කාලීන සංවාද

කුමටද ? රටකරවන්න මෙච්චර පිරිසක් .

Off

වර්තමාණයේ ගමට සේවය කරන ගමේ රාජ්‍ය නිලධාරීන් කී දෙනෙක් සිටීදැයි අප කිසිවෙක්වත් දන්නේ නැත. මේ නිලධාරීන් එක පියසකට ගෙනවිත් එක තැනකදී රාජකාරී ඉටුකර ගැණීමට ග්‍රාම ලේකම් කාර්යාල ඉදිකරනා සංකල්පයක්ද ඇත. සමහරක් ගම්වලට මෙම ග්‍රාම ලේකම් කාර්යාල ඉදිකරදීද ඇත.

කුඩාම ඒකකය වන තම් කිහිපයක් එකතු කර ග්‍රාම සේවා වසමක්ද , ග්‍රාම සේවා වසම් පනහකට අඩුවැඩි වනසේ එකතුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ද සෑදී එහි ප්‍රධාන රාජ්‍ය නිලධාරියා ලෙස ප්‍රාදේශිය ලේකමි වරයෙකු පත්ව ඇත මොහු පලාත් ප්‍රධාන ලේකම් වරයාගේ ප්‍රාදේශීය බලධරයාය. ග්‍රාමසේවක වරයා ප්‍රාදේශය ලේකම්ගේ ගමේ බලධාරියාය .

මීට අමතරව ග්‍රාම සේවක කොට්ඨාශයක

සමෘද්ධි සංවර්ධණ නිලධාරියෙකු
කෘෂිකර්ම සංවර්ධණ හා පර්යේෂණ නිලධාරියෙකු
පවුල් සාත්තු සේවිකාවක
සහ කා්ය නියමයක් නැති ආර්ථික සංවර්ධණ අමාත්‍යාංශයෙන් නව උපාධිධාරී පත්වීම් ලැබු නිලධාරීන් කෙනෙක් හෝ දෙදෙනෙක් ( මොවුන් සිටින බව දනී රාජකාරිය කුමක්දැයි ඔවුනුත් නොදනී)

.අනිවාර්යෙන්ම සිටී. මීට අමතරව ප්‍රාදේශය ලේකම් කොට්ඨාශයකට අඩුමතරමේ එක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙක් වත් සිටී

ගමේ දේශපාලනයේ නියෝජිතා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වී ප්‍රාදේශය ලේකම් බල ප්‍රදේශයේ දේහපාලන බලවතා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. පරිසර අධිකාරියේ නිලධාරියෙකුද සෑම ප්‍රාදේශය ලේකම් කොට්ඨාශයක පරිසර සුරකීමේ බලධාරියා ලෙස ප්‍රාදේශය ලේකම්ට වගකිව යුතුව රාජකාරි කරයි.

මේ හෑල්ලට අයත් සියළුම දෙනාට අමතරව තවත් නිලධාරීන් සහ බලධාරීන් දුප්පත් අපේ බදු මුදලින් වැටුප් ලබමින් කරන ලබන රාජකාරිය ඔවුන්ගේ මුළුතැන් ගෙවල් වල සිට ඇඹෙණියන්ට හාල් ගැරීමයයි නිගමනයට අපි පත්ව සිටිමු.

රතුපස්වල පාණීය ජලයේ ph අගය වෙනස් වී ජනතාව වීදී බැස උද්ඝෝෂණය කරන තරම් ප්‍රශ්ණය ඔඩු දුවන තෙක් (අද වන විට මියගිය සංඛ්‍යාව තිදෙනෙක් බව සදහන්ය ) මේ කී නොකී නිලධාරී, දේශපාලන නියෝජිත හැත්ත නිදිවැද ඇත .

ඔන්න අපේ රාජ්‍ය සේවයේ තරම.

අවසානයේ උද්ඝෝෂණය කරමින් රාජපක්‍ෂ සහෝදර සමාගමේ සහෝදරයෙකු සමග සාකච්ඡා කර ප්‍රශ්ණය විසදා ගන්නා තෙක් එයට මැදිහත් වන්නට මේ නිලධාරි හැත්තට අමතරව දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු කියා ගන්නා පිරිසට නොහැකිවිය. මෙවැනි පූර්ව සිද්ධීන් කෙතෙක් අප අසා ඇත්ද ?.

කුමටද? රට කරවන්නට මෙච්චර පිරිසක් නඩත්තු කරන්නේ – හැමටම විසදුම රාජපක්‍ෂ සහෝදර සමාගමේ නියේජිතයන්ගෙන් නම් .

@ kadulla.wordpress.com

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල