• විවිධාංග, සංචාරක හා ඡායාරුප

    නන්පේරියල් – බලංගොඩ බස් ගමන

    Off

    නන්පේරියල් කියලා කියන්නේ ලෝකාන්තය පාමුල පිහිටලා තියෙන තරමක දුශ්කර ඒ වගේම ස්වබාව සෞන්දර්යෙන් අනූන ගම්මානයක්. මේ ගමේ වැඩි හරියක් ඊවත් වෙන්නේ දෙමල ජනතාව. මේ අයගේ එදිනෙදා ඕනෑ එපාකම් ඉටු කරගන්න නගරයට යන්න එන්න බලංගොඩ ඩිපෝවෙන් බස් රථයක් ලබාදීලා තියෙනවා.

  • කාලීන සංවාද, දේශපාලන

    බැරිදා විග්‍රහය – ලිබරල් හොඳයිද ?

    Off

    ඉස්සර මං ඔය ලිබරල් කියන වචනෙ තේරුම දැනං හිටියෙ නෑ. රනිල් ලොක්කා ලිබරල්වාදියාය කියලා ජෙප්පො ඉස්සර පස් පඩංගුවේ බනිද්දි මං හිතුවෙ, ලිබරල් කියන්නෙ හොර කපටි හීන් නූලෙ වැඩ තියෙන දර්ශනයක් කියලා. ඒත් ඉතිං ලිබරල්වාදය ගැන ඩිංගිත්තක් හොයා බලද්දි තමයි දැනගත්තෙ ලිබරල් කියන්නෙ එහෙම නරක මෙවුවා එකක් නෙමෙයි කියලා.

  • අධ්‍යාපනික, ඉතිහාසය, විවිධාංග

    භාරතයේ විත්ති 31 – ‘කුම්භ මේලා’

    Off

    ලොව විශාලම හින්දු ආගමික සැණකෙළිය වන්නේ කුම්භ මේලාවයි. මෙය ලොව විශාලම ජන සහභාගීත්වයක් ඇති ආගමික උත්සවය ලෙසත් සැළකෙනවා….

  • කාලීන සංවාද, විවිධාංග

    කැනඩාවට පැන ආ සෞදි තරුණිය තොරතුරු රැසක් හෙළි කරයි

    Off

    කුවේටයේ සිට කැනඩාවට පැන ගිය සෞදි තරුණිය, රහාෆ් මොහමඩ් පෙරේදා (14) පළමු වරට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරුණු රැසක් හෙළි කළාය. අවුරුදු 16 සිට තම පවුලේ අය තමන්ට කායික සහ මානසික හිරිහැර කළ බවත් ජීවිතය පරදුවට තබා පැනයාමට තීරණය කළේ ඒ නිසා බවත් ඇය මාධ්‍යවේදීන්ට කිව් බව කැනඩාවේ CBC පුවත්සේවය උපුටමින් අල්ජසීරා පුවත්සේවය වාර්තා කර තිබේ.

  • අධ්‍යාපනික, සංචාරක හා ඡායාරුප

    කාශ්මීර හිමාචල් ගමන 10 – මනාලි සිට පහලට

    Off

    මනාලි අපි හිටිය හෝටලය තිබුනේ පරණ මනාලි දිහා. ඒක කන්දක් උඩ ලස්සන තැනක තිබුනා. අපි ඒකේ ඉදන් පහලට බහින්නට උවමනා වුනා ටවුමට. පහලට බහින කොට හන්දියේ කඩයක් තියෙනවා. චීන මූන තියෙන පියකරු පෙනුමක් තියෙන ගෑනු ලමයෙක් උන්නා ඒ කඩේ. මම සහ චතුරංග එතනින් බ්‍රෙඩ් ඔම්ලට් දෙකක් ගත්තා උදේ පාතරාසයට. බ්‍රෙඩ් ඔම්ලට් කියන්නේ ලංකාවේ එච්චර නැති…

  • කාලීන සංවාද, විවිධාංග

    ඝරේ බයිරේ හෙවත් ගෙදර සහ ලෝකය

    Off

    රවින්ද්‍රනාත් තාගෝර්ගේ ඝරේ බයිරේ නම් නවකතාව ඇසුරෙන් සත්යජිත් රායි එනමින්ම යුත් චිත්‍රපටියක් නිර්මාණය කලේ 1984 දීය. ඝරේ බයිරේ යන බෙන්ගාලි යෙදුමේ තේරුම ‘නිවාස හා ලෝකය’ වගේ එකක්ලු.

  • අධ්‍යාපනික, ඉතිහාසය, දේශපාලන

    රෝහණ විජේවීර සහ මනුෂ්‍ය ඝාතන

    Off

    ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය. තමන් විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුනේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු පොල්පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට…

  • අතීතකාමය, අධ්‍යාපනික, ඉතිහාසය

    මව් ආරේ එල්ලංගා, ඌරුසිටා වැවේ සොරොව්ව සහ මහාගාමයේ පැරණි සිංහල වාරි තාක්ෂණය

    Off

    මෑතක් වනතුරුම මෙරට නූතන වාරිකර්මාන්ත පිළිබඳ බටහිර විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් විමර්ශනය කර, සැලසුම් සම්පාදනය කල වාරි විශේෂඥයන් පවා වැවක් සැලකුවේ ජලය රැස්කර තබාගන්නා ටැන්කියක් ලෙසිනි. එක් එක් වැව් වෙන වෙනම ගෙන ඔවුන් සැලසුම් සැදුවේ එම අනවබෝධය පෙරදැරි කරගෙනය. ඔවුන්ගේ අරමුණ වූවේ වැව් වල පැරණි බැමි හැකි තරම් උස් කර වැඩි වතුර ප්‍රමාණයක් රැස් කරගැනීම කෙරෙහිය.

  • කාලීන සංවාද

    පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ

    Off

    මට මුණගැසී ඇති විදේශිකයන් අතුරින් ශාලොම් රෝසන්බර්ග් (shalom Rosenberg) තරම් ලංකාව පිළිබඳව දැන සිටි අයෙක් නැති තරම්ය. ඔහු ඉතා කඩවසම් ස්වීඩන් ජාතිකයෙකි. උස අඩි හයකට වඩා වැඩි, ආරෝහ පරිනාහ දේහයකින් හෙබි ඔහු මට හමුවුයේ ක්වාලාලම් පූර් නගරයේදීය. එය අහඹු හමුවීමකි. මා ආචාර්ය උපාධිය සඳහා සැහෙන කාලයක් පදිංචිව සිටි ස්වීඩනයේ උප්සලා නගරය ඔහුගේ උපන් ගම වීම…

  • කාලීන සංවාද

    නාන්නේ බාල්දියෙන්ද ශවර් එකෙන්ද…… දෙකම එකයි…

    Off

    ගෙදර ශවර් එක තියෙද්දි, බාල්දියට වතුර පුරෝගෙන නෑම වරදක් නැත. ඒත් තොපිත් එහෙම නාපියවු කීම සදාචාරත්මක නොවේ. අද සමාජ, දේශපාලනික, සංස්කෘතික සහ අතිශය අප්‍රසන්න ආගමික සංස්ථාව තුල පවා අපට කෙසේ වෙතත් අපේ අනාගත පරම්පරාවටම කොනිත්ත කොනිත්තා කියා සිටීන්නේ,බාල්දියෙන් නාගන්නා ලෙසත්, පෑන්ටි වෙනුවට අමුඩ අඳිනා ලෙස යෝජනා කරනා අමුම අමු අතිශය ගෝත්‍රික ආකාරයේ පොට්ට පොලිටිකල් සටන්…

  • අධ්‍යාපනික, ඉතිහාසය

    බෙලිඅත්තට කෝච්චියක් !

    Off

    මාතර ඉඳලා බෙලිඅත්තට කෝච්චියක් වැටීම පහුගිය දවස් වල ගොඩක් අය කතා කරපු දෙයක්නේ. ඒ කතාබහත් වෙනත් ගොඩක් දේවල් වගේම කතාකරන පුද්ගලයින්ගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මත ධ්‍රැවීකරණය වෙලා තිබුණු බව පෙනෙන්නට තිබුණා. සුද්දෝ ගියාට පස්සේ පළමු වතාවට මේ ආකාරයට ලංකාවේ කෝච්චි පාරක් හැදුනු එක ගැන සමහර අය උදම් අනද්දී, තවත් සමහර අය මේ ව්‍යාපෘතිය සුදු අලියෙක් විදිහට…

  • අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණ

    Sony Aibo : ගෙදර සුරතලාත් රොබෝ වෙයිද ?

    Off

    ගෙදරක සුරතලයට සතෙක් ඇතිකරනවා නම් ගොඩක් වෙලාවට ඒ බලුපැටියෙක්. මිනිසාගේ හොඳම මිතුරා කියලත් කියනවනේ. ඉතිං ඉස්සරහට නම් ඒ කතාව ටිකක් වෙනස් වෙයි වගේ. කොහොමද ගෙදර සුරතල් බලු පැටියත් රොබෝ කෙනෙක් උනොත්?

  • අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණ

    පොම්ප ජල විදුලි බලාගාර​

    Off

    මොකද්ද මේ පොම්ප ජල විදුලි බලාගාරයක් කියන්නෙ? අපි දන්නව ජල විදුලි බලාගාරයක් කියන්නෙ ඉහළ උසක හදල තියෙන ජලාශයක තියෙන වතුර පහළින් තියෙන විදුලි බලාගාරයක ටර්බයින් යන්ත්‍රයක් කරකවන්න පාවිච්චි කරල​, එමගින් විදුලිය උත්පාදනය කරන තැනක් කියල​. ජල විදුලි බලාගාරයක වතුර ටර්බයින් එක කරකවල ඉවර වෙලා පිට කරන්නෙ ආපහු ගඟකට​. ඊට පස්සෙ ඒ වතුරෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ….

  • ප්‍රහසන, සංගීතය

    Off

    ඩිස්ටි ඩිඩිං රපට රපට…ජිඟල ලඳුම් ජිඟල ලඳුම් ….. බිස්කට් කුඩු බිස්කට් කුඩු… උම්බලකඩ කැකිරි දොදොල්….

  • අධ්‍යාපනික, කාලීන සංවාද

    සරරීමන් – ජපනාගේ අමුතු ජීවන විලාසය

    Off

    “සරරීමන්” කියල ජපන් බසින් හඳුන්වන්නේ ජපානයේ සමාජ – ආර්ථික පන්තියක්. ජපානය ලෝක ආර්ථික බලවතෙක් කරන්න ප්‍රධාන දායකත්වයක් දීලා තියෙන්නෙ මේ අය​. මේ අය නූතන සමුරායි ල කියල කිව්වොත් නිවැරදියි.

  • අධ්‍යාපනික, සංචාරක හා ඡායාරුප

    මාලුවන්ගේ අපූරු ලෝකයට යමු

    Off

    අද විහින්දිව දාලා තාත්තා තනියෙන් ගිය ගමනක විස්තරයක් තමයි කියන්න යන්නේ. ටිකක් අලුත් එකක් හින්ද පුරුදු වුනාට පස්සේ එයාව එක්කන් යන්නයි තාත්තා කල්පනා කලේ.

  • කෙටි කථා, ප්‍රහසන

    සිත්තමක ලියැවුණු කවිය…01

    Off

    මගෙ කතාන්දර කියවන යාළුවෝ මං අර තව කාණ්ඩයක් එක්ක එක්කාසු වෙලා අන්දර මල්දමේ ගොතපු කතන්දර කියවලා ඇති නේද? ඒ කාණ්ඩේ ගැනනං ඉතිං මං ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ, එහෙව් අයියණ්ඩියෙක් සහ අක්කණ්ඩිලා සම්භාරයක් ලබන්ඩ මං නොසෑහෙන්න පිං කරලා තියෙනවා. ඉතිං එයැයිලත් එක්ක ගොතපු අන්දර මල්දම්වලින්, මං ගොතන්ඩ පටංගත්තු කතාන්දරේ තමයි මේ ආයෙමත් ලියන්නේ. ඒක මං…

  • ප්‍රහසන

    සතුටෙන්ම හිටපු මිනිසා – 2

    Off

    සතුටෙන්ම හිටපු මිනිසා – පළමු කොටස ආදම් නැගිටලා ඔපරේෂන් කරපු තැන තුවාලෙත් අතින් තද කරගෙන හෙමිහිට අමුතු සතා වටේ රවුමක් ගියා. තොල් දෙක උඩිං දබර ඇඟිල්ල තියලා වටේ හිටපු සත්තු ටිකට සද්ද කරන්ඩ එපා කියලා සංඥා කළේ නින්ද කැඩෙන එකේ තියෙන කටුක බව ආදම් හොඳට දන්න නිසා.නිදාගෙන ඉන්න ත්‍රස්තවාදියෙක්ව උනත් ඇහැරවන එක පවු කියලා ආදම්…

  • හයිකු හා කෙටි කවි

    නෑවිත්ම ඉන්න….

    Off

    නින්ද එන්නෙම නැති දිගු රාත්‍රියකදි තනිකමට හාදව ඇස් කෙවෙනි අග කඳුළු විතරක්ම පරිස්සම් කරගෙන ලවන් තෙත් කරන කෝපි බඳුනට වඩා උණුසුම් වු හදවත අද රැයෙන් පසුවවත් මගහැර යන්න පුළුවන් ද නුඹට…. http://gimmigekolama.blogspot.com/2019/01/blog-post_10.html

  • කාලීන සංවාද

    සිරසට අත නොතබනු !

    Off

    සිරසට අත තියන්න එපා. මෙහෙම කියන්නෙ අපි නෙවෙයි සිරසෙ අයම. මෙයාලට ගොඩක්ම තරහ ගිහින් තියෙන්නේ කලු මාධ්‍ය කියන වචනයටයි ඊයේ සිවිල් සංවිධාන කලු ඇඳගෙන මූණ වහන් සංකේතාත්මකව කරපු විරෝධය හින්දා. මුණ වහන් කරපු විරෝධයේ සංකේතාත්මක අදහස වත් සිරස තේරුම් ගත්තේ නෑ.