සාහිත්‍ය කළා විචාර

ජෙනරාල්, පැස්ටෝල් සහ ඇල්සයිමර් – General, Fuel & Alzheimer

Off

මාතලන් මේ දවස්වල ඉන්න ගම්මානේ උන්ගෙන්, මාතලන්ට ගැලවීමක් තිබුනේම නැතිය. මේ ගම්මානේ වැඩි පුරම උන්නේ, මහ රජ්ජුරුවන්ගේ යටත් වැසියෝය. සිකැරට් එකක් ගන්න කඩේකට ගියත්, හවස් ජාමේ බාර් ඇසෝසේසන් එකේ මීටින් වලට ගියත්, මහ රජ්ජුරුවන්ගේ උන් කින්ඩිය දැම්මේ, මොනවද ලොක්කා යහ පාළණෙන් ඔහේට හම්බ උනේ කියාය. කොහොම හරි පචවාහිනියටයි, නයි ටී ඇන් එකටයි පින් සිද්ද වෙන්න, මහ රජ්ජුරුවන්ට දපනේ වැටිලා හිටපු උන්, දැන් දැන්, අපි කියපුවා ඇත්ත නේද යකෝ කියලාත් ඉඳ හිට අහනවාය.

ඕන් අද නම් හන්දියේ කඩේට බය නැතිව යන්න පුළුවන්ය. ඒ චම්පික රණවක ලොක්කා, ඩීසල්, පැස්ටෝල්, ලාම්පු තෙල් අඩු කරපු හින්දාය. මේ යහ පාළණයෙන් අපිට ලැබුන පළවෙනි සහනයය. ඒකත් රුපියල් පහ දහයකින් නෙමේය. හොඳට ඇඟට දැනෙන ගනනකින්ය. ඉස්සෙල්ලාම පැස්ටෝල් අඩු කරලා දුන්නේ හරීන් ප්‍රනාන්දුය, ඊට පස්සේ, අපේ මිස්ටර් ප්‍රොසිඩන්ට් සිරිසේන මහත්තයාය. දැන් හම්බ උනේ, චම්පික ලොක්කාගෙන්ය. ඒ නිසා ඒ තුන් දෙනාටම ටැන්කූ කියා අපි කියනවාය. අර කලින් පෙබරවාරි හතර වෙනිදා දෙනවා කියපු එක, ආයෙත් දුන්නත් අවුලක් නම් නැතිය.

ඊයේ යහ පාළණය ගැන බොහෝ සතුටු වෙන්න පුළුවන් දවසක්ය. ඒවා එක එක වෙනම දානවා නම් මේ වාගේය

* ඉන්ධන මිළ ඇඟට දැනෙන ගනනකින් අඩු කිරීම.
* ජෙනරල් සරත් ෆොන්සේකාට නිදහස ලැබීම.
* අගලවත්තේ පඩත්තලයා දඟ ගෙට යැවීම.
* පොලීසියට බලපෑම් කිරීමට ගිය ජෝන් බාස්, (ජෝන් අමරතුංග) නෝන්ඩි වීම. (ඒ OIC ට අපගේ ප්‍රණාමය)
* කැම්පස් කොලු කෙල්ලන්ට දෙතිස් වදය පැනවූ, හමුදා පුහුණුව ඉවත් කිරීම.
* අගවිනි සොරා ඉල්ලා අස්වීම.

ජෙනරල්ට යුක්තිය

මාතලන් අදටත් සිතන්නේ, ෆොන්සේකා ඉක්මන් වැඩි උනා කියාය. එතුමා අමාරුවේ දැමීමේ වගකීමක් ජෙප්පන්ටත් තියෙනවාය. 2010 ගැහුවේ දිනන්න බැරි මැච් එකක්ය. අපි ඒවා ගේම පටන් ගන්න කලින්ම කීවේය. කෙසේ හෝ එහෙම ගේමට ආවා කියා, රට බේරා ගත් ප්‍රධාන රණවිරුවා හතරගාතෙන් අල්ලා දඟ ගෙට දැමීම, කිසිම ශිෂ්ඨ රටක නම් සිඳුවන දෙයක් නෙමේය. අද ගමේ, පින පව පිලිගන්නා අහිංසක මිනිස්සු කියන්නේ, මහින්ද මහතතයාට පල දුන්නේ ෆොන්සේකාට කළ දේ කියාය.

වෛරයක් තිබුනා නම්, අඩුම ගනනේ ඒ මනුස්සයා අර මියන්මාරයේ අවුන් සාන් සූකි මෙන් හෝ ජේ ආර් පප්පා සිරිමාවෝ මැතිනියට දුන්නා වාගේ, පනිස්මොන්ට් එකක් දෙන්න තිබුනේය. එහෙත් කළේ එය නොවේය. අන්තීමේදි කළ ගොන් කම හේතුවෙන් උනේ, එතුමා වීරයන් අතර වීරයෙක් වීමය. දැන් එතුමාට කළගුණ සලකන එක, වත්මන් ආන්ඩුවේ යුතුකමය. නිදහස පමණක් දීලා වැඩක් නැත. එතුමගේ සේවය, තව දුරටත් මේ රටට අත්‍යාවශ්‍යයමය. මන්ද උතුරේ කොටි විනාශ කළද, දකුණේ ලේ පිපාසිත කොටි නැවතත් හිස ඔසවනා නිසාය. ත්‍රස්තවාදය නැවත් විය යුත්තේ ත්‍රස්තවාදයෙන්මය.

රජගෙදර රිලවා

මහින්ද මහත්තයා නැති කලේ, බැසිල් කියා රජගෙදර රිලවා කියලා තියෙනවාය. ඒත් මහින්ද මහත්තයා නැති කලේ බැසිල් නොව, රනිල් කීවා වාගෙම රජ ගෙදර රිලවාය. ඔය ගොන් රිලවා, රජතුමාට කඩුවෙන් කොටන බව අප කීවේ බොහෝ කළකට පෙරය. මහින්ද මහත්තයාට කෙළ උනේ මේ වාගේ පඩත්තලයන් රෙද්ද අස්සේ දා ගැනීමය. එතුමා ළඟ එක වැදගත් මනුස්සයෙක් සිටියේ නැතිය. උන්නේ මදාවියන් හා වාචාලයන් පමණක්මය.
මට මතක නෑ ඕයි….

ඒ වාගෙම අවසාන මොහොතේ තවත් නොම්මර එකේ ගොඩ පෙරකදෝරුවෙක් එකතු උනේය. මහින්ද මහත්තයා හිතාගෙන උන්නේ මේ යකා හරි පොරක් කියලාය. බස්නාහිර පලා බබා එකට, කොළඹට ලීඩර් ෂිප් එක දුන්නේ එකසිය ගානට ඇඳ ගත් නිසාය. මේ නම් මේ රටේ සියළුම පක්ෂ වලට සිඳුවෙලා තියෙන කරුමයක්ය. කොහේවත් යන කිසිඳු ඡන්ද පදනමක් නැති හාල්පාරුවෝ, එක එක සෙප්පඩ විජ්ජා පෙන්නා මහ පක්ෂ වලට රිංගා ඒ පක්ෂය වෙනුවෙන්, දර දිය ඇද්ද උන්ට කෙලිනා එක නම් මහා කරුමයක්මය.

ළෝකෙටම පේන්න ටැබ් එකක් අත ගගා උන්නාට. සම හරක්, අමුම අමු ගල් යුගයේ වැද්දන්ය. ඒ නිසා මුන් අත ගගා උන්නේ ටැබ් එකක්ද, ගල් පතුරක්ද කියා හොයා බලන එක, ජහ මනයාගේ වැඩක්ය. ගොන් කම ඇඟෙන්ම එකක් බව හිනාවෙන්ම පෙනුන නිසා, අපි නම් මේ වාහේලාට රැවටුනේ නැතිය.

ජනාධිපති ගේම යද්දි මේ ගොඩ පෙරකදෝරුවා මහින්ද ගාවට පැනලා මාද්දිය සාකඡ්චාවල පොර ටෝක් දෙන කොට, සිරි ලංකා එකේ අනික් උන් එහෙනම් තෝම පරිප්පුව කාපන් කියලා හෙමිහිට මාරු උනේය. අන්තීමේදි, බෙදුම්වාදි කතා කියා මහින්ද මහත්තයාට තියෙන සුළු ඡන්ද ටිකත් කෑවේය. ඒ කරලා කෙළ උනාම, අවසාන මොහොතේ කුමන්ත්‍රණ කොරලා රට අල්ලන්න උපදෙස් දීලා තියෙන්නෙත් මේ ගොඩ පෙරකදෝරුවාමය.

ඊයේ පොලිස් හෙඩ් කුවාටර්ස් වලට කට උත්තර දෙන්න ඇවිල්ලා, පට්ට කතා කීපයක් කිව්වේය. මුන් මුළු රටටම ඇඳිරි නීතිය දාන්න ගිහිල්ලා තියෙන්නේ ගම්පහ පැත්තේ සමන්මලි සකලසූරිය බබාට කව්දෝ ගහන්න එනවා කියලාය. ඒ කියන්නේ මූගේ ගොන් තියරිය අනුව, අම්මට සිරි ලංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාව සමන්මලීට කෙලින්න එන්න ඉඳලා තියෙනවාය. මේ වගේ ගොන් කතා, ඔය වාගේම ගොන්නුන්ට නම්, කෘතිම සිංචනය වාගේ ආතල් නම් දෙනවා ඇතිය.

ඊට පස්සේ, මාද්දිය වේදියෙක්, “චීප් ජස්ටිස් එතන හිටියාද…?” කියලා ඇහුවාම, ගොඩ පෙරකදෝරුවා කිව්වේ, “මට මතක නෑ ඕයි..!” කියලාය. ඔය ලෙඩේ මීට කලිනුත් එකෙකුට හැදුනේය. ඌත් එසේ මෙසේ බඩුවක් නෙමේය. මිනී මැරුම් චෝදනාත් තියෙන එකෙක්ය. ඔය ලෙඩේට කියන්නේ අල්සයිමර් කියලාය. ඕක දරුණු ලෙඩක්ය. එහෙම උන් පොලිටික්ස් කොරනා එක පට්ට ඩේන්ජරස්ය. මොකෝ මුන් මීටත් දරුණු වැඩ කරලා, මට මතක නෑ ඕයි කිව්වෝත්, වැලිකඩ යවන්නේ නැතිව එලියට දාන්න වෙන හින්දාය. මොකෝ…, පිස්සෝ හිරේ දාන්නේ නැති නිසාය.

අපි ආන්ඩුවට කියන්නේ, මුන්ගේ මොළේ චැක් කොරලා, අලසයිමර් කාරයෝ නම්, ගෙවල් වල තියන්න කියලාය. මොකෝ මුන් එලියේ ඉන්න එක මහින්ද මහත්තයාට ඉතරක් නොව, මුළු රටටම හෙනයක් නිසාය.

මුන් බුද්ධිමත් දෙසපාලුවෝ කියනා උන්, මුන්ට වඩා මොළේ කචල් උන්ය. අපි නම් එදා ඉඳලා කිව්වේ, මුන් මර්වින් සිල්වාටත් අන්ත ජඩයෝ කියලාය. කුමන්ත්‍රන කරපු තැන ඉඳලා තියෙන්නේ මේ ගොඩ පෙරකදෝරුවා ඉතරක් නෙමෙය. තවත් නොම්මර එකේ පඩත්තලයෙක් වන, මහාචාර්ය පදවියකුත් තියෙනෙ ජී ඇල් පීරිස් නම් පාංකඩයාද එතන ඉඳලා තියෙනවාය. අපේ වාසනාවට නීතී පති කෙලින් උන්නේ නැත්නම්, අද අපි නිදහසේ බොගක් දාලාත් හමාරය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල