• සාහිත්‍ය කළා විචාර

    දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්

    Off

    මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ කියල තිබෙනවා මා වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං ප්‍රගතිශීලි ද කියල) රනිල්ට සහයෝගය දක්වනවා කියලා . ඒ කියන්නේ මෙහෙම දෙයක්. “3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික…

  • සාහිත්‍ය කළා විචාර

    දර්ගා නගරයේ අමිහිරි අත්දැකීම

    Off

    අලූත්ගම දර්ගා නගරයේ ගැටුමට තුඩුදුන් මහජන රැස්වීමේ දී බොදුබල සේනා නායකයාගේ කථාව මම ඇසුවෙමි. දල්වාලන ලද වර්ගාන්තර ආතතියක් සහිත වටාපිටාවක විශාල පරිමාණයේ ගැටුමක් සඳහා ඕනෑතරම් පෙළඹවීම් එම කතාවේ ගැබ්ව තිබුණි.

  • කාලීන සංවාද

    එදිරිවීර සරච්චන්ද්‍ර දෙපයින් සිටුවීම

    Off

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘ධර්මිෂ්ඨ සමාජය’ නමැති කෘතිය රචනා කරන්නේ ලංකාව නව ලිබරල් ධනවාදය වෙත ඇතුලූ වූ මුල් අවධියේය. මෙම කෘතිය හරහා සරච්චන්ද්‍ර විවෘත ආර්ථිකය ලෙස එකල හැඳින්වූ නව ලිබරල් ධනවාදය විසින් සමාජය තුළ ගොඩනගන හර පද්ධතීන් සහ වටිනාකම් පිලිබඳ තියුනු විවේචනයක් ඉදිරිපත් කරයි. ධනවාදී සමාජය තුළ සෑම දෙයක්ම වෙලඳ භාන්ඩ බවට පත්වන ආකාරයත්, මිනිසා වෙලඳ…

  • සාහිත්‍ය කළා විචාර

    ඩොලර් කාක්කෙක් ඔබ අමතයි….!!

    Off

    මේ ලියන්නේ පොඩි හදිස්සියකට. මගේ යාළුවෙක් ලැජ්ජාව හින්දා දිවි නහගන්න යනවා. මිනිහගේ අන්තිම කැමැත්ත මිනිහා ලියන මේ අවසන් පාපොච්චරණය මිනිස්සු අතරට ගෙනියන එකලු. මැරෙන්නෙ මිනිහගේ කැමැත්තෙන් හින්දා මට ඒකට කරන්න දෙයක් නෑ. ඒත් යාළු ෆිට් එක හින්දා මිනිහගේ ඉල්ලීම ඉෂ්ඨ කරලා දානවා. ඇත්තටම මිනිහා උනත් ඒ දවස්වලනං මේ වගේ බ්ලොග් පඩංගු සතේකට ගණන් ගත්තෙ නෑ….

  • සඳැස් / නිසඳැස්

    නියත මරණයට සුන්දරව මුහුණ දුන් සංජය – උදේනි සමන් කුමාර

    Off

    “නිම් වළල්ලෙන් එපිට සඳරැස් ගලන නිල් මිටියාවතේ නිහඬතාවය තුළින් මතුවී ඔබේ පා මුදු හඬ ඇසේ අහස් ගඟ බඩ හිමව් කුළුමත ඔබේ රන් මිණි විමානේ පහන් දල්වා තබනු මැන මා නිදන කුටියට පෙනෙන සේ….”

  • සාහිත්‍ය කළා විචාර

    රෝගය, විධායකය පමණමද? – Why only Executive Power?

    Off

    හැම එකාම පොදු අපේක්ෂකයෙක් ඉල්ලුවාට, එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක, කවුරුත් කතාවෙන්නේ නෑ. ඒ කියන්නේ මේ සිස්ටම් එකම කිසි අවුලක් නෑ, පුද්ගලයා වෙනස් කරාම ඇති කියන එක. මේ විධායක ජනාධිපති ක්‍රමය කරුමයක්ය කියලා කියන්න තව වචන නාස්ති කරන්න ඕන නෑ නේ. ජනාධිපති මේන්ටේන් කරන්න, බජට් එකෙන් වෙන් කරන ගාන බැලුවාම හොඳටෝම ඇති. කෙනෙක් පෙන්වලා…

  • කෙටි කථා

    සංයුක්ත මිනිස් සබඳතාවන්ගේ ප්‍රතිවිරෝධය

    Off

    ජයතිලක අන්කල් සංකීරණය- Jayathilaka Uncle Complex- (දෙවැනි කොටස) මෙම ලිපිය ලියන්නට හේතු වූ කාරණය මුලි දී සඳහන් කළ ආකාරයට හා ප්‍රවෘත්ති වාර්තාකරණයට අනුව, වැට් බදු වංචාව පිළිබඳ නඩුවේදී තීන්දුව ප්‍රකාශ කරමින් ජයතිලක මහතාට අවුරුදු 102 සිර දඬුවමක් වශයෙන් වූ සිරස්තලයෙන් මා තුල වූ කම්පනය නිසා බව සඳහන් කරන ලදී. එසේ වීමට හේතුව අවුරුදු 102 යනු…

  • කෙටි කථා

    ජයතිලක අන්කල් කම්ප්ලෙක්සය(Jayathilaka Uncle Complex- 1 කොටස)

    Off

    සුපුරුදු විවධ වෙබ් සයිට්වල පිවිස ලංකාවේ නිව්ස් කියවන්නට පටන් ගන්නා විට නෙත ගැටුනු සිරස්තලය විසින් මා කම්පනයට පත් කරන ලදි. වෙනත් ලිපියක් ලිවීම අවසන් කිරීමේ ඒකාග්‍රතාව බිඳ දමමින්, මෙතරම් නොනසන්සුන් කිරීමට ඇති හේතුව මා තුලම සොයන්නට උත්හාහ ගනිමි.

  • කාලීන සංවාද

    පොලීසියේ කනා මුට්ටි බිඳිම – Wow what a Brave Police

    Off

    අපේ ටාට්ටා ඊයේ ගෙදල ආවේ මාලම ආඩම්බරයෙන්මි. එයා එහෙම එන්නේ, කාගෙන් හලි ජලාවක් හලි, පගාවක් හලි හම්බ උනොත් වන්නෙමු. ඒම දවතත, අම්මාද ටාට්ටාට බනින්නේ නැති වන්නේමි. නැත්නම් හැමදාම කාගෙන් හලි පිනත බීලා ඇවිත්, මෙතන මළ කලදලේ කියා අම්මා කීවෙමු. තාත්තාගේ හදු ගඳ ගහන පොකත් ඔක්කෝම ඇවිත්තුවත්, තල්ලි තිබුනේ නැති නිසා, අම්මා කොක්ක ඇද්දේමි. තමුතේ තතයක්වත්…

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 20

    Off

    සර්පයා ඒකීය හුඹහට පක්ෂ වෙයි සර්පයාගේ ඉතිරිව තිබූ දෙකෙනුත් එකක් හැලිණි. මේ දෙකම මෙච්චර කාලයක් නිකං ඔහේ වැනි වැනි තිබුණේ මෙලෝ වැඩක් නැතිව ඉට්ටයිල් එකට නේදැයි සර්පයාට තේරෙන්නේ දැන්ය. සර්පයාට දැන් ඇත්තේ එකය . එකක් තියන කොට කෙතරම් පහසුදැයි සර්පයාට දැන් තේරේ. දැන් මාගේ මනස ඒකාත්මිකය. මාගේ සිතුවිලි ඒකීයය. මාගේ පෞරෂයද ඒකාබද්ධය. සර්පයා භාවනා කරන්නට…

  • සාහිත්‍ය කළා විචාර

    පින්සිරිගේ කොලු අන්දරය රටේ ප්‍රශ්ණයක්ද? STORY OF A GAY

    Off

    රස්සාවයි පරස්තාවයි පටලවා නොගත යුතු යැයි කියමනක් සමාජයේ ප්‍රචලිතව පවතී. පුළුල්ව ගත් කල, ගෙදර දෝරේ ප්‍රශ්ණ ‍රැකියා ස්ථානයට නොයා යුතු බවත්, ‍එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රශ්ණ ගෙදර ‍නොගෙනා යුතු බවත් එයින් ද්විකෝටිකව ගම්‍ය වේ.

  • සාහිත්‍ය කළා විචාර

    විනාඩි තුනෙන් හොරු ඇල්ලීම – Police and Thieves

    Off

    ජනාධිපති තුමා, සතර කෝරලේ මාලිගාවේ සිංහාසනේට වෙලා, දැයට කිරුළත් හිසේ දමාගෙන, සත්තරන් බෝලේ මිරික මිරිකා, වන්දිබට්ට්යන් එක්ක සාඛච්ඡා කොලේ, අද හවසට තියෙනා ඕපනින් ගැනය. එහෙම කතා කොර කොර ඉන්නා අතරේ, එකෙක් කිව්වේ, “සෑර්… ආන් අර මීගමුව අලි පාටියේ, රොල්ස් රොයිස්ද මොකෙක්ද කියලා එකෙක්, හෙන රොබරියක් දීලා මාට්ටු වෙලා….” කියලාය.

  • කාලීන සංවාද

    ලැප්ටොප් එක තුවායෙන් එතීම, දැන් හැදෙන ළමයි සහ ෆේස් බුක්

    Off

    අවුරුදු 3 වූ දෙවෙනි අයියගෙ පුතා, ලැප්ටොප් එකෙන් නොයෙක් ඒ වයසට හරියන අධ්‍යාපන සීඩී වල ඇති ක්‍රියාකාරකම් කරනවා මවුස් එකත් පාවිච්චි කරමින්. නමුත් මම ලැප්ටොප් එකක් ඇල්ලුවේ වෛද්‍යවිද්‍යාලයේ හතර වන වසරේදී මට අනුකම්පා කරල පිටරට සිටින මාමා සහ නැන්දා විසින් අරන් දුන්නු එකක්. ඒකත් දූවිලි නොවදින්න තුවායකින් එහෙම ඔතාගෙන තමයි බෑග් එකේ දාගෙන එහෙ මෙහෙ…

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 19

    Off

    හුඹහෙන් ඇදෙන සිතුවිලි හුඹහින් ඇදුනු මම හුඹහ දෙස ආපිට හැරී බැලීමි. වසර හතලිස් නවයක් පරණ මගේ හැව හුඹස් කටේ රැඳී තිබේ. මම ඒ ආරම්මණයට ගෙන එතැන සිට බවුන් වඩන්නට ගතිමි. බඩ ගානා කුර ගානා සියල්ලෝ මට සිනාසෙන්නට වන්හ. කුණ්ඩලිනී ශක්තිය එක්තැන් කර ගන්නට ගිය මට වූයේ හරිම හරි අකරතැබ්බයකි. වලිග කොනට වෙර දී නැගී සිටිනා…

  • කෙටි කථා

    මුණුබුරාගේ කොළම – 01

    Off

    නාකි ඉලන්දාරියා ”සීයා මගෙ වීරයා” මගේ සීයාට විනෝද අංශ රාශියක් තිබුනි. කසිප්පු බීම සතියට දෙතුන් වරක් ඒ අතර විය. එහෙත් ඔහු වෙරිමතින් අසිහියෙන් සිටි බවක් මගේ මතකයේ නැත. බීඩි බීම සෑම පැයකට කීප වරක්ද ද සිදුකලේය. බුලත් කෑමේ පුරුද්ද හා දුන්කල නැට්ටක් කටේ දමා සිටීමේ පුරුද්දක් නිතර දැකිය හැකි විය. කටේ ඉදිරියේ දතක් හෝ දෙකක්…

  • සාහිත්‍ය කළා විචාර

    මැක්කාට්නිගේ ”මහා හුතු පවුර”

    Off

    ලියවිල්ලකට මෙවන් ශීර්ෂයක් දැමීම ම බෙල්ල ගහල යන වැඩක්. සිංහලෙන් මුද්‍රණය කෙරෙන පත්තරේක තියා පත්තර පඩංගුවකවත් ජමේට මේ වචනෙ දාන එකක් නෑ. මොකද මේ සාපරාධී වචනෙ හින්දා උත්තම පත්තරකාරයන්ට « මෙව්ව » එකක් දැනවෙන්න පුළුවන් හින්දා.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 17

    Off

    කත , ගත සහ යථ පොත් වර්ග තුනක් ගැන පසුගියදා මට සිතුනි. එය තුන් සිතකවත් කලින් තිබුනක් නොවේ . පොත්වලට රත්නය කියා ඇතැමුන් කියති. රත්න කියා කියන්නට පුලූවන් මොන පොත්වලටද යන්න එකිනෙකාට අනුව වෙනස් විය හැක . කාන්තාවන්ටද රත්න කියා ඇතැමුන් කියති. රත්න කියා කියන්නට පුලූවන් මොන විදිහේ කතුන්ටද යන්නත් ප‍්‍රශ්නයකි.

  • විද්‍යා හා තාක්ෂණ

    බ්ලොග් කියන්නේ මොනවද..?

    1

    මේක බ්ලොග් ලියන අයටත් තිබෙනා ප්‍රශ්ණයක්ය. ගොඩක් දෙනා බ්ලොග් කෙරුවාව කියන්නේ, මොනවාද කියා හරියට දන්නේ නැතිය. සම හරක් නීතී රීතී දාන්න යන්නේත්, සම හරක් අයිතිවාසිකම් කියන්න යන්නේත්, ඒ නිසාමය. සමහ හරක් කියන්නේ එයාලා කියවන්නේ ඉන්ගිරිස් බ්ලොග් කියාය. හිනගල බ්ලොග් වල කියවන්න දෙයක් නෑ කියලාය. එහෙම කියන්න එයාලටත් අයිතියක් තියෙනවාය.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල