විද්‍යා ප්‍රබන්ධ

බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි:

Off

සාමාන්‍යයෙන් තාරක විද්‍යාව ඉගෙන ගනිද්දී cosmology කියලා විෂයක් තිබෙනවා. ඒ කියන්නේ විශ්වය ගැන ඉගෙනුම. එහිදී මුල්න්ම සාකච්චාවට ගන්න කාරණයක් තමා bigbang හෙවත් මහා පිපිරුම. මේ නමින් ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියන පර්යේෂණාත්මක තත්වයට දෙන්නේ කිසියම් වැරදි හැඟීමක්. (misnomer). මේ නම දැම්මේ 1950 දී සර් ෆ්‍රෙඩ් හොයිල් කියන බ්‍රිතාන්‍ය තාරක විද්‍යාඥයා විසින් ඔහු විසින් විශ්වය තව දුරටත් සීග්‍රයෙන් විශාල වෙනවා (ප්‍රසාරණය – expanding universe) කියන අදහසට විරුද්ධ වීම නිසා.

ෆ්‍රෙඩ් හොයිල් ගේ කැමැත්ත තිබ්බේ “Steady State model ” හෙවත් සිංහලෙන් කිවොත් නියත (අචල හෝ වෙනස් නොවන) තත්වයේ මොඩලය කියන එකට.
සර් ෆ්‍රෙඩ් හොයිල් (1915 – 2001)

එතකොට මොකක්ද මේ තියරිය. මේකට මුලිකව සහය දුන්නේ හර්මන් බොන්ඩි, තෝමස් ගෝල්ඩ් හා ෆ්‍රෙඩ් හොයිල්. මේ තියරියෙන් උපකල්පනය කරන්නේ ඕනෑම වෙලාවක හැම නිරික්ෂකයෙකුටම විශ්වය පෙනෙන්නේ එකම විධිහට බව. ඒ මොකද විශ්වය “Perfect Cosmological Principal” හෙවත් පරිපුර්ණ විශ්වීය නියමයකට හැම වෙලේම යටත් නිසා කියල.

එනම් ” විශ්වය ඉතා විශාල පරිමාණයෙන් ගත්කල බලන හැම පැත්තෙන්ම එක හා සමාන වන අතර අනාගතයේදී ද එය එසේම වේ “.
මේ ප්‍රමේය කිසියම් ප්‍රමාණයකට විශ්වය විශාල වෙනවා යයි පිලි ගත්තත් එය සදාකාලික විශ්වයක් තුල වන්නේ යයි පිළිගනී. මේ තියරියේ ප්‍රධාන ප්‍රශ්නයක් නම් ද්‍රව්‍යය ඇති වන්නේ නැත්තකින් බව (Matter created from nothing) පිලි ගැනීමයි.

lemaitre 001
-ජෝර්ජස් ලේමටර් (1894- 1966)

මෙයට විරුද්ධ මතය ඉදිරිපත් කලේ කතෝලික දේවගැතිවරයෙකු හා තාරක විද්‍යාඥයෙකු වූ ජෝර්ජස් ලේමටර් (Georges Lemaître) විසින්. ඔහු කිවේ එක්තරා නියත වෙලාවක කිසියම් අංශුවක් පිපිරීමෙන් විශ්වය ඇතිවූ බවයි. එය ඉන්පසු සීග්‍රයෙන් ප්‍රසාරණය වන්නට ඇති බවයි. ඔහු 1927 -30 දි සාපේක්ෂතා වාදය උපයෝගී කරගෙන මේ බව ඔප්පු කරන්නට ලිපියක් පල කලා.

scientists friedmann

ඇලෙක්සැන්ඩර් ෆ්රිද්මන් (1888-1925)

නමුත් ඔහු දැන හෝ නොදැන රුසියානු විද්‍යාඥයකු හා ගණිතඥයෙකු වන ඇලෙක්සැන්ඩර් ෆ්රිද්මන් (Alexander Friedmann ) 1922 දී සාපේක්ෂතාවාදය ගණිතමය වශයෙන් ඔප්පු කරමින් විශ්වය ප්‍රසාරණය වන බව ඔප්පු කලා.

මෙය කන වැකුණු සර් ෆ්‍රෙඩ් හොයිල් තරහෙන් “එහෙනම් ඔහෙලා කියන්නේ මහා ලොකු පිපිරිමකින් (bigbang එකකින්) විශ්වය බිහි වුණා කියලද? ” කියා අවඥා කලා. ඒ වචනය ඉන්පසු හැමෝම භාවිතා කරන්නට පටන් ගත්තා.

නමුත් 1930 දී බ්‍රිතාන්‍ය රාජකීය තාරක විද්‍යාඥ සර් ආතර් එඩ්දින්ටන් , අයින්ස්ටයින් හා ඩි සිටර් විසින් මෙම static හෙවත් එකම විදහට තිබෙන විශ්වයක් නැති බව පිළිගත්තා.

einestein

විශ්වය දයනමිකව (dynamic ) (ගතික ලෙස) ප්‍රසාරණය වන බවත් එක මුලයකින් පටන් ගන්නට ඇති බවත් නිගමනය කෙරුණා.

මේ අලුත් නියමය ඔප්පු වන්නේ කෙසේද යන්නඊළඟ ලිපියෙන් පැහැදිලි කරන්නට පුළුවන්. -අජිත් ධර්මකීර්ති

උපුටා ගැනීම – http://kolambagamaya.blogspot.co.uk/2014/10/bigbang.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල