සාහිත්‍ය කළා විචාර

සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් සහ ජනාධිපති රංජන් රාමනායක

Off

මම බුකියේ නැතත් බුකියේ පෙළහර පාන පිංතුර කෑලි නිතරම ඊ මේල් කරන හිතවතෙක් මේ ලඟදි එවූ ඡායාරූපයකි මේ . (මේ පින්තුරයේ ලංකාවේ ගත්තක් ලෙස සාක්ෂි නොමැත. එහෙත් නව ජනාධිපති තම වාහනය කහ ඉරක් ළඟ නවත්වන්නට සැලැස්වූ කතාව සතයක් බව පාඨකයෙක් අපහට පැවසිය – සංස්කාරක )
මේ කතාව දැකපු ගමන් මටනම් හිතුන දේ තමයි සාමාන්‍යයෙන් විය යුතු දේකට මොකද මේ හැටි ප්‍රසිද්ධියක් දෙන්නේ කියන එක. වාහනයක් කහඉරක් අසලදී නැවත්වීම සාමාන්‍ය දෙයක් වුනත් අපේ රටේ මිනිස්සු ඒක එහෙම පිළිගන්නේ නැත්තේ ඇයි?

මේකෙන් කාරනා කීපයක් හිතන්න පුළුවන්.

ඉතිහාසයේ පළමුවරට කියන්නේ, අපේ රටේ ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නායකයෙක් රටේ සාමාන්‍ය නීතියට ගරුකරලා නෑ කියන එක
මගී ජනයා ඔල්වරසන් නගයි කියන්නේ , අපේ රටේ ජනතාවට රාජ්‍ය නායකයෙක් නීතියට හෝ සම්ප්‍රදායට ගරු කිරීම සාමාන්‍ය දෙයක් නොවන බව .
අපේ මිනිස්සු තමන්ගේ ඡන්දයෙන් පත්වෙන ජනතා නියෝජිතයන් දෙස දේවත්වයෙන් බලන බව .

දෙවැනි එක තමා හිටපු ජනාධිපතිතුමා පරාජය පිළිගෙන නිහතමානීව අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගියාලු. (ඒ සම්බන්ධ අතුරු කතා පැත්තකින් තිබ්බම ) මට ප්‍රෙහෙලිකාවක් වෙන්නේ , පැරදුනාම නිල නිවසින් (නිල නිවසම නොවුනට ) ඉවත්වීම ඔය තරම් පුදුම උපදවන දෙයක් වුනේ කොහොමද කියන එක . එක බොහොම සාමාන්‍ය දෙයක් . පරාජිතයා ඉවත් වී ජයග්‍රාහකයාට හිමි තැන ලබාදීම ලෝකේ හැමතැනම සිදුවන දෙයක් . ඒ සා සාමාන්‍ය දේවල් මහා විශාල විශ්මයන් බවට අපේ රටේදී පත්වෙන්නේ අපේ මිනිස්සු සාමාන්‍ය දේවල් කවදාවත් දැකලා නැති නිසාද , නැත්තම් තමන්ගේ ඡන්දෙන් දේවත්වයට පත්කරපු පුද්ගලයන් සාමාන්‍ය ජීවිත ගත කරනවා දකින්න තියන නොකැමැත්ත ද ?.

එංගලන්ත අගමැතිවරයා දුම්රියෙන් ගමන් යාම , දඩයකට යටත් වීම වගේ දේවල් ඒ රටවල් වල මහා විශ්මයන් බවට පත්වෙනවද කියලා ඒ රටවල ඉන්න කෙනෙකුගෙන් අහලා බලන්න වටිනවා කියලත් හිතුනා .

*********

දුෂණ වංචා ගැන වැඩිපුරම ජනතා අවධානයට ලක්වුණේ මේ මැතිවරණයේදී වෙන්න ඕන . ඒ ගැන කතා කරපු පිරිස් දැක්කම මම හිතුවේ දුෂණ වංචා වලට වගකිවයුත්තන් නමවෙනිදා හවස ඉඳන් පෝලිමේ දනගස්සලා තියයි කියලා .

ඒ කොහොම වුනත් ප්‍රයෝගිකව ගත්තම ඒ දේවල් පලිගැනීම කියන කැටගරියට වැටෙන්නේ නැතිවෙන්න , සම්පුර්ණයෙන්ම නීතිමය රාමුවක් යටතේ , නියමිත ක්‍රමවේදයකට යටත්ව කෙරෙන්න ඕනේ . ඒ නිසා ඒ දේවල් අපේ හදිස්සියට නොකෙරෙන්න පුළුවන්.
මෙතැනදී දකින අනික් කාරණය තමයි ,මේ කතා කරපු පිරිස් වලට ඒ පිලිඹද අවංක වුවමනාවක් තිබ්බද කියන කාරණය . රංජන් රාමනායක දෙවැනි දවසෙම ඇහුවේ හොරුන්ට පනින්න දෙන එකද යහපාලනය කියන්නේ කියල . ඔහු කියන පරිදි ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහතාගෙන විමසුවාම කියපු කාරණය තමයිලු , පැමිනිල්ලක නැතුව නිකම්ම මනුස්සයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි බව .

එනිසා පහුවදාම රංජන් රාමනායක ෆයිල් 200ක් අරන් ගිහින් අල්ලස් කොමිසමට පැමිණිලි කරලා කිව්වේ දැන් අගමැතිතුමාටවත් , ජනාධිපතිතුමාටවත් කියන්න බෑ පැමිණිලි නෑ කියලා කියන එක .

විපක්ෂේ ඉඳිද්දීත් මේ දුෂණ ගැන , විදේශ ශ්‍රමිකයින්ට වුනු අසාධාරණ වලදී රංජන් හඬක් නැගුවා. විපක්ෂේදී මේවා කතා කරනකොට ඔහුට විරුද්ධව විශාල විරෝධතාවක් එලවුනේ මඩ ගහනවා , චෝදනා ඔප්පු කරන්න වගේ දේවල් කියමින්. නමුත් ඊට විරුද්ධව ආණ්ඩු පක්ෂයෙන් ඔහුට නගපු චෝදනාව තමයි රංජන් තට්ටයෙක් බොරු කොණ්ඩයක් දාගෙන ඉන්නේ , අපි ඔය බොරු කොණ්ඩය පාර්ලිමේන්තුවේදී ගලවනවා කියන කතාව .

පැමිණිල්ලක් කලාම ඒ ගැන විමර්ශනය කරලා ,වැරදි කරුවන් සෙවීමට අදාළ ආයතන තිබුනත් ඒවා කලේ පැමිණිලිකාරයටම විමර්ශනය කරලා වැරදි කරු බවට ඔප්පු කරන්න කියන අසාධාරණ තර්කය . අල්ලස් හා දුෂණ කොමිසම , පොලිසිය වගේ ආයතන අවශ්‍ය නැද්ද කියන සැකය මතුවුනා , ඒ ආයතන වල ඒ හැසිරීම නිසා මහා පරිමාන වංචා දුෂණ ශක්තිමත් වුනා . අවසානයේ රංජන්ට සිදුවුනේ කට පියාගන්න .

මම සිංහල සිනමාවේ අකමැතිම නළුවා රංජන් වෙන්න් පුළුවන්, ඒත් මේ වගේ දේවල් වලදී සහ දේශපාලකයෙකු හැටියට ඔහු අවංක පුද්ගලයෙක් බව මගේ හැගීම . සිත් ගන්නා සුලු වාග් විලාශයක්, තර්කන හැකියාවක් නැතත් ඔහුගේ හඬ ප්‍රබලයි . ඒතුල අවංකභාවය තිබෙන බවට හිතන්න පුළුවන්.

නමුත් ඔහු වංචා දුෂණ සිදුවන ස්ථාන වලට ඍජුවම සම්බන්ධවීමට, කඩාපනින්නට යාම ,බොදු බල සේනාව කල ක්‍රියාදාමයේ දිගුවක් බවට පත්වීම වැළක්විය යුතුයි.
ලංකා ඊ නිව්ස් හි තිබු මේ වාර්තාව අනුව නීතිය ඉටු කරගැනීමට රංජන් රාමනායක කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි .
“ඇඹුල්දෙණියේ ගොඨාගේ බිරිඳට අයත් රහසිගත නිවසකින් බඩු පටවති: දූෂිතයන් වැටලීමේ නිල නොවන ඇමැති රන්ජන් වැටලීමට යයි: ජනතා සහාය දෙන්න”

කෙසේවෙතත් අරමුණ සුපිරිසිදු වුවත් මේ ක්‍රමවේදය ඇතිවීමට ඉඩ ලබා දියයුතු වන්නේ නෑ. මන්ද නිශ්චිත ක්‍රම වේදයක් , නොමැතිව නීතිය පිලිඹද විශ්වාසයක් ඇතිකර ගැනීමට නුපුළුවන් නිසයි. නීතිගරුක පුරවැසියන් සහ නීතිගරුක පාලකයන් සිටින නීතිගරුක රටක් බිහිකරලීමට උත්සාහ ගත යුතුයි.

නැත්තම් , කාට දුන්නත් වැඩක් නෑ රංජන් රාමනායක ජනාධිපති වෙනකං මේ රට හැදෙන්නේ නෑ කියන්නට අපිට සිදුවෙන්නට පුළුවන්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල