අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණ, විවිධාංග

SPACE : මීතේන් පාදක ජීවයක් සෞරග්‍රහ මණ්ඩළයේ ?

Off

අප දන්නා පරිදි ජීවය නිර්මාණයවී ඇත්තේ කාබන් පදනම් කරගෙනයි. එහෙත් වෙනත් පිටසක්වල ග්‍රහලෝකවල ජීවය පවතීනම් ඒවාත් කාබන් පදනම් කරගෙනම හටගත යුතුද?

විද්‍යාඥයින් කල්පණාකරන ආකාරයට කාබන් මෙන්ම සංකීර්ණ සංයෝග සෑදිය හැකි වෙනත් මූළද්‍රව්‍ය පාදක කරගෙනද ජීවය හටගන්නට ඉඩ තිබෙනවා. උදාහරණයක් ලෙස සිලිකන් මූළද්‍රව්‍යයය පාදක කරගෙන සංකීර්ණ සංයෝග ස්වභාවිකව පැවතිය හැකි අතර ඒවා යම් ආකාරයකින් ස්වාත්තයෙන්ම ප්‍රතිජීවනය වීම, එනම් ජීවී ආකාරයට පත්වීමද සිදුවිය හැකියි.

මේ කල්පිතය අනුව යමින් නාසා විද්‍යාඥ ඇමැන්ඩා හෙන්ඩ්‍රික්ස්, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන ටයිටන් මත යම් ආකාරයක ජීවියක් පැවතිය හැකි බවට කල්පිතයක් ගොඩනගා තිබෙනවා. ඇය පවසන අන්දමට ටයිටන් ග්‍රහයා මත මීතේන් හා වෙනත් සංකීර්ණ හයිඩ්‍රොකාබන් ද්‍රව මුහුදු හා විල් ආකාරයෙන් පවතිනවා. මේ හයිඩ්‍රෝකාබන් ජලාශවල යම් ආකාරයක මිතේන් පාදක කරගත් ජීවයක් පැවතිය හැකි බවයි ඇය අනුමාන කරන්නේ.

එම මිතේන් ජීවය අප දන්නා කාබන් ජීවයට වඩා අපූර්ව අන්දමින් වෙනස්විය හැකි බවත්, එවැනි ජීවයක් හඳුනාගැනීම පවා ඉතාමත් අපහසු විය හැකි බවත් පවසනවා.

සෙන්ටිග්‍රේඩ් සෘණ 180ක අධික ශීතලක් පවතින ටයිටන් මත ජල අණුහෝ ඔක්සිජන් පවතින්නේ නෑ. ඒ නිසා ටයිටන්ගේ ජීවය ජලය හෝ ඔක්සිජන් මත රඳා නොපවතින, අපදන්නා ජීව සෛළ ආකෘතියට වඩා සම්පූණයෙන්ම වෙනස් ආකෘතියකින් ශක්තිය නිපදවා ගන්නා ජීවීන් වනු ඇති.

ඇස්ටොසෝමයක්

පෘථිවි ජීවයේ සෛල, ලිපිඩමය පටලයකින් ආවරණය වූ ප්‍රාක්ප්ලාස්මයකින් සමක්විත වෙනවා. ඒ තුල ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වැනි විවිධ ජීව අණු රැසක් අන්තර්ගත වන අතර, මේ පටලය මගින් සෛල අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරයකින් වෙන්කරගන්නවා. විද්‍යාඥයින් පවසන අන්දමට ටයිටන් ජීවයේ සෛළයකට මෙවැනිම සෛල පටලයක් තිබිය හැකිවුවත් එය ලිපිඩමය පටලයක් නොව යම් ආකාරයක නයිට්‍රජන්, කාබන් හා හයිඩ්‍රජන් අඩංගු, අධික ශීතලෙන් විනාශ නොවන ද්‍රව්‍යයක් විය යුතුයි.

මෙවැනි පටලයක් ඇස්ටොසෝමයක් (azotosome) ලෙස හඳුන්වන අතර එවැන්නක ආකෘතිය ඉහත ආකාරයට වනු ඇතැයි අනුමාන කරනවා. මෙම ඇස්ටොසෝම් පටලය, පෘථිවි ජීව සෛල පටලයක් මෙන්ම අර්ධ පාරගමය නොහොත් සෛල පටලය හරහා තෝරාගත් ද්‍රව්‍ය වලට පමනක් ගමන් කිරිමට ඉඩසලසන පටලයක් වනු ඇති. ඒ අනුව සෛලයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ඇතුලට ගැනීමටත්, අපද්‍රව්‍ය පිට කිරීමටත්, පරිසරයේ වෙනත් ද්‍රව්‍ය ඇතුලුවීම වැලැක්වීමටත් හැකි ලෙස නිර්මාණය වී තිබෙනු ඇති.

ටයිටන් වායුගෝලයේ ඉතා බහුලව ඇති බවට සොයාගෙන ඇති acrylonitrile (C3H3N) නම් හයිඩ්‍රෝකාබන් අණුව, මේ ආකාරයට මීතේන් පාදක සෛලපටලයකට ඉතාමත් සුදුසු බව පර්යේෂණවලින් හෙලිවී තිබෙනවා.

Dragonfly mission to Titan, 2024-2025

ටයිටන් මත මීතෙන් පාදක ජීවයට හිතකර සාධක ඇතිදැයි සොයාබැලීම සඳහා ඩ්‍රැගන්ෆ්ලයි ලෙස හැඳින්වෙන ඩ්‍රෝන් යානයක් ලෙස ක්‍රියාකරන රොබෝ ගවේෂකයෙකු යැවීමට සැලසුම් සකස්කෙරෙමින් තිබෙනවා. 2024-2025 කාළයේදී පිටත්කරවීමට සැලසුම් කරඇති මේ ගවේෂන යානය මගින් ටයිටන් මතුපිට ස්ථාන කිහිපයකට ගොඩබැස සාම්පල එකතුකරගෙන විශ්ලේෂණය කිරීමට සැලසුම් සකස්කරමින් තිබෙනවා.

විද්‍යා ගවේෂණ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල