට කතා නොකරමි. කරුණා කැඩුනේ රනිල් වික්‍රමසිංහ ගේ සාම ගිවිසුම් කාලයේ බවත් චන්ද්‍රිකා රජය කරුණාගේ උදව් ගැනීම ප්‍රතික්ෂේප කල බවත් සඳහන්ය. වෙරුගල් නදිය අසලදී කරුණාගේ ළමා සොල්දාදුවන් LTTE ය විසින් මරා දැමු පසු කරුණා ශ්‍රී ලංකා හමුදාවන්ට එකතුවූ බවත් ඔහු යුද්ධයේදී කිසියම් මෙහෙයක් කල බවත් හැමෝම දනිති. එදා හෙළ උරුමයට හෝ ජවිපෙට මේ ගැන ප්‍රශ්නයක් තිබ්බේ නැත.
මේ දේශපාලන ගේම් එක තව දුරටත් ගෙන යා යුතුද? කල යුතුව ඇත්තේ reconciliation commission හෙවත් සංහිඳියා කොමිසමක් පිහිටුවා එයට නෛතික බලයද දී කරුණාට හෝ කේපීට මෙන්ම අනිත් වරද කරුවන්ටද දඬුවම් ලබා දීමයි. වහාම කල යුතුව ඇත්තේඅර අහිංසක ළමයින් මෙන්ම යුද්ධයෙන් වැන්දඹුවන් බවට පත්වූ දස දහසක් පමණ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල් ගැන සොයා බැලීමයි.

මේ ගැන හොඳ වැඩ පිළිවෙලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කර තිබෙණු මම දුටිමි. ඒ අතර දෙමල වැසියන්ගේ නිවාස ප්‍රශ්න, වැන්දඹුවන්ගේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න විසඳීමට වැදගත් යෝජනා තිබුණි. ඔවුන් ස්වයං නිර්ණනය ප්‍රශ්නය මෙන්ම සමාජවාදය එනතුරු බලා නොසිට ප්‍රයෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.
ලන්ඩනයේ පැවති එක්තරා සම්මන්ත්‍රණයකදී LTTE යෙන් මරා දැමූ රාජිනී තිරානගමගේ සොහොයුරිය නිර්මලා රාජසිංහම් පැමිණ සිටිනු දුටුවෙමි. නිර්මලා රාජසිංහම් යනු LTTE යේ උදව්වෙන් වැලිකඩ බන්ධනාගාරයෙන්පැන ගිය, එහෙත් පසුව LTTE යෙන් ඉවත්වූ අයෙකි. ස්වයං නිර්ණනය හා වෙනම රටක් පිලිබඳ ඇගේ දැන් ස්ථාවරය කුමක්දැයි ඇසුවෙමි. ස්වයං නිර්ණනය ගැන කතා නොකරන බවත් දැන් ඇත්තේ දෙමල වැසියන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීමේ අවස්ථාවක් බවත් ඇය පැවසුවාය.
ප්‍රශ්නය ඇත්තේ එතැනය. මුළු උතරු නැගෙනහිර ජනතාවම ඊලම් වාදීන් ලෙස සලකා මෛත්‍රීට චන්දය දුන්නේ ඊලම පිහිටවන්න යැයි ජාතිවාදීන් කෑ ගහන රටක කේ පී ට වඩා මේ අහිංසක දෙමල දරුවන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් ඇති ප්‍රශ්න නිරාකරණය කරමින් ඔවුනුත් ලංකාවේම වැසියන් බව ඒත්තු ගැන්වීම වඩාත් ප්‍රයෝගික බව මගේ හැඟීමයි. එසේම ජෙයකුමාරිට කිසිම චෝදනාවක් නැත්නම් ඇය නිදහස් කර ඇගේ දරුවා ඇයට භාරදීම සඳහා ජවිපෙට ආණ්ඩුවට බල කළ හැකියි.

ප.ලි.
අපගේ චැරිටි පදනම ෂෙයාර් ඇන්ඩ් කෙයාර් යනුවෙන් හඳුන්වන අතර අප දෙමල ළමුන්ට පමණක් නොව සිංහල ළමුන්ටද උදව් කළෙමු. (ජාතිවාදීන්ට මෙයත් ප්‍රශ්නයක් විය හැකි නිසා)හම්බන්තොට හා මාතර මෙවැනිම ළමා කඳවුරු පවත්වා කොළඹ ළමා පොත් සංගමය සමග පොතපත සපත්තු ආදිය බෙදුවෙමු. 2007දී සීදුවේ ඇති හමුදාවේ විශේෂ බලකායට කිහිලිකරු වැනි උපකරණ පරිත්‍යාග කළෙමු.
පහත ඇත්තේ අප මාතර ප්‍රදේශයේ උදව් කල ළමුන් සමුහයකි.
— අජිත්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල