කාලීන සංවාද, දේශපාලන

බණ්ඩාරනායකත් එල්ලා මරණ බණ්ඩාරනායක අනුගාමිකයෝ

Off

තමා S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූ දිනයේ උපත ලැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර පාරට්ටු කරගන්නා කරුණකි. එහෙත් එසේ පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මැතිවරණය ජයගෙන, සිය නායක S.W.R.D. බණ්ඩාරනායක මහතා අගමැති ලෙස පත්ව පිහිටවූ රජය පැවත්වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම මරණ දඩුවම අවුරුදු 3 කට අත්හිටුවීමට තීරණය කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්නේදැයි නොදනී.

එසේ තුන් වසරකට අත්හිටවූ මරණ දඩුවම පසුව 1958 අප්‍රියල් මාසේදී ‘මරණ දඩුවම අහෝසි කිරීමේ පනත’ සම්මත කරමින් ස්ථීරවම අත්හිටවන ලදී. කෙසේවුවද එම යුගයේ පාර්ලිමේන්තුවේ පැවති මන්ත්‍රී මණ්ඩල දෙකකම මරණ දඩුවම අහෝසි කිරීම සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලයක් පත්කර ඒ සම්බන්ධයෙන් තව තවත් විමසා බැලිය යුතු බව ඉල්ලා සිටියේ.

ඒ අනුව ලංකා විශ්ව විද්‍යාලයේ හිටපු පීඨාධිපති ආචාර්ය Norval Morris ගේ නායකත්වයෙන් කොමිසමක් පත්කරන ලදී. එම කොමිසමේ විධිමත් කරුණු විමර්ශනයෙන් අනුව පැමිණි අවසාන තීන්දුවුයේ මරණ දඩුවම දිගටම අත්හිටුවීම නිර්දේශ කිරීමය. ( We recommend that capital punishment should continue to be suspended)

ඇත්ත වශයෙන්ම එම කොමිසමේ නිර්දේශ නිකුත් වූයේ බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට සති දෙකකට පෙරය. කොමිසම මොනවා නිර්දේශ කලද බණ්ඩාරනායක මහතා මැරූ අයට මරණ දඩුවම දියයුතු බවට ලොකු හා හුවක් පැන නැගුණි. ඔවුන්ට කොමිසමේ නිර්දේශ හෝ බණ්ඩාරනායක මහතා මැරෙන ඇදේ සිට ඉල්ලා සිටි ඉල්ලීමත් අදාල වුයේ නැත. ඔවුන්ට අවශ්‍යවුයේ මිනීමරුවන්ට මරන දඩුවම ලබාදීමය. ඇහැට ඇහැක්, දතට දතක් මෙන්ම ජීවිතයට ජීවිතයක්ද ඔවුන් ඉල්ලා සිටින ලදී. එහේත් බණ්ඩාරනායක මහතාගේ අවසාන ඉල්ලීමවු ”ඒ භික්ෂුවට අනුකම්පා කරන්න ඔහුගෙන් පලිගැනීමට කිසිවක් කරන්න එපා” යන්නය. ඒ සම්බන්දයෙන් ඔවුන් කිසිසේත්ම සවන් යොමු නොකළහ.

මරණ ඇදේ සිට බණ්ඩාරනායක මහත්තයා එසේ ඉල්ලුවද බණ්ඩාරනායකවාදීන්ට අවශ්‍යවූයේ බණ්ඩාරනායක මහත්තා මරපු සෝමාරාම භික්ෂුවට මරණ දඩුවම දීමය. ඒ අනුව මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව ගෙනාව වෙලාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ හිටපු S. Natesan මහත්මයා කියනවා ‘ආණ්ඩුව සතු නීති හැදීමේ බලය පලිගැනීමට/එකට එක කිරීමට යොදාගන්නවා නම් ඒ එම බලය ගණිකා සේවයේ යෙදවීමක්, ඒවගේ වැඩ කිසිම රජයකට ගැලපෙන වැඩ නොවෙන බව.’ (the government was prostituting the legislature of the country and was acting in a spirit of revenge that was unworthy of any government)

අවුරුදු 40ක කාලයක් ක්‍රියාත්මක නොකර අත්හිටවලා තිබුන මරණ දඩුවම මත් ද්‍රවය් ජවාරම්කාරයින්ට ‘හොද පාඩම්ක් උගන්වන්නවා’, ‘ඕකුන්ව එල්ලනවා’, ‘උන්ට මම කවුද කියලා පෙන්වනවා’, ‘මම කවුද කියලා ඔය ඔක්කොමටම උගන්වනවා’ වගේ චේතනාවකින් නැවත ක්‍රියාත්මක කරනවා නම් අර S. Natesan මහත්මයා කිව්වා වගේ එය රාජ්‍ය බලය අවභාවිතා කිරීමක්. ඒවා කිසිසේත්ම යහපාලනයකට ගැලපෙන්නේ නැහැ. කොහෙත් මෛත්‍රීපාලගේ නමටවත් ගැලපෙන්නේ නැහැ. දුෂ්ට දඩුවම් දීම් ඔස්සේ රටක් නෙවෙයි දරුවෙක්වවත් හදන්න බැහැ.

මාකස් ප්‍රියන්ත පෙරේරා
29/06/2019

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල