සංචාරක හා ඡායාරුප

දූපත් වැසියා

Off

බෝට්ටුවේ පැමිණි පිරිස වට පිට ඇවිදිති. දූපතේ වූ ස්වල්ප වූ ස්ථාන ටික සිය ෆෝන් කැමරාවලට ඇතුලත් කරගන්නට වෙහෙසෙති. මේ සදහා උපරිම පැයක් පමණ මොවුන් වෙහෙස මහන්සි වෙන බව බෝට්ටුකරු මහතුන් දනී. ඉන් පසු දැඩි හිරු රශ්මියට සියල්ලෝම දූපතේ වූ හෙවනට ඇදී එති. එයින් පසුව බෝට්ටුව යන්නේ කීයටදැයි ඇසීම ඒ කිහිප දෙනොගේ සිරිතකි. දූපත බැලීමටත් වඩා දූපතේ වැදගත් ස්ථාන සෙල්ෆි වලට ගැනීම වැදගත්ය. දූපත් වටා නොගැඹුරු වතුරේ සිට කකුල් දෙකේ වතුර තැවරෙන සීතල ඇගට දැනෙන්නටත් පෙර ෆෝන් එක ඔන් කර ෆීලින් ෆැන්ටෑස්ටක් දමන්නට උවමනාය.

බෝට්ටුකරු මහතුන්ය. බෝට්ටුකරු අසල සිටින්නී මනෝරාණි ය. මේ මනෝරාණි ගේ දෙවන දූපත් ගමනයි. පළමු දූපත් ගමන කොහොමද වුනේ අපි ඒක මුලින් බලමු.

දූපත් බෝට්ටු ගමන බුක් කරන්න තියෙන්නේ ෆෝන් එකෙන්. ඉතින් මේ බෝට්ටු සවාරිය යන හොටලේ අයිති ෆෝන් එක කැඩිලා බුකින් ආවේ නැහැ. කරුමෙට හෝ පිනට පාත්වුන එක ගෑනියෙක් විතරක් පොඩි බඩු මල්ලකුත් බැදන් ආව බෝට්ටුවේ ගිහින් දූපත බලන්න. බෝට්ටුව ගෙනියන්නේ මහතුන්. මහතුන් ටිකක් පුදුමවුනා. හම්බට යකෝ මෙන්න ගෑනු පරාණයක්. මේකි අද මාත් එක්ක තනියම.

චිත්‍රපටියක් වුනානම් මනෝරාණි හරි ලස්සන කැබැල්ල. මහතුන් ඇවිල්ලා ආක්ශේ, ආමීර්, සල්මාන්, බැරිනම් නානා පටේකර් වගේ වත් පොරක්. ඒත් ඇත්ත මනෝ රාණි තරුණයි ජබ්බයි. තරුණකමට වඩා දැන් මැදිවියේ දොර ළග ඉදන් මිස් කෝල් ගහන ටිකක් ලොකු බඩක් ඇයට තිබුනා. කළුයි ටිකක් මහතයි උසයි පුක හරියට වඩා උරිස් මහතයි. ඒත් ගෑනු පෙනුම ලොකුවට පේන්න විසාල තන් දෙකක් මනෝරාණිට තිබුනා. එක තනයක් තේ වතුර බොන පීරිසියකින් සම්පූර්ණයෙන් වහන්නත් අමාරුයි.

ඉතින් වෙනද වගේ බුකින් දාපු සෙට්පිටින් එන උන් නැහැ. මේ ගෑනු කොටේ විතරක් අරන් දූපතට යන එකේ වගතුවකුත් නැහැ. ඒත් ඉතින් ගාන ලැබෙනවා නම් එච්චරයි නේ. අනිවාරෙන් අදනම් ඕකා දහක් දෙන් නෑ..පන්සියක් දික්කරාවි මේ ගෑනි විතරක් නිසා. මහතුන් හෝටල් කාරයා ගැන කරුණාවෙන් හිතුව.

මීක නීද? බම්බු දූපතට යන බූට් එක? කොයි ගෑනිත් ටුවර් එක පටන් ගනිද්දි අහන උල් වෙච්චි ඉංගිරිසි සිංගිරිසි බාසාවෙන් මනෝරානි බෝට්ටුව ගැන මහතුන්ගෙන් ඇහුවා. තෝ නෙවෙ ගෑනියෙ අයිස්වර්යා ආවත් මට මල් පිපෙන් නෑ කියන්නා වගේ හරිම ෆ්ලැට් වොයිස් එකකින් රොබෝවක් වගේ මහතුන් කාරයා, ආ ඔවු නෝනා. කියලා නෝනාට උත්තර දුන්නා. ඉන් පස්සේ නෝනා හිතන්න ඇති මූ ඇවිල්ල බස් කොන්දොස්තර වගේ එකෙක්. මූත් එක්ක බාජනේ තියාගන්න හොද නැහැ. කියලා.

පෝන් එක උරුක් කරනවා පොටෝවක් ගහනවා ඉන් පස්සෙ ඔබනවා. ටිකකින් කෝල් එකක් ආවා. අනී ඔයා එන්නි නී තිබුනේ කියලා මනෝරාණි කිව්වා. මහතුන් ඒක අහගෙන උන්නා. ම්ම් කවුරුහරි අනිනවැති. එහෙමත් නැතුවැති බදින්න ඉන්න එකා වෙන්න ඇති. ම්ම්..ඒත් නැත්තං තාත්තා හරි අයියද හරි දන් නෑහැ. මම නරක විදියට හිතන්න හොද නැහැ. පොන් එක එහාපැත්තේ හිටියේ හොද නිවුන සද්ගුණවත් සෝක් මිනිහෙක් එච්චරයි. මහතුන් හිතුවා.

ඉතින් මේ ගෑනි ගමනේ මුල් විනාඩි 20ක කාලෙ පුරාවට මහතුන් දිහා හැරිල බැලුවනම් බැලුවේ එකපාරයි නැත්තන් දෙපාරයි. සිකේයිය රැවුල කපල නැහැ. රැවුලේ සුදු ගස් ගොඩයි. කොන්ඩෙත් තැනින් තැන සුදු ගස්. මූ ඉන්න ගෙදර පනාවක් නැතුව ඇති. රැවුල ගානට කපල තිබුන නම් ටිකක් හැන්ඩිය. ම්ම් ඒත්මොන හැන්ඩියද . බෝට්ටුව ගෙනිච්චට මොකද මුගෙ බඩ. අර තියෙන්නේ අවුරුදු උස්සවේට පුම්බාපු බැලුම වගේ බඩ ගෙඩිය . ආම් එකත් නැහැ. හොද වෙලාවට මූ අහක බලන් ඉන්නේ. නැත්තන් මූ හිතයි මම බලන්නේ මූ නිකං හෙන නලුව වගේ නිසාය කියලා. කෝක උනත් හොද ඩෑලෙකක් වගේ. ගෑනියෙක් යනවා කියලා ඌට කිසි ගානක් නැහැ. වෙන උන් නම් කතා කරන්නවත් එනවා. සමහර විට පුරුද්ද වෙන්න ඇති. මනෝ රාණි එහෙම හිතුවා. ඒත් කතාකරන්න ගියේ නැහැ.

හ්ම්ම්..පොටෝ ෆේස්බුකුත් දැම්ම, ඉන්ස්ටත් දැම්මා.. වට්සැ්ප ගෘෘප් දෙකටත් දැම්ම. කෝ ඉතිං අපි ට්‍රිප් එකක් ආවොත් එකියෙක් නැහැ පලාතේ සිහ්.ලයික් කීයද? සිග්නල් නැහැ. සෑහෙන වෙලා යනවා අප්ලොඩ් වෙන්න. සිග්නල් නැහැ. කොළඹටත් නැහැ නේ. ඇයි යකෝ අපේ ගමටත් නැහැ නෙ.
ම්ම්..ආ ටිකක් ආවා ෆෝජී නැත්තේ. ත්‍රී ජී ජුන්ජක් තියෙනවා. ආ ඒ පොටෝ එක ගියා. ඔලුවට උඩ ඉදන් පොටෝ ගත්තම බඩ ටික්ක පේනවා. සයිඩ් එකෙන් ගන්න ඕනි. අහ් මෙන්න මේ බෝට්ටුවා සෙට් වෙලා ඒ පාර පොටෝවට. මූ අයින් කරනවද? දානවද? එක්කෝ මූව දාමු. ආව් ආව්.. බලන්න නයනී මේ මනෝරාණී ගමන් ගිහින් තියෙන කොල්ලා. සිහ්. කපිල කමෙන්ට් එකක් දාල ඒකට. තුහ් නොදකින්. මූගේ හැකර කට නම්. ගමනම කෑවා. හැබැයි පොටෝවේ නම් මේ තොටි බුවා ලස්සනයි. ම්ම්.. සෙස්.. ඒ පාර මොකාද? ආ මේ සුන්දරී නේ..සුන්දරී චැට් එකට ඇවිත් ඔරුව ගෙනියන තොටි බුවාට සෙස් ලු. හනේ සුන්දරිට බැදලා ලමයි ඉදියත් ඇම්ම ගිහින් නැහැ..හෙහ් හෙහ්.

ඒ පාර මනෝරාණිගෙන් හිනාව ටිකක් පැන්නා. පෝන එක දිහ බලන් හිනාවෙන්න හොද නැහැ.

අයිය ද හැමදාම ඔරුව දූපතට ගෙනියන්නේ? මනෝරාණි ඉස්සර වුනා.

ඔවු මම තමයි ඉතින්. වැඩිය කට්ටිය කැමති නැහැ මේ වැඩේට. මහතුන් කිව්වා.

හරි රස්නේ නේ. අද මොකද මං විතරක්? මෙතන හරියට කට්ටිය එනවා කියල නේ තිබුනේ?

හෝටැල් මහත්තිය කිව්වේ ටෙලිපෝන් එක කැඩිලලු නේ. ඉතින් කට්ටිය බුකින් දාල නැහැ. විස්තර දැන් නැතුව දැන් ඉස්සර වගේ කට්ටිය එන් නැහැ නේ? මහතුන් කිව්වා.

ආ . මම දැන් සති දෙකකට කලින් කතා කලේ. එතකොටත් කිව්ව ආයෙ ලංවෙල කතා කරන්නය කියලා. මම ඉතින් ලංවෙලා කතා කලේ නැහැ ආවා. ඔයා දූපතේ බලන්න තියෙන තැන් ටික දන්නවා නේද? මනෝරාණි ඇහුවා

ඔවු බෝට්ටු ගමන තමයි ඉතින් වැදගත්. සුද්දෝ නම් යන ගමන් බහින්නත් යනව වතුරට. උන්ට ඉතින් අමුතු දේවල් නෙ ඕන. ලංකාවෙය ආවම් ගියා තැන් ටික බැලුවා පොටෝ ටික ගැහුව සුටුස් ගාල ආවා. සුද්දට මයෙ අම්බේ ගල් ගෙඩිය පවා හොයනවා බලනවා සමහර උන්. උන්ගේ රටේ ගල්වත් නැද්ද මන්ද? කතාව ටිකක් දිග වැඩිවුනාද කියා සැකපිට මහතුන් කතාව නැවැත්තුවා.

හ්ම්ම්.. මනෝරාණි කතාව නැවැත්තුවා.

මනෝරාණි සහ මහතුන් බෝට්ටුවෙන් දූපතට ආවා. මනෝරාණි ලස්සන වුනානම් සමහර විට හොටල් කාරය මනෝරාණිත් එක්කලා මහතුන් එක්ක බෝට්ටුවෙන් ඒවි. ඒත් බැහැනේ හෝටල් කාරය ලගදි නෙ බැන්දේ. උගේ මනමාලකම දැන් ගොඩක් අඩුවෙල.

මනෝරාණි ගිහින් බෑගෙකෙන් ද්‍රෝෙන ගත්තා. ගෑනි ඒක අරං රූං කුටු කුටු ගෑවිල්ලේ උඩ අරින්නයි හදන්නේ.

කොල්ලෝ නම් ඉදහිට ඩ්‍රෝන ගේනව. ඒවා ඉතිං කොල්ලන්ගේ සෙල්ලන් නේ. මහතුන් ට ඩ්‍රෝන වලට ආසාව තිබුනත් හිනාවෙවි බලන් ඉන්නව මිසක ඒව අතාගන්න යන්නෙ නැහැ. අනික කොල්ලෝ හිතන්නේ මහතුන් වගේ පෝඩ්ඩක් වයස පේන මිනිස්සු ඔක්කොම උන්ගේ තාත්තල වගේ සැරයි කියල. ඒ නිසා වැඩිය උන් කතා කරන්නෙත් නැහැ.

ඒක නැත්තං මනෝරාණි ගෑනියෙක් හින්දද මන්දන් නැහැ බෝට්ටුව ඉවුරේ ගහකට ගැට ගහලා මහතුනුත් ආවා නෝනගේ පියාඹන කැමරාව බලන්න.

උඩ යන ඩ්‍රෝන් එක එක්ක මහතුන්ගේ ඇස් උඩ යන හැටි, ටිකක් උඩ යද්දි මහතුන්ගේ කට පලල්වෙලා හිනාවක් එන හැටි මනෝරාණි දැක්කා. බෝට්ටුවේ වකුටු වෙලා ඉන්නවාට වඩා හිටගත්තම පොර ගති. මනෝරාණිට හිතුනා. වැඩිය හුලං පාරකුත් නැහැ එහෙමට බාදාවකුත් නැහැ. අනික මේ අලුත් ඩ්‍රෝන් එක නේ අහක බලන් වුනත් යවතැකි.

හුලං නැති නිසා යවන්න ලේසියි

මහතුන්ට ඇහෙන්න මනෝරාණි කිව්වා..

නෝන ඔය වතුර උඩට ඇල්ලුවට සමහර කොල්ලො පණ බයයි. මහ ලොකුවට අරන් එනවා ඉන් පස්සේ දූපත උඩ පොඩ්ඩක් උඩ යවල ඔක්කෝම උඩ බලලා දැන් හැරී කියනවා. අර සෙල්පි පොටෝව ගන්නෝ එච්චරයි.

ඈත නිල්පාට වෙරළ තීරයෙන් කොටසක් කොළ පාටය, ඉන් පසු සුදුපාට වැලි ඇතිරූ වෙරළ බඩ සුන්දරය. ඉන් පසු ඇති කොළපාට තීරුව පේන්නේ උඩින් බැලුවාම තන කොල පිට්ටනියක් වගේය. මේ අස්සේ මනෝරානිගේ සිත නලියන්නේ යාලුවාට හෙවත් මහතුන්ට එ සුන්දර දසුන ගැන දැනුම් දෙන්නයි. ඒත් මහතුන්ගේ නමක් නොදනී. නම අහන්නට තරම් වෙලාවක්ද නොවේ. එහෙත් දැන් මේ දර්ශනය මේ අහිංසක මිනිහාට නොපෙන්වා නිකං ෆේස්බුක් දමා ලයික් දාහක් ආවත් වැඩක්ය. කවදාවත් දැකල නැතුවැති පවු ඉතින්.. මනෝරානි හිතුවා.

මේ ඔයාගේ නම් මොකද්ද?

මං මහතුන් නෝන. ගමේ කට්ටිය මාතුවා කියලත් කියනවා. ගෙදරට මාතු කියල කියනවා. මහතුන්ගේත් කට ඇරිය පසු කියන්ට ඕනා එක එපා එකක් ගැන වගේ වගක් නැත. ඔහේ කියවාගෙන යන්නේය.

ඇති ඇති මනුස්සයෝ එක නමක් කිව්වම ඇති. මම මනෝරාණි. මට මනෝ කියන්න. හරි දැන් ටිකක් මෙහෙට එන්න. මේ අයි පෑඩ් එකෙන් පේන එක ටිකක් බලන්නකෝ. ඔයාගේ බොට්ටුවත් පේනවා.. මේං..

එසැනින් මහතුන් මනෝරාණි අසලට ගොස් කිසිසේත් ඇගේ ඇගේ නොවදින ආකාරයට හැරී ඔලුව පමණක් ජිරාෆයෙක් පරිදි අයිපෑඩයට දික් කොට එහි ද්‍රෝණය හරහා විත් අයි පෑඩයෙන් පේන මුහුද බලන්නේය. මාතුගේ කට ඇරි ඇත. ඇස් දික් වී ඇත. හෑ යකෝ මේච්චර හැඩද ? ටීවියෙකේ රට වීඩියෝ වගේ නේ. හෑ. මෙන්න බොලේ ඒ පාර දෙන්නෙක්. හම්මට මේ අපේ මනෝ නෝනයි මායි නේ. ම්ම්..මම ඈත් වෙල ඉන්නෙ. මම හොද මිනිහෙක් නෙ.

කෙල්ලෝ කොල්ලො වගේ ලං වෙන්න හොද නැහැ. මහතුන් හිතුවේය

දැන් අපි දෙන්නගේ පොටෝ එකක් ගන්න ඕනි නේ. කෝ මහතුන් ටිකක් කිට්ටු වෙල උඩ බලාගන්න. අයියෝ කටට අකුණක් වැදිල වගේ පලල් කරන්ඩ එපා ඉතින්. මහතුන් වැඩි කිට්ටු නොවන විට මනොරාණි ටිකක් මහතුන්ට කිට්ටු විය. කිට්ටු වී උඩ බලාගත්තේය.

සමහස්ථ දර්ශනය කැත වුවත් මාතුවා සහ මනෝ ගේ පිංතුරය පට්ටය. හැඩය. ගතිය. මහතුන්ද එය දැක සතුටු විය.

ඉන් පසු මහතුන් අනෙක් බලන තැන් වලටද මනෝරාණිව එක්කරං ගියේය.

එක කාලෙකදි නම් දූපත සෙනගින් පිරෙනවා. ඒත් මේ කාලේ එනව අඩුයි කෝමත්. ඒවුනාට මන්නම් ආස මේම. ?

මේම කිව්වෙ මහතුන්? මම වගේ ගෑනු කෙනෙක් එක්ක තනියම දූපතට එන්නද? මහතුන් ගේ ලැජ්ජාව ගැනහොදින් අවබෝද කරගත් මනෝරාණි ඇසුවාය.

අනේ අනේ නෑ නෝනි. මම මේ බෝට්ටුව ගත්තම බෝට්ටුකාරය නෙ. ඉතින් මම ඒ විදියට ඉන්න ඕනි. නැත්තං බිස්නෝස එක පාඩු වෙනව නෙ. මම බෝට්ටු කාරය විදියට නරක නහැ හොද මිනිහ. විසේසෙන් මේ දූපතට යන එන මහතුන් කියනබෝට්ටු කාරයා බෙහෝම හොද කෙනෙක්. නැත්නම් ලොකු දේවල් වෙනව නෙ. මහතුන් කි්වවේය..

අම්මොහ්..මහතුන් අයියත් දන්න දේවල්. අයියා ඉතින් මේ දූපතට පරනද?

ඒ කොන්වසේසම දිගය. එහි ඇති දෙයක් නැත. අදරමැද මාතුපාල මනෝරානිගේ වැඩකරන තැනත්. ගමත් අසා දැනගත්තේය.

2 කොටස

දෙවනි දැවසේ ආව විට මාතුපාලට කාන්ඩයකි. එදා ද තමුන් විතරක් සිටියා න්ම හොදයි යැයි මනොරානිට සිතුනි එහෙත් ලෝකය එතරම් සුන්දර නැත. බෝට්ටුවේ දූපත බලන්නට යන දරුවන් අසන නානාප්‍රකාර ප්‍රශ්ණ ඒ දෙමාපියෝ මහතුන්ට දැමීය, දැන් මහතුන් ඒවාට සහ අනෙක් අපස්න වලට උත්තර දේ. බැරිම තැන මනෝරාණි මාතුපාල සිටින තැනට ආවේය. මෙතන්ට අපේ බෝට්ටුවයි දූපතයි හොදට පේනවා. මෙතන ඉදන් ගන්නපොටෝ හොදයි. මහතුන් අනෙක් අයගේ පස්නවලට ට උත්තර දිදී එවුන්වෙනුවෙන් කාලය කැපකරනු බලං ඉන්නම බැරි තැන මහතුන්ගේ තැනට පැමිනි මනෝරාණි උත්තර දුන්නේය.

දූපතට බැස්ස පසු ඇත්තටම මනෝරාණිට තවත් බලන්නට දෙයක් නැත.

අපි අද බෝට්ටුවෙම ඉදන් ඩ්‍රෝන් එක යවමු. කෝ ඔයාට මම කියල දෙන්නම් කො.

අපොයි අනෙ මට බැහැ මනෝ නෝන. ඔයා යවන්න මට බයයි. මම බලා ඉ්නනම් කො. අද එදාටත් වඩා එලිය නිසා පොටෝ හොදට පෙනෙයි.

මහතුන් උත්තර දුන්නේය.

ඒ වුනාට අද එදා තරම් මම ආස නැහැ. මහතුන් ආස එදාටද අදටද? මනෝරාණි ඇසුවාය.

එදාට. මහතුන් ගානකට නොගෙන උත්තර දුන්නේය.

ආයෙත් මනොරාණි නෝනා ටිකක් මහතුන්ට කිට්ටු වන්නට වූයේ බෝට්ටුවේ ආ අනික් අයට ඇගේ කලින් අයිතිවාසිකම් ඇගී යන පරිදිය.

නෝන වැරදියට හිතන් එපා. අනෙ. ඒත් අපි මේම ඉන්නකොට බෝට්ටුවේ ආ අය නෝනි ගැන වැරදි කතා හදයි. අනික මම ගැන වැරදි දේවල් ඉන්ටොනෙට් එකට දාවි. ආපු ගෑනු එක්ක ලවු කරනවාය කියලා. අවසානේ නෝනයි නමත් කැත වෙනෝ. අන්න බලන්න අන්න බලන්න අර එකෙක් මේ පැත්ත පොටෝ මානනවා. සුවැර් එකට ඕකා අපි දෙන්න බෝට්ටුවේ ඉන්න එකපොටෝ ගහල පේස්බුක් දාවි. ඉන් පස්සේ අපේ ලොක්කා කුලප්පු වෙලා තෝ යන ගෑනු එක්ක බෝටටුවේ බුදියනවාද කියලා කෑ ගහවි.

මහතුන් කියාගෙන ගියේය.

සැනෙන් ඈතට වූ මනෝරාණි. ඇති මහතුන් ඇති. මට බණ එපා. මං බෝට්ටුවේ අනික්කොණට යන්නම් හරිනෙ එතකොට.

මනෝරාණිට ඒ මහතුන්ගේ කතාවට වේදනාවක් ඇතිවුනි.

නෝන තරහවෙන් එපා. මේ එන උන් සහ ඉන්ටනෙට් එක අපි ඉන්න ඕනි විදිය මෙහෙමෙයි කියලා කියලා දීල ඉවරයි. නෝනයි මායි ආපු කලින් වතාවේ නෝන විතරයි මගේ හැසිරීම ගැන කියන්න උන්නේ. ඒත් දැන් අර ලොකු පෝන් 8ක් විතර තියේ. මේවා තුවක්කු වගේ සැර ආයුද. එකෙක් එකපාරක් කෙල්ලෙක් අරං ඇවිත් මම බලා ඉද්දි කෙල්ලට කණට ගැහුවා. මම ගිහින් ඌට පොඩ්ඩක් හයියෙන් සද්දයක් දාලා. පුතා ගෑනුන්ට ගහනව කියන්නේ ලොකු දෙයක් නෙවෙ. ඕක මෙතන කරන්න එපා. විශේෂයෙන් මම එක්ක ආපහු ගොඩට යන්න ඕනි නම්.

ඉන් පස්සේ ඌ තමුසෙට මොකද මගේ වයිෆ් එක්ක මොනා කරග්තතම. දැන් තමුසෙ මෙතන මට ප්‍රින්සිපල් වෙන්න යනවද? කියලා බැන්නා. ඒත් මොකුත් කලේ නැහැ.

පස්සේ ඌ ගිහින් ඉන්ටෙනෙට් එකේ දාල. මම ඒ ගෑනිට අතවර කරන්න ගියා කියලා.හොදවෙලාවට වෙන නඩේ ගිය කෙනෙක් ඒක ඉන්ටනෙට් දැකලා වුනඅ ැත්ත දේ දාල තිබුනා. කොහොම වුනත් මට ලොක්ක බැන්නා. මිනිස්සු එක්ක හැසිරෙන්න දන්නේ නැතිලු මම. හරි ගොඩයලු. කස්ටමර්ලා හැමෝම සතුටු කරන්න ඕනිලු. මිනිහගේ බිස්නසුත් නැති කරන්නේ මම වගේ උන්ලු. අනික් දවසේ වත් හැසිරෙන්න හුරු වෙන්නලු.

බල්ලොත් නොකන සල්ලි මට ඕනි ජීවත්වෙන්න ඒකෙනේ මේ රස්සාව කරන්නේ . ඒත් ඊලග දවසක හරි එහෙම ගෑනුන්ට ගහන එකෙක් මගේ ඉස්සරහ ඒක කරනවට මම කැමති නැහැ. මොකද මම බෝට්ටුවේ ආපු දූපත දන්නඑකම මිනිහ. හෝටල් කාර මූසලය මොනා කිව්වත් මම ඉනනේ ඒ විදියට. ඒත් එකක්. නිකං කේස් දාගන්න යන්නෙත් නැැහ. රෑ හෙම ඇවිත් බීල ගෝරි අල්ලන්න යන ඒවට එහෙම මම මැදිහත් වෙන්නේම නැහැ.

මහතුන් කියනතුරු මනෝරාණි අසාගෙන සිටියාය. පිරිස තාම දූපතේ තැන තැන ඇවිදිති.

එතකොට මහතුන් මේක විතරද කරන ජොබ් එක? ඉතිං දවසට බෝට්ටුව එකපාරක් එන එකෙන් ලොකු ලාබයක් නැතුව ඇති නේ? මනෝරාණි ඇසුවාය.

ම්ම්.. නෝන ඉතිං මට උඩ යන කැමරාව පෙන්නුව. වෙන අය ඕවා පෙන්නන් නැහැ. අනික මං එක්ක ගොඩක් කතා කලා. ගොඩ්ක උන් එහෙම කතා කර්නනේත් නැහැ. කොටින්ම අපි නිකං ලොං හැලුන බල්ලෙක්ට ගනන් ගන් නැහැ සමහර අව් කන්නඩි දාපු නෝනල. ඒ නිසා මම නෝනට ඇත්තම කියන්නම්.

මේ මගේ බෝට්ටු රස්සාව. මීට අමතරව ඔය හෝටල් කාරයගේ තව වැඩ කරනවා. උයන ඒවට උදව් වෙනවා. මිනිස්සු බයකරනවා, එලවනවා. හොල්මන් කරනවා. ඒවත් කරනවා. හැබැයි නෝන මේව කොහෙවත් ලියන්නෙපා. ලිව්වත් කමන් නැහැ එක්කෝ නෝනා මේවා දැනගන්න ඕනි. නැත්තං නෝන හිතයි මම හරි සෝක් මිනිහෙක්ය මම ආදරුසමත් මිනිහෙක්ය. මං වගේ උන් මේ පොලේ තව බිහිවෙන් ඕනිය කියලා නෝන හිතයි.

ඒ මොකටද මහතුන් මින්ස්සු එලවලන්නේ බයකරන්නේ? මනෝරාණි ඇසුවාය..

සමහර අයආසයි නෝනා ඇඩ්වෙන්චර වැඩ වලට ඉතින් එයාලට ඒක අපි දෙනවා නේ.. හඩ තරමක් උස් වී මහතුන්ගේ මුවින් එසේ කියවුනි. ඒසමගම පසෙකින් පැමිණි බෝට්ටවේ පැමිණි අයෙකු. වතුර නැද්ද? අංකල් යැයි ඇසීය. වතුර බෝතලයක් රැගෙන ගිය පසු නැවත මහතුන්.. ම්ම් වතුර බෝතලෙයක් සීයක්. ඒත් මුන් වතුර අරන් එන් නැහැ නේ. කියා නැවත කතාව පටන් ගත්තේය.

මේමයි. මේ දූපත අපේ ලොක්කාට අයිති කියලා හරියටම කියන්නේ කොහොම කියන එකේ පස්න තියෙනවා.මෛ් දූවට එකපාරක් කොල්ලෝ වගයක් ආවා. ඒ උන් ඇවිත් බීලා ටෙන්ට් ගහලා රෑ සින්දු කියනවා. ඉතින් මට රෑ ලොක්කා කිව්වා උඹ ගොඩින් ගිහින් ලගම අර තියෙන කොරසදූවට පලයන් බෝට්ටුවෙ කියලා. ගිහින් මුන් හොදට බීල ඉවරනම් හොද පොල්ලකින් ගහල වරෙන් කිව්වා. මම ඉතින් උන් නිදාගන්නකන් ඉදලාඋන් නිදාගත්ත ටෙන්ට් ටික කපලා ආවා. මට බැහැනේ උන් එක්ක ගහගන්න. අපරාදේ ටෙන්ට් ටික.

ඔය වගේ දූපතට වෙන මොකුන් හරි ලොක්කගේ මාර්ගෙන් ආවෙ නැත්තන් උන්ව බයකරන්න තියෙන්නේ මට. මම එකේක දේවල් කරනවා. බියර් බීල හැන්දෑ කළුවරේ මහ තඩියෙක් චූ කරන්න ආන්න අර ගස් මන්ඩියට ගියා. මම හෙළුවෙන් ගිහින් ඌව බදාගත්තා. ඌට නම් සිහි නැතිවුනාද මන්දා. ඉන් පසසේ අනික් උන් එන් නැහැ ලොවෙත් හොයන්න. උනුත් බයේ ආපු බෝට්ටුවෙම ගියා.

මහතුන් කියාගෙන ගියේය.

හ්ම්ම්.. අම්මොහ්. මෙයා ලේසි නැහැ නෙ. මේ ඒකනෙවෙ මහතුන් ඔයාගේ ෆෝන් නම්බරේ දෙන්නකො මට. මනෝරාණි ඉල්ලුවේය.
මට ෆෝන් එකක් නැහැ නෝන. ගෙදර එක දෙන්නම් ඒත් ගෑනි ඉස්සුවොත් නෝනගෙන් පොලිසිය වගේ පස්නකරයි. මහතුන් කීවේය.

ඒක එපා එහෙනම්. එවර නම් මනෝරානිගේ මුහුණ කලු වී ගියේය.

ආන්න නෝනෙ අර උන්දැල ටික එනව. අද ආවට නෝන දූපත බැලුවෙත් නැහැ නෙ. කලින් ද වගේ කවුරුත් නැති වෙලාක එන්න. උදේ ටිප් එක ගිහින් ගොඩක් වෙලාට හවස එක වෙද්දි ඒක ඉවරයි. නෝන හවසක ආනම් හරි. ආ මට නෝනයි නම්බරෙ ලියල දෙන්නකො. මම කතා කරල මොකෙක් වත් නැති දවසක් නෝනට කියන්නම්. ඒ ඇතිනෙ. වෙන ඉතින් මොනව කතා කරන්නයි පෝන් වලින්. ඒ මැදැයි.

නෝන කැමති නම් දැන් එන්න මෙතන්ට මං ගාව පාන් කෑල්ලක් තියෙනවා. අපි යනගමන් පාන් කෑලි වතුරට දාල මාලු බලමු. මහතුන් මනෝරාණිනෝනාට කි්වවේය.

ආනේ..මාලු ටික්ක පෙටෝ ගන්නත් පුලුවන්. මරු මරු.. මං දූපතට පොඩ්ඩක් බැහැල ගොඩවෙල එන්නම්. ඔයා ඔතන තියන්න මම එනකල්. මනෝරාණී එසේ කියාගෙන චූ කර එන්නට දූපටත ගියාය.

http://ansathudinapotha.blogspot.com/2019/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල