කාලීන සංවාද

ප්‍රශ්නෙ තියෙන්නෙ කෙල්ලන්ගෙ නිරුවත විතරයි

Off

පී.කේ. කියන්නෙ මේ දවස්වල නැඟලා යන ෆිල්ම් එකක්. ඒක ඉන්දියාවේ විතරක් පිටපත් 6,000ක් තිරගත වෙනවලු. ලෝකෙ වටේ රටවල් 68ක පිටපත් 844ක් උණු උණුවෙ පෙන්නනවලු. ඒකෙන් තුන හතරක් ලංකාවෙත් පෙන්නනවා. මේ ෆිල්ම් එක රිලීස් වුණේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වුණාට ඒක ඇඩ්වටයිස් කරන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ජූලි මාසෙ. ඉස්සෙල්ලාම ප්‍රමෝෂන් එක විදියට එළියට ආවෙ අමීර් ඛාන් අඩ නිරුවතින් ඉන්න ෆොටෝ එකක් තියෙන කටවුට් එකක්. එයා ඒකෙ අත්තලා මුත්තලගෙ කාලෙ කැසට් රෙකෝඩර් එකකින් විතරක් විලි වසාගෙන රේල් පාරක් උඩ හිටගෙන ඉන්නවා. මූණෙ තියෙන්නෙ නිකන් පිටසක්වළ ජීවියෙක් වගේ පෙනුමක් වගේ කිව්වට ඇත්තටම එයා ෆිල්ම් එකේ පිටසක්වළ ජීවියෙක් තමයි. පිටසක්වළින් ආවත් දෙයියනේ ඇඳුමක් ඇඳගෙන එන්න එපායැ කියලා හිතුවට පිටසක්වළට කොහෙන්ද රෙදි?

අඩ නිරුවත් අමීර් ඛාන් නිසාම ෆිල්ම් එක රිලීස් වෙලා මාසයක් යන්න කලින් ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් ඇතුළු නිර්මාණ ශිල්පීන් ඩොලර් මිලියන සියයක ආදායමක් උපයලා තියෙනවා. මේ ෆිල්ම් එකේදි අමීර් ඛාන්ගෙ අඩ නිරුවත කිසිම කෙනකුට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ කතාව පැත්තකින් තියන්නකො.

ඔන්න මීට අවුරුද්දකට විතර කලින් බොලිවුඩ්වල ඉන්න අංක එකේ සෙක්සි නිළියක් වුණු මල්ලිකා ෂෙරාවත් ෆිල්ම් එකක රඟපෑවා. ඒක ඉන්දියාවෙ දේශපාලනයට පොඩි පහරක් වදින විදියට හදපු ෆිල්ම් එකක්. නම “ඩර්ටි පොලිටික්ස්.” ඒ ෆිල්ම් එකේ එක තැනක අඩ නිරුවතින් ඉන්න දර්ශනයක් තියෙනවා. ඇත්තටම එයා එතැන ඉන්නෙ අඩ නිරුවතින් නෙවෙයි නිරුවතින්. ඒත් මල්ලිකාගෙ නිරුවත වැහෙන විදියට එයා පොඩි රෙදි ටිකක් එහෙන් මෙහෙන් එල්ලගෙන ඉන්නවා. මේ ෆිල්ම් එක රිලීස් වෙන්න මාස තුනකට විතර කලින් ඒක නිෂ්පාදනය කරපු සී.කේ. බොකාඩියා, මල්ලිකාගෙ අඩ නිරුවත් දර්ශනය තියෙන ෂොට් එකම දැම්මා කටවුට් එකට. ඉන්දියාව, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවෙ ඉන්න අයියලා ටික මල්ලිකාගෙ නිරුවතට විරුද්ධව අවි අමෝරන්න පටන් ගත්තෙ මේක ෆිල්ම් එකක්ද එහෙමත් නැත්නම් සබන් දැන්වීමක්ද කියලවත් දන්නෙ නැතිව.

මේක ෆිල්ම් එකක් කියලා දැනගත්තට පස්සෙ දකුණු ඉන්දියාවෙ අයියලා ෆිල්ම් එක රිලීස් වෙන එක නතර කරන්න ෆුල් ගේම දුන්නා. ඒත් ෆිල්ම් එක බොහොම ලස්සනට රිලීස් වෙලා ආදායම් වාර්තාවකුත් තියලා මාස හත අටකට පස්සෙ බොහොම ලස්සනට හෝල්වලින් ගැලවිලා ගියා. එදා එහෙම නටපු අයියලා මෙදා පී. කේ. ෆිල්ම් එකේ අමීර්ගෙ අඩ නිරුවත් කටවුට් එක දැකලා දැක්කෙ නෑ වගේ ඉන්නවා. සමහරු ෆිල්ම් එක එනකන් දත කට මැදගෙන ඉඳලා මංගල දර්ශනයම බලලා ඇවිත් “ෂා මරේ මරු” කියලා පහක් දාන්නත් අමතක කරන්නෙ නෑ.

එතකොට දැන් මල්ලිකාගෙ අඩ නිරුවත දැකලා කට්ටිය පොලු මුගුරු අතට ගන්නත්, අමීර්ගෙ අඩ නිරුවත දැකලා කට්ටිය පහක් දාන්නත් හේතුව මොකක් වෙන්න ඇත්ද? අපේ සමහර අක්කලත් නිරුවත එක එක විදියට ඉන්ටපී්‍රට් කරන්න ගිහිල්ල පසුගිය දවස්වල මදි නොකියන්න නා ගත්තා. හැබැයි ඒ අක්කලා නිරුවත ඉන්ටපී්‍රට් කරන්න ට්‍රයි කරපු විදියයි දකුණු ඉන්දියාවෙ අයියලා නිරුවත ඉන්ටර්ප්‍රිට් කරලා අමීර් ඛාන්ට ක්‍රෙඩිට් එකක් දීලා තියෙන විදියයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා. ඒ අයියලා ටික නිරුවත ඉන්ටර්ප්‍රිට් කරලා තිබුණෙ අර අක්කලා වගේ ජාම බේරගන්න හිතාගෙන නෙවෙයි බොක්කෙන්ම.

කොහොම වුණත් පී. කේ. ෆිල්ම් එකේ අර කියන කටවුට් එකේ අමීර් ඛාන් නැතිව කෙල්ලෙක් හිටිය නම් එයාට වෙන්නෙත් මල්ලිකාට වෙච්ච දේම තමයි. මේ ලෝකෙ ඕනෙම කොල්ලෙක්ට ඕනෙම විදියක අලුකුත්තේරු වැඩක් කරලා ඕනෙ වෙලාවක බේරිලා ගැලවිලා කේ‍රඩිට් එකකුත් දාගෙන මොකුත් වුණේ නෑ වගේ ඉන්න පුළුවන්. ඒකට කියන්නෙ “පින” කියල නම් වෙන්න බෑ.

ඒ කොහොම වුණත් අඩ නිරුවතින් මෙගා සයිස් කටවුට් එකකට පෙනී හිටපු මල්ලිකාට, අමීර් ඛාන්ට වගේ ක්‍රෙඩිට් එකක් නොලැබෙන්න ඇත්තෙ වෙන මොකුත් හින්දා වෙන්න බෑ. ඒකට තියෙන්නෙ එකම හේතුවයි. මල්ලිකා කියන්නෙ කෙල්ලෙක් හින්දා…
දුලංජලී මුතුවාඩිගේ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල