සාහිත්‍ය කළා විචාර

මහින්දගේ ලියුම, ජාතික ආරක්ෂාව, KP හා හොඳ බල්ලෝ – National Security, KP, Lap Dogs & A letter from the former King

Off

මාතලන් ඊයේ පොඩ්ඩක් බිසි උනේය. ඒ නිසා පෝස්ට් එකක් දාගන්න බැරි උනේය. ඉස්සරහටත් බිසි වෙන ගතියක් පෙනෙන්නේය. ඒ ගැන බොහෝම කනාටු වෙනවාය. මේ වෙන පට්ට පට සීන් අනුව, දිගටම ලියන්න තියෙනවා නම්, දවසකට පෝස්ට් දෙක තුනක් උනත් ලියන්න පුළුවන්ය. සිඳු වෙමින් තියෙනා හැපනින්ග්ස් දැක්කාම, හිනා වෙලා ඉල ඇදෙනවාය. පුකෙනුත් හිනා යනවාය. දැන් හිනා වෙන්න මල් පූජා කොරන්න ඕනා නැතිය.

කෙල වෙලා, චුත වෙලා ගිය, මාගම්පුර මහරජානෝට, මාලිගාවේ බල්ලෝ හතලිස් ගනනක් ඉඳලා තියෙනවාය. සමහර උන්ට ඒ සී රූම් හිටන් තිබිලා තියෙනවාය. ඒ උනාට, හැම එකාටම නොම්මර එකේ බල්ලා අමතක වෙලා තියෙනවාය. ඒ බල්ලාගේ පුක චූන් වෙන්න, ටොයිලට් එකටත් ඒ සී දමලා තිබුනාය. ඌගේ එක මාසෙක කරන්ට් බිල, හන්ඩ්‍රඩ් ඇන්ඩ් එයිටීන් තවුසන්ඩ් (Rs. 118,000/=) වෙලා තිබුනාය. ඒ කියන්නේ, බෙට්ට දාන්න හුලිජ්ජා කොරන්නත්, කරන්ට් එක පුකට, ජුන්ඩට, ඉස්තිරි නිමිත්තට ඇල්ලුවාද කියන්න දන්නේ නැතිය. එහෙම කරලා, ඒ බල්ලා, ඒ කරන්ට් බිල ගෙවලා තිබුනේත් නැතිය.

මු ඇවිල්ල පැටිකිරිය නොහොත් පැඩිග්ගිරිය හොඳ ඩෝග්ස් කෙනෙක් නෙමේය. මූ නොම්මර එකේ වල් බල්ලෙක්ය. පැලස් එකෙන් මූට හම්බ උනේ කටු විතරය. පාරේ ඉන්න බල්ලා වගේ, මූ දන්නේ, හැම දේටම බුරන්න විතරය. ඔය බල්ලාගේ ඇඟේ එල්ලුන මැක්කෝ ටිකකකුත් උන්නේය. මූසල මිල් කියන්නේ එයින් එක මැක්කෙක්ය.

මැක්කා ජීවත් වෙන්නේ බල්ලා හින්දාය. බල්ලට කෙල උනොත්, මැක්කාටත් කෙල වෙනවාය. ඒ නිසා මැක්කා බලන්නේ බල්ලා බේරා ගන්නටය. මේ මැක්කා ඊයේ පඩත්තල චැනල් එකක, බලු පොරයකට ඇවිල්ලා උඩු බිරුවේය. දැන්නම් පිච්චු හැඳුන ඩෝග්ස් කෙනෙක් ගානය. ඌ කිව්වේ, ජෙප්පෝ දැන් “දඩ බල්ලෝ” වෙලා කියලාය. රනිල් වික්‍රමසිංහ හාමු මහත්තයා උසි කියපු ගමන්, දඩ බල්ලෝ “ඕන එකෙකුට” කඩාගෙන පනිනවා කියලාය.

බලයට මුදලට, බල්ලෝ, මැක්කෝ, උනාම, අනික් හැම එකාමත් පේන්නේ ඒ විදියටය. හැබයි පොෂ් බව්වෝ සජ්ජුරුවෝ අත ඇරලා අළුත් සජ්ජුරුවන්ට සැට් වෙද්දි. නැට්ට වන වනා මැදමුලනට ගිහින් බුරන්න ඉන්නෙත් මේ පරයා ඩෝග් විතරමය. පොෂ් බව්වෝ හදන්නේ නැතිව. මේ වගේ වල් බල්ලෝ ටීකක්ම් හදා නොගත්තේ, පෙර කරුමෙකට කියා උන්නාන්සේට අද හිතෙනවා ඇතිය.

මුන් කියන්නේ සිකුරුටි ෆර්ම් ඇල්ලුවාම, ජාතික ආරක්ෂාවට කෙලවෙනවා කියාය. ඒ කියන්නේ මේ රට ආරක්ෂා කරලා තියෙන්නේ, රක්නා ලංකා එකය. ඇවන් ගාඩ් එකය. කොටි මරලා යුද්දේ දිනලා තියෙන්නේ උන්ය. අපිට තියෙන ප්‍රශ්ණය නම්, ජාතියේ ආරක්ෂාව ප්‍රයිවට් කොම්පැණිවලට දෙන්න කිව්වේ කව්ද කියලාය. කිව්වේ නම්, එක මලහත්තිලව්වක් වත් ප්‍රයිවටයිස් කළේ නෑ කියලාය.

බලාගෙන ගියාම රටේ නොම්මර එක කියලා එයාලාම කියන, ඒකිය භාවය, භෞමික අන්ඩවාතෙත් ප්‍රයිවටයිස් කරලාය. හමුදා මූලස්ථානේ විකුණලා දාලාය. ඒවා විකුණුවේ කාටද? ටෙන්ඩර් කැඳෙව්වාද? පාර්ලිමේන්තුවට කිව්වාද කියා එකෙක්වත් දන්නේ නැතිය. කැබිනට් ඇනුමැතිය නම්, රෝල් කරලා පුකේ ගහගත්තාට අවුලක් නැතිය. මොකෝ, තිබුන කැබිනට් එක මොකක්ද කියලා අද මුළු ළෝකයාම දන්නා නිසාය.

 

මේ කොම්පැණි වල ගේම් හොයනවාට. අපේ නානසාර මහ රහත්න වහන්සේත් කළබල වෙලාය. එයා කියන්නේ ජාතික ආරක්ෂාවට අත තොබ්බොත් හෙම බලා ගන්න පුළුවන් කියලාය. දැන් ඉන්නේ බෙදුම්වාදියෝ කියාය. මොකෝ එයාටත් ගාඩ් එක, පිකප් එක, ඩිෆෙන්ඩර් එක දුන්නේ මෙයාලා නිසාය. එයා එවායේ නැගලා රට වටේම ගිහින් තම්බි මැරීමේ ජාතික ව්‍යාපාරය, ගිනි විජ්ජුම්බරේටම ගෙන ගියේය. උතුරේ දෙමළ සංහාරය වගේම, දකුණේ තම්බි සංහාරය කොරලා නිවන් දකින්න පෙරුම් පිරු උතුම් චේතනාවට කෙලවෙලා ගියේ, මිඩ්ලීස්ට් වලින් වෝනින් එක ආපු නිසාය. නැත්නම් ඉතින් අළුත්ගම බේරුවලින් පටන් අරගෙන, පානදුරේ නෝ ලිමිට් එකටත් ගේම දීලා, ලිමිට් නැතුවම දෙන්න ගියේ රට ගිනි තියනා ගේමක්ය. පුකෙන් හිනා යන කාරනේ නම්, අද හිටපු ආරක්ෂක තුමාට සෙවනක් දෙන්නෙත් නෝ ලිමිට් කාරයා වීමය.

KP නම් දේශප්‍රේමීයා..

 

දැන් බල්ලා බුරන්නේ නැතිය. මොකෝ බල්ලා පිස්සු බල්ලා වගේ දුවනවා ඇත්තේ, බලු නෝනාගේ පාස්පෝට් සීන් එකෙන් බේරෙන, පූස් පාට් ක්‍රොමේ හොයන්නය. ඒ නිසා දැන් බල්ලාට බුරන්න බැරිය. ඉස්සරහට දාලා තියෙන්නේ මූසල මිල් මැක්කාය. ඌ අම්මමෝ නැතිව බුරන්නේ, කේ පී (KP) අත් අඩංගුවට ගත්තාම බුද්ධි අංශේ රහස් එලිවෙනවා කියාය. ඩයස්පෝරාවේ අවස්සතාවේ ඉටුවෙනවා කියාය. ඩයස්පෝරා එකත් එක්ක එකතු වෙලා ඡන්දේ නවත්තගන්න දත කෑවේ කව්ද කියා, මොළේ කළඳක් තියෙන එකෙකුට තේරෙනවාය.

එහෙම නවත්ත ගත්තා නම්. මුගේ බල්ලා අද සිංහයා වෙනවාය. මුන්ගේ තියරියට අනුව, මේ ලංකාවේ දෙමල්ලු ඔක්කෝම කොටිය. මුස්ලිම් ඔක්කෝම ජීහාඩ් ත්‍රස්තවාදීයෝය.එක්කෝ මුන් ඔක්කෝම මරන්න ඕනාය. එහෙම නැත්නම් උන්ගේ ඡන්ද අයිතිය නැති කොරලා දාන්න ඕනය. කරුමේ කියන්නේ මේ උඩු බුරන මැක්කාත්, කොන කපපු එකෙක් කියා, ඌට තේරෙන්නේ නැති එකය. මට පුදුම මූත් එක්ක එක පෙලට හිට ගන්න, ඉස්සර අර අමාත්‍යංශ අස්සේ රිංගන්න ගිහින්, විදේශ අමාත්‍යංශයේදි නැට්ට පුකේ ගහගෙන පල්ලම් බහින්න උන, ඉත්තෑ උන්නාන්සේ තාම ගේමට ආවේ නැත්තේ මොකද කියලාය.

මුන් මේ කේ පී ට ආදරේ කොරන්නේ බුද්ධි අංශෙට හා ජාතික ආරක්ෂාවට කෙලවෙන නිසා නෙමෙය. කේ පී වමාරන්න පටන් ගත්ත ගමන්, කොටින්ගේ නැව්, රත්තරන්, පැට්‍රල් ෂෙඩ්, ඉන්ටර්නැෂනල් කොම්පැණි වල ෂෙයාර්ස්, ඉන්වෙස්ට්මන්ට්ස් හා අනෙක් ඒවාවලින් කෙලිය හැටි එලියට එන නිසාය. එවායේ කටු කෑල්ලක් දෙකක් අනිවාර්යයෙන් මුන්ටත් ලැබෙන්නට ඇතිය. එහෙම නැතුව ඔය ලැබුන පඩියෙන් මිලියන් ගනන් වල ගෙවල් හදන්න, ටෙලි නාට්ටි කොම්පැණි හදන්න හම්බ වෙන්නේ නැතිය.

පිස්සු බල්ලෝ නිදැල්ලේ සැරිසැරීම, අනෙක් බල්ලන්ටත් හොඳ නැතිය. මොකෝ හැපුවොත් විනාශය. හිටපු මහ සජ්ජුරුවෝ පාරේ බල්ලෝ මරණ එක නවත්තලා උන්ට අභය දානය දුන්නේය. දැන් මුළු රට පුරාම බලන බලන අත බල්ලෝය. සමහරක් උන්ට පිස්සුය. අඩු ගානේ පිස්සු බල්ලෝ ටිකට හරි ගේමක් නොදුන්නොත්, කෙලවෙලා යන්නේ, අනික් බල්ලන්ට විතරක් නෙවේය. මිනිස්සුන්ටත් කෙල වෙනවාය. හැබයි දෙන ගේමක්. පරීක්ෂණ පවත්වලා, පිස්සුය කියා ඔප්පු කලොත් පමණක් දෙනවා නම්, කල් ගියත් අවුලක් නම් නැතිය.

මහින්ද මහත්තයාගේ දුක හිතෙන ලියුම

 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හිටපු මහ රජානෝ එවපු ලියුම ගැනය. ඒකේ අන්තිම හරියේ පඩත්තල වේස කොල්ලෝ Facebook එකේ එතුමාට හා එතුමාගේ පවුලට මඩ ගහනවා කියාත්. එයාගේ කාළේ Facebook එකට ගේමක් දෙන්න බැරි උනා කියාත් බොහෝ කම්පාවී තියෙනවාය. ඒත් ඉතින් උන්නාන්සෙ ඒ කාලේ කිව්වේ ෆේස්බුක් තියෙන්නේ “ෆන්” ගන්න කියාය. (අද උන්නාන්සෙ ගෙවනා දුගී දුප්පත් ජීවිතය ගැනත්, නාමල් බේබී ප්ලේන්ටි බොන හැටිත්, බුකියට කෙලියානම් මේ රටේ බුද්ධිමත් ජනතාවට බලාගන්න වෙන්නේත් නැතිය.)

අනේ ඉතින් එදා වාගෙම, මේ වේස කොල්ලෝ බුකියේ “ෆන්” ගත්තට, ඔහේ කළබල වෙන්න ඕනා නැතිය. අපහාසයක්, මඩ ගැහීමක්, අරකක් මේකක් තියෙනවා නම්, ඔබ වහන්සේට තියෙන්නේ මඩ ගහන වේස කොල්ලන්ට එරෙහිව, මහ අධිකරණයේ නඩුවක් බලවන එකය. මොකෝ, තාමත් එතන ඉන්නේ ඔබ වහන්සේගේ අග විනිසුරු හොරා නිසාය. ඒ නිසා කිරි ගහට මෝල් ගහෙන් ඇන්නා වගේ, ඔබතුමාට පක්ෂ තීන්දුවක් ලැබෙනවා කියා බුදු ෂුවර්ය.

අර සරත් ෆොන්සේකා වගේ, එතකොට ඔහෙත් හැමදාම උසාවි ඇවිල්ලා යන කොට, අපිටත් ඇවිල්ලා, අඬලා, වැලපිලා, දන ගහලා වැඳලා, ආතල් එකක් ගන්න පුළුවන්ය. ඔබ වහන්සේටත් පොඩි එකෙක් උඩ දාලා, බඩකට ඇනලා, උඩු රැවුල හපලා, වවුලා වගේ අත වනලා, ආතල් එකක් ගන්න පුළුවන්ය.

මොකෝ ඔබ වහන්සේ වගේ, පිච්චු බම්ප් වෙලා, ආයෙත් බම්ප් වෙන පට්ට ආතල්, මේ සජ්ජුරුවවන් වහන්සේ දෙන්නේ නැති නිසාය.

ඒ වගත් මේසෙය….

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල