අතීතකාමය, අධ්‍යාපනික, සංගීතය

හනික වරෙව්…

Off

ජැක්සන් ඇන්තනිගෙ අනිත් භූමිකා ගැන ඒ හැටි පැහැදීමක් නැති වුනත්, ජැක්සන් ඇන්තනි කියන නළුවාටයි ගායකයාටයි මං හරිම ආසයි. රඟ පෑවොත් එකක් ආයෙ කියන්න දෙයක් නෑ. එයා රඟපාපු වේදිකා නාට්‍ය අතරින් ‘බෙර හඬ’ නාට්‍යය නම් මට මගේ ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් මං කවදාවත් මේ නාට්‍යය වේදිකා ගත වෙනවා බලන්න ගිහින් නෑ. ඒ උනාට මට මතකයි අපි පුංචි කාලෙ ඒක කොටස් වශයෙන් ජාතික රූපවාහිනියෙන් පෙන්නුවා, කිහිප සැරයක්ම. මං ‘බෙර හඬ’ නාට්‍යය බැලුවෙ එහෙම. මමයි අම්මයි ඕක වැරැද්දුවෙම නෑ. අපි දෙන්නා ඒක බැලුවෙ පණ යනකම් හිනා වෙවී. ඒ කාලෙ කෙට්ටුවට හිටිය ජැක්සන් ඇන්තනි, අර කෝටු අත පය දික් කර, කර නටනවා දැක්කම හිනා යනවා.

මං මේකෙ පුංචි හරි වීඩියෝ කෑල්ලක් තියෙනවද කියලා සෑහෙන්න හෙව්වා. නිතරම මතුවුනේ රොඩ්නි වර්ණකුලගෙ වර්ශන් එක. රොඩ්ඩත් හොඳට කියනවා උනාට ජැක්සන් ඇන්තනි වර්ශන් එක උපරිමයටම රස විඳපු මට, ඒක එච්චර දිරෙව්වෙ නෑ. මට ජැක්සන්ගෙ වර්ශන් එක පට්ට නැචුරල්. අන්තිමේදි හම්බ වුනා ඒ පරණ වර්ශන් එකේ එක සිංදුවක් විතරක්.

ඒ කාලෙ මට මේ නාට්‍යයේ සිංදු කට පාඩම්. ඒ උනාට දැන් නම් වැඩිය මතක පහළ තියෙන සිංදුව විතරයි. මේ පරණ එකේ රොඩ්ඩත් යක් පුතෙකුට රඟපානවද මන්දා. මූණු අඳුනන්න බෑනෙ. අපි යක්කු අඳුනනවායැ.

බලන්නකො ඔයාලටත් රස විඳින්න පුළුවන්ද කියලා.

මෙන්න සිංදුව:

හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්.. යකෝ
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්…

වැඩේ අමාරුත් නැතේ… තෑගි ටිකත් අපි අතේ…
රත්තරනින් ගෙවන්නේ… හිරු දෙවියොයි කියන්නේ…

මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්.. යකෝ
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්…
හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්

සාදු සාදු කියල්ලා… ප්‍රීති ගෝසා කරල්ලා…
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ… කන්ද උඩින් වරෙල්ලා…
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ… කන්ද යටින් වරෙල්ලා…

හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා සොයල්ලා…
ලෝකෙ වටේ ගොහිල්ලා… හරක් හොරා සොයල්ලා…
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා සොයල්ලා…
වනන්තරේ සොයාපියෝ… ගල් අරඹේ සොයාපියෝ…
මරු කතරේ සොයාපියෝ… මිනිස් වාසෙ සොයාපියෝ…
කඳු මුදුනේ ගං ඉවුරේ වනන්තරේ සොයාපියෝ…

හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි අපිට දෙවියො බලාපියෝ…
රන් අබරණ පැළඳගත්ත… මහ පොළවේ රන් වපුරන…
හිරු දෙවියෝ බලාපියෝ…
හරක් හොරා හොයාගන්න සියළු දෙවියෝ පිහිට වෙයෝ
හරක් හොරා හොයාගන්න සියළු දෙවියෝ පිහිට වෙයෝ…

ඒ වගේම මේකෙ හිරු දෙවියන්ට රඟපාන ගාමිණී සමරකෝන් තවම ජීවතුන් අතර ඉන්නවද ? තවමත් රඟපානවද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද ? බොහොම ස්තුතියි. මට මතකයි අපේ මාමා කෙනෙක් වැඩ කරපු ඉස්කෝලෙක එයාත් ගුරුවරයෙක් විදියට වැඩ කළා ගොඩක් ඉස්සර. එතකොටත් රඟපානවා. ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයත් මතක් වුනා එහෙම කියනකොට. යූ. ආරියවිමල් එක්ක ‘සෝබාව දේ’ සිංදුවට ඉස්සෙල්ලම රඟපෑවෙ ගාමිණී සමරකෝන්. ඒ කාලෙ තමයි මං ඒ වේදිකා නාට්‍යය ශාලාවකට ගිහින් නැරඹුවේ. ඒකෙත් ජැක්සනුයි, රොඩ්ඩයි හිටියද කොහෙද. රොඩ්ඩා ‘අරක ගෙනෙන් චූන් චෑං’ සිංදුව කියනවා මතකයි. ජැක්සන් ‘යාළුවෝ… මාළුවෝ…’ සිංදුව කියනවා මතකයි. මට මතකයි ජැකා කොහේදි හරි කියලා තිබුනා එයා ‘තාරාවෝ…’ රඟපෑවෙ කැම්පස් යන කාලෙ කියලා.

ප:ලි: බෙර හඬ බලනවා නම් පේන විදියට ඔරිජිනල් එකද කොහෙද ඔක්කොම කොටස් මෙන්න මේ යූ ටියුබ් චැනල් එකේ තියෙනවා. ඒකෙ ග්‍රැන්විල් රොඩ්‍රිගෝ ඉන්නවා.

Miyuruworld

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල