කාලීන සංවාද

හැම රෙද්දම රටින් ගෙන්නමු

Off

Super Market එකකට ගිහින් බලන්න ඔයාලත් ඒකේ වැඩිපුරම තියෙන්නේ මොනාද කියලා

සියඹලා ගස් වැවෙන රටේ සියඹල ගෙන්නනව තායිලන්තෙන්,
රට වටේම මාලු ඉන්නවා ටින් මාලු ගෙන්නවා පිට රටින්,
පෙරදිග ධාන්‍යාගාරය කියපු වෙල් ලක්ෂ ගණන් තියෙන රටේ හාල් ගේනවා පිට රටින්,

තාම රටේ ප්‍රධාන ආහාර අපනයන ආදායම සුද්දා වවපු තේ, රබර්, පොල්වලින් තියෙන්නේ.

වැවිලි භෝග ඇරුණාම ගෘහ සේවය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණය විතරයි පිටරට සල්ලි අපිට ගේන්නේ. ඒ ඇරුණාම පිට රටින් ලංකාවට සල්ලි එන ක්‍රම අඩුයි.

පිට රටින් ණයත් අරන්, බඩුත් එහෙන්ම අරන් එහාටම ණයයි පොලියයි දෙකම එක්ක සල්ලි ආපහු එයාලට දෙනවා විතරයි.

ලංකාව සංවර්ධනය වෙලා නම් මුලින්ම ආර්ථිකය දියුනු වෙන්න ඕන බං. රටේ වියදම, ආදායමට වඩා වැඩි උනාම කොහෙද දියුණු වෙන්නේ.

කෑම, වතුර, විදුලිය එකක්වත් පිටින් ගේන්න ඕන නෑ. ඔක්කොම රට ඇතුලෙම්ම ගන්න පුලුවන්, ඕන තරම් සම්පත් තියනවා. කෑමයි වතුරයි රටින් ගෙන්නන එකේ විදුලිය රටින් ගෙන්නුවේ නැත්තේ දූපතක් නිසා වෙන්න ඇති. නැත්නම් ඒකත් ඉන්දියාවෙන් හරි ගෙන්නන මානසිකත්වයකින් ඉන්න පාලකයෝ මේ රටේ ඉන්නේ.

සුද්දා නිදහස දීලා ගියාට පස්සේ එක දේශපාලකයෙක් වත් ලංකාවේ රබර්, පොල්, සුලු අපනයන බෝග (කුරුදු,ගම්මිරිස්), මාලු, සහල් වගේ කර්මාන්ත දියුණු කරලා ගොඩගන්න බලන්නේ නැත්තේ ඇයි ?

ඒවයින් කොමිස් ගන්න, හොරකම් කරන්න බැරි නිසා.. අනාගතයක් ගැන හිතන්නේ නෑ ඔය කවුරුවත්.. රටත් ස්වයං පෝෂිත වෙලා, පිටරටටත් විකුණන්න තරම් සම්පත් තියන රටේ හැම මගුකලම රටින් ගේන්න ඕන නෑනේ නැත්නම්.

අපේ පෝස්ට් එකකට Tharuka Madumal Bogahawatta ගේ කමෙන්ට් එකක් මම සංශෝධනය කලා ඔයාගේ හදවතට දැනෙන විදිහට.

හැම රෙද්දම රටින් ගෙන්නමු

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල