කෙටි කථා

ප්‍රේමයක්…! නැහැ එක සුවඳක්…!

Off

මම හිටියේ ඇයට අතපාන දුරිනි. මද අදුරේ වුවත් මට ඇගේ දිළිසෙන දෑස් පැහැදිලිව ‌පෙනුනා. මදක් උස් බාර් ස්ටුල්යක් මත හිද උන් ඈ බිත්තියටම අල්ලා සකසන ලද ‌කෙටි දිගු ‌‌මේසය මත තබාගෙන සෙසේජ් බනිස් ගෙඩියක් රස බලමින් උන්නාය. ඇගේ ඇස් හොරෙන් වුවුත් මා ඇස් හා ගැටෙමින් බිම බලමින් ආයෙමත් ගැටෙමින් ආයෙමත් ‌වෙනතක යමින් අප දෙදෙනාටම නුහුරු සෙල්ලමක නිරතවෙමින් පැවෙතුනා.

බැරිම තැන නිහඩතාවය බිදිමින් ඈ හඩ අවදි කළාය.

“ඔච්චර දුරින් ඉන්නේ ඇයි? හදිස්සියෙවත් මාව වැටුණොත් අල්ල ගන්නෙවත් කවුද? “

මං හිටියේ ඇගේ ශරීරයෙන් විහිදුවන සුවදින් ම් වෙලා ය! ඒ් සුවද මාව මන්මත් කරමින් ඈත අනත්තයක අතරමන් කරමින් උන්නා. විලවුන් සුවද හා මුසුවු දහදියත් ජිවිතයත් ‌කෙලිදොල්බවත් දගකාරකමත් ඒක්වරම ඒ් සුවදේ ගැබ්බ තිබුණූ බව මට ‌හොදටම විශ්වාසය. ජිවිතයේ කිසිම දිනක දැනී ‌නැති ඒ් සුවද හදෙහි ගැබුරුම තැනක පැලපදියම් වෙද්දී මම පියවී සිහියට ආවා.

හීනී දාදිය බිදුවක් කෂේරුකාව දිගේ පහලට යද්දී මම ඇගේ ප්‍රශ්ණය පිළිතුරු ඇමුණුවා.

“මං ටක් ගාලා පැනලා අල්ල ගන්නම්! බයවෙන්න ඒපා!”

ලැජ්ජාවෙන් ‌ම‌ෙන් බිම බලා ගත් ඈ ‌නොසිතු පිළිතුරෙන් කම්පා වු ස්භාවයක්ද තිබිණ. ඒහෙත් ඒ් දගකාර හිනාව තාවමත් පීදෙමින් තිබුණා. විටෙන් විට මුහුණුට වැටෙනා ‌කෙහෙ රැල්ලක් කන් ‌පෙත්ත අස්සේ රදවමින් මටද සිනහාවකින් ආචාර කරන්නීය. ඒහෙත් ඒ් කිසිවක් මට වැඩක් තිබුණේ නැත. මා උන්නේ ඇගේ සුවදත් දිළිසෙන දෑස් අතරත් මංමුලා වෙමිනි. ඇයට තිබුණේ වසගකාරී නිල් පාට ඇස් ‌දෙකකි! ඒ් ඇස් මා සමග ‌දිගු කතාවකට මුල පුරමින් හිටියා. මාව ප්‍රශ්ණ කරමිනුත්, මාව හුරතල් කරමිනුත්, මාව ‌කොනිත්තමිනුත් ඈතකට මා ඇද යමින් උන්නා. මේ මොහොත අප දෙදෙනාටම නුහුරු නුපුරුදු අත්දෑකිමක් අප ජීවත් වලට ඒක් කරමින් තිබුණු නිමේෂයකි. ඇය තුල මා කෙරෙහි ආලයක් ‌වැඩෙමින් තිබුණාදැයි මම නොදනිමි, ඒහෙත් මා තුල නම් ඈ කෙරෙහි ආල හැගුම් සමුදායක් මේ වන විටත් තටු ලබමින් ඉගිළ යමින් තිබුණා.

දෙතුන් වරක් ඒක් එල්ලයේ මා දෙස බැල්ම හෙලු ඈ ආයෙමත් නිහඩතාවය බිදින්නට වුණා.

“මොකද බය වෙලා වගේ ඉන්නේ?”

ඇගේ හිනාව හුරතල්ය. සිනහා වන විට ඇගේ පුංචි කම්මුල් රෝස පැහැ ගැන්වේ. ඈ කතා කරන විට ඇගේ සිහින් ‌‌‌තොලපෙති උල්වන හැටිනම් චමත්කාරජනකමය. ඒ හැම ‌‌දේකටම වැඩිය ඇගෙන් නික්මෙන සුවද…..!!!

ඔබට විශ්වාස කළ හැකිද මුලු ජීවිත කාළයම මතක හිටින එක් සුවදක්? ආලයෙන් උමතු කරවන, ‌‌ප්‍රේමයෙන් හිත හිරිවට්ටන, ‌‌රෝමෑන්තික හීන අහුරු හිත අහුමුළුවලට විසි කරවන සුවදක්!!! ඔබට විශ්වාස කළ හැකිද එහෙම සුවදක්! ජිවිත ගමන පුරාම ‌‌නොදැනම පසු පස හඹාවිත් තිබුණු සුවදක්!

ඇය උන්නේ තාමත් මා දිහාම බලාගෙනය. යාන්තමට ‌‌මෙන් හීනාවක් ඇගේ මුවග තවමත් ඇත. ඒ ඇස් මගේ ඇස් හා ගැටෙන හැම තැනදීම පපුවේ ගැඹුරුම තැනක විදුලි ‌‌කොටන්නේ ‌මේ මාගේ ප්‍රථම ‌‌ප්‍රේම අත්දැකීම නිසාවත්ද?

ඇය ඉතා මෘදුවත් ඉතා ‌සෙමෙනුත් හැගුම්බර ‌ලෙසත් ‌‌මේසය මත වු මගේ අත්ලට තට්ටුවක් දැමුවේ මා වශිකෘතව හුන් හීනයෙන් ඇහැරවන්ට ‌මෙනි. තිගැස්සුන මගේ දෑස් ඇගේ දෑස් හා ‌වෙලෙන්නට විය. ඇගේ ඇස් සැමවිටම දීප්තිමත්ය! ඒනිසාම ඈ රන්වන් පාටය! ‌දෙතොල් සිහින්ය, ‌ලා ‌රෝස පැහැය ය, ‌කොණ්ඩය ‌කෙටිය. ඇගේ පාසල් නිල ඇදුම අනෙක් ගැහැණු පාසල් නිල ඇදුමට සාපෙක්ෂවම ‌වෙනස්ය. ටයි පටියක් ‌නොමැති අතර හතරැස් කරින් යුක්ත ගවුමකි. හතරැස් කරින් විවෘත වී ‌‌පෙනෙන ඇගේ උර ඇට ඉලිප්පී ‌පෙනේ. ඇය කෘෂය. උසය. හැඩය. හුරුබුහුටිය.

“මොකද අනේ බය වෙලා වගේ ඉන්නේ?”

ඇය ‌දොඩමලුය! වචන උරුම ඇයට ය. ඇය ඉදිරියේ හැමදිනකම මම නිරුත්තරය! ‌ගොලුය! බිහිරිය! හීන විතරක් පූපුදමින් මං ඈ හා අනන්තයක හිරවෙමි.

“ඔයා කාලා ඉවරද?”

උත්තර ‌‌හොයමින් මමද ‌දොඩමලු ‌වෙමි. ආයෙමත් ‌ගොලු ‌වෙමි. හීන ඇහිදිමි. හිත පුරා අතුරාගනිමි. පසුව විදවන්ට සුරක්ෂිතව හැම ‌මොහොතම හිතේ රදවා ගනිමි. ඇය ‌මේ කිසිවක් දන්නේද නැත. ‌නොදන්නාවද විය ‌නොහැකිය.

“අපි යමු…… ‌හොදටම රෑ ‌වෙනවා…!”

දැං ඇයට හදිස්සිය. මහල්වරාවට කලුවර අරගෙන රාත්‍රිය එඹෙමින් තිබුණා. අතේ තිබුණු පංති ගාස්තු වලින් බිල ‌ගෙවා දැමු අපි මහල්වරාව හංදියට පා නැගුවෙමු. ඇයට කිට්ටුවෙනුත් ඇගේ ගෑවෙන ‌නොගෑවෙන තරමිනුත් ඇගේ සුවද දැනෙන දුරකිනුත් මම ගමන් ගතිමි. ඇය මහල්වරාව බස් නැවතුම්පලේ රදවා මම ‌කොට්ටාව ‌දෙසට පයින් ඇවිද්දෙමු. ඒ අනාගත පරිස්සමටය. එදවස ඒහෙමය. ඇගේ සුවද ‌ගෙන තනියම හීන් කලුවරකට මුවා ‌වෙමින් මම හයිලවල් පාර දිගේ ඇවිද්දෙමි. හීත පුරා අතුල හීන පිරිමදිමින් කලුවරේ මම සැගවුණෙමි.

වෙරෝනිකා……..
වසර ගණනාවකට පසු පිට ‌දේශයක සුදු මිනිසුන් මැද ඒ සුවද ආයෙමත් පරණ මතකයන් අරගෙන හීනයක් දිගේ ඇවිත් තිබුණා. ජිවිතේ ඒහෙමය! ජිවත් ‌වෙනවා කියන්නේද ඒකටමය! මතක අමතක වන පරණ මතක අලුත් වන අලුත් දෑ මතකවන ඒකටය!

වෙ ‌ර‌ෝ නිකා…..
ඒක පාසල් ප‌්‍රේමයක්! බලාප‌ොර‌ොත්තුවක් තිබුණේ නැති, අවසානයක් දන්නේ නැති, සමාප්ති සටහන් නැති, ඒකතුවෙන්න ඉඩක් ‌තිබුණු න‌ො තිබුණු පාසල් ප‌්‍රේමයක්. පරණ මතක අවුස්සමින් කාටවත් ගින්නක් ‌ද‌ෙන්නවත්, කාගෙවත් හිත් අවුලවන්නවත් ඔනේ කමක් ‌‌ක‌ොහ‌ෙත්ම නැහැ. ඒත් ඒක්තරා අහඹු සිදුවිමක් නිසාම හිතේ ‌ක‌ොණක කීරී ගැහි නැවත් උඩට මතුවු ඒ් සුන්දර මතකය‌ේ ඡායාවන් ‌බෙදා ගන්න හිතුණා. ජිවිතය පසු කරපු පරිච්ඡේදයක්, තරුණ කාළේ හිත වැටුණු ‌ප‌්‍රේමයක්, කසාද මිනිහෙක් ආයෙමත් රහට ලියද්දි!

ව‌ෙර‌ෝනිකා මං දන්නවා ඔයාගේ ඉවසීමේතරම, තේරුම් ගැනිමේ ප්‍රමාණය, ‌කෝපයේ දිග පළල. ඒත් මට ඔයත් ඒක්ක පරණ ‌දේවල් ‌බෙදා ගන්න ඔ්නි වුණා! ‌මේ මගේ හැටිය! ඔව් මම ‌‌ගොලුය ඒදා වගේම අදත්! මං කැමති හීන දකින්න. හීන වලින් හිත පුරෝගන්න. හීන වල ගිලිලා මැරෙන්න!

වෙරෝනිකා….. ආදරේ විතරක්ම ‌දෙන්න පුරුදු ‌වෙන්න ‌‌වෙනවා මට ආයේ!

වෙරෝනිකා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල