කාලීන සංවාද

ලැට් පෝච්චි කටකට උත්තරයක් !

Off

කලක් රටේ අධ්‍යාපන ඇමතිව සිටි ඉලක්කම් කියවමින් රටක් සංවර්ධනය කරන්නට කටින් වෙර දරණ දේසපාලුවෙකුගේ ප්‍රකාශයක් මගේ මේ ලියවිල්ලට නිමිත්ත වෙයි.

අප රට තුල නිදහස් අධයාපනය ස්ථාපිත කිරීමෙන් පසු රජය විසින් දරුවන්ට නොමිලේ අධ්‍යාපය ලබාදීමත් නිල ඇඳුම් පෙළපොත් ළබා දීමත් හදවතින්ම අගය කරමින්ම මෙම සටහනට මුල පුරන්නට කැමැත්තෙමි.

අවුරුදු පහ සම්පුර්ණ දරුවෙකු පාසැලට ඇතුලක් කල දා පටන් වසර 13ක් සහ ඉන් ඉදිරියටත් දරුවෙකු සදහා කල යුතු අධ්‍යාපන වියදම් සුලුපටු නොවේ. අබ ඇටයේ සිට මිල වැඩිවන ආර්ථිකයක් තුල වසරින් වසර මිලෙන් වැඩි වන භාන්ඩ මිල නොකතා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුනේ ඇවැසි පරිදි ලබා දීමට දෙමාපියන් දරණ මහන්සියද සුලුපටු නොවේ.

මෑත කාලයේදී ඇතිවූ ජනප්‍රිය පාසල් රුල්ලත් සමහ පොරකමින් දරුවා උපන් මොහොතේ සිටම පාසල් අවටින් ඉඩ කඩම් සොයමින් මුදල් ඉතුරු කරමින් විදිහල් පතිවරුන්ට බලධාරීන්ට අතයටින් පගාව ගෙවමින් තම දරුවාට හොඳ යැයි සම්මත පාසලක් සොයන තරගය ඔබ දෑසින් දැක ඇතුවා යැයි විශ්වාස කරමි.

ජනප්‍රිය යැයි සම්මත පාසලට සාපේක්ෂව පහසුකම් අඩු ගුරුවරුන් අඩු ග්‍රාමීය පාසලකට නොයවා තම දරුවන් ජාත්‍යන්තර පාසලකට හෝ ඇතුලත් කරන්නට කුඹුරු ගොවියාගේ සිට වෛද්‍යවරයා පවා වෙහෙසෙයි. ඒ ඔවුන් අත වීසි කරන්නට මුදල් ඇති නිසා නොවෙයි.

මා දන්නා පවුලක දියණියත් තිදෙනෙකු ජාත්‍යන්ර පාසැලට යවන්නට පියා මිතුරන්ගෙන් අතමාරුවට පවා මුදල් ලබා ගනී. නිවසට කුඩා හෝ ආදායමක් ලැබුණු විගස ඒ ණය පියවීමට සිදුවන නිසා ඇතැම් දින වල දරුවන්ට බඩගිනනේ පාසලට යනන්ට පවා සිදුවෙයි.

මේ සැම දෙයක්ම දෙමාපියන් විසින් දරාගනු ලබන්නේ හොඳ යැයි සම්මත පාසලකින් දරුවා අධ්‍යාපනය ලබා සමාජයට පිටවනු දැකීමට නොවේද ? මොහොතක් සිතන්න රාජකීය විදුහලෙන් පිටව එස් සාමාර්ත තුනකින් උසස් පෙළ සමත් වන සිසුවාට සමාජයෙන් සහ රැකියා පොර පිටියෙන් ලැබෙන පිළිගැනීම පේරමන්ඩිය විදුහලෙන් පැමිණ විශ්ව විද්‍යාල සුදුසුකම් ලද දරුවාට ලැබෙනවාද ? කිසිසේත්ම නැත. සංකර අහංකාර සමාජය මිනිසුන් මනින්නේ පුහු ආටෝපයන්ගෙනි.

දරුවන් නම් සියල්ලන්ම දරුවන් විය යුතුය. ජාත්‍යන්තර පාසලක උගත් පළියට ඔවුන් වෙනත් ග්‍රහලොවකින් පැමිනි අයවලුන් නොවේ. රජයේ පාසලට යන දරුවන්සේම ඔවුන් අකුරු ලියන්නේ කඩදාසියෙන් නිමවූ පොත් වලය. අඳින්නේ දෙමාපියන් දහඩිය මහන්සියෙන් ඉපැයූ මුදලින් මිලට ගත් නිල ඇඳුමක්ය. අනෙක් දරුවන් මෙන්ම ඔවුන්ද ලියන්නේ ප්ලාස්ටික් ආවරණයෙන් යුතු කාබන් පෑන්වලිනි.

හිටපු ඇමති වරයාට අනූව ඇතැම් විට ඔහුට ඔවුන් රන් පත් වල දියමන්තියෙන් අකුරු ලියා සේද ඇඳුම් අඳිනවා සේ පෙනෙනෙවාවන්නට පුළුවන. නමුත් අතිදුශ්කර යැයි සම්මත දිස්ත්‍රික්කයක මධ්‍යම පාන්තික ළමුන් බොහා්මයක් ඉගෙන ගන්නා ජාත්පා‍යන්තර පාසැලක ගුරුවරියක් ලෙස මා ඔවුන්ගේ ජීවිතය නිරුවත් දෑසින් දකිමි. ඇතැම් විට කුණාටු වැසි දින වල සීතලේ වෙව්ලමින් පන්ති කමරයට පෙැමිනෙන ඔවුන්. //අනේ ටීචර් බෝතලේ උණු වතුරනම් තියෙන්නේ අපි ඒකෙන් බොන්නද// අසනා වාර අනන්තවත් ඇත. හදවත කඩා වැටෙද්දී ගුරු විවේකාගාරට දුවගොස් බෝතලයට උතුරණ වතුර පුරවාගෙන අතැති තේ බැග් කිහිපයක් එයට දමා ආපන ශාලාවෙන් පැණි රසක් මිලට ගෙන ඔවුන්ට ප්ලේන්ටියකින් සංග්‍රහ කර ඇත්තෙමි. මුදල් ගෙවා ඉගෙනුමට පැමිණියත් ඔවුනුත් ඇට ලේ මස නහර වලින් සෑදුණු දරුවන් බව අමුතුවෙන් ඒ ඇමතිවරයාට ඉගැන්විය යුතුව ඇත.

ඔවුන් ජනප්‍රිය පාසලක දරුවන්ට හා සමානව පහසු කම් ඇති බව ඇත්තකි. එසේම ඇමති වරයා සිතනා තරමටම ඔවුන් මල් යහනාවලින් සිනිදු සේල මතින් නැලවෙමින් සිටිනා පිරිසක් නොවේ.

අනෙක් සියලූම රජයේ පාසැල් දරුවන් මෙන්ම ඔවුන්ද නිදිවරමින් මනස කය වෙහෙසවමින් පාඩම් කරති. පාසලට අමතරව පන්තිවලටද සාභාගී වෙති. වාර විභාග පාසල් පාදක ඇගයීම් රජයේ පාසල්වල මෙන්ම නිසි ලෙස ඉටු කරති. අනෙක් සිසුන් මෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නම් කල විභාග මධ්‍යස්තානයට ගොස් විභාගට වාඩි වෙති. ඒ සියල්ලම කිසිදු වෙනසකින් තොරව සිදු කරයි නම් ප්‍රතිථල පමණක් වෙන් කල යුතු බව හිටපු ඇමති වරයා පවසන්නේ ඇයි ?

ඔහුගේ එම අප්‍රසන්න ප්‍රකාශය හුදෙක් දේශාපලණික කෝන්තර පිරිමසා ගැනීමක් ලෙස නොසලා සිටින්නට බැරි තරම් වේදනාවකින් සිටිමි.

ජීවිතයේ වැදගත් කඩඉමකදී හදවතින්ම කැපවී පොදු විභාගයකදී ගත් ප්‍රතිථලය අවතක්සේරුවට ලක් කරමින් ඒ ප්‍රකාශය සිදුකල හිටපු ඇමති වරයා පිළිකුලෙන් හෙලා දකිමි.

තවලමේ යන ඔබ දේශපාලනික තර්ක ගෙනඑමින් මා හා උරණ නොවන්න. අපි සියල්ලොම මිනිසුන්නම් මිනිස් කුලකයේ දියණියකට කල ඒ අපහාය ඔබ ඉවසනවාද ?

http://kaveej.blogspot.com/2019/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල