කාලීන සංවාද, විවිධාංග

සපත්තු සහ ඔබේ දෙපා

0

ඉතින් මේ සටහන ලියන්න මූලිකම වුණ කාරණාව වෙන්නෙ එදිනෙදා මගතොට දකින අයගෙ විස්තර…

මේක ලියන්න ගනිද්දි මට මතක් වුණ එක් දෙයක් සිහියට ආවා, මින් වසර බරගානකට ඈත, මම සෞඛ්‍ය සේවයට බැඳිලා පුහුණු වෙන්න ආව මුල් දිනවල අපේ ජ්‍යෙෂ්ඨ සොහොයුරෙක් කිව්ව කතාවක්….

ඉස්සර අපි පාරෙ ගෑණු ළමයෙක් දැක්කම අපි බලන්නෙ කොණ්ඩෙ, ඉඟසුඟ, මුහුණෙ ලස්සන…. ඒවද මේවද… ඒ වුණාට මේ කෙහෙල්මලට ආව දවසෙ ඉඳන් පේන්නෙ ඇවිදින කොට කකුල ඇදද, කොන්දෙ ඇදයක් (scoliosis) වගේද… මූණෙ facial palsy වගේද…. දණිස්ස ඇදට ගිහින්ද… වගේ ඒවා නෙ බං……

ඇත්තෙන්ම විශේෂිත සේවාවකට ඇතුල් වුණාම ඒකෙ ප්‍රතිඵලයක් ලෙස කෙනෙක්ගෙ ශාරීරික මානසික වගේම චර්යාත්මක සුලු වෙනසක් පවා ඉබේම ඇහැ ගැටෙනවා…. ඒ උගත් පාඩම්වල මහිමය.

ඉතින් මම ට්‍රේන් එකෙන් බැහැල යන ගමන් අපේ කන්තාවන්ගෙ විවිධාකාර ගමන් ශෛලියන් වගේම ඔවුන්ගෙ දෙපා වල ඇති පාවහන් ගැන විශ්ලේෂණයක් කලා…

අධික ලෙස අඩි උස සපත්තු දැමීම සහ ඒවායේ ඇඟිලි ප්‍රදේශය ඉතා ළංව පිහිටීම කෙනෙක්ගේ ඇවිදින ඉරියව්ව වෙනස් කරනවා. ගුරුත්ව කේන්ද්‍රය රැකගන්න ඕන නිසා කොන්ද ඒකට ගැලපෙන්න වක්‍ර වෙනවා. මේකෙ පසුකාලීනව lordosis තත්වයක් ඇවිල්ලා ඒ වගේම කොන්දෙ අමාරු low back pains එන්න පුලුවන්. කකුල ආශ්‍රිතව වෙන විකෘතිතාද එමටයි. ඉඳහිටක උත්සවයකට දැමීම ගැන නොවෙයි මේ කියන්නෙ. දිනපතා භාවිතයේ අහිතකර තත්වය. අනෙක පොදු වාහනවල දැඩි තදබදයක හිටගෙන යන වෙලාවල්… ගමන දුර නම්…. වේදනාව හා අතුරු ආබාධ වැඩියි.

වැරදීමකින් අඩියක් ලිස්සා යාම, අස්ථි භග්නයක් තෙක් පත්වීමේ අවදානමක්ද මෙහි තියනවා….. ඒ නිසා pointed heels දාන අය ඒ ගැන මඳක් සිතන්න.

ඒ වගේම ඔබේ සපත්තුවේ අඩිය ගෙවෙන අන්දම හ එක්ව නිරීක්ෂණය කරන්න… ඒ ඔබ ඇවිදින ගමන් රටාව… මෙහිදි ඔබ වැරදි ක්‍රමයට පාද තබනවා නම් ඔබගේ සපත්තු ගෙවෙන්නේ සම්පූර්ණව නෙවෙයි…. එ් නිසා දාර හෝ වම් හෝ දකුණු පස අනෙකට වඩා ගෙවෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න.

සාරියක් අඳින නෝනාලාට full flat සෙරෙප්පු නම් හැඩ නෑ. අනෙක, ෆුල් ෆ්ලැට් සෙරෙප්පු භාවිතය සාරිය එක්ක අමාරුයි… කොන්දට හොඳම වෙන්නෙ පොඩි wedge heel එකක් තියන සෙරෙප්පු….. ඒ වගේම සෙරෙප්පුවේ පටි තදට තිබීමත් ටිකක් හොඳ නෑ…. සෙරෙප්පු පටි මගින් ලේ ගමනට අවහිරතා ඇතිවෙන්න පුලුවන්… ඒ වගේම තුවාල…. අන්න ඒ නිසා සෙරෙප්පු දෙකක් ගන්න වෙලාවට මෙන්න මේ කාරණාත් පොඩ්ඩක් හිතලා බලන්න අනික් දවසේ….

විසිරි සිහින

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල