සාහිත්‍ය කළා විචාර

පැරිස් වලාකුළු – මංජුල වෙඩිවර්ධන

0

මිලාන් කුන්දේරා ගේ The unbearable lightness of being කියන පොත මම සෑහෙන කාලෙකට කලින් කියවපු පොතක්. ධම්මිකා ඒ පොත ගැන කතා කරන්නේ මොකද කියල බැලුව. මංජුල වෙඩිවර්ධන ගේ අලුත්ම පොත පැරිස් වලාකුළු කියවල. තවම් මට පොත ලැබුනේ නැහැ. ලැබුන ගමන් මමත් මොකක් හරි ලියන්නම්. මේ ධම්මික චාන්දනී ගේ අදහස.


පැරිස් වලාකුළු දෝත දරා සිටි මා වලාකුළු ගොන්නක පැටලුනේ මටත් නොදැනිමය. ඒ වලාකුළු මාවන් රැගෙන ඒ ඉරි තැලුණු අහස දිගේ පැරිස් නුවරට පාව ගිය අයුරු අපූරු අත්දැකීම කි. ඒ නුවර බැලූ බැලූ හැම තැනම සබන් බෝල සිහින පාවෙමින් තිබුන අයුරු චමත්කාර ජනකය.

ඒ සබන් බෝල ඇගේ වැදී, හිතත් හොදටෝම චප්ප වී මා ඇදන් වැටුණේ උදම් වූ රල නැගෙන, බිදෙන සාරත්‍ර ගේ හිත දිගේ දිවයන ලා ෂපෙල් වීදියටය. කෝපි බොමින් එහි සැරි සැරීම ආශ්වාදජනක විය.

ඒ අවට තිබූ එක් සබන් බෝලයකට එබිකම් කල මා දුටුවේ කනකපුරම් ය. එතනින් ඔබ්බට තිබුණේ සිහිනයක් නොව, හද පාරවන යතාර්ථයකි.

ඒ ඔස්සේ ඇදුනු මගේ හිත උතුරුකරයේ අතරමං විය. කිසි දිනෙක ඒ පිලිබඳව මින් පෙර හිතන්නට ඉඩ නොලද අවකාශයක, හිත කීරි ගැසී පැරිස් නුවර අහස මෙන්ම ඉරි තැලී ගිය සෙයකි. බොහෝ වේලාවක් A-9 පාර දිගේ ගිය මගේ හිත අතරමං වී නන්නත්තාර ම වී ගියේ, ඉතිහාසයේ දරාගත නොහෙන බර හිස මතට පාත් වූ නිසා විය හැක.

ජීවිතේ කිසිම දිනෙක ජාතිය, ආගම ප්‍රශ්නයක් නොවූ මට සාන්දිලන් ලා ගැන ගැඹුරට සිතීමට අවකාශ ජීවිතයෙන් ලැබුණේ නැත. ඒ ගැන අධ්‍යයනය මගෙන් බැහැර වූයේ මගේ වෘත්තීය මිනිසුන් උදෙසා නොවන නිසා විය හැක.

මෙතෙක් කල් මා සිතා සිටියේ සිහින යනු සිහින පමණක් ම වන බවය. එහෙත් ඒ අතර අනවසර සිහිනත් තිබෙන බව සාරත්‍ර කියන විට, එය එසේම බවට තර්ක අවශ්‍ය නොවීය .

දේදුන්නකින් වර්ණ පැහැර ගනිමින් අවකාශයේ පාව යන සබන් බුබුළු සිහිනම බව තේරුම් ගැනීමට මා පොලඹවන ලද්දේ සාරත්‍ර විසිනි .

අතරමග බිදී යන සබන් බෝල ගැන මා මහත් සේ සංවේදී වූ සෙයකි. මගේ හිත දුකින් පිරී ඇත. ඒ සමගම බොහීමියානු හීන වලට යටි හිතේ කැමත්තකි.

ජීවිතයේ දරාගත නොහෙන සැහැල්ලුව සමග පිහාටුවක් වන් ජීවිතය ගැන සාරත්‍ර කොතරම් කතා කරාද කියතොත් , ඔහු මාව කුන්දේරා ගේ හිත ඇතුලට තල්ලු කර දෑමීය.

මිලාන් කුන්දේරා නම් වූ ඒ අපූරු චෙකෝස්ලෝවැකියානු ජාතික , ප්‍රංශ පුරවැසියකු වූ ලේඛකයා ගේ මනසට ආදරය කරන්නට සහා ඔහුගේ නෙතින් ලෝකය දකින අයුරු අධ්‍යයනය කරන්නට මට වුවමනා වීමත් අපූරු සිද්ධියක් ම වේ.

සාරත්‍ර කොතරම් කුන්දේරා ගැන වර්නනා කලේද කියතොත් , පැරිස් වලාකුලේන් බිමට පාත් වුනු මගේ ඊලඟ පියවර වූයේ ජීවිතයේ දරාගත නොහෙන සැහැල්ලුව කියවීමට පටන් ගැනීමයි. ( downloaded the English translation – The unbearable lightness of being ).

ඉංග්‍රීසි බස නොදන්නා කෙනෙකු මෙම පැරිස් වලාකුළු මත එල්ලී එහා මෙහා පාවෙන මෙලැන්කොලිය හා එනිග්මාව අස්සේ අතරමං නොවේදැයි මට නැගුණු පැනයකි.

අපට හුරු පුරුදු වැහි වලාකුළු වලට වඩා වෙනස් වූ පැරිස් වලාකුළු අතිවිශිෂ්ඨ යැයි කිව යුතුය .

යහළුවකු මාර්ගයෙන් හදුනා ගත් මංජුල වෙඩිවර්ධන නම් වූ ලේඛකයා ගේ ලෝලියකු බවට මේ වන විට මා පත්වී ඇති බවද සතුටින් කියමි.

ධම්මිකා චාන්දනී

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල