අධ්‍යාපනික, ඉතිහාසය

අජාතසතෘගේ ප්‍රශ්නය 2

Off

අජාතසතෘගේ ප්‍රශ්නය 1

මේ ප්‍රශ්නය අසන ලද්දේ බුදුහාමුදුරුවන් ජීවත්වන කාලයේ එම ප්‍රදේශයෙන්ම රජවරයකු බව සිහි තබා ගෙන, අපි මේ ප්‍රශ්නය දෙස බලමු. අජාතසත්තෘගේ ප්‍රශ්නයෙන් අපට තේරුම් යන්නේ ඒ කාලයේ ජනතාවගේ විශ්වාසය තිබුණේ බමුණන්ට දන් දීමේ ප්‍රථිඵලයක් ලෙස, දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට හැකියාවක් තිබෙන බවය.

ඒ කියන්නේ වර්තමානයේ ලංකාවේ බෞද්ධයන් සිතන ආකාරයය. ආගමික පූජකයන්ට දන්දීමෙන් දිව්‍ය ලෝකෙට යන්නට පුළුවන් බවය.
එහෙත් පුරාණ කස්සප (වැඩිමහල් කස්සප) මෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ අදහසක් දෙන පිළිතුරක් ලබා දෙන්නේය. ඔහු කියන්නේ හොඳ හෝ නරක කිරීමෙන් අප බලාපොරොත්තු වන දිව්‍ය ලෝකවල ඉපදීම යනාදී ප්‍රතිඵල වැඩකට නැති සිදු නොවන ඒවා බවය.

පූරණ කස්සප ගෙන් මේ පැනය ඇසූ පසු අජාසත්තෘ, ඊළඟට මක්ඛලීගෝසාල වෙතට ගියේය. ගෝසාල යනු හරක් මඩුව යන තේරුමයි. දුප්පත්කම නිසා හරක් මඩුවක ඔහු ඉපදුන බවට සඳහන් වේ. මොහු වසර ගණනාවක් මහාවීර් (නිගණ්ඨ නාථ පුත්ත) ගේ ප්‍රධාන අනුගාමිකයකු වූ අතර, පසුව වෙනම චින්තන විදියක් ගොඩනඟා ගත්තේය. මක්ඛලී ගෝසාල උප්පත්තිය චරිතය සහ කර්මය ගැන පැහැදිලි කිරීමක් කර, සෑම කෙනෙකුගේම ක්‍රියාවන්හි සම්පූර්ණ වගකීම ප්‍රතික්ෂේප කළේය. ඔහු කියූ පරිදි සියල්ල සිදුවන්නේ ඉරණමට අනුවය. සත්වයින් සියලු සියළුදෙන නියමිත සංසාර ගමන අවසන් කළ කල්හි දුකෙන් මිදෙති. අප කොතරම් එය වෙනස් කරන්නට මහන්සි වුවත් ප්‍රතිපලයක් නැත.

ඊළඟට අජාතසස්තෘ මේ ප්‍රශ්නය ඇසීමට යන්නේ ලෝකයේ ප්‍රථම සම්පූර්ණ භෞතිකවාදියා වෙතටය. ඒ අජිත කේසකම්බලයි.
රජතුමා ඔහුගෙන්ද එම ප්‍රශ්නයම අසයි.
ඔහු මෙලෙස පිළිතුරු දුන්නේය. “මිනිසෙකු සෑදී තිබෙන්නේ ධාතු සතර කිනි. මිනිසා මිය ගිය පසු ආදාහනය කළ විට, ඒ ධාතු ඒවා අයිති ස්ථානවලට යති. මෝඩයෙකුගේ මෙන්ම ඉසිවරයෙකුගේ වුවද, ශරීර එලෙස ධාතු බවට පත්වී අවසන් වෙයි. මරණයෙන් පසු ඔවුහු තව දුරටත් ඔවුහු නොවෙති.”

හතරවෙනිව ඔහු ගියේ කකුධ කච්චායන ඍෂිවරයා වෙතටය. ඔහු කියා සිටියේ විනාශ කර නොහැකි ධාතූන් හතක් තිබෙන බවය.
පෘතුවි, අප්, තේජස්, වායු, සුඛ දුක්ඛ සහ ජීව හෝ ආත්ම යනු ඒ සතය. මරන්නෙකු හෝ මරවන්නකු නොමැත. යමෙකු කඩුවකින් කෙනෙකුගේ හිසක් පොඩි කරයිද හෙතෙම කිසිවෙකූ නොමරයි, ඔහු කඩුවක් යොදාගෙන විනාශ නොවන සුළු ධාතු හත අතර සිදුරක් සාදයි.

රජු ඊළඟට ගියේ නිගණ්ඨනාථපුත්ත (මහාවීර්) වෙතය. ඔවුහු ජෛන ආගමේ ශාස්තෘවරයා විය. ඔහුද බුදුන් මෙන්ම රාජ කුමාරයකු වූ අතර, එලෙසම තමන්ගේ බිරිඳ සහ දියණිය හැරදමා ශ්‍රමණයකු වූ කෙනෙකි. ඔහු රජතුමාට පස් වැදෑරුම් රාටාස් එසේත් නැත්නම් මිනිසුන් හොඳ ආත්මයන් ලැබ, අවසාන මෝක්ෂය ලැබීමට ජීවත් විය යුතු ආකාරය පෙන්වා දුන්නේය.

අහිම්සාව – ඒ ක්‍රියාවෙන් වචන වලින් සහ සිතිවිලි වලින් කිසිම ප්‍රාණය කුට කරදරයක් නොකිරීම.

සත්‍යය – තමන් වෙතද අනුන් වෙතද සත්‍යම පමණක් භාවිත කිරීම,

අස්ටෙය – නොදුන් කිසි දෙයක් ලබා නොගැනීම.

බ්‍රහ්මචර්යය – ශ්‍රමණයන් සඳහා කාමයේ නොහැසිරීම සහ අනෙකුත් සිත පිනා යන දෑ අත්හැරීම. ගිහියන් සඳහා එක් සහකරුවකු සමග කාමයේ හැසිරීම.

අපරිග්‍රහ – ගිහියන් සඳහා භෞතික දේ සඳහා බැඳීම් නොමැතිව ජීවත් වීම, ශ්‍රමණයන් සඳහා කිසිම දෙයක් අයිති කර නොගැනීම.

මොහු ගෙන් පසු අජාසත්තෘ රජ්ජුරුවෝ මේ ප්‍රශ්නය ඇසීමට ගියේ සංජය බෙල්ලට්ටිපුත්ත වෙතය. ඔහු එම ප්‍රශ්නයට කිසිම පැහැදිලි පිළිතුරක් දීමට ඉදිරිපත් වූයේ නැත.

ඉලංගකෝන්ගේ විවරණය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල