කාලීන සංවාද

නිදහස් උනෝ…!!!

0

බෙල්ල මුලින් පටන් ගත්ත පලවෙනි දාඩිය බිංදුව රේස් එක් පටන් ගත්තා. එකෙක් හිටියම ඇති ඉතින්, ඌ තමයි අනික් උන්වත් කුලප්පු කරන්නෙ. ඌ පස්සේ එලවන්න ගත්තා තවත් ඩා බිංදු හත අටක්. උන් ඔක්කොම පිට දිගේ පහලට හැල්මේ දුවනවා.

පලවෙනි එකා කලිසමෙනුත් පල්ලම් බැහැලා ජොකාවත් තෙත් කරලා ඉවරයි. මොනවා උනත් මහ රස්නෙ මැද සීතලක් ගේන්න පුලුවන් දාඩිය බිංදු වලට. ගිනි රස්නෙ නිසාම උපන් උන්, පිට දිගේ රේස් දුවනකොට සීතලක් උපදිනවා. ගින්නෙන් උපන් සීතල වගේ. ඒකෙත් තියනවා පොඩි ලල් එකක්. ටිකෙන් ටික වැඩිවන රස්නෙ නැති කරලා දාන්න මට පවන් ගහන්න හිතෙනවා. ඒත් මොන පවන්ද. අපි ඉන්නේ සීරුවෙන්. ඇඟිල්ලක්වත් හොල්ලන්න වරම් නෑ මේ වෙලාවට.

ගොඩ වෙලාවක ඉඳන් සීරුවෙන්, හෙල්ලෙන්නේ නැතුව. මගේ ඇහැට පේන්න ගන්නවා ඈතින් ලෙලෙදෙන සිංහ කොඩි තොගය. මොන තරම් සැනසිල්ලක් ඇත්ද හුලඟක් මැද ඉද්දි. ඒකේ වටිනාකම තේරෙන්නේ හුලං පොදක් අහිමි වෙලා ඉන්න වෙලාවට.

ඒ එක්කම මට පේනවා සිංහයා ඉන්නෙත් කකුලක් උස්සන් කියලා. කකුලක් උස්සන් කඩුවක එල්ලිලා, හැබැයි නොසෙල්වී. හරියට අපි වගේ, මං වටේ ඉන්න ගොඩක් උනුත් ඉන්නේ කකුලක් උස්සගෙන, එක අතකින් කඩුවක් නෙවී මැද පොල්ල අල්ලගෙන, සීරුවෙන්. අපිට කකුල් දෙකම බිම තියන්න වරම් නෑ. හෙල්ලෙන්න ඉඩකුත් නෑ. එතකොටම කොහෙන්දෝ ජාතික ගීයක් වාදනය වෙන්න ගත්තා. ඒ අල්ල පනල්ලෙම කෝච්චිය නැවතුනා…. කකුල් දෙකම බිම තියන්න පුලුවන් උනා…. කිටි කිටියේ හිර වෙලා හිටි මිනිස්සු බහින්න ගත්තා…. ෆුට් බෝඩ් එකේ එල්ලිලා මාරයට අත වනපු උන් ජීවිතය බදාගත්තා… කොහෙන්දෝ ආපු සුලඟක් ඇඟ වටේ එතුනා…….

සීරුවෙන් හිටි කාලෙ අවසන් උනා….නිදහස උදා වුනා…..!!!!

නයියාගේ නයි

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල