කාලීන සංවාද, දේශපාලන

ජවිපේ අරමුණ කුමක්ද…? එය ඉටුවේද…?

0

විජේවීර බිහිකෙරු, ජවිපේ හෙවත් වමේ, විශේෂත්වයක් තිබිනි…
ඒ ග්‍රාමිය හා කුලයෙන් අඩු පිරිසකගෙන් සමන්විත පිරිසක් වීමයි…
අනුගාමිකයින් බඳවා ගැනීමට ඇති එකම ආකර්ෂණීය දේ වූයේ, නායකයින් උපාධිය හෝ උසස් පෙළ සමතුන් වීමයි…

අද දක්වා පක්ෂයේ සංයුතිය මෙයයි…
එමෙන්ම මානසිකත්වයද එදා පැවති මානසිකත්වයමයි…

මෙය මෙසේම පවත්වාගෙන යා හැකි වුවද, එය පරිහානියට පත්වීම මිස කිසිඳු සුගතියක් ඇත්තේම නැති බව, බල මණ්ඩළේ උන්ට වැටහීම ඉතා හොදය…

බල මන්ඩලේ වේදිකාවෙන් බිමට බැස, ඒ වෙනුවට වෙනත් පිරිස් වේදිකාවේ තබමින් උත්සාහ කරන්නේ, පහළ මධ්‍යම පන්තිය, ඉහළ මැද පන්තිය හා නැවුම් චන්ද තම ගොඩට එකතු කර ගැනීමේ වෑයමකි.

එය සාර්ථකද…?

මාතලන්ගේ මතය නම් එය සාර්ථක වූයේ නැත යන්නයි.

ගෝල්පේස් රැළිය ගැන විශාල ප්‍රචාරණයක් ලබා දුන් අතර, ඒ සදහා පාක්ෂිකයින් නොවන විශාල පිරිසක්ද පැමිණ උන්නද, ඔවුන් අති බහුතරය බලාපොරොත්තු සුන් කර ගනිමින් ගිය බව ඉතා පැහැදිලිය.

එමෙන්ම පාක්ෂිකයින්ද කළකිරීමකට පත් වූ බව ඔවුන්ගේ මුහුණුවල අපූරුවට සටහන්ව තිබිනි… මෙය කනගාටුවට කරුනකි ..

එකතු කර ගත් පොරවල් අතර සාමාන්‍ය ජනතාව හඳුනන අය උන්නේ කී දෙනෙක්ද…?
මාධ්‍ය මගින් හා වෙනත් අවස්ථාවන්හීදී ජේවීපිය අගය කරන ප්‍රසිද්ධ චරිත වේදිකාවට ගෙන ඒමට නොහැකිවීම ඇත්තෙන්ම අවාසනාවකි…

සමනලී මෙන්ම ලැම්බෝගිනි සහෝදරයා වේදිකාවේ තැබීම මයිනස් පොයින්ට් එකකි. මේ අය යහපාලනයට කඩේ ගොස් අනාථ වූ පිරිසයි. ඔවුන් සක්තිකට සැලකූ අකාරය ක්ෂේත්‍රයේ උන්ම හොදින් දනී.

නිවේදකයින් මෙන්ම බොහෝ කතිකයින් ශබ්ද විකාශන යන්ත්‍ර ඇති බව නොදැන උන්නෝය. කතිකයෝ තැතිගෙන තිබිනි. අනුරගෙන්ද වෙනදා පවත්වන සිත් ඇදගන්නා කතාව ලැබුනේ නැත. ටිල්වින්ද හොල්මන් වී සිටියේය.

ඒ කෙසේ වුවද තවත් පක්ෂ හා පිරිස් සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් යන බවද තවත් පිරිස එකතුකර ගැනීමේ වැඩසටහන් ඉදිරියටත් පැවෙතන බවටත් දැනගැනීම සතුටට කරුනකි.

මේ කෙසේ වෙතත් ශක්තිමත් ෆේස්බුක් බලකායක් සිටීම පක්ෂයට මෙන්ම සංධානයටද විශාල ශක්තියකි.

එමෙන්ම කිසිඳු පැකිලීමකින් තොරව සෑම රැස්වීමකම ලාල් කාන්තට විශේෂ ස්ථානයක් වෙන්වීම අනිවාර්‍යයෙන්ම විය යුත්තකි, මන්ද…?

ඉහළ මධ්‍යම පන්තියටද, මැද පන්තියටද, නැවුම් චන්ද දායිකයින් අතරද ජනප්‍රියම පොර වන්නේ ඔහු නිසාවෙන්මය.

මෙය මේ මොහොත වෙනෙවුන් ගසාගත් සංධානයක් නොවී ඉදිරියටම ගමන් කිරීම මේ රටේ විශාල පිරිසකගේ ප්‍රාර්ථනයයි….

මාතලන්

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල