අධ්‍යාපනික, ඉතිහාසය, විවිධාංග

මීචලාහ්ඩාහ් – ටෙක්සාස්හි ජනප්‍රිය බීර කොක්ටේල්

0

පළතුරු යුෂ, පොල්කිරි, තැඹිලි, තේ, පැණිරස, හොට් සෝස් යනාදීන් සමඟ මත්පැන් එකතු වූ පානය කොක්ටේල් නමින් 1776 ගණන්වලදී ලොවට පිරිනැමෙන ඇමරිකන් හඳුන්වාදීමකි.

මිමෝසා නමින් ඇත්තේ දොඩම් සමඟ ෂැම්පේන් මිශ්‍ර කර මත්පැන් උදේට බොන්න හැකි ක්‍රමයකි !

කොක්ටේල් උප්පත්තිය ගැන විවිධ කටකතා පවතී. නිව්යෝර්ක් ප්‍රාන්තයෙ එල්ම්ස්ෆර්ඩ් නගරයෙහි හෝල්ස් කෝනර්ස් නමැති මත්පැන්හලේ හැනාහ් ෆ්ලැනගන් නම් බාර් සේවිකාව බිත්තිය සරසන්නට කුකුල් පිහාටු එල්ලා තිබුණාය. එම බාර් එකට මත්පැන් සොයා ගොඩවූ අයෙක් ඔය තියන ‘කොක්ටේල්’ එකක් දෙන්නැයි ඉල්ලා සිටියදී ඇය මත්පැන් මිශ්‍රණයක් කුකුල් පිහාටුවකින් සරසා දුන් බව කියැවේ. එහි උපත ගැන ඇති එක කතාවකි ඒ.

විස්කි, ජින්, රම් සහ අරක්කු වැනි විවිධ සැර මත්පැන් සමඟ වෙනත් ද්‍රව්‍ය එකතුවෙන කොක්ටේල් සාමාන්‍යයෙන් ලොව ජනප්‍රිය ඒවා වූවද ටෙක්සාස්වලින් අහන්නට ලැබෙන ජනප්‍රිය කොක්ටේල් එක බියර් සමඟ මුසු වූවකි.

මීචලාහ්ඩාහ් නමින් වූ එහි මූලාරම්භය ගැනද කොක්ටේල්හි පටන්ගැන්ම මෙන්ම විවිධ වූ කතන්දර බොහොමයකින් පිරී පවතියි. එය “මගේ සීතල බියර් එක” යන ස්පාඤ්ඤ වදන්වල එකතුවක් නිසා උපත ලැබුවා යැයි එක කතාවක් අනුව කියැවේ.

මීචලාහ්ඩාහ් හදන්නට ගන්නා ද්‍රව්‍ය විවිධ වෙති. එසේම ඊට එකතු කරන ප්‍රමාණයන්ද තමන්ගේ රස අනුව තීරණය කළ හැකියි. පහත සඳහන් කරන්නේ තම තමන්ගේ කැමැත්ත අනුව හැඩගස්වාගත හැකි මූලික රෙසිපියකි.

අවශ්‍ය අමුද්‍රව්‍ය:-

දෙහි ගෙඩියක්
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
තක්කාලි යුෂ
සෝයා සෝස්
වොසේස්ටර්ෂර් සෝස්
ටබැස්කෝ සෝස්
මෙක්සිකන් බියර්

හදන හැටි:-

දෙහි ගෙඩියක් කපා වීදුරුවක කටේ ගාන්න. ලුණු කුඩුවලට ගම්මිරිස් කුඩු එකතු කර, වීදුරු කට එම මිශ්‍රණයේ ඔබා හොඳින් තවරාගන්න.

ලොකු අයිස්‍ කැටවලින් වීදුරුව පුරවා ගන්න. ඊට මුලින්ම තක්කාලි යුෂ දාගන්න. සෝයා සෝස්, වොසේස්ටර්ෂර් සෝස් සහ ටබැස්කෝ සෝස් යාන්තමට එකතු කරන්න. බියර් දමන්නේ ඒ සියල්ලටම උඩින්.

තමන් කැමති ප්‍රමාණයන් අනුව අඩුවැඩියෙන් එකතුකරගෙන මීචලාහ්ඩාහ් කොක්ටේල් එක හදාගත හැකියි. ගම්මිරිස් වීදුරු කටේ ගාන ලුණු සමඟ එකතු කරනවා වෙනුවට වීදුරුව ඇතුලට දාන්නටද හැකියි. ටැබැස්කෝ සෝස් වෙනුවට වෙනත් හොට් සෝස් වර්ගද පාවිච්චි කළ හැකියි. තක්කාලි යුෂ වෙනුවට දෙහි යුෂ භාවිතයද දකින්නට ලැබේ.

කළින්දා මත්පැන් පානය වැඩි වූ නිසා හැදුන හිසරදයක් ඇත්නම් මෙම මීචලාහ්ඩාහ් එයින් සහනයක් ලබා ගැනීම සඳහා භාවිතයට ගන්න පුළුවනැයිද කියැවේ.

අරුණි ශපීරෝ වෙතින්

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල