කාලීන සංවාද

ලෝකයටම ආදරය කරන්න

0

“සමහරක් මිනිස්සු ජීවිතේ අවුල් කරන් ඉන්න හැටි දැක්කම අපි කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙනවා අම්මා…..”

ඒ මගේ පොඩ්ඩා මාත් එක්ක ගිය ගමනකට පසු එන අතරෙදි මට කිව්ව දෙයක්….

ඇත්තෙන්ම එහෙම කියන්නට හේතු වුණේ….මම මගේ රාජකාරිය කරන තුරු මානසික ආබාධවලින් පෙලෙන රෝගීන්ගේ හැසිරීම් රටා ඔහුට නිරීක්ෂණය කරන්න පැය දෙකක් තුනක් ලැබීමයි….

මං මගෙ දරුවො දෙන්නම පොඩි කාලේ සිටම රෝහලට එක්කන් ගියා…. විශේෂයෙන්ම ආබාධ සහිත වූ දරුවන්ට අම්මා කොහොමද ප්‍රතිකාර කරන්නෙ කියන දේ ඔවුන්ට ඇස් දෙකෙන්ම පෙන්වන්න මට ඕන වුණා…. ආබාධ සහිත වන මිනිසුන්ව වෙනස් කොටසක් කියා අයින් නොකල යුතු බව ප්‍රායෝගිකව කියාදෙන්න මට පුලුවන් වුනේ ඒ නිරීක්ෂණයන්ට ඉඩ දුන් නිසා…..
අතපය අප්‍රාණික සෙම් සොටු පෙරා හැලෙන දරුවෙක්ව අම්මා උකුලට ගන්නවා නම්… වඩා ගන්නවා නම්.. ආදරයෙන් කතා කරනවා නම්….. එතන වෙනසක් නෑ කියන දේ දරුවන් ඉක්මනින් ඉගන ගත්තා…..

සුරංගනා කතාවලට වඩා එදිනෙදා අත්දැකීම් මං ගෙදර ආවම ඔවුන් එක්ක කියන්න හුරු වුණා.. ඒ හැබෑම මිනිසුන්ගෙ කතා…. යුද කාලයෙදි අනතුරු වෙලා ආබාධ සහිත වෙලත් ධෛර්යය ඇතුව ජීවත් වුණ අය ….. ඒ වගේම ආදරය කරුණාව එක්ක බිංදුවෙ ඉඳන් ජීවිතේ හයියට නැගුණ මිනිස්සු ගැන කතා මගේ කතා පෙට්ටියෙ ඕන තරම් තිබුණා….
.
“ඔව් පුතේ…. අපි වාසනාවන්ත මිනිස්සු…. ඒ වගේම අර වගේ අයට උදව් කරන්න පුලුවන් රස්සාවක් කරන්න ලැබෙන එක ඊට වඩා වාසනාවක්……”

මම අන්තිමේදි කීවා

විසිරි

https://wisirisihina.blogspot.com/2019/01/103.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල