අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන, විද්‍යා හා තාක්ෂණ

සිරියානු පැන්ට්සියර්-එස් ගුවන් ආරක්ෂක අවි පද්ධතියකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය – විශ්ලේෂණය

Off

ජනවාරි මස 20 දා සිරියාවට එල්ල කල ගුවන් ප්‍රහාර මාලාව අතරතුර සිරියානු ගුවන් ආරක්ෂක බලකා සතු පැන්ට්සියර්-එස් 1 ගුවන් ආරක්ෂක අවි පද්ධතියක් විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ජනවාරි මස 21 දා මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

විශේෂඥයින්ට අනුව ප්‍රහාරය සඳහා ඊශ්‍රායලය භාවිතා කර තිබෙන්නේ හාරොප් නම් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයයි. එය ප්‍රති-විකිරණ ඩ්‍රෝන් යානයකි. එනම් ගුවන් විදුලි සංඥා විමෝචනය කරන ඉලක්ක තනිව සොයාගෙන යා හැකි හෝ මිනිස් පාලනය යටතේ ක්‍රියා කල හැකි යානයකි.

හාරොප් ඩ්‍රෝන් යානය

මෙම වීඩියෝව මාධ්‍යවල දැඩි අවදානයට ලක් වුවද මුඛ්‍යධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා නොවන කරුණු සමහරක්ද තිබේ.

ප්‍රධානතම කරුණ වන්නේ මෙම වීඩියෝ පටය නිර්මාණය කර තිබෙන්නේ අවම වශයෙන් තවත් වීඩියෝ පට දෙකක් උපයෝගී කරගෙන වීමයි. මෙය විඩියෝ පටයේ තත්ත්පර 17 සහ 22 යන කාලවලදී දැකගත හැකිය.

වීඩියෝවේ පළමු කොටසේ පෙන්වන්නේ ඊශ්‍රායල ඉලක්ක වෙත පහර දෙන සක්‍රීය තත්ත්වයේ තිබෙන පැන්ට්සියර්-එස් 1 පද්ධතියකි. දෙවන කොටසේ අක්‍රීය තත්ත්වයේ තිබෙන පැන්ට්සියර්-එස් 1 පද්ධතියකට සෘජු ප්‍රහාරයක් එල්ල වන අයුරු දැකගත හැකිය.

අවි පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ නැත.
එහි රේඩාර් ඇන්ටෙනා අක්‍රීය කර තිබේ.
උණ්ඩ සහ මිසයිල නැවත පිරවීමට ප්‍රවාහනය කල රථයක් ඒ ආසන්නයේ දැකගත හැකිය.

මෙම කරුණුවලින් පෙනෙන්නේ වීඩියෝවේ දෙවන කොටසේ දැක්වෙන්නේ අක්‍රීය පැන්ට්සියර්-එස් 1 අවි පද්ධතියක් බවයි.

පෙනෙන හැටියට ඊශ්‍රායලයට අවශ්‍යව තිබෙන්නේ සක්‍රීය තත්ත්වයේ පැවති පැන්ට්සියර්-එස් 1 ගුවන් ආරක්ෂක අවි පද්ධතියකට තමන් පහර දුන් බව පෙන්වීමයි. එහි අරමුණ මෙම රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියට සක්‍රීය අවස්ථාවකදී සතුරු ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ හැකියාව හෝ නොමැති බවට මතයක් ප්‍රචාරය කිරීමයි. මෙම වීඩියෝව සිරියානු යුද්ධයේදී සිය ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා ඊශ්‍රායල මාධ්‍ය යොදාගනියි.

සංග්‍රාම භූමිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල