සඳැස් / නිසඳැස්

දේව දරුවා

0

පූදින්න තිබු කෙහෙල්ගහ
පා පහරකින් බිම හෙලා
මහ දවලේ පැන ගියා යකු
බෝ ගහේ අතු සිද දමා

ආරංචියක් ලැබුණු විගසම
සරදියෙල් ආවත් මෙහි
උන්දැ පිල උඩ ඉඳන් හිටියා
පවන් රැල්ලට කන් දිදී

කදිරා ඇවිදින් හවස් වරුවක
සපුමලී උඹ හොඳ එකී
බය නොවී ඉඳහන් නඟා
කිව්වා රෑ තරු දෙස බලා

ගමේ චණ්ඩියා උනත් මහතුවා
ඌට රෑටත් හයර් තිබුණා
මගේ දුක වගේමයි ඌ
කාගේ කාගේත් දුකම ඇහුවා

ගැහෙන ඉකිලන හදවතින්
ජීවිතේ පසුවදන හෙව්වා
අන්න එ් වගේ වේලාවලදී
දේව රුව මතකයට ආවා

කන්ද උඩ යාතිකා මඩුවේ
අන්න එ් වගේ රූපයක් තිබුණා
පිළිමයට නැහුණු හිතේ දුක
යදින කපුවගේ කණේ හැපුණා

මතුර මතුරා ගැහුව පොල්වල
අණ ගුණත් හිටි හැටියේ ලැබුණා
දේව පැටියගේ අප්පොච්චි වී
පැන ගියපු යක්දෙස් ගමට ආවා

ජීවිතේ යාත්‍රාව

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල