සාහිත්‍ය කළා විචාර

නොකියැවුණු කතාව – නිධානය

Off

දැනට මාසයකට පමණ පෙර “සුළඟ අප රැගෙන යාවි ” චිත්‍රපටයේ තරුණ අධ්‍යක්ෂක වරයා වන නුවන් ජේත්, සිනමාවේදය උගන්නා සිසුවකු වන සන්ජයත්, චන්දන ගුණසේකරත්, අගෝරා කලා කවයේ සහෘදයනුත් එක්ව “නිධානය” සිනමාපටය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට උපහාර පිණිස ලන්ඩනයේ දී තිරගත කළා. සභාව මෙහෙයවීමට ආරාධනාවක් ලැබී තිබුන නිසා කෙටියෙන් කතාවක්ද සූදානම් කරගෙන පැමිණි මුත් එයට අවස්ථාවක් ලැබුනේ නැහැ. එනිසා මම ඒ කියන්න හිටිදේ මෙතන ලියනව කියල හිතුව.

පහුගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ යාළුවෙක් එක්ක දවල්ට කෑමට ගියා ජා ඇල වෙළඳ මධ්‍යස්ථානයකට. එංගලන්තේ ස්ට්‍රට්ෆොර්ඩ් වෙළඳ මධ්‍යස්ථානයට ගිය කෙනෙක් දන්නවා ඒකෙ එක තට්ට්ටුවක ලෝකයේ රටවල් ගණනාවක කෑම තිබෙන ආපන ශාලා තිබෙනවා කියල. චීන, මැලේසියන්, කැරිබියන්, ඉන්දියන්, ඉතාලි, ඉංග්‍රීසි , ඇමෙරිකන් ආදී වශයෙන්. මේ ජා ඇල මම කියන වෙළඳ මධ්‍යස්ථානයත් ඒ වගේ හැබැයි ටිකක් ප්‍රමාණයෙන් කුඩායි.

ඉතින් අපි ලංකාවට ගියහම අපේ යාලුවෝ අපිව එක්කන් යන්නේ හුඟක් වෙලාවට චයිනීස්, මැලේසියන් , මැක්ඩොනල්ඩ්ස්, කේ එෆ්සී වගේ තැන් වලට තමා වැඩියෙන්ම. අපිත් සද්ද නැතිව යනවා. මට හිතෙනවා වෙලාවකට ඒ ගොල්ලට ඕන පෙන්වන්න මේ මෙහෙත් මේවා තියනවා කියල. නැත්නම් ඒ ගොල්ලන්ගේ අවිඥානක ආශාවක් තියනව ඇති ඒ වලින් ආහාර ගන්න. නමුත් ඒක යටපත් කරගෙන ඉන්නවා ඇති. නැත්නම් “මේ බලන්නකෝ එංගලන්තේ විතරක් නෙමේ මෙහෙත් මැක්ඩොනල්ඩ් තියනවා, කේ එෆ් සී තියනවා” කියල කියාගන්න ඕන වෙන සියුම් ආශාව වෙන්න ඇති.

ඉති ඔය දවසෙත් අපි ඔය කියන වෙළඳ සංකීර්ණයේ ඇවිද්ද දවල්ට කන තැනක් හොයාගෙන. මැලේසියන් කෑම , චයිනීස් කෑම , ඉතාලි පැස්ටා, චිකන් තිබ්බත් ඔහේ ඇවිද්ද. එකක් වත් හිතට හරි ගියේ නැහැ. අන්තිමේදී දැක්ක මුල්ලක පොඩි කඩ කෑල්ලක්. හට්ටි වල මාළු ඇඹුල් තියල්, හාල් මැස්සෝ බැදලා, පොළොස්, කන්කුම්, ගොටුකොළ සලදේ, වම්බටු බැදලා, රතු බත්, සුදු බත්, පොල් සම්බෝල, නෙලුම් අල, කොහිල ඔක්කොම එක්ක. ගාණ අර අනිත් කෑම වගේමයි හැබැයි. ඉතින් බත් එකට දෙන වෑංජන පහ දෙන්නට අරගෙන අතිරේක බත් එකක් ගත්ත අනිත් වෑංජන ටිකෙත් රහ බලන්න. අර හැංගිලා හිටිය ගමයා එලියට පැන්නද? ලන්ඩන් වලින් ලංකාවට ගියහම අර හිතේ කොනක සැඟවී තිබූ අවිඥානක ආශාව එළියට ආවද?

මේ අවිඥානක ආශාව ඇවිල්ල සෑහෙන්න බලගතු දෙයක්. භෞතික දේවලින් වගේම මානසිකව කරන බලපෑම් (manipulation) වලිනුත් එය පාලනය කරන්න පුළුවන් කියල හිතෙන්නේ නැත්ද? පාලනය වෙන්න පුළුවන් නේද .
ඒ කියන්නේ නිධානයක් ගැන ඇතිවන අවිඥානක ආශාව? පුස්කොල පොතක් වගේ දෙයක ලියල තියෙන දේවල් සියල්ලම සත්‍ය යයි විශ්වාස කිරීම වගේ අතාර්කික (irrational) දෙයක් වෙත මනස යොමු කරවන්න මේ අවිඥානක ආශාවට පුළුවන්ද?

අවිඥානක ආශාව නිසා මානසිකව ලෙඩෙක් වෙන්න පුලුවන්ද? චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විලී අබේනායක අසු පිට නැගල මහා වැස්සේ නිධානය හොයන්න ගිහින් නැවත නිවසට ඇවිත් බිමට වැටෙනවා. පිටින් තුවාලයක් නැහැ. මානසිකව ලෙඩ වීමක් නොවෙයිද එතැන පෙන්වන්නේ?

ඒ කියන්නේ මේ අවිඥානක ආශාව – නිධානය රැගෙන ණය මුදල් ගෙවා, සින්න වීමට යන වලව්වද බේරා ගෙන පරම්පරාවේ ගෞරවය රැක ගැනීම, අතීත ශ්‍රී විභූතිය කරා යාම සාක්ෂාත් කර ගන්න විලී ව යොමු කරවනවා. නමුත් ඒකෙන් යථාර්තය, නැත්නම් අර විධිහට සැලසුමක් ගහලා අර තුන් කුළුඳුල්, උපන් ලපේ තියෙන කෙල්ල (අයිරින්) කසාද බැඳලා ඒ දේ සැලසුමේ විධිහටම කරද්දී යථාර්තය විලී ගෙන් සැඟවෙන්නේ කොහොමද? යථාර්තය හා මායාව අතර ඉරක් ඇන්දොත් විලී මේ දෙක අතර දෝලනය වෙනවා කියල හිතෙන්නේ නැත්ද? එතකොට විලී ගේ සිත තුල ඇතිවන මේ මායාව හා සැබෑ ලෝකය අතර ඇති ගැටුම දයලෙක්තික විඝටනයක් නෙවෙයිද?

ලෙස්ටර් මේ ජවනිකා සුක්ෂම ලෙස පෙළ ගැසුවේ එම හේතුවෙන්ද? මම හිතන්නේ නිධානය ලෝක සිනමාව තුලට යන්නේ මෙන්න මේ ගැටුම ( අවිඥානක ආශාව) අධි යථාර්තවාදී ලෙස (ultra realistic) (දීප්ති කියන විධිහට සිනමාත්මක ෆැන්ටසිය) තමන්ගේ සිනමා කෘතිය තුලට ගෙන ඒම නිසා කියලයි මට හැඟෙන්නේ.
ඉතින් මට හිතෙන්නේ මේ එක ක්‍රමයකින් නිධානය කියවා ගත හැකි විධිහක් කියල.

චිත්‍රපට විචාරය හා දේශපාලනික විචාර වලට මනෝ විශ්ලේෂණය විෂයක් වශයෙන් යොදා ගත්තේ මම හිතන්නේ එක්ස් කණ්ඩායම සහ දීප්ති කුමාර ගුණරත්න කියලයි. එනිසා ඔහුගේ විචාර හැම එකක්ම වගේ මම කියවනවා. දීප්ති කිහිප තැනකම හයිඩගර් තෝරා
ගන්නවා. හයිඩගර් ගැන මම මේ “කැත ගැහැණියගේ අගෝරා සෙල්ෆිය” ලිපියේ කියලා තියනවා ටිකක්.
මම ගෙඩිය පිටින්ම ඒ ලිපියේ කොටස මෙතැන දානවා නැවත ලියන්න කම්මැලි නිසා.

‘හයිඩගර් ලියනව “කලා කෘතියක මූලාශ්‍රය” (the origin of the Work of Art) කියල ලිපියක්. මෙන්න මෙහෙම දෙයක් ඒ ලිපියේ ඔහු කියනවා. ඔහු පෙනී සිටින්නේ වර්තමාන (ඔහුගේ කාලයේ) සම්ප්‍රදායක දර්ශනවාදී සෞන්දර්යය සඳහා නොවේය නමුත් සත්‍යම වූ සත්‍යයම පිළිඹිබු කරන කලා කෘති සඳහාය කියල. (Heidegger is against the modern tradition of philosophical “aesthetics” because he is for the true “work of art”). ඔහු කියනවා නියම කලා කෘතිය සෞන්දර්යය නිසා අඳුරු වෙනවා (eclipsed) කියල. හැබැයි හෛඩගර් ම ඒ එක්කම කියනවා මේක මහා ඔක්සිමොරොන් (oxymoronic) එකක් කියල. ඒ කියන්නේ “හතරැස් වෘත්තයක්” “කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවය” වගේ . “ජිවත් වුනත් මැරිලා වගේ ” ඉන්න මිනිස්සු. මැරිලා නම් ජිවත් වෙනවා කියන්න බැහැනේ. “අවංක නීතිඥයෙක්”, “කොළඹ ගමයා” වගේ තව උදාහරණ ගන්නත් පුළුවන් .
සුන්දරත්වයක් නැති කලා කෘති පවතින්න පුලුවන්ද? (ඔව් තියනවා, බොක්ස් ඔෆිස් එකේ වැඩිය සාර්ථක නොවිච්ච)

මොකද කලාවේ නියම ඓතිහාසික වටිනාකම හදුනාගන්නට බටහිර මිනිසාට හැකිවුණේ එය සෞන්දර්යවාදී වීම නිසාම යයි කියල ඔහු නැවත නැවතත් අවධාරණය කරනවා ඒ එක්කම. හතරබීරි කතාවක්නේ. ඒ කියන්නේ තමන් කියන එකටම ඔහු විරුද්ධ වෙනවා.

දැන් නිධානයේ ආදර ගීත , අයිරින් ගේ නැටුමක් හෙම නැහැ. අනික ඒක සුදු – කළු චිත්‍රපටයක්. වර්ණ ගැන්වීම්, පරිසරයේ සුන්දරත්වය අපට පේන්නේ නැහැ. හැබැයි අතීත කාලය මතක් වෙනවා.

හැබැයි ලෙස්ටර් සංගීතය අරන් එනවා චිත්‍රපටියට කේමදාසයන් හරහා. ආරම්භයේදී පසුබිම් සංගීතය ඉතා ප්‍රබලයි. “මට මතක විධිහට ගොළු හදවතින් තුන්වෙනි යාමයට ” කියන කැසට් පටියේ ඒ කොටස අහන්න පුළුවනි. විලී අබේනායක නිධානය තිබෙන තැන මුලින්ම බලන්නට යනවිට ඇති සංගීතය බෙර වාදන සමග සම්මිශ්‍රණය වූ එකක්. ටිකක පුස්කොළ පොත් කතා , බෙර වාදන එකට ගත්තම අර ගුප්ත ගතිය සිතේ ඇති කරවනවා.

ඒ කියන්නේ ලෙස්ටර් සෞන්දර්යය පැත්ත අමතක කරලා නැහැයි කියන එක. නමුත් ලෙස්ටර් ඒක ගන්නේ හයිඩගර් කියන විධිහටම විලී අබේනායක තම මුහුණ දෙන දෙමුහුන් යථාර්තය උලුප්පා පෙන්වන්න. කොටින්ම ඔක්සිමොරෝන් එකක් විධිහට.

මම ඇත්තටම කැමතියි කවුරු හරි ලැකානියානු මනෝ විශ්ලේෂණයක් (Psychoanalysis) හරහා මේ චිත්‍රපටය ගැන කියවීමක් කරනවා නම්. (එහෙම කරලා තියනවද දන්නේ නැහැ)

ඒ කියන්නේ හැත්තෑව දශකයේ සිමියෝටික්ස්, අපරේටස් තියරි (Apparatus theory) (ඒ කියන්නේ සිනමාව ස්වභාවිකවම සංකල්පික හා මතවාදීය යන අදහස) ආදිය උපයෝගී කරගෙන සහ ඉන් පසු දශක වල ජැකලින් රෝස් ආදීන්ගේ අදහස් (අතුරුදහන් වූ ආශාවේ අරමුණ) උපයෝගී කරගෙන කරන විචාරයක්. මට ඒ පිළිබඳව දැනුම අඩු නිසා ඒ ගැන කතා කරන්න කැමති නැහැ. කාට හරි කරන්න පුළුවන් නම් හොඳයි.

මෙතැනින් එම කතාවේ අවසානය එළැඹෙනවා. තවත් අදහස් දෙකක් කියන්න කැමැතියි මෙන්න මේ සම්බන්ධව. මම හුඟක් කැමති (එයා ලියන පොත්වලට වැඩියෙන්ම) මහාචාර්ය වරයෙක් ලියනවා චිත්‍රපටයක් ගැන කරන එක්තරා විචාරයකදී, “එයා මේ විචාරය කරන්නේ බසාන් , ජිජෙක්, චිචෙක්, ලැකාන් වැනි කෙනෙක් ඇසුරින් නොවේය”. එයා චිත්‍රපට පිස්සෙක් වශයෙන් ය කියල. හැබැයි මෙතැන සියුම්ව කරන පහරදීමකුත් තියනවා කියල හිතෙනවා එවැනි චිත්‍රපට විචාර කරන අය කෙරෙහි. උදාහරණයක් වශයෙන් දිප්තිලා වගේ අයට මම හිතන්නේ . මේ මහාචාර්යතුමා අමෙරිකා එක්සත් ජනපදයේත් ඉගෙන ගත් අයෙක්. ඇත්තම කියනවා නම් එයාට ඒ රටවල් වලට නොගිහින්ම ලංකාවේම ඉන්න තිබ්බ නේ. එහේ ගිහිල්ල මොකට ඉගෙන ගත්තද?
ඇත්තටම මෙවැනි මහාචාර්ය වරුන්ගෙන් අපි අපේක්ෂා කරන්නෙම අපි නොදන්න දේ, අපිට නොපෙනන සියුම් දේ, වෙනත් රටවල සංවර්ධනය වුනු අදහස්, වෙනත් චින්තකයන් ගේ අදහස් ඔවුන් ගේ ලිපි මගින් , කතා මගින් අපට පැහැදිලි කරලා දෙයි කියලනේ. නැත්ද මං අහන්නේ.ඒ වෙනුවට අපිට වෙලා තියෙන්නේ දීප්ති ලා වගේ විශ්ව විද්‍යාල වල ගිහින් ඉගෙන ගත්තේ නැති අයගේ ඒව කියවන්න. ඒ යයි බලාගෙන ගියහම ඒ දැනුම අරන් එන්නේ.

මොකද මහාචාර්ය වුනහම ඒ ගොල්ලෝ කියන්නේ අපිට නාථ දෙයියෝ අදහන්න, නැත්නම් අර හිටපු ජනාධිපති කෙනක් දෙවියෙක් වෙලාය එයට වැඳුම් පිදුම් කරන්න , එහෙමත් නැතිනම් අපිට ඔය චින්තකයෝ වැඩක් නැහැ. චිත්‍රපටි පිස්සෙක් වගේ මම කියන දේ අහන්න. මහාචාර්ය වරුන්ට ලංකාවේදී ඉනා බේත් වගේ මොනවා හරි කවනවද ? (හැබැයි ඒ ලිපියේ ඉතිරිය නම් හොඳයි. එම චිත්‍රපටය ගැන හොඳ විචාරයක් හම්බවුනොත් කියවන්න)

දෙවෙනි එක තමයි, මේකත් බුකියේ දැක්ක දෙයක්. කෙනෙක් අහනව හිට්ලර් ගැන කතා කරන්න එපා කියන වමේ බුවාලා හෙම හයිඩගර් වගේ අය කියපු දේවල් ගැන කතා කරනවා. ඇයි එතකොට හයිඩගර් නාසි හිතවාදියෙක් නොවෙයිද කියල. ඔව් ඒක ඇත්ත. හයිඩගර් ට එහෙම ප්‍රශ්නයක් තිබුන. නාසි වාදියෙක් සහ ෆ්‍රිද්බර්ග් විශ්ව විද්‍යාලයේ කුලපතිත් වුණා. ප්‍රංශ හමුදා පරීක්ෂණයක් කරලා, හයිඩගර් ට අපහු උගන්වන්න අවසර දුන්න.
මේ කතාව කියල තියෙන්නේ මට පේන්නේ “බයියෝ” නමින් ලංකාවේ හඳුන්වන ජන කොට්ඨාශයේ කෙනෙක් කියල. මොකද අර හිට්ලර් ප්‍රශ්නය එතනට අදාල නිසා.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට අකමැති කෙනෙක් ගමු. (උදාහරණයක් වශයෙන් ඔය ටොයියෝ කියල හඳුන්වන ජන කොට්ඨාශයෙන් කෙනෙක් ) . ඉතින් ඔය ටොයිය කැමති වුනත් නැතත් මහින්ද සමයේ හදපු දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්න එපැයි. ඇත්තම කියනවා නම් ගාල්ලට විනාඩි 45කින් යන්න පුළුවන්නේ. ඉතින් මහින්දට අකමැතියි කියා නොයා ඉන්නවයි? නැහැනේ.

අපි කැමති වුනත් නැතත් හයිඩගර් කියපු දේ අපෙයි කියල ගන්න බැහැනේ. කලාව හෝ යම් දෙයක් ගැන හයිඩගර් කියපු දේ කොතැනක හරි එයාගේ කියල ලියවිලා නම් තියෙන්නේ අපිට ඒකට අයිතිවාසිකම් කියන්න බැහැ. හයිඩගර් තමයි කිව්වේ කියල ඒ අයිතිය දීල තමයි භාවිතා කරන්න වෙන්නේ.

තව උදාහරණයක් ගත්තොත් කොළඹ කුණු ඇළවල් පිරිසිදු කරලා, බෝට්ටු යන්න හදල ඒ පැත්ත ලස්සන කරලා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මය හිටපු කාලේ එයාගේ උපදේශකත්වයෙන් නේ. අපි ඒක පිළි ගන්න ඕනේ. දේශපාලකයෙකු වශයෙන් අපි ගෝඨාභයට කැමතිද නැත්ද හෝ ගෝඨාභය නාසිද නැත්ද කියන එක එතනට අදාල වෙන්නේ නැහැනේ.

අනික දියත උයනට ටොයියොත් යනවනේ.

ප.ලි :
(උපුටා ගැනීමකි.) https://media.edusites.co.uk/article/film-theory-and-language/
Apparatus Film Theory
‘Apparatus’ is another word for the means in which a specific production is created. In the case of film / cinema, the film projector and the screen. Apparatus Theory is a model of spectatorship and institutions. It argues that cinema is ideological (based on ideas) because the films are created to represent reality. This means that because film is created to illustrate different ideas, everything has meaning – from the camerawork to the editing. It argues that ideology is not imposed on cinema, but is part of its nature (through the viewer) and it shapes how we think. Apparatus theory was dominant in the 1970s (following the 1960s where psychoanalytical theories and debates were very popular) and is derived from a combination of Marxist theory, semiotics and psychoanalysis. In film theory, the idea is that representation must include the mechanics of film, for example the camera and editing. The production of meaning in a film text, the way a text constructs a viewing subject and the mechanics of making a film all affect the representation of the subject. This theory is that the central position of the spectator/ viewer within the perspective of the text is also ideological – it is a reproduced reality and the experience of cinema influences the viewer on a deep level.

This problematic theory is best explored in Jean-Louis Baudry’s work. Firstly, the idea that inactive viewers (the common people, or Marx’s ‘proletariat’) are unable to differentiate between the world of film / illusion and the real world is seen in the Hypodermic Needle Theory (see FilmEdu’s Understanding Audience). Also that viewers of film misidentify their identities with those on the screen (the characters), which makes them sensitive to ideological positioning.

https://kolambagamaya.blogspot.com/2018/07/blog-post_15.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල