අධ්‍යාපනික, සංචාරක හා ඡායාරුප

බැංකොක් බලා

0

ගුවන් ගත වූ හැටි

එදා වැහිබර දවසක්. ගුවන් යානය කටුනායකින් තායි බලා පිටත්වෙන්න තියුනේ රෑ 10ට විතර. මං ස්ටේශමට ඇවිත් කෝච්චියට නැග්ගා. නැගලා කටුණායක දකුණ ස්ටේශමෙන් බැස්සා. බහිද්දි රෑ වෙලා. පොඩි පොදකුත් තිබුනා. පොදේම දුවල ගිහින් කටුනායක ස්ටෑන්ඩ් එකට යන බස් එකකට ගොඩ වුනා. එතනට ගියාම වැස්ස පෑව්වේ නැහැ. අමාරුවෙන් කඩේකට ගිහින් රයිස් එකක් ඕඩර් කලා. රයිස් එක ගැම්මට තිබුනා. ප්ලේන් එකට නගින්න කලින් කාල බීල යන එක හොදයි. මොකද මම කෑම බුක් කලේ නැහැ. ඒකත් එක්තරා ගොංකමක් වෙලාවකට. බජට් උනත් කෑම ටිකක් ඇනවුම් කරන්න පුලුවන් නම් හොදයි.

කාල ඉවරවෙලා කඩෙන් එලියට එද්දිත් හිරිකඩ. ඔය එක්ක ගියොත් එයාපොට් එකට යද්දි ලෙසටම තෙමෙනෙවා. ටිකක් එලියට බැහැල වටපිට බලද්දි නිකමට ඌබර් චෙක් කලා. ඉතින් බැලින්නම් බර ගානක් වෙනවා එයාපොට් ඩ්‍රොප් කරන්න. සමහර විට අමතර ටැක්ස් චාජ් එයාපෝට එකට වදිනවාද දන් නැහැ. ඉතින් ඒ ගමන ටිකක් කැරකි කැරකි ඉද්දි ඩීසල් ත්‍රිවිලර් එකක් ආවා. හරි මල්ලි මගට වත් දාන්නම් කියලා පොර කිව්වා. ඉතින් මගට මොකෑ මිනිහ මාව කෙලින්ම ඇතුලටම දැම්මා. ත්‍රිවිලර් එක නිසා පොඩ්ඩක් විතර සයිඩ් එකෙන් සෙට් කරලා මාව ඇතුලට ඩ්‍රොප් කලා. මිනිහට මම සීයක්ම දුන්නා හොද මිනිහා නෙව. වෙන එකෙක් න්ම දුර ටික වුනාට අදිනවා සැර ගානක් වැස්සත් නිසා සහ රෑ නිසා සහ ගුවන් තොටුපල නිසා. එයාපෝට් එකේ ඉස්සරහ එරයිවල් ඩිපාචර් සෙට්ටර් එකට ත්‍රිවිලර් බැහැ. ඒත් පොර දක්සයා කොහොම හරි මාව ඇරලුවා.

එයාපෝට් නාට්ටි

එයාපොට් කියන්නේ ම එක්තරා ඩ්‍රාමා එකක්. ටිකක් වෙලා ඉන්න උනා. එයාඒෂියා උනගේ හැටියක්මද මන්දා එකම ටයිම් වලට තමයි උන් ෆ්ලයිට් දාගන්නේ. ලංකාවෙන් මැලේසියා යන්නෙත්, බැංකොක් යන්නෙත් එයා ඒෂියා ෆ්ලයිට් දෙකම එක ලග වැටෙනවා. ඉතින් පොලවේ ඉන්නේ එකම ස්ටාෆ් එක. එකේ වාසියක් තියේද දන් නෑ. මේ වැඩේම එද්දිත් වුනා . දොන් මුවන් එයා පෝට් එකේ එයා ඒෂියා ඉන්ටනැෂනල් ඩිපාචර තුනක් රෑ 8.30ට විතර තියෙනවා. එතකොට එලියේ මගීන් පොදි පොදි ඉන්නවා චෙකින් වෙන්න.

ඒ ඉන්න අතරේ දැක්කා ලංකාවේ එයාපෝට් එකේ බුවෙක් සුද්දෙක් ගෙන් බැනුම් අහනව ලැල්ල පතුරු යන්න. සුද්දා යං ශ්‍රී ලංකන් ලෙඩ් කෙනෙක් එක්කයි උන්නේ. මොකක්දෝ ෆ්ලයිට් වැරදිමක්ද මන්දා කේස් එකකදි අපේ එයාපෝට් ස්ටාෆ් බුවෙක් අර පොරට හිනා වෙලා. ඒකට සුද්දට මල පැනලා. කවුරු හරිද වැරදිද දන් නැහැ. ඒත් අපේ එයාපොට් එක පරණයි. තාම අලුත් වලා නැහැ.

ඉන්න මිනිස්සු, ඉන්න අයගේ ආකල්ප විතරක් නෙමෙයි සමහර එයාපොට් ඉන්න අයගේ යුනිෆෝම් පවා පරණ වෙලා. ඒවෑ කිසිම ලල් එකක් නැහැ. සාපේක්ශව තායිලන්ත දෙවනි එයාපොට් එක වුනු දොන් මුවාන් එක එක්ක බලද්දිත් අපේ එක ටිකක් ෆේල් ගතියක් තිබුනා.

පණ්ඩිත කෙල්ල

දැන් කාලේ වෙබ් චෙකින් නේ තියෙන්නේ. ඉතින් වෙබ් චෙකින් වලදි එයා ඒසියා වල අර බෝඩින් පාස් එක ගන්න වෙන්නේ දවස් 7කට කලින්. ඒ නිසා මට තිබුනේ යන බොඩ්න් පාස් එක විතරයි. මොකද මම තායි වල දවස් 10ක් ඉන්නවා. ඉතින් මේ කතාව අපේ ලංකාවේ ග්‍රවුනඩ් ස්ටා්ෆ් කෙල්ලෙක් විස්වාස කලේ නැහැ. ඒ ගමන මගේ පරණ බුක් කරපු මේල් එක පෙන්වල තමයි යාන්තන් ඇතුලට ගියේ. කිලෝ හත හරියටම තියුනා. නිකං බෑක් එක හරියටම කිරලා ගත්තා වගේ. මම හිතනනේ දැන් න්ම හෑන් ලැගේජ් වල ඊට වඩා බර ගෙනියනවා. සමහර මහ පෙට්ටි ලොවෙත් හෑන් ලැගේජ් බරට වඩා වැඩියිකියලා තමයි පේන්නේ.

ගුවන් යානාව

ගුවන් යානාවේ ලංකාවේ ඉදන් තායි යන පිරිසකුත් උන්නා. ඒ වගේම ලංකාව බලලා ඉවර වෙලා තායි රටත් බලන්න යන යුරෝප් පෙනුමැති සංචාරකයොත් උන්නා. එක කෙල්ලෙක් ලංකාවේ මාසයක් විතර ඇවිදලා තිබුනා. ඒ සුදු කෙල්ල ලංකාවේ මිනිස්සුන් ගැන හොද කිව්වා. ලංකාවේ ආගන්තුක සත්කාර සංචාරයට පහසුව ගැන වර්ණනා කලා. අනික් ලග හිටි කෙල්ලත් ඒකට පෝර දැම්මා. සුද්දෝ වුනත් කතා කරද්දි මහ කඨෝර සද්දේ. ඒ නිසා හරියට නින්ද ගියෙත් නැහැ ඒ සුදු ඒසියො දෙන්නගේ සද්දේ නිසා.

පංන්දර දොන් මුවන්

ප්ලේන් එක බාද්දි පාන්දර තුන හමාරයි. සිං සිං ගාල එයාපෝට් එකෙන් එලියට එන්න ලැබුනා වැඩිය කට්ටිය උන්නේ නැහැ. ඒ වෙලාව ටිකක් පාලුයි වගේ.

සිම් ගන්න ගෑනි

මම සිම් එකක් ගත්තා. තායි සිම් එකක්. තායි ටෘ මොබයිල් තමයි මම ගත් සිම් එක. මම දකුනු ට්‍රෑන් කෙළවර සිට බටහිර ලාඔස් මායිමේ නොන්කායි දක්වා ගියා. ඒ කාලේ තුල මට සිම් එක මාර පොරෝජන් වුනා. අපරාදේ පස්සේ නේ දැක්කේ. තායි එයා ඒසියා ෆ්ලයිට් එකේ කාඩ් එකක් තිබිලා ගිගා පහක් එක්ක සිම් එක බාත් සියට ගන්න හැකිය කියලා.එ ්ක එනකොට දැක්කේ. මගෙන් අර ටෘෘ මොබයිල් එකේ එයාපෝට් හිටි කෙල්ල දවස් කීයද ඇහුවා. දවස් කීයද ඇහුවා ඉංගිරිසියෙන් මම ටෙන් ඩේස් ය කිව්වා. ඒ ගමන මෙන්න ඒකි මට එක සිම් එකක් පෙන්වලා ඒක බාත් 350ක්ය ගිගා බයිට් 15ක් තියනවාය කිව්වා. ගෑනුනේ ඉතින් අපි හොයන් බලන් නැතුව ඇලෙනවා නේ. මම අහුවුනා. ඇත්තටම ගිගා 5ක් වත් යූස් වුන් නැහැ යූ ටියුබ් ඔක්කොම බලලත්.

ගත්ත සිම් එක

එයාපෝට් එකේ තව සිම් විකුනන තැන් තිබුනා. ටිකක් කැරකිල බැලුවනම් බාත් 100කට ගිගා 5-6ක පැක් එකක් අරන් සේප් වෙන්න තිබුනා. ඒ නැතත් බැංකොක් වල ලොකු මෝල් වල තියෙන ෂොප්ස් වලිනුත් මේ සිම් එක ගත හැකි.

තායි බාත් කොහෙන්ද මට?

මුලින්ම සිම් එකක් ගත්ත නම් කොහෙන්ද මට සල්ලි කියලා කෙනෙක්ට හිතන්න පුලුවන්. මම තායි බාත් කොටුවෙන් අරන් ගියා. මට මතක විදියට රුපියල් 5.75කට තායි බාත් එකක් ගන්න මට පුලුවන් වුනා. ලොකු අලාබයක් නැහැ. ඒ නැතත් ගිය තැනම වගේ ඒ ටී එම් මැෂින් සෙට් එකක්ම තියෙනවා. සල්ලි මාරුකරගන්න ඕනි නැහැ. ඕනි ගාන ගහලා ඒ ටී එම් එකෙන් ඇදගන්න පුලුවන්. මතක ඇතුව ලංකාවෙන් යද්දි ඒ ඒ ලංකාවේ බැංකු දැනුව්ත් කරලා යන්න රට යනවාය කියලා. සමහර බැංකු වලින් රටදි සල්ලි අදින්න බැහැ දැනුම් දීලා නැත්නම්. මම හිතන්නේ ලේසිම පාසුම වැඩේ තමයි එහෙම ඒ ටී එම් වලින් අදින එක. නීතිමය විදියට නම් තාය ිබාත් ගෙනියන් බැහැ. අපි ඇමරිකන් ඩොලර ගෙනියලා පස්සේ බාත් වලට මාරු කරගන්න ඕනි. ඒක වාසිලු. ඒත් වාසියි කියලා අපි බාත් ලක්ස ගනන් ගෙනියන් නැහැ නේ. පොඩි ගානක් ඒ කිව්වේ බාත් විසිදාහට අඩු නම් මෙහෙන් මාරුකරන් හෝ එහෙ ඒටීඑම්වලින් අදින එක වාසියි.

ඒටීඑම්වලදි එක ට්‍රාන්සැක්සන් එකකට බාත් 240ක් කැපෙනවා. ඒ වගේම සමහර ඒ ටී එම් වලින් බාත් 3000කට වඩා අදින්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒවා කල්පනා කරලා බලලා අපි වියදම් කරන්න ඉන්න ගානට සරිලන්න ගානක් අදින එක වටිනවා. බජට් එක හදාගනිද්දි අපි බලන්න කරන්න යන්න ඉන්න දේවල් ගැන සලකා බලලා දවසට මේ වගේ ගානක් ඇතිය කියලා දවස් ගාන අනුව බලලා ටිකක් ඒ ආසන්න ගානක් ගත්ත නම් හරි කියලයි මට හිතෙන්නේ.

කෝච්චිය 1

දොන් මුවන් එයාපෝට එක ගැන මම කලින් කියවලා ගියේ. මම ඒත් හිතන් හිටියේ එලියට බැස්ස ගමන්ම බස් තියේය කියලා. පාන්දර නේ බස් නැහැ. මට මතක විදියට බස් පටන් ගන්නේ උදේ 5 පහුවෙලා .ඉතින් පෑ දෙකක් විතර තියේ එලි වෙන්න. ඒ ගමන හෙමීට මම දොන් මුවන් දුම්රිය පොල හොයන්න ගත්තා. පොතේ හැටියට දොන් මුවන් දුම්රිය පොල අහල පහලමයි තියෙන්නේ. අහ් ඈතින් පේනවා දුම්රිය පොල. ඒත් යන්න විදියක් නැහැ. වංකගිරියක වගේ හයිවේ සහ පාරවල්. නිදිකිරාවැටෙන සික්කා අංකලෙක් දෙයියෙක් වගේ උන්නා. පොරෙගෙන් ඇහුවා. අහලා ගියා උඩ තට්ටුවට. හද් දෙයියනේ ඒත් නැහැ නේ යන්න තැනක්. අවසානේ උඩ තට්ටුවේ ඉදි අක්ක කෙනෙක්ගෙනුත් අහලා කෝචචි ස්ටේෂමට කෙලින්ම සෙට් වෙන මගී ගුවන් පාලම සොයාගත්තා. සොයාගෙන දුම්රියපොලට ගියා.

මම මුලින්ම යන්න අදහස් කරගත්තේ බැංකොක් සිට ට්‍රාන්ග් වලට. ඇත්තටම මේ කෝච්චි ස්ටේශමෙන් කෙලින්ම ට්‍රාන්ග් වලට ටිකැට් එකක් ගන්න පුලුවන් නම් ආයේ බැංකොක් මේන් ස්ටේශන් එකේ වාත වෙන්න දෙයක් නැහැ මට බැංකොක් යන්න ඕනිත් නැහැ. ඒත් ඒ ස්ටේශමේ හිටි බුවාට හරියට මම කියපු දේ තේරුන් නැතුවද මන්දා මට බැංකොක් වලට ටිකට් එකක් දික් කලා. තාම පාන්දර මොකුත් අවුලක් නැති නිසා මම දොන් මුවන් ස්ටේශමේ ඉදලා බැංකොක් වලට ටිකැට් එක ගත්තා බාත් 10 යි.

ඒ කෝචචිය ඇවිල්ලා චියං මායි ඉදලා එන කෝච්චියක්. නෝත් විතරක් නෙමෙයි නෝත් ඊස්ට් පලාතට යන කෝච්චියත් දොන් මුවන් හරහා යනවා. කෝචචිය කියන්නේ දොන් මුවන් ගුවන් තොට ඉදලා ටවුමට එන්න තියෙන ලාබම විදියක්. බාත් 10යි. අනික පැයක් යද්දි හරියටම ටවුමේ. ඊලගට ලාබම බස් එක. ඊටත් පසසේ චටුචක් වීකෙන්ඩ් මාකට් හෝ මෝචිට් බස් ස්ටේශන් කියන දොන් මුවන් ගුවන් තොටට ආසන්නතම තැන් දෙකට ටැක්සියක එනෝ නම් බාත් 200ක් විතර. ටැක්සියක දොන් මුවන් යනෝ නම් හෝ එනවා නම් අනිවා ඩෙෆා හයිවේ එක පාවිච්චි කරන්න. එයාපෝට් හයිවේ එක නිසා කාලේ ඉතුරු වෙනවා ගොඩක්.

ස්ටේශම

බැංකොක් කියන්නේ ලොකු නගරයක්. ඒකේ තියෙන මූලිකම දුම්රිය ස්ථානය තමයි හුවා ලම්පෝන්. මේක කියවන විදිය නම් සුවර් නැහැ. මම ඒකට එද්දි යාන්තම් එලිය වැටෙනවා. හුජ්ජ බර රිලිස් කරගන්න වැසිකිලිය ගාවට ගියාම එතන ටිකට් කඩන්නේ අක්ක කෙනෙක්.

කරුණාවන්ත ටිකැට් අක්කා

අහ් තවපොඩ්ඩෙන් කියන්න මතක නැතිවෙනවා. මම වැසිකිලි දිහාට යන්න කලින් මම යන දකුණු දිග නගරය වන ට්‍රාන්ග් වලට ටිකට් ගන්න ඕනි වුනා. මම යන්නේ ට්‍රාන්ග් පලාතට ට්‍රාන්ග් දකුණු තායි වල තියෙන පොඩි සිටි එකක්. ඒකට කෝචචි දෙකක් යනවා. එයින් එකක් තමයි මම බුක් කරන්නේ. ඒ කෝච්චි ටිකට් එකක් බුක් කරගත්තාට කෝච්චි දෙක යන්නේ හවස් වෙලා. මුළු රැයක් පුරා කිලෝමීටර 800ක් ගෙවලා තමයි ට්‍රාන්ග් වලින් දුම්රිය මතු වෙන්නේ. මේ තායිලන්තයේ රේල් ටිකට් කලින්ම ඔන්ලයින් බුක් කරගත හැකි.එ ්ත්මොකද්ද කරුමෙකට මම මේකට කැමති වුනේ නැහැ. නැත්තං දෙයියනේ කියලා නිකං සීට් උඩ නිදිකිරන්නේ නැතුව බර්ත් එක්ක බුක් කරගත්ත නම් හොදට නින්දක් දාගෙන ඇලවෙලා හීනයක් බල බලා යන එක නේ.

තායි ප්‍රධාන දුම්රිය නැවතුම ඇතුලත

ටිකට් ගන්න ගියාම බර්ත් ඉවරයි. සිට් තියෙනවා ඕකේද කියලා මගෙන් දෙපාරක් ඇහුවා. ඒ කියන්නේ නයිට් ට්‍රේන් එක්ක සීට් කියන්නේ කට්ටක් නිසා කවුන්ටෙරෙන් දෙපාරක්ම ඇහුවා. මම ඔලුව වැනුවා හා යන අදහසින්. හරිනම් මෙතන ඊලගට වෙන්නේ පාස්පොට් එක ඉල්ලන එක. ඒත් ඒ කරුණාවන්ත කවුන්ටර අක්කි බබා මට එයා ටයිප් කරන යතුරු පුවරුව දුන්නා. මම මගේ නම ටයිප් කලා. බාත් දාහේ පටියක් දික් කරලා බාත් 461ක් ගෙවලා දැම්මා.

සල්ලි මාරු කරගැනීම

අහ් මට කොයින්ද තායි බාත්. තායි බාත් ක්‍රම තුනකට ගන්න පුලුවන් එකක් ලංකාවෙන් ඒජන්තයෙක් මාර්ගෙන් ඩොලර් අරගෙන ඩොලර් වලින් පස්සේ බාත් වලට මාරරුකරගන්නවා. මේක අනුමත ක්‍රමය. ඒත් මෙතනදි ලංකාවේ බැංකුවෙලින් සල්ලි මාරු කලත් තායි බැංකුවලින් විදෙස් මුදල් මාරුකලත් ටික්ක අලාබයි. මාකට් එකේ ලංකාවේ කොටුවේ වගේ බැංකොක් සුපර්රිච් කියන නෙට්වර්ක් එක ඇතුලු තැන්වල සල්ලි මාරු කරනවා. ඒත් එකම අවුල ඔය තැන් වලට යන්න එපැයි සල්ලි මාරුකරගන්න. මගේ නම් අදහස ලේසීම වැඩේ මෙහෙ බැංකුවට දන්වලා ගිහින් කාඩ් එකෙන් සල්ලි අදින එක. මෙතනදි අමතර ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම තියේ නම් ඒකත් අරන් යන එක වටිනවා. මොකද එක කාඩ් එකක් වැඩ නොකලොත් කේස් නේ. ලංකාවෙන් බැංකුවට දන්වලා ගියාම වරක් සල්ලි ගනිද්දි තායි බාත් 240ක් අපෙන් කපා ගන්නවා. ඒත් තායි බාත් 10,000ක් වගේ මාරු කරගනිද්දි වැඩේ ලොකු කේස් එකක් නැහැ. පොඩි ගානය් චාජ් වෙන්නේ.

බර නිදහස් කරන තැන අක්කා

තායි වලදි හුවා ලම්පෝන් දුම්රිය නැවතුමේ පිරිමි ටොයිලට් එකේ හිටියෙත් අක්කා කෙනෙක්. ගෑනුන්ට ලංකාවට වඩා තැනක් තායි වල තියෙනවා. ඒ කියන්නේ ගෑනු නොකරන තොවියලයක් නැහැ. හැම තැනම ගෑනු පිරිමි බේදයක් නැතුව වැඩ. මේ වැසිකිලියට ගිහිල්ලා දෙපාරක් හොල්ලලා එලියට එද්දි මෙන්න දකිනවා බාත්රූම් වගයක්. මිනිස්සු නානවා එහෙම. ඒ ගමන මම හිමීට ලයින් කලා ඒ පැත්තට. ආයේ ටොයිලට් මුර අක්කි ගාවට ගිහින් බාත් දහයක් දීලා නාන්න වරම් ගත්තා. වරම් ගත්තට සබන් තියේයැ, ටූත්පේස් තියේයැ, ටූත්බස් වත් තියේයැ. මගේ පැකින් වල තියෙන සුපිරි කම නිසා ඒ තුනම මම අක්කිගෙන් සල්ලි දීලා ගත්තා. බාත් විස්සක් තිහක් යන්න ඇති. ඒත් රට වටේ ගිහින් ඕවා හොයනවාට වඩා ඒ ටොයිලට් සල්ලි ගන්න අක්කි ගාවම එවා තිබුන එක නම් මාර චාන්ස් එකක්.

බාත්රූම් හොදට සොලිඩ්වට පිරිසිදුවට තිබුනා. මම ගිහින් බෑග් එක කොක්කක එල්ලුවා එල්ලලා හොදට නාලා කියලා ඇගත් පිහිදාගෙන ආවා. සාමාන්‍යෙයන් මම සිරිතක් විදියට උදේට නානවා. ඒ නිසා නාන්න තිබ්බ එක හොදට ගියා.

තූ නොදකින් කැන්ටින් කෑම

හුවා ලම්පොන් ස්ටේෂම එලියේ මැද කොටසක් තියේ. ඒකේ පුටු ගොඩක් දාල තියේ කොන්සට් එකක් බලන සෙට් එකක් වගේ මිනිස්සුත් වාඩිවෙලා ඉන්නවා. මෙතන මාත් ගිහින් වාඩිවෙලා නාල ටිකක් උන්නා විවේක සුවයෙන් ඔන්න ඊට පස්සේ ටිකක් එහ පැත්තේ කැන්ටිමක්පෙන්නුම ්කරනවා. කැන්ටිම මරු. මුලින්ම කූපොන් ගන්න ඕනි. කූපොන් ගත්තාම කූපොන් ටික දිල තමයි කෑම ගන්න ඕනි. මම ඉතින උදේට බත් මාලුපිනි ගන ඩෑලෙක නෙව. ඒ නිසා ගත්තා බත් එකක්. සහ වතුර. අම්මොහ්. කටේ තියන්න බැහැ මොකද්ද අපුල රහක් එනවා. කෑම නරක් වෙලා නැහැ ඒත් රහ නැහැ. මුලු තායි ගමනේ කාපු සවුත්තුම අජූතම රස නැතිම කෑම කෑම වේල ඒක. වැඩේ කියන්නේ ඒක .තමා මුල්ම කෑම වේල. දැන් ඉතින් ටිකටුත් හරි උදේ කෑමත් හරි ඊලගට මොකැ.

මෙට්‍රො එක

දවසක්ම තියෙනවා. මේ දවස තුල තායිලන්තයේ තියෙන මිනිස්සු දහස් ගානක් වදින පුදන වෙහෙර විහාරස්ථාන බලන්නට තිබුනා. කෝ ඉතින් බැලුවයැ, නැහැ නෙ. මට ඒවා බලන්න කිසි ලල් එකක් ආවේ නැහැ. ඒ පාර ගූගලාගෙන් බැලුවා බැංකාපි තියෙන හරිය. බැංකාපි බැලුවේ මගේ ගෝ ප්‍රෝ එකට ඇක්සසරිස් ටිකක් ගන්න. බැංකාපි වල තමයි සිරාම ගෝ ප්‍රෝ ඇක්සසරිස් තියනවා කියලා දැක්කේ. ඒත් පස්සේ දැක්කා බැංකාපි වල මිල අඩුයි ගොඩක් දේවල්. මසා පවා. ඒ නිසා බැංකාපි අදින්න හිතුවා.

බැංකාපි ගමන

තායි බැංකොක් වල නිල්පාට අන්ඩග්‍රවුන්ඩ් මෙට්‍රො එකක් තමයි හුවා ලම්පොන් රේල්වේ ස්ටේශන් එකට කනෙක්ට් වෙන්නේ. ඒක පොලව යටින් යන නිසා මෙලෝ ලබ්බක දෙයක් යද්දි අවට පේන් නැහැ. මම ගිහින් සුටිසාන් කියන ස්ටේශමෙන් බැස්සා. බැහැල ටිකක් වටේ කැරකිලා බැලුවා. ගූගල මැප් එක අනුව යන්න ඕනි පාරෙන් එහා පැත්තට. හම්බෝ පාරවල් අපේ හයිවේ වගේ ලේන් තුනේ පාරවල්. දිල්ලියේදි දැක්කට පස්සේ ඔහොම පාරවල් දැක්කම ද මන්දා. පාර මාරුවෙන්න කලින් කෑම කඩ වගයක් තිබුනා. ස්ට්‍රිට් ෆුඩ් හැබැයි පිරිසිදුවට තියෙනවා කියල පෙනුනේ. මේවා ගැන අදහසත් නැතිවුනා පාන්දර කාපු සාටර කෑම එක නිසා. පලතුරු අනන් මනන් දිහා ටිකක් බලාගෙන පාර පැන්නා.

පාර පැන්න කිව්ටව ඉතින් අර උඩ පාලමෙන් මාරු වුනා.මෙන්න මාරුවුනා විතරයි එතන ත් වෙලෙන්දෙක් බුවා ගාව තිබුනා කජු. රටකජු. රටකජු අපි කන ඒවාට වඩා ලොකුයි. කජු එකක් ගත්තා බාත් 17යි. මම හිමීට දැන් ලග තිබුන බස් හෝල්ට් එකට ගියා. බැංකාපි යන බස් එකේ නො එක ගූගල් මැප් පෙන්නනවා. ඒක කන්ෆර්ම් කරගන්න මම ආයේ ගිහින් ටොක් කලා කජු වෙලෙන්දාව. අනේ බුවා පට්ට කරුනාවන්ත මනුස්සයෙක් නෙව. මිනිහා මට කෑම හදන්න ගන්න ලීක්ස් කොලේක බස් තුනේ නොම්මර ලියා දුන්නා.

මම ඒක බලාගෙන ආයේ වාඩිවෙලා කජු කන්න ගත්තා. දැන් එලිවෙල රස්නේ ගලන වෙලාව. ඒ පාර ඒක කාල ඉවරවෙල බස් එකට නැග්ගා.

මුල්ම බස් ගමන

ඒ උදේ පාන්දර ලංකාවේ වගේම ට්‍රැෆික් පටන් ගන්න ජාමේ හතයි ගාන්ට වගේ. ඒ වුනාට බස් එකේ කලබල නැහැ. බස් එක ඇතුලේ ඉදියේ කොන්දොස්තර අම්මා කෙනෙක්. අම්මා බොහොම කරුණාවන්ත කෙනෙක්. මට ටිකට් එකක් දීලා වාඩිවෙන්න කිව්වා. එයා බහින තැන කියන්නම් කියලාත් කිව්වා. ඔන්න බස් එකෙන් බහින්න ඉන්නවා පොඩි ළමෙයෙක් සහ අම්මා කෙනෙක්. දැන් අර ගමන් මලු ටික් අරන් අම්මා බහිනවා සිගිති දියණිය අතින් අල්ලන් බස්සවන්නේ කොන්දොස්තර අම්මා විසින්. දරුවාත් අම්මා ලග ඉන්නවා වගේම කලබලයක් නැතුව බැහැලාබස් හෝල්ට් එකට වුනා. ඉන් පස්සෙයි බස් එක යන්න පටන් ගත්තේ. බැංකොක් ගමන පුරාවට මම දැක්ක දෙයක් තමයි. අපි වගේ එක මවකගේ දරු කැල බැවිනා කියාල ඒ ගොල්ලත් ඉගෙන ගෙනද මන්දා පොඩි දරුවන්ට හැමෝම ආදරෙයි.නිකං බබාගේ නිකටින් අල්ලලා හොල්ලලා බොරු පැනි හිනාවක් දානවා නෙමෙයි. දරුවන්ට විශේෂයෙන් සලකන්න මිනිස්සු කැමැත්තෙන් ඉන්නවා කියලා මට හිතුනේ.

අන්සතු දිනපොත

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල