විද්‍යා ප්‍රබන්ධ

ඕන් ඉන්නවෝ ඕන් නැතෝ කුමාර්

Off

මම පුංචි කාලයේ මගේ ආදරණිය පියා මා නින්දට යනතුරු කිවූ කතාවක් තවම මතකය. එක්තරා ගොවියෙක් තම කිව්වා නාහන පුතා ගොවිපල ලඟම තිබෙන වතුර පාර සැර දොලකට තල්ලු කලේ “යන අහක පල කියාය.” පීනන්ට බැරි පුතා දොළ පාරෙන් වතුර පාරට වැටී “මාව බේරා ගනියෝ ” කෑ ගසමින් පාවී යන විට තව ගොවියෙක් බේර ගත්තා. අරගෙන ගොවි ගෙදරට අරන් ගියා. කොල්ලගෙන නම ඇහුවම පොර කිවේ “ගියෝ” කියල. ගොවි බිරිඳටත් සතුටුයි. දිග දෙන වයසේ දුවෙකුත් ඉන්නවනේ කියල. කොල්ල ගොවි බිරිඳට කිව්වේ පොරගේ නම “ඉන්නවෝ “. ගොවි දියණිය ටත් මාර ජොලි. වේලි වේලි හිටිය මට කොල්ලෙක් ගෙදරටම ගෙනත් දුන්න කියල දෙය්යන්ට පානකුත් පත්තු කරලා. කෙල්ලට අපේ පොර නම කිව්වේ “ආවෝ” කියල.

මාස කීපයකට පස්සේ මේ කිව්වා නාහන කොල්ලට එක තැන ඉන්න එක අරහන්. පොර ගොවියගේ බෝට්ටුවත් අරන් පැනල යනවා. තුන් දෙනාම දැන් කොල්ල හොයනවා.

ගොවි තාත්ත කෑ ගහනවා “ගියෝ ” “ගියෝ ” කියල. කෙල්ලයි අම්මයි දුවගෙන ඇවිල්ල කොල්ල ඉන්න වද කියල බලල ගොවියට බනිනවා ” අපි දන්නවනේ යකෝ මිනිහෝ කොල්ල ගිහින් කියල”. ඊළඟට ගොවි බිරිඳ කෑ ගහනව “ඉන්නවෝ” “ඉන්නවෝ “කියල. අනිත් එවුන් දෙන්න දුවල ඇවිත් බලල ගොවි බිරිඳ ට බනිනවා “කෝ ඉන්නවා කිව්වේ. ඔහෙට පිස්සුද අරකද මේකද ” කියල.

ඊළඟට ගොවි කෙල්ල හොයනවා කොල්ලව. ” ආවෝ ” ආවෝ” රත්තරනේ කිය කිය”. ගොවියයි බිරිඳයි ඒක ඇවිල්ල දුවගෙන ඇවිත් බලපුවම කවුරුත් නෑ. දෙන්නම අල්ලල තඩි බානවා කෙල්ලට.

දැන් මේ කථාව ඔළුවට ආවේ මේ කුමාර් මහත්තය හෙවත් කුමාර් ගුණරත්නම් නමැති පෙසපේ නායකයා ගැන පලවෙන නිව්ස් දැකල.

ඔන්න අද එනවලු කටුනායකට. ඔන්න හෙට එනවලු බෝට්ටුවකින් යාපනේට. අන්න ගිය පාර හැංගිලා ගියාට ගියේ නෑලු. දැන් ඉන්නේ ඉන්දියවෙලු. ඕවගේ කතා.

තව කවුද කිව්වා එයා ලංකාවෙන් ගියේම නෑලු. වෙන කාටද ඕස්ට්‍රේලියන් පොත විකුණලා හොඳ ගාණක් අරගෙන ලංකාවේම ඉන්නවලු. සමහර පක්ෂේ කස්ටියත් දන්නේ නැතිලු.

කවුරුහරි හොයන්න එනකොට “මේක ගුනේ අයියාගේ බජව් දාන කාමරේ ” කියන සින්දුව හයියෙන් දානවලු. එන කට්ටියට ඇහෙන්න.

කුමාර් ගුණරත්නම් බලාගෙන ගියාම ක්වන්ටම් අංශුවක් වගේනේ. මේ ඉන්නවා . මේ නෑ. මොන ඩයමෙන්ෂන් එකේ ඉන්නවද කියලා හොයා ගන්නත් බැහැ.

දැන් අනුර කුමාර බැලුවොත් , හොයා ගන්න හරිම ලේසියි. එක්කො පුටුවක කැරකි කැරකි සම්මුඛ සාකච්චාවක් දෙනවා. එක්කෝ මේං එංගලන්තේ ඉන්නවා. ඊට පස්සේ කටාර් වල කැරකෙනවා. පත්තරයක් බැලුවොත් ඉන්නවා බැබලි බැබලි.

දීප්ති කුමාර බැලුවොත් ඔය ගල්කිස්ස රත්මලාන පැත්තේ බැලුවොත් ඉන්නවා ඇති. නැත්නම් හේගල් සම්මන්ත්‍රණයක් පැත්තට , සිනමා, පොත් විචාරයක් කරන තැනකට ගියොත් හොයා ගන්නත් පුළුවන් මන් හිතන්නේ.

කුමාර් ගුණරත්නම් ලංකාවට ඇවිත් ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් ඉස්සෙල්ලම බ්ලාස් වෙන්නේ මහා ආචාරි නිර්මාල් ගේ සාධාරණ සමාජයක් ව්‍යාපරේට යි සෝභිත හාමුදුරු මහත්තැන් ටයි. . ඊට පස්සේ අනුර කුමාර ඉල්ලන්න ඉන්නවනම් එයාට දෙන්න හිතන් ඉන්න පෙසපේ චන්ද ටික හැලෙනවා. කට්ටිය එකතුවෙලා ඉල්ලුවත් ඒත් චන්ද ටිකක්‌ කැඩෙනවා.

ඒ කියන්නේ ඔය කොච්චර කිව්වත් කුමාර් ව ලංකාවට ගෙන්නන්න කාටහරි ඕනේ ඇති. එහෙම නැත්නම් ශික් මේ ජවිපෙ ගුණ්ඩු ගිලල එලෙව්වේ අපරාදේ කියල හිතෙනවා ඇති.

හොයා ගන්න එක තමා ප්‍රශ්නේ.

“ආවෝ ” “ගියෝ” ඉන්නවෝ ”

– http://kolambagamaya.blogspot.co.uk/ –

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල