• ඉතිහාසය, පරිවර්තන

    රාජසිංහ රජුගේ අවසානය සහ මුතු මණ්ඩපය

    Off

      පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය. ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. ඉංග්‍රීසීන්…

  • ප්‍රහසන

    මහින්දගේ ආණ්ඩු පෙරළීම…

    Off

    2017 වර්ෂයේ තමන්ගේ එකම අපේක්ෂාව පවත්නා රජය පෙරළා දැමීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමන් සෑම විටම සියළුම තත්වයන්ට සූදානම්ව සිටින බවද පෙර සූදානමකින් තොරව තමන් කිසිම කටයුත්තකට අත නොගසන බවද එතුමා වැඩි දුරටත් පැවසීය. අද පවතින රජය පෙරළා දැමීමේ කටයුත්ත සඳහා තමන් සූදානම් වූයේ 2009 වර්ෂයේ සිටම බවද පැවසූ එතුමා ඒ සඳහා…

  • ප්‍රහසන

    පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටි

    Off

    මම හිතුවේ අලුත් අවුරුද්දෙදී බ්ලොගේ ටිකක් වැඩිපුර දේශපාලනය ගැන ලියන්න ඕන කියලා. සිනමාව ගැන ලියන පෝස්ට් වලට තරම් ප්‍රතිචාර නොලැබුණත්. ඒත් අවුරුද්ද පටන්ගනිද්දිම දේශපාලනය ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියා නම් දරා සිටින අජිත් පැරකුම් කියනවා දේශපාලනය ලියලා හරියන්නෑලු. ඔහු ලියලා සපත්තු ගැන සටහනක්. ඒක ලියන්නේ දේශපාලනය ගැන කියැවිල්ලෙනුත් රහක් සපයන්න සමත්වුණ මාතලන් ලියපුසෙරෙප්පු පෝස්ට්එකක් අනුව…

  • කෙටි කථා

    ඉරාජ්ගේ ආශාවරී – කාශ්‍යප රජුගේ නැවත ඉපදීම

    Off

    කාශ්‍යපගේ පළමු වික්‍රමය මෙතනින් කියවන්න ඒ 1565 වසරයි.පරංගි සුවද තවරාගෙන හමනා ගොඩ සුළං රැල්ල සුන්දර අප්පුගේ නහය විනිවිද යන්නේ ඔහුට මහත් අපුලක් ගෙනදෙමිනි.ඔහුට මේ කිසිවක් සිතාගත නොහැක.අතීතයේ තම මුතුන් මිත්තන්ගෙ අනින් පමනකදු නොව තමන්ගේ අනසක යටතේත් විරාජමානවූ ලන්කාද්වීපය පරංගින් රැලක් විසින් යටත් කර ගනු ලැබුවේ කෙසේද ?…යම් තරමකට හෝ අස්වැසිල්ලක් ඇත්තේ තවමත් ඔවුන්ට යටත් කර…

  • දේශපාලන

    දයා පතිරණ යනු ආරම්භක ලක්ෂ්‍යයකි!

    Off

    නජිත් ඉන්දික විසිනි   (මෙය ‘වමේ හඩ’ පුවත්පතේ ජනවාරි කලාපය සදහා රචිත ලිපියකි)   ඒ 1985 වර්ෂයේ දෙසැම්බර් 15 වන දින රාත‍්‍රියයි. බණ්ඩාරගම ‘හිරණ’ තොටුපළ අසළ පාලු අම්බලමක් පිටුපස තිබී, කශේරුකාව වෙන්වන ලෙස ගෙල කපා දමන ලද, නිරුවත් තරුණ මළසිරුරක් මුලින්ම හමුවන්නේ ඒ ආශි‍්‍රතව රැකියාව සිදුකළ තොටියෙකුටයි. එය උදුවප් පසළොස්වක පොහොය දිනයද විය. ඒ වනවිටත් මළසිරුරේ රස්නයවත්…

  • පරිවර්තන

    එක මවකගේ කතාවක් (The Story of a Mother!!)

    Off

    මව තම කුඩා දරුවා අසලින්ම වාඩි වී සිටියාය. ඇය දැඩි වේදනාවකින් පීඩා විදිමින් සිටියාය. තම කුඩා දරුවා මිය යනු ඇතැයි යන ඉමහත්ඇ භීතිය ඇය  වෙලාගෙන තිබිණි. බොහෝ සෙයින් සුදුමැලි වු, කුඩා ඇස් වැසී තිබු ඒ දරුවා විටින් විට ගැඹුරින් හුස්ම ගන්නට විය. එය හරියට සුසුම් හෙලීමක් වැනිය. දැඩි කනගාටුවෙන් යුතුව තව තවත් ඕනෑකමින් ඇය තම…

  • කාලීන සංවාද

    සරත් ගුණරත්න: ජනතාවට නොව තමා පත්කළ තැනැත්තන්ට සේවය කිරීමේ ආනිශංස

    Off

    කලකට පෙර මීගමුව ආසනයෙන් පාර්ලිමේන්තුවට ගියේ උගත්, වැදගත් දේශපාලනඥයන්ය. ලංකා සමසමාජ පක්ෂයේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරමින් මීගමුවෙන් පාර්ලි‌‌මේන්තු ගිය නීතීඥ ඩෙන්සිල් ප්‍රනාන්දු ද මේයට හොදම උදාහරණය. මීගමුවෙන් පාර්ලි‌‌මේන්තු ගිය මෙම උගත්, වැදගත් ලැයිස්තුවේ  අවසාන තැනැත්තාවූයේ නීතීඥ  සරත්චන්ද්‍ර ගුණරත්නය. ඔහු 1992 දී පමණ මියයන ලදී. මීගමුවේ එදා පැවති ඒ උගත්, වැදගත් ලැයිස්තුව දැන් අවසන්ව ඇත. ඒ…

  • කෙටි කථා

    කෙසෙල් කැන විසින් හොරාව වැට පැන්නීම

    Off

      ගයාන් නින්දෙන් ඇහැරී ඔරලෝසුව දෙස බැලුවිට එහි පාන්දර 2.30 ලෙස සටහන්ව තිබුණා. තම පපුවට තුරුළු වී නිදන ලක්මාලිගේ ලය මඩල රිද්මයකට උස පහත් වීමෙන් ඇය තද නින්දේ බව පසක් කරගත් ගයාන් ඇයට නොදැනෙන්න ඇඳෙන් බැස්සේ නින්ද අහලකවත් නොවුන නිසා. කොපි උගුරක් සාදාගෙන සාලයට පැමිණ දුම් වැටියක් දල්වා ගත්තේ පෙර දින රැයෙහි සිදුවූ යම් සිදුවීම්…

  • ප්‍රහසන

    මැසේජ්, කැලැන්ඩර්, ලිත් සහ පොත්

    Off

    “කුදටික්”   “චුහුක්”   “චුහුක්”   “චුහුක්”   “ඥිමුක්”   “කුදටික්” “මොකද්දනේ ඔය පෝන්නෙක සයිලන් දාන්නකො. හොඳටම නිංදයාගෙන එන වෙලාවෙ.” අපේ ගෙදර 2017 නව වසර පටං ගත්තේ ආං එහෙමයි. ඔය උඩිං තියෙන සද්ද ටික සේරම ආවේ ටෙලිපෝන් එකෙන්. අන්තිම වාක්‍ය දෙක නිකුත් උනේ අපේ ගෙදර ඉන්න අනික් එක්කෙනාගෙ කටිං. අලුත් අවුරුද්දට තමුන් දන්න කියන කාටත්…

  • කෙටි කථා

    තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි

    Off

    දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය… අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට…

  • කාලීන සංවාද

    මිලියන 500 යේ කෞතුකාගාරය

    Off

      පසු ගිය සතියේ අපි විනෝද චාරිකාවක් සදහා පොලොන්නරුවට ගියෙමු. ඇත්තෙන්ම පොලොන්නරුවේ පෞරානික ස්ථාන නැරඹීම කොහෙන් පටන් ගෙන කොහෙන් අවසන් කල යුතු දැයි සිතාගන්නටවත් අමාරුය. අනෙක් අය නිදාගෙන සිටියදී මම FITAPP ඇප්ලිකේෂන් එක ෆෝන් එකේ ක්‍රියාත්මක කරගෙන හෝටලයෙන් පිට වී කිලෝ මීටර් තුනක් දෙවෙනි ඇල මාර්ගයේ ගොස් ආපසු බුෂේ එකේ වේලාවට හෝටලයට පැමිණියෙමි. මේ ඇල…

  • කාලීන සංවාද

    බොන්න එපා..හැලප අරන් දියන් !

    Off

    වෙන රටවල කියන්නෙ Don’t drink and drive කියල. අපේ රටේ කියන්නෙ “බොන්නම එපා!” කියල. “බොන්නම එපා” කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියල කියවෙද්දි එතනින් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටි සමාජයක වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න ආගමකින් දක්කවන මීහරක් ටිකක් වගේ ඒ ආගමෙන්…