සාහිත්‍ය කළා විචාර

හඳ පෙන්නුවාම ඇඟිල්ල දකින මෝඩ අපි?

Off

මේ කාටුන් එක තිබුනේ ෆේස්බුක් එකේ. දාල තිබුනේ දිමුතු කියල මහත්මයෙක්. මේ පින්තුරේ ඉන්නේ ජවිපෙ නායක අනුර කුමාර. කලින්ම පැහැදිලි කරන්න ඕනේ මම ජවිපෙ සාමාජිකයෙක්වත් සහයෝගය දෙන්නෙක්වත්, සහය දීල බ්ලොග් ලියපු කෙනෙක්වත් නෙමෙයි.
කාටුන් එක ගාව මෙහෙම හැඳින්වීමකුත් තිබුන.
(මේ කාටුන් එක දාල තියෙන්නේ ජෙප්පන්ට මඩයක් ගහන්න පෙරටුගාමී සමාජවාදී එකට සහයෝගය දෙන අයෙක් කියලයි මගේ හැඟීම)
“ජරාජීර්න ධනපති ක්‍රමය එසේම තිබියදී ඊට ‘යහපත් නායකත්වයක්’ සහ ‘වාම තල්ලුවක්’ ලබා දීමෙන් සොරකම් සහ දූෂන නවත්වා යහපාලනය ගොඩ නැගිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණෙහි අචල විශ්වාසයයි. ධනපතික්‍රමය වෙනුවෙන් සිතන මතන සහ මෙතරම් මහන්සි වන පිරිසක් ධනපතින්ට තම පංතියෙන්වත් නොලැබෙන බව සහතිකයි.
ජ.වි.පෙ. සොයුරනි,
විමසන්න….
නැවත නැවතත් විමසන්න‍.”

ඉතින් මම මේකට කොමෙන්ටුවක් දැම්ම මෙහෙම.
ඒ කියන්නේ හොරු අල්ලන එක වැරදිද? සමාජවාදය තුලත් කොච්චර හොරු ඉන්නවද?

සාන්ත කියල මහත්මයෙක් මෙහෙම උත්තරයක් දීල තිබුන මට .

“අපි හදට අැගිල්ල දිගු කරන විට ෙමාඩෙයා් අැගිල්ල ෙදස බලති ” කතාව මතක් වුනා අජිත් ධර්ම කීර්ති ලියපු ඒක දැක්කම. ධනපති ක්‍රමය තුළ ඉන්න ෙහාරැ අල්ලලා දීම කියන්ෙන් ධකපති ක්‍රමය පිරිසිදු කර පවත්වා ගැනීමට උදවි කිරීම.උන්ම දකිනවා ෙමි දූෂණ, ෙහාරාකෑමි ක්‍රමෙය් පැවැත්මට මාර තර්ජනයක් කියලා. ඉතිං වම නමින් ෙපනී ඉන්න පිරිසක් අැවිත් ඒ්ක පිරිසිදු කරලා ෙදන ඒක උන්ට මාරම මාර උදවිවක් ෙනාවන්ෙන ෙකෙස්ද .. ”

මම මෝඩයෙක් කියමු. ප්‍රශ්නයක් නැහැ. මෝඩයොත් ඉන්න එපයි නැත්නම් නුවණැත්තන් ව අඳුන ගන්නේ කොහොමද? මගේ ප්‍රශ්නේ එතකොට හොරුඅල්ලන්නත් සමාජවාදය එනකන් ඉන්න ඕනේ කියල අදහසක් නෙමෙයිද ඕකෙන් මතු වෙන්නේ. හොරු සම්පුර්නයෙන්ම තුරන් කරපු සමාජවාදයක් තමා හදන්න යන්නේ කියල තමා මේ කතාවෙන් මතු වෙන්නේ. හොරු අල්ලලා දුන්නයි කියල ධනපති ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ තමා.මේක සමාජය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් විතරයි. ධනපති ක්‍රමය වෙනස් කිරීම කියන්නේ භෞතිකවාදී ක්‍රියාවලියක්. ඉතින් හොරු , දුෂණ වංචා කරපු අය ඉන්නවනම් ඒ අය හෙළි දරව් කරන එක සමාජයට සෙත සලසන ක්‍රියා දාමයක් මිසක් අර ක්‍රියාවලියට අයත් වෙන්නේ නැති දෙයක්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වාමාංශික පක්ෂයක් හෝ එවැන්නක් යයි තමන් කියා ගන්නා පක්ෂයක් හරි රාජ්‍ය මට්ටමින් හෝ නිලදාරී මට්ටමින් කරන දුෂණ කෙලි දරව් නොකළ යුතුයි කියල.

සෝවියට් දේශයේ දැන් ඉන්දියාවේ තියෙනව වගේ නිලධාරිවාදී දුෂණ වැහි වැහැල තිබ්බේ. සෝවියට් වැසියෝ විහිළුවට කිව්ව කතාවක් තමයි පුර්ණ කොමියුනිස්ට්වාදය ආවහම දුෂණය සම්පුර්නයෙන්ම අහෝසි වෙනව කියල. ඇයි එහෙම කියන්නේ කියල ඇහුවාම පිළිතුර වුනේ “පුර්ණ සමාජවාදයේදී රාජ්‍යය අහෝසි වෙනව කියල මාක්ස් ම කියල තියනවනේ”ඒකයි කියල.
(මේ උපහාසයේ අදහස තමා දුෂිත රාජ්‍යය අහෝසි වුණාම දුෂණය අහෝසි වෙනවයි කියන එක)
චීනයේ , කියුබාවේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකන්ගෙන් වෙන දුෂණ දැන් දැන් අල්ලනවා. චීනයේ නම් මිනිස්සු ඉදිරියට එනවා අන්තර්ජාලයෙන් හෙම විරෝධය දක්වමින්.
මම මොස්කව් ඉන්න කාලේ ගොර්බචෝව් යෙල්ට්සින් කියල දක්ෂයෙක් මොස්කව් පක්ෂ ලේකම් හැටියට පත් කලා . මිනිහ ආපු ගමන් මොස්කව් වල ගොඩනැගිලි හදන අමාත්‍යංශයේ ගැහිලි නතර කලා. ඊට පස්සේ මිනිහ කිව්වා පක්ෂයේ අයට වෙනම සුඛෝපභෝගී භාණ්ඩ විකුණන වෙළඳ සල් අවශ්‍ය නැහැ කියල ඒවා වහන්න හැදුව. මිනිහව පක්ෂය විසින් බලයෙන් පහ කලා. සෝවියට් දේශය වැටිලා ආපු ඊළඟ ආණ්ඩුවේ ජනාධිපති වුනේ ඔහු. නමුත් මිනිහ ඒ රජයේ නම් සම්පුර්නයෙන්ම දුෂණයට ඉඩ දුන්න.
සමහරවිට ඒ මනුස්සයට අර කල වැඩේ කරගෙන යන් ඉඩ දුන්නනම් කියලත් වෙලාවකට හිතෙනවා.
දැන් එතකොට “ජනරළ ” පත්තරෙත් සෑහෙන්න ලියනවා දුෂණ ගැන. මේ පාර එකෙත් “අලි හොරු හා වන ජිවියේ හොර අලි ” ගැන දාල තිබුන ලිපියක්. මම දැනගෙන හිටියේ නැහැ පත්තරේ අනුරට සපෝර්ට් කියල.

දැන් හඳ කියන්නේ සමාජවාදය නම් එතනට යන ගමන අරගල තුලින් යන එකක් වෙන්න ඕනෙනේ. හොරකම් සහ දුෂණ වලට විරුද්ධ වීම ඒකට අයිති නැත්ද? මේ අති වාමාංශයේ ළදරු වලිප්පුවද?
ප.ලි : ජවිපෙ තක්කඩිකමක් ඇති ඒ පැත්තේ (පෙසපේ) ඉඳන් බැලුවහම. නමුත් දුෂණ වලට විරුද්ධවිමෙන් අපි සමාජයට කරන්නේ යහපතක් නොවේද කියන ප්‍රශ්නය මතු කල යුතුයි.

මාධව වීරසිංහ ගේ පිළිතුරත් මෙහි පල කරනවා:
“සමාජයක් ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකට ලක් කිරීමේදී දූෂන සහ හොරකම් වැළැක්වීම අත්‍යවශ්‍ය කාරනයක්. නමුත් ගැටළුව තමයි ලංකාවේ අබල දුබල, පසුගාමී ධනේෂ්වරයට ඒ සදහා මැදිහත් විමට ඇති නොහැකියාව.

පසුගිය අවුරුදු 66 දෙස බලන්න.
කුමක්ද සිදුව ඇත්තේ?

දිනෙන් දින තත්වය වඩ වඩාත් අර්බුදකාරී වන බව දකින්න පුළුවන්. හැම දාම අපි ‍’හොරුන් ඇල්ලීම’ සහ ‘දූෂන වැළැක්වීම’ ගැන බරසාර විදිහට කථා කරනවා. කවුද එවැනි දේ වැළැක්වීමට සක්‍රියව සහ අවංකව මැදිහත් වීමක් කර ඇත්තේ. ඒ වගේම අදාළ පුද්ගලයින්ට දඩුවම් කර ඇත්තේ. කිසිවෙක් නැහැ. තිත්ත ඇත්ත එයයි.

මේ ආන්ඩුව දිහාම බලන්න. රනිල්, මෛත්‍රි, රාජිත, රවි, සහ අනෙකුත් බොහෝ දෙනෙකුට තියෙන්නේ දූෂන සහ හොරකම්වලට සම්බන්ධ හෝ එවැනි දෑ ඉවසූ ඉතිහාසයක්. මීට වසර කිහිපයකට කලින් අපි දැක්කෙ මොකක්ද? එදා ජ.වි.පෙ. කථා කලේ ඉහත කී පුද්ගලයන්ගේ දූෂන සහ හොරකම් ගැනයි. උත්ප්‍රාසාත්මක ලෙස අද වෙන කොට ජ.වි.පෙ. ඒ අය සමග රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න පෙළ ගැහිලා.

මේක තමයි ජඩ කම!
මේක තමයි තක්කඩි කම!

මේ අර්බුදය පවතින ජරාජීර්න සමාජ ක්‍රමයත් එක්කයි ගැට ගැහිලා තියෙන්නේ. විසදුම සම්බන්ධව ඇත්තේ එහි තිරනාත්මක වෙනසක් සමගයි. ඒකට සූදානම් නොවෙන තාක් හොරු ඇල්ලීමේ මෙවැනි සංදර්ශන සහ හොරකම් මෙන්ම දූෂනත් දිගටම පවතීවි. “-

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල