අධ්‍යාපනික, ඉතිහාසය

කන්කසන්තුරේ නොහොත් කේ කේ එස් වලට – සයුරේ දසවසක් – 9

0

ඉහළට නැග එන මුහුදු රළ ප‍්‍රධාන තට්ටුවේ ගෑවි නොගෑවි ගමන් කරයි. පැරණි ලොරියක් බෑගිරි ගසමින් කන්දක් අදින්නාසේ වරින් වර අඩු වැඩි වෙමින් නැගෙන ප‍්‍රධාන එන්ජිමේ අදෝනාව යාන්තමට ඇසේ. කෑලි කැපිය හැකි තිත්ත කළුවර නිසා මුහුදේ කිසිවක් නොපෙනේ. නැව ගමන් කරනවාද නැතිනම් එක තැන නතරකර තිබෙනවාදැයි සිතාගත නොහැක.

”එ්යි මල්ලි මෙහෙට වරෙන්.”

කට්ට කරුවලේ මෙස් කාමරයේ හැඩ ගැසු දිගු ලෑලී බංකුවේ වැතිර කොට්ටයක් හිස තබාගෙන පැද්දිල්ල නිසා නින්ද නොමැතිව සිටි රංජි අයියා මා අමතන හඬ ඇසින. ඔහු නැවට ආ දිනයේ සිට නිදාගන්නේ අපගේ මෙස් රූම් හි ලෑලී බංකුවකය. නැවේ සමාන්‍ය කාර්්‍ය මන්ඩලය හෙවත් නැවියන් සදහා කෟ මෙස් රූමයක් (Crew Mess room) හා නිලධාරින් හා එංජිනේරුවරුන් සදහා ඔෆිසර්ස් මෙස් රූම්යක් (Officers Mess room)ද විය. අපගේ මෙස් රූමයේ එක් මුල්ලක ක‍්‍රියාකාරිත්වයෙන් තොර දොර දෙකේ ශිතකරනයක් හා කළු සුදු රූපවාහිනි යන්ත‍්‍රයක් තිබින. ශිතකරනය පිරි පැවතුනේ කෑම බිමෙන් නොව නැවියන්ගේ ග‍්‍රිස් හා මලකඩ තැවරි කලු පැහැ ගැන්වුනු ලෙදර් අත්වැසුම් වලින් හා නානාවිද වර්නයෙන් තින්ත පැල්ලම් වැටුන හෙල්මට් වලිනි. මෙහි දිගු බංකුවල කුෂන් කවර හෝ කොට්ට නොමැතිව නිමවා තිබුනේ තනිකර හැඩගැසු ලියෙනි. එහෙත් ඔෆිසර්ස් මෙස් රූම්යේ පුටු කුෂන් සහිත ඉතා සැප පහසු එවා විය. මේන් ඩෙක් එකට ඉහලින් වු පුප් ඩෙක් (Poop Deck) හි වායු සමිකරනය කල ඔෆිසර්ස් සැලොන් (Officer Salon) එකක් පිහිටා තිබුනි. එහි වර්ණ රුපවාහිනියක් හා විඩියෝ කැසට් ඩෙක් යන්ත‍්‍රයක් ද විය. කැබින් කාමර කඩා අලුත්වැඩියාවන් සිදුකරනා දිනවලදි නිදාගන්නට තැනක් නොමැතිවු කිහිප දෙනෙක් මේ ඔෆිසර් සැලුනයේ නිදාගත්හ. නමුත් ඔවුන්ට එහි නිදා ගන්නට ඉඩ ලැබුනේ ටික දිනක් පමණි. නිලධාරි පැලැන්තියට අයත් ස්ථානයකට සමාන්‍ය නැවියන් පැමිනිම නොරිස්සු ඔවුන් ඔෆිසර් සැලුනයේ නිදාගන්නට ආ අයට එහි ඇතුලුවිම හෝ නිදා ගැනිම තහනම් කලහ. මේ නෞකාවේ නිලධාරින්ට තිබු සැප පහසුකම් පහල ශ්‍රේණියේ නැවියන්ට තිබුනේ නැත. අවම පහසුකමක් හෝ සලසා දෙන්නට සමාගමට හෝ කපිතාන්වරයාට හෝ අවශ්‍යතාවයක් තිබුනේද නැත. මා මේ නැවේ සේවයට ආ දිනවල කළු සුදු රූපවාහිනිය කි‍්‍රයාකාරි තත්වයෙන් යුතුවිය. එහි සියළු බොත්තම් කැඩි ගොස් තිබු බැවින් චැනල මාරුකිරිමට ඔවුන් යොදාගත් එක් උපාංගයක් වුයේ දත් හාරන්නට ගන්නා ටුත් පිකයකි. සමාගමේ පැරනි සේවකයෙකුවු ……පාල නම් බොරු ඇසක් පැලද සිටින එබි වරයෙකු සිටි අතර ඔහුගේ ඕනෑවට වඩා කල අනවශ්‍ය ඇගිලි ගැසිම හමුවේ ටික දිනකින් රූපවාහිනියත් අක‍්‍රියවි ගියේ අපගේ අවාසනාවටය.

රංජි අයියා වැතිර සිටි බංකුව අනෙක් පසින් වු බංකුවක චමින්දද නිදමින් සිටියහ.
”උඹටත් රෝලිං හින්දා නින්ද යන්නේ නැද්ද?”
”මේ පැද්දිල්ලත් එක්ක මොන නින්දක්ද? ඇදෙන් වැටෙන්නේ නැතිව හිටියේ අමාරුවෙන්.”
”කියපං බං සාත්තරයක්.”
”පිස්සුද මේ කලූවරේ මොන සාත්තරද?”
”ඔන්න ඔය ලයිට් එක දාපං.”
”මට බෑ.”
රංජි අයියා මෙස් රූම් එකේ ලයිට් එක දැමුවායින් අඬ නින්දේ සිටි චමින්ද ඇහැරි අප දෙස නොමනාපයෙන් මෙන් බැලිය.
”දවස තිස්සේම මහන්සිවෙලා අමාරුවෙන් නිදාගන්න හදනවා. උඹලා මෙතන සාත්තර කියන්න හදනවා. මගේ මගේ පාඩුවේ නිදාගන්න දිල ඕනේ දිහාවකට ගිහිල්ලා සාත්තර කියාගනිල්ලා.”
කෝපයෙන් පැවසු චමින්ද අනෙක්පසට හැරි නිදන්නට විය.
”හෙට උඳේට සාත්තරයක් කියන්නම්. මම යනවා නිදාගන්න.”
”මල්ලි හොඳ එකාවගේ තේ එකක් හදපං බං.”
”දැන් බෑ අයියේ. තේ බිව්වොත් නිදාගන්න බැරිවෙයි. මම යනවා මට නිදිමතයි.”

දකුනේ උන්ගේ උපන් සටකපටකම් උරුමව තිබු රංජි අයියා මාගේ බොරු සාත්තර කියවිල්ලද වාසියකට ගෙන යලිත් මා මැඩවන්නට උත්සාහ කරන බව වැටහුනි. රංජි අයියාගේ රංජිගෙන් ගැලවි යළිත් කැබිනයට පැනගත්තෙමි.

පසුදා වන විට තරමක මුහුදු රළු ස්භාවය අඩුවුවත් පෙරදින රාත‍්‍රියේ සිදුවු කැලඹිල්ල සියල්ලන්ටම බලපා ඇති සෙයකි. නිලධාරින් හා ඉන්ජිනේරුවරුන් තමන්ට සීසික් වැලදි ඇති බව ආධුනිකයින්වු අපට නොපෙන්වා සිටින්නට බලවත් සේ උත්සාහ කලහ. නැව උස්සා පද්දා යළි මුහුදෙ හි ගැසුවත් සීසික් හදවන්නට බැරි පුද්ගලයින් කිහිපදෙනෙකුද අපත් සමග සිටියෝය. රළු මුහුදේ ප‍්‍රචන්ඩත්වයට සාර්ථකව මුහුණ දෙමින් අවසානයේ අප කන්කසන්තුරය වරායට සේන්දු විමු.

නාවික හමුදා පාලනයේ පැවති කන්කසන්තුරය වරායේ තිබුනේ එක් ජැටියක් පමණි. එතරම් විශාල නොවු එම ජැටියේ වරකට එක නෞකාවක් පමනක් ගාල්කල හැකි වුනි. තරමක කුඩා නෞකාවක් වුවද අප නැව එකවරම වරායතුලට ගෙන ගොස් බඩු බෑම සිදු කල නොහැකිවුයේ කලකින් එම වරායේ මුහුදු පත්ල හාරා ගැඹුරුකර නොතිබුන හෙයින්ය. අප කන්නසන්තුරයට සේන්දු වන විට ලංකා නැව් සංස්ථාවට අයත් ලංකා මුදිත නෞකාව ජැටියේ බඩු බාමින් සිටියාය. අපට සිදුවුයේ නෞකාව වරායේ මුව අසළ නැංගුරම් ලා බත්තල් වලට බඩු බෑම සිදුකරන්නටය. එසේ නැවේ බර අඩු කරගත් පසුව හෝ නෞකාවට වරාය ඇතුලට යාමට හැකිවන්නේ ජැටියේ නවතා ඇති නෞකාව ඉක්මනින් පිටත්ව ගියොත් පමණි. එසේ නොවුනහොත් බත්තල් වලට නැවේ තිබෙනා සියුලු බඩුභාන්ඩ ගොඩබා යලි පිටව යන්නටය.

වරායේ ඇතුලත මුව අසළට වෙන්නට කොටි ත‍්‍රස්ත‍්‍රයන්ගේ ප‍්‍රහාරයෙන් ගිලි ගිය නාවික හමුදා නැවක් විය. එහි අඬක් පමණ ගිලි ගොස් ජලයෙන් ඉහලට එසවි තිබුනේ ෙදාඹකරයක් හා විල් හවුස් එක පමණි. ඉතිරිව තිබු විල් හවුස් හි නෞකාවේ නම සදහන් ”එඩිතර” නාමපුවරුව හොදින් දිස්වුනි. මෙම ගිලුනු ”එඩිතර” නැව වරාය පරිශ‍්‍රයේ පිහිටා තිබු කන්කසන්තුරය නාවික හමුදා කදවුර ආරක්ෂා කරගැනිමේ මුර කපොල්ලක් ලෙසින්ද යොදාගෙන තිබුනේ එහි තුවක්කු සවිකර නාවික සෙබලූන් දෙදෙනෙකු රදවා තැබිමෙනි.

කේ කේ එස් වරායේ නාවික හා නැව් හැසිරවිමේ මෙහෙයුම් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියෙන් නොකල අතර ටග් බොට්ටු (Tug Boat) කි‍්‍රයා කරවුයේ නාවික හමුදා සෙබලූන් විසිනි. බොහෝ දිිරාපත්වු පුස්සදේව හා තරමක් හෝ හොද තත්වයෙන්වු බරන නැමති ටග් යාත‍්‍රා දෙකක් විය. ප්යිලට් (Pilot)ලෙසින් එහි නාවික අණදෙන නිලධාරියෙක් කටයුතු කරන ලදි. නෞකාවට ගොඩ නොවි ගොඩබිමේ සිට රේඩියෝ වෝකිටෝකියක් (VHF radio walkie talkie)මගින් නෞකාව හැසිරවිම නිසා අප නෞකාවල නැවියන් ඔහුව හැදින්වුයේ ගොඩ පයිලට් කියාය. නාවික හමුදාවේ අණ අනුව සෑම දිනකම හවස්වන විට නැංගුරම් ඔසවාගෙන අප නැව වරායෙන් ඈතට යාත‍්‍රා කලයුතුවිය. රැය පහන්වන තෙක් වරාය පෙනෙන නොපෙනෙන මානයේ ඈතට වි නැංගුරම් දමාගෙන සිට පසුදා පාන්දරින්ම යළිත් සුපුරුදු ස්ථානයට පැමිණිය යුතුව තිබුනි. එසේ කරන්නේ වරායට මුහුදු කොටින්ගෙන් ප‍්‍රහාරයක් එල්ලවුවහොත් මුලින්ම ප‍්‍රහාරයට මැදිවන්නේ අප නෞකාවන් බැවින්ය. එහෙත් වරායෙන් බොහෝ ඈත නැංගුරම් ලාගෙන ඉන්නා අප නෞකාවලට කිසිදු ආරක්ෂාවක් තිබුනේ නැත.

උදෑසන වරායට අසලට යාත‍්‍රා කිරිමත් ආපසු හවසට නැංගුරම් ලාගෙන සිටි ස්ථානයට යාත‍්‍රා කිරිමත් අපහට ගෙන ආවේ ඉතා පීඩාවකි. එසේම පේදුරුතුඩුවෙන් බඩු බෑමට ආ අප සමාගමට හා වෙනත් සමාගම්වලට අයත් තවත් නැව් කිහිපයක්ද මෙසේ අප නැව මෙන්ම කේ කේ එස් වරාය ආසන්නයේ නැංගුරම් දමාගෙන සිටියෝය. ඔවුන් කේ කේ එස් වාරාය ආසන්නයේ රැය පහන් කර පසුදා උඳේ රැයින්ම යළිත් පේදුරුතුඩුවට යාත‍්‍රා කිරිම අරබයි. මුලින් වරාය මුව අසළ බඩු ගොඩබෑමෙන් බර අඩුකරගත් පසුව ගිලූනු ”එඩිතර” නෞකාව අසළට ගෙන ගැට ගසාලයි. මෙහිදි අප නැව ඉදිරිපසින් නැංගුරම් දමා පසුපසින් කඹ යොදාගෙන ”එඩිතර” නැවේ බැද දමයි. ”එඩිතර” නැවේ බැද තිබියදිත් පෙර සේම බත්තල් වලට බඩු බෑම සිදුකෙරෙයි. මෙසේ වරාය ඇතුලට පැමිණි පසුව පෙර දි මෙන් උඳේ හවස එළියට ඇතුලට යාත‍්‍රා කිරිමට අවශ්‍ය නොවිය. එහෙත් මුහුදු කොටි ත‍්‍රස්තයන්ගේ යාත‍්‍රා සැරිසැරිම් වැඩි දිනවලදි නාවික හමුදා කදවුරේ ආරක්ෂාවට තර්ජනයන් ඇතිවේයැයි අනුමාන කර අප හට වරායෙන් එළියට යාත‍්‍රා කලයුතු බවට අණ ලැබෙයි. එවැනි දිනක කන්කසන්තුරේ වරායට බොහෝ ඈතින් නැංගුරම් ලෑමට සිදුවේ. එවැනි දිනෙක මුහුදු කොටින්ගේ යාත‍්‍රා සිටිනා බැවින් ඇකමඬේෂන් හි සියළු විදුලි බුබුලූ නිවා දමා හෝ ආවරනය කර කුඩා එළියක්වත් පිටතට නොපෙන්වා සිටිය යුතුවිය.

කුඩා අබලන් ජැටියක් පමණක් ඇති කන්කසන්තුරේ වරායේ ජැටියේ නවතා තිබෙන නෞකාවක් පිටව ගොස් එහි ඉඩක් ලදහොත් පසුව එඩිතර නෞකාවේ ගැට ගසා බෑ බඩුවල අවසන් බඩු කොටස ජැටියට ගොස් බෑමට ඉඩ ලැබෙයි. මාගේ නාවික දිවියේදි කන්කසන්තුරේ ජැටියට ගොඩබැසිමට හැකිවි ඇත්තේ හයවතාවක් පමණි. මා කන්කසන්තුරේ වරායට ගිය අනෙක් වාරයන්හිදි ”එඩිතර” නැව අසලින් සියළුම බඩු ගොඩබා පිටවයෑමට සිදුවුනි. ජැටිය පසුකර ඉදිරියට දිවෙන දියකඩනයේ (Breakwater) ඈත කෙලවරකට වෙන්නට තවත් නැවක් පැත්තකට පෙරලි තිබුනි. එය වෙළද නෞකාවක්ද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්දැයි කිව නොහැකිවුයේ බොහෝ ඈතින් එය තිබු හෙයිනි. අදටත් කන්කසන්තුරය කිව්වාම ඇසිල්ලකින් සිහිපත්වෙන කන්කසන්තුරය සිමෙන්ති කම්හලේ ගොඩනැගිලි කිහිපයක් තල්ගස් කරටි අතරින් ඉතා කුඩාවට නෙතට හසුවුවා මතකය. දින කිහිපයක් තිස්සේ ”එඩිතර” නැව අසල බත්තල් වලට පාන්පිටි ගෝනි බෑමෙන් අනතුරුව අප නැව කන්කසන්තුරය ජැටියේ නතර කරන ලදි. මා නොවසිලිමත්ව සිටියේ මෙතෙක් කලක් නොදුටු අප ලංකාවේ උතුරු ප‍්‍රදේශයට පය තැබිමට ආසාවෙනි. මේවන විට දරුණුවට ඇවිල යන ත‍්‍රස්තවාදි බෙදුම්වාදි යුද්ධය නිසාවෙන් උතුරට පා තැබිය හැකිව තිබුනේ ආරක්ෂක හමුදා සෙබලූන් හට පමණි.

සයුරේ ආ මඟ
පැද්දෙන පොල් ලෙල්ලක් – සයුරේ දසවසක් – 1
ගාල්ලෙන් වැඩ ඇරඹිම – සයුරේ දසවසක් – 2
සී සික් සමගින් පළමු මුහුදු ගමන. – සයුරේ දසවසක් – 3
නැවෙන් ති‍්‍රකුණාමලයට බසයෙන් කොළඹට – සයුරේ දසවසක් – 4
ලොක්කාගේ ජරාවැඩක් – සයුරේ දසවසක් – 5
නැංගුරම්ලාගෙන සැමරූ සිංහළ අවුරුද්ද – සයුරේ දසවසක් – 6
කොට රංජිගේ කුකුල් කේන්තිය – සයුරේ දසවසක් – 7
දළ රළ පෙලට හසුව – සයුරේ දසවසක් – 8

අටුවාව

Saloon – An alternative name for a bar or The officers mess on a merchant vessel or a large social lounge on a passenger ship

ප්යිලට් Pilot – A maritime pilot, marine pilot, harbor pilot, bar pilot, or simply pilot, is a sailor who maneuvers ships through dangerous or congested waters, such as harbors or river mouths. They are navigational experts possessing knowledge of the particular waterway such as its depth, currents, and hazards.

VHF radio walkie talkie

ටග් බොට්ටු Tug Boat
A tug (tugboat or towboat) is a type of vessel that maneuvers other vessels by pushing or pulling them either by direct contact or by means of a tow line. Tugs typically move vessels that either are restricted in their ability to maneuver on their own, such as ships in a crowded harbor or a narrow canal,[1] or those that cannot move by themselves, such as barges, disabled ships, log rafts, or oil platforms. Tugboats are powerful for their size and strongly built, and some are ocean-going. Some tugboats serve as icebreakers or salvage boats. Early tugboats had steam engines, but today most have diesel engines. Many tugboats have firefighting monitors, allowing them to assist in firefighting, especially in harbors.

දියකඩනය Breakwater
Breakwaters reduce the intensity of wave action in inshore waters and thereby reduce coastal erosion or provide safe harbourage. Breakwaters may also be small structures designed to protect a gently sloping beach and placed one to three hundred feet offshore in relatively shallow water.

කොලොම්පුරේ

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල