
(2019 පෙබරවාරි 10 වැනි දින ‘අනිද්දා’ පුවත්පතේ පළවූවකි)
ශ්‍රී ලංකාව සිය 71 වන නිදහස් දිනය සැමරුවේ පසුගිය 4 වැනිදාය. ලැබූ ‘නිදහස’ පිළිබඳ අර්ථ ගැන්වීම් කවරාකාර වුව ඉංග්‍රීසි ජාතිකයින් අප රට පූර්ණ වශයෙන් පාලනය කිරීම හැර ගොස් වසර 71 ක් බව සැබෑවකි. වසර 71 ක් යනු දීර්ඝ කාලයකි. 1948 දී සිදුවූ එම ‘නිදහස’ ලැබීමේ අවස්ථාව පිළිබඳ නිවැරදි මතකයක් සහිතව ජීවත්වන්නන් ඇත්තේද කිහිප දෙනෙකු විය යුතුය. මෙය ලියන මමත්, කියවන ඔබ අතුරින් අති බහුතරයකුත් 1948 න් පසු එළඹුණු දශකවල උපත ලද අයයි. නව සහස්රකයේ සිය උපන් දිනය ලියැවූ කෙනෙකුද මේ පිරිස අතර සිටින්නට බැරිකමක් නැත.
සෑම නිදහස් දිනයක්ම කොළඹ නගරය තුළ සිදු කෙරෙන, දින හෝ සති කිහිපයක මාර්ග අවහිරකිරීම්, ගුවන් හා මුහුදු සංදර්ශන, රථ හා මිනිස් පෙළපාලි, රූපවාහිනී සජීව විකාශයන්, විවිධ රටවල නායකයින්ගෙන් හා තානාපතිවරුන්ගෙන් ලැබෙන සුභ පැතුම් පණිවුඩ ආදියෙන් පිරී පවතියි. ගාලු මුවදොර පිටිය අභියස ඇති පීඨිකාවක් මත සිට හමුදා උත්තමාචාර පිළිගැනීම සඳහා රාජ්‍ය නායකයා සීරුවෙන් සිට ගැනීමද, ඒ මොහොතේ අව් රශ්මිය හේතුවෙන් විදේශ තානාපතිවරු, මැති ඇමති හා බිරින්දෑවරු අව් කණ්නාඩි පැළඳ ගැනීමද දැන් නිදහස් දවසේ නිශ්චිත රූපවාහිනී දර්ශන අතර වන බව නොදන්නා කුඩා ළමයෙකු හෝ නැත. එහෙත්, මා මේ ඔබට ආරාධනා කරන්නේ මෙවර 71 වැනි නිදහස් සමරුව මොහොතේත්, ඒ තදාසන්න දිනවලත් අප ආශ්‍රය කළ එකිනෙකට සෘජු සබඳතාවක් නැති සිද්ධීන් හෝ අවස්ථා, ක්‍රියාකාරකම් කිහිපයක් විමසමින් මේ ගෙවී ගොස් ඇති වසර 71 ක කාලයේ අප අතහරින්නට සිතාවත් නැති ප්රබලතම දුර්වලතාවක් වෙත හැරී බලන්නටය.
30 වසරක සිවිල් යුද්ධයත්, දකුණේ සිදු වූ පරාජිත තරුණ කැරළි ද්විත්වයත් ඇතුළු බොහෝ ඛේදනීය අතීත වෘත්තීන් මෙන්ම ගෙවුණු දශක සියල්ලෙහිම පාහේ රට මුහුණ දී ඇති සමාජ හා ආර්ථික බිඳවැටීම් සියල්ලම අපට විවිධාකාර පාඩම් උදාහරණ සහිතව අප අභියස දක්වමින් එක් එක් අංශයන්හි අප වෙත ඇති අභියෝග හා විසඳුම් සෙවිය යුතු ගැටළු ආදිය පෙන්වා දී ඇත. ඇතැම් අවස්ථාවල දී මුහුණ දුන් ඛේදවාචකවල බිහිසුණු බව කොතරම් වී ද යත් ඒ ඒ අවස්ථා පිළිබඳ යළි විමසන්නට විවිධ කොමිෂන් සභාදිය පත් කළ බව ද අප නොදන්නා කරුණක් නොවේ. යුද්ධයෙන් පසු මුණ ගැසුණු උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසම උදාහරණයකි. මේ සියල්ලෙහි සෙවීම් වාර්තාදියත්, දිනෙන් දින යළි යළිත් මුණ ගැසෙන අසාර්ථක දේශපාලනික හා ආර්ථික පියවරයන් ආදියත් සමගින් රාජ්‍ය නායකයා සිය රාජ්‍ය විමසීම අරඹා සිදු කරන සිව්වැනි නිදහස් සමරුවේ දී ද යළි යෝජනා කරන්නේ දැන් අප පරිසර සංරක්ෂණය ප්රමුඛ තිරසාර සංවර්ධනය, දූෂණය පරාජය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු අත්‍යාවශ්‍ය කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් යහපත් රටක් බිහිකර ගැනීම සඳහා අදිටන් කරගත යුතු බවයි!
අතීතය නිරතුරුව විවිධ පාඩම් අප වෙත තබයි. අප කටයුතු කළ යුත්තේ එම පාඩම් මත අනාගතය සඳහා ක්‍රියාත්මක කළ හැකි සහ ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහන් කැඳවමින් පවතින තත්වයේ සිට ඉදිරියට යාමට මිස එකම තැන කරකැවෙමින් සිටීමට නොවේ. සිය ධූර කාලයේ එළැඹෙන සිවුවැනි නිදහස් සමරුවේදී ද යළි මූලික පිළිවෙත් වෙනුවෙන් ‘අධිෂ්ඨාන ගොඩ නගන්නට‘ පුරවැසියාට ආරාධනා කරන්නට සිදුවීම ම කෙතරම් ප්‍රබල ලෙස නායකයාගේත් සමස්ථ පුරවැසි ප්‍රජාවගේත් අසමත්කම පිළිබිඹු කරන්නක් නොවේද? කිසිවක් නොකොට කාලයට ගලන්නට ඉඩ හැර ඇති බව හැර අන් කවරක් ද?
ප්රමුඛ අසුනේ සිට මුණ ගැසෙන, අතීතය වෙතින් ලද පාඩම් අනුසාරයෙන් කටයුතු කරමින් පවතින තත්වයේ සිට ඉදිරියට යෑම සිදු නොකිරීම, මෙරට බොහෝ අංශ වෙතින් යළි යළිත් මුණගැසෙන විටෙක සිනහව කැඳවන, තවත් විටෙක ශෝකය ඇති කරන දුර්වලතාවකි. රාජ්‍ය නායකයාගේ නිදහස් දින කතාවට පෙර දින, පෙරදී රාජ්‍ය නායකයා තරම්ම හෝ ඊටත් වැඩි පිළිගැනීමක් පුරවැසියා වෙත වූ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විසින් ද, එබඳුම කතාවක් ඕස්ට්‍රේලියාවේ දී කියනු ලැබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණ. ඒ ‘තරුණ කණ්ඩායමක් ලෙස අසීරු කණ්ඩායම්වලට මුහුණ දීම සඳහා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් එකතු කරගනිමින් ඉන්නා බව‘ ය. තරග ප්‍රවර්ග දෙකක් යටතේ ලෝක ශූරතා ද්විත්වයක් දිනූ ආසන්න ඉතිහාසයක් සහිත කණ්ඩායමක නායකයෙකුට මෙවැනි ප්‍රකාශ සිදු කළ හැකි ද?
මේ අන් කිසිවක් නොව, අතීතයේ පාඩම් පිළිබඳවත්, අනාගත අවශ්‍යතාවන් පිළිබඳවත් වග නොකියන පොදු දේශජ දුර්වලතාවකි. මූලිකව, මෙම සතිපතා පළ කෙරෙන මගේ ලිපියෙහි යොමුව සාහිත කලා කෙත වුවත් ඉහත සාකච්ඡාව ඉන් පොළා පැන ඇති බැව් යමෙකුට යෝජනා කළ හැකි වෙතත්, මා මෙම කරුණ යෝජනා කළේ ම මෙම පොදු දුර්වලතා කලාපය කලාව හමුවේ ද යෙදෙන බැව් නිදහස් සැමරුම ආසන්නයේම එළි දුටු චිත්‍රපට දෙකක් ද මවෙත සාක්ෂි සපයා දුන් බැවිණි. ඒ අනුරුද්ධ ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සීතල‘ සහ පාලිත පෙරේරාගේ ‘තාල‘ යන සිනමා කෘති ද්විත්වයයි. රාජ්‍ය නායකයාත්, ක්‍රිකට් නායකයාත් හා සමානව මේ නිර්මාණකරුවන් අතහැර දමන ‘උගෙන සිටිය යුතු‘ පාඩම් මොනවා ද?
නිදහස ලබන්නටත් අවුරුද්දකට පෙර ඇරඹෙන මෙරට කතානාද සිනමාව සිය 72 වසර සැමරුවේ ගෙවුණු මාසයේ ය. බටහිර උපත ලබන කලාවක් ලෙස අප හඳුනාගන්නා සිනමාව වඩාත් තිරසාර ලෙස මෙරට පොළව මත මුල් අද්දන ලද්දේ 1956 දී තිරගත කෙරුණු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘ සමගින් බව කියවෙතත් රේඛාවෙහි සිට මෑත අවදිය දක්වා මෙරට ප්‍රේක්ෂාගාර හමුවේ එළි දුටු කෘති වැඩි ප්‍රමාණයකදී ජයගත් හෝ වරද්දාගත් දුර්වලතා පිළිබඳ මේ නිර්මාණකරුවන් දෙදෙන සවිඥාණික වී නැති බැව් කෘති ද්විත්වය සීරුවෙන් විමසන විට පෙනෙයි. ප්‍රබන්ධ සිනමා කෘතියක විකාශනයේ මූලික හුය ගෙතෙන විශ්වසනීය චරිත ගොඩනැගීම හා ඒ චරිත සාර්ථක ලෙස වර්ධනය කිරීම ඒ කාරණා අතර ප්රමුඛ ය. ‘ගින්නෙන් උපන් සීතලෙහි‘ ගමනායකගේ පටන් බොහෝ උපප්‍රධාන චරිත කෘතිය තුළ පැතලිව වැතිර හිඳිනු මිස තිරය මත දිග හැරෙන පැය දෙක හමාරක කාලය තුළ ලබා ගන්නා වර්ධනයක් නැත. එක්සත් රාජධානියේ නොදන්නා තැනකින් එන මහාචාර්ය ඇමතුමක් නිසා මිස අසේල වැනි නාගරික තරුණයකු දුෂ්කර පාසැලකට එන්නටත්, එහි අනේක පෙරළි කරන්නටත්, ඔහුට පාලනය කළ හැකි බව පෙනෙන දේශපාලනය හමුවේ ඔහුට අවැසි අරුන්දතී පාසැලට එවා අතුරුදහන් වන්නටත් හේතුවන චරිතයේ අභ්‍යන්තර වර්ධනයන් විසින් නගන අවශ්‍යතා ‘තාල‘ චිත්‍රපටය තුළ අපට මුණගැසෙන්නේ නැත.
රොබට් මැකී සහ සිඩ් ෆීල්ඩ් වැනි සිනමා ගුරුන් සිය සිනමා තිර රචනා න්‍යායික ග්රන්ථ තුළ වැඩි අවධානයකින් අවධාරණය කළේ චරිතයක අතීත වෘත්තය එහි අනාගතය ගොඩනැගීම සඳහා කෙතරම් අත්‍යාවශ්‍ය ද යන්නයි. චිත්‍රපටයේ තිර රචනය තුළ සෘජුව නොගෙනාව ද සිය කෘතියේ සෑම චරිතයක් සඳහාම අතීත වෘත්තයක් ලියන්නැයි සිඩ් ෆීල්ඩ් සිනමා තිර රචකයින්ගෙන් ඉල්ලා සිටියේ ය. අපේ සිනමා නිර්මාණකරුවන් සැබෑවටම මුණ ගැසෙන අතීත චරිතයක් වන ගමනායකගේ හෝ සිය මනෝ ලොව තුළ උපදින අසේලගේ අතීත වෘත්තය විමසන්නේ නැත. එය දේශජ ගැටළුවක් බව මට නිදහස ආසන්න කතාබහ පෙන්නුම් කළේ රාජ්‍ය නායකයාත්, ක්‍රිකට් නායකයාත් අතීතය නොවිමසමින් කතා කරන බැව් පෙනී ගිය නිසාවෙනි.
-ප්‍රියන්ත ෆොන්සේකා –
Related Posts
-
February 12, 2019 -
February 12, 2019 දත සුද්දා සහ වෙඩින් පාර්ටි..
-
February 12, 2019 සියක් සිදුරු අයිඑස්එස් එකේ (Impacts on Columbus Module)
-
February 9, 2019 නිදාස් පෙළපාළිය
-
February 8, 2019 Dong Fangxiao | වංචාව සහ හෙළිදරව්ව | 2000
-
February 8, 2019 මේ අවනඩුව අසනු !
Categories
- ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල (21)
- අතීතකාමය (148)
- අධ්‍යාපනික (108)
- ඉතිහාසය (72)
- ක්‍රීඩා (1)
- කාලීන සංවාද (740)
- කෙටි කථා (155)
- දේශපාලන (80)
- නව ව්‍යවස්ථාව (12)
- පරිවර්තන (9)
- ප්‍රහසන (70)
- බ්ලොග් නවකතා (8)
- විචාර (63)
- විද්‍යා ප්‍රබන්ධ (20)
- විද්‍යා හා තාක්ෂණ (59)
- විවිධාංග (108)
- විශේෂ (308)
- සංගීතය (55)
- සංචාරක හා ඡායාරුප (41)
- සඳැස් / නිසඳැස් (322)
- සාහිත්‍ය කළා විචාර (309)
- හයිකු හා කෙටි කවි (50)
Video wall
‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල
සින්ඩි
Archives
- February 2019
- January 2019
- August 2018
- July 2018
- June 2018
- May 2018
- April 2018
- March 2018
- February 2018
- January 2018
- December 2017
- November 2017
- October 2017
- September 2017
- August 2017
- July 2017
- June 2017
- May 2017
- April 2017
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- October 2016
- September 2016
- August 2016
- July 2016
- June 2016
- May 2016
- April 2016
- March 2016
- February 2016
- January 2016
- December 2015
- November 2015
- October 2015
- September 2015
- August 2015
- July 2015
- June 2015
- May 2015
- April 2015
- March 2015
- February 2015
- January 2015
- December 2014
- November 2014
- October 2014
- September 2014
- August 2014
- July 2014
- June 2014
- May 2014
- April 2014
- March 2014
- February 2014
- January 2014
- December 2013
- November 2013
- October 2013
- September 2013
- August 2013
- July 2013
- March 2013
- November 2011
- December 201
News Papers
News Sites
- 3mana
- Aadaderana
- Asian Tribune
- DBS
- Ground Views
- Hiru News
- Human Rights Asia
- JDS Lanka
- Kathika
- Pathula
- Lanka Truth
- Lankapuvath
- Meepura
- Neth FM
- News First
- Randora
- Sandeshaya
- Sannasa
- Sri Lanka Brief
- Sri Lanka Campaign
- Sri Lanka Guardian
- Sri Lanka Mirror
- Tamil Guardian
- Vikalpa
- Vimasuma
- Defence.lk
- Lanka Web
- LankaPage
- LankatNews
- Asian Tribune
- Lanka Standard
- Lanka Business
- News.lk
- Colombo Gazette
- Lanka Herald
- Tamil World Today
- ELankanews
- Colombo Mirror
- Thathu
- News of Colombo
- The Radio ceylon
- Tamil Diplomat
- Samakalam
Leave a reply