සංචාරක හා ඡායාරුප

මුක්කුවත්ත පාරෙන් මරේ වත්තට

Off

සිරිපාදේ ට්‍රිප් එක ගැන දන්න අය දන්නවා සිරිපාදේ යන පාරවල් ගොඩක් තියෙනවා. එයින් එක පාරක් තමයි මුක්කුවත්ත දෙහෙනකන්ද පාර. ඒක කැලෑ පාරක්. එච්චර හොද නැහැ. ලයිට් නැහැ. කිසිම විදිහක පහසුකමක් නැහැ. අමාරුවෙන් බඩ ගාගෙන දන ගාගෙන තමයි ඒ පාරෙන් සිරිපාදේ බලන්න යන්න වෙන්නේ. අපේ කාන්ඩේ උදවිය කලින් ඒ පාරේ සිරිපාදේ ඇවිල්ලා තිබුනා. මේ පාර ඒ පැත්තෙන් බැහැලා මරේ වත්තට යන්නයි සෙට් වුනේ.

අපි කොළඹින් උදේම ගිහින් පාන්දර 8-9 වෙනකොට උඩ මලුවට නැග්ගා. නැගලා අහක් වෙලා එතැන ටිකක් ඝන්ටාර ගහලා වැසිකිලි ගිහින් ආයේ පහලට බහින්න ගත්තා මුක්කුවත්ත පාර දිහාට. මේ පාර ගිහිපු සෙට් එකම හත් අට ගමනකට වඩා සිරිපාදේ ගිහින් තිබුනා. ඒ නිසා ඝන්ටාරේ තුනෙන් බෙදලා ඒ වාර ගාන විතරක් ගැහුවා. මුක්කුවත්ත පාර සෙට් වෙන්නේ රත්නපුර පාරට. රත්නපුර පාර දිහා පාන්දරට ලස්සනට තිබුනා. මේ රත්නපුර පාරේ බහිනකොට පලවෙනි කඩේ සෙට් වුනා. ඒ කඩේ ඉදියේ මහ මරුමුස් ඩෑල් ටිකක්.උ න් අපිට ඕනිවට වගේ බිස්නස් කරන්න්. අපේ අය මේ රොටි ටිකක් රත් කරලා දෙන්න හැකිද කියල ඇහුවම් උන් බෑ කිව්වා. තේ වතුර කෝපි ඉල්ලද්දි ඔක්කොමල්ල එකපාර ඉල්ලන්න කියලා සත්තමකුත් දැම්මා.

සරිපාදේ කඩ කාරයින්ට බිස්නස් ස්ටඩි කිරීම නෙමෙයි අපේ අරමුණ වුනේ. ඉතින් ඒ නිසා අපි පපහලට බැස්සා. මුක්කුවත්ත පාරට හැරෙන්න තියෙන්නේ ඒ උඩ ඉදන් පහලට තියෙන පලවෙනි කඩේ ඉදලා පොඩ්ඩක් පහලට ගියාම තියෙන වතුර ටැංකිය දිහැන්. පහලට බහිද්දි ඒ වතුර ටැංකිය සහ මුක්කුවත්ත පාර තියෙන්නේ වම් පැත්තේ.

තද බෑවුම

මේ පාර කලින් කිව්වත් වගේ අනුමත නියම පාරක්නෙමෙයි. හොදට ගල් වැටි අල්ලලා එහෙම නැහැ. හෝදගෙන ගිහින් පලාත් ගනන්. අපි ගියෙ වැස්ස කාලෙක නිසා තවත් ලිස්සනවා. බෑවුම් වල බහින එක නම් එච්චරම ගින්නක් වුනේ නැහැ.ඒත් නගින්න වුනා නම් කෙල වෙනවා ඉතින්. මොකෝ ඒ උස තැන්වල අඩිය තියලා නගින්න ගියාම එපා වෙනවා. මේ තදබල බෑවුම බහිනකොට හැබැයි අහුවෙන බූමි දර්ශන නම් සුප්පා.

මේ පාර අපි හොදට බැස්සට මේක වැඩිය ජනප්‍රිය වෙලා ගොඩක් අය යන්න ගියොත් නම් ගල්වැටි ටිකක් වත් අල්ලලා පාර නිසා වෙන පරිසර විනාසය අඩු කරගන්න මොනාහරි කරන්න වෙයි. මේ සිරිපාදේ තියෙන අතුරු පාරවල් නිසා පස හෝදගෙන පහලට යන්න ලොකු අවදානමක් තියෙනවා. කොන්ක්‍රිට් කරලා හෝ මොකුත්ම ආවරනයක් නැති නිසා වැස්සක් වැස්සාම ඒ පස් ටික ඔක්කෝම පහලට හෝදගෙන ගිහින් මහ විනාසයක් වෙනවා.

මේ පාරේ ඔහෝම යද්දි වැඩිපුරම හම්බෙන්නේ මලානික වෙලා වේලුන ගහ කොල. අපිට සිරිපා ගමන් වලදි හොදම පාරක් විදිහට සෙට් වුනේ උඩ මාලිබොඩ දැරණියගල පාර. ඒ පාරේදි බොහොම සුන්දර සදාහරිත වනාන්තර කොටස් හම්බෙනවා. එත් මේ පාර මම හිතන්නේ සිරිපාදේ වැස්ස අඩු පැත්තේ තියෙන නිසා කටුක වියලි පදුරු ආදිය තමයි ගොඩක්ම දකින්න තිබුනේ.

පලවෙනි දොල පාර

අපේ නඩේ මග සටහන්කරු විදිහට හිටපු මංජු වා කියපු විදිහට අපි මරේ වත්තට බහින්න බලාපොරොත්තු වෙන පාර පටන් ගන්න් දෙවනි දොල පාරෙන්. පලවෙනි දොල පාර ගාවදි අපේ මංජුවාට කක්ක බරක් ආවා. ඒ පාර ඌ ඒ වැඩ ඉවර කරලා එනකල් අපි දොලපාර ගාව නැවතිලා බිස්කට් රට ඉදි ආදිය කන්න පටන් ගත්තා. මේ වගේ කැලෑවකට ගියාම අනේ සෝක් වතුර ටිකනෙවද කියලා හිතෙනවා. ඒත් ඉතින් වතුර ටිකක් බොන්න බයත් හිතෙනවා. මොකද සිරිපාදේ මිනිස්සු දහස් ගානක් හුජ්ජ කරපු ටොයිලට් වලට මේ වතුර මික්ස් වෙලාද දන් නැහැ නේ.

එතැන ඉදන් පාරේ මීටර පන්සියක් විතර ගල් තලාවක් තිබුනා. ගල් තලාව දිගට හොදට දියසීරාව ගලනවා. ලිස්සනවා. ඔහොම තව පැයක් දෙකක් ගත වෙද්දි අපි බලාපොරොත්තු වුන මුක්කුවත්ත පාරේ සීත ගගුලට ආවා. සීතගගුල කිව්වට ඒ තැන නම් ටයිකෙන සීතලක් තියෙන්නේ. හම්බෝ. මම නේපාලේ ගිහින් එහේදි වෝටර් රාෆ්ටින් වලට සෙට් වුනා. ඒ ග්ලැසියර දියවෙල එන වතුර සීතලයි. ආන්නේවගේ මය යකඩ සීතලක් මේ මුක්කුවත්ත පාරේ සීත ගගුලේ වතුර වල තිබුනා.

ඉතින් අපි එතැන නෑවා. නෑවා කිව්වට ඉතින් ඉක්මන්ට ගිහින් ඔලුව ඔබාන ඇවිත් ආයේම සබං ටිකක් ගාලා ගිහින් ආයෙත් ඔලුව ඔබාගෙන ආවා. දිය කෙලි කරන්න අමාරුයි සීථල වැඩි නිසා. කොහොම හරි එතකොට වෙලාව එකහමාර දෙක විතර වෙලා. අපි කලුවර වැටෙන්න කලින් බැහැල තියෙන්න එපැයි ඒ නිසා බහින්න පටන් ගත්තා.

මේ දොලපාර දිගේ බැහීම

දොල පාර දිගේ පහලට බැහීම මගේ ජීවිතේ මහුන දුන්න ත්‍රාසජනකම අත්දැකීමක්. දොලපාර ටිකක් විතර පලලයි. වතුර වැඩියි මොකද කලින් දවස් වල වැහල තිබුනා. ඒ මදිවට වටේ පිටේ කලු කරනවා. පොදත් වැටෙනවා. එ ්කියනනේ අදත් තව ටිකකින් මහ වරුසාවක්සොට ්එක දෙන විදිහක් තමයි පේන්නේ. මේ මහ කැලෑවල කදුකර පැතිවල වහින කොට දොලපාරවල් ගාව ඉන්න එක හරි අවදානමක්.අ පෙ කරවටක් විතර උස තැන්වලට වතුර ගිහිපු පාරවල් දොලේ තැන් තැන්වල පෙනුනා. ඒවා නොදැක්කා වගේ අපි හිමින් හිමින් පහලට බහින්න ගත්තා.

මුක්කුවත්ත සීතගගුල ගාව තියෙනවා පට්ටම ඇල්ලක්. ඒක ලස්සන දිය ඇල්ලත්.අ පි ඒකත් බලාගෙන තමයි පහලට බැස්සේ. ඇත්තටම දොලේ ගිහිපු වතුර පාර ටික්ක සැඩ වුනානම් උඩට වැහැලා වතුර ගොඩක් ආවනම් තත්වය බොහෝම සෝචනීය වෙන්න තිබුනා. මොකද මේ දාල පාරවල් ගලන ගොඩක් තැන්වල කැලේ තියෙන්නේ උඩින්. කැලේට යන්නත් ටිකක් ගේමක් දෙන්න වෙනවා. ඇරත් මේ දොල පාර දිගේ පහලට එන්න පහසු වුනාට ඉහලට යන එක සැරම ගේමක්. දොලේ වතුර වැඩි වුනානම් මොකෙන් මොක වෙයිද කියාල හිතන එකත් අවුලක් නිසා අපි ඒක ගැන හිතන් නෑ වගේ ආවා. වැස්ස සමහර වෙලාවට පොදක් වගේ ආවා වුනත් අපේ වෙලාවට වැස්ස වැඩි වුනේ නම් නැහැ.

මේ අදුරු ගුප්ත දොලපාරේ තැනින් තැන කදිම සුන්දර තැන් තිබුනා.

අපි කිලෝමීටරයක් විතර ආවම අපිට තද අභියෝගයක් ආවා. ඒ තමයි තවත් දිය ඇල්ලක්. බහින්න කියලා තැනක් නැහැ. දිය ඇල්ල හේ ගාල ගලනවා. අපි ඒ දිය ඇල්ලෙන් වටෙන් ගිහින් කැලේට ගිහිල්ලා කැලෙන් ආමරුවෙන් බැස්සා. බැස්සා කිව්වාට පුක බිම තියලා රූටගෙන තමයි සමහර තැන්වල ආවේ. මේ දොල පාර දිගේ බැස්සාය කියලා අපි ගාව තිබුන අන්තර්ජාල සටහන මීට අවුරුදු 4 කට වඩා පරණයි. ඒ පිරිස මරේ වත්තේ ෆිෂින් හට්ස් වල ඉදන් උඩට තමයි නැගලා තිබුනේ.

මේ පාරේ බැහැගෙන යද්දි බහින්න රූට් නැතුව සමහර තැන්වල දනගාගෙන බඩගාගෙන බැස්සේ. පෙලක් ස්ථානවලදි ලෙස්සලා ගියානම් මීඨර කිහිපයක් පහල ලොකු ගලක් උඩට ජොග් ගාල ඇදන් වැටෙනවා. ගල් ලිස්සනවා. ඒ මදිවට වැස්සත් ලාවට තිබුන නිසා ලිස්සීම තවත් වැඩියි. ගල් උඩ අඩිය තිය තිය යද්දි පෙලක් තැනකදි ඔන්න ලිස්සල වැටෙනවා. ආයේම වැටුන් නැහැ වගේ අපි නැගිටලා යනවා.

එක මිතුරෙක් නම් ලොකු ගලක් උඩට නගින්න උත්සාහ කරද්දි දොග් ගාල ගලේ නාහේ වද්දගත්තා. නාස් ඇටේටත් තුවාල වෙලා ඒකෙන් ලේ එන්නත් ගත්තා. තවත් මිතුරෙක්ට හොදටම සෙම. බුවා කහිනවා තුන්මාස කාස කාරය වගේ නොනවත්වාම.

හැන්ද වෙන්නත් ආවා. කොහොම හරි දොල පාර දිගේ යද්දි බත්තුලුඔය සහ මේ අපි ආපු මුක්කුවත්ත පාරේ සීතගගුල දෙකම එකට සෙට් වෙන හංදියක් හම්බුනා. මම කලින් මරේ වත්තේ ගියපු වතාවක මේ හංදිය හරහා ගියා වගේ මතකයක් තියෙනවා. මීට වසර 8-10කට ඉස්සර මරේ වත්තේ ෆිෂින් හට් වලට ගියාම ඉස්සර මේ දිය ඇලි බලන්න අපිට යන්න පුලුවන් කම තිබුනා ගයිඩ් විදිහට කොල්ලෙක් අරගෙන. මම හිතනනේ දැන් ඒ දිය ඇලි බැලීම කියන එක නැතුව ඇති.
ඒ හංදිය ගාවිනුත් පහලට තවත් ඇවිත් අපි යාන්තම් තේ වත්ත දැක්කා. දැක්ක ගමන් අපිට හරි සතුටු. මොකෝ ඉතින් මේක සෙට් වුන් නැත්තං අපිට කැලේ ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. ඒ වෙනකොට වෙලාව හවස පහ විතර ඇති.

ෆිෂින් හට්ස්

ෆිසින් හට්ස් තියෙන්නෙත් මරේ වත්තේ කෙලෝරක. ඒ හරියට හොද කාර් වගේ වාහන වලට යන්න බැහැ. යට වදිනවා පාර සෞත්තුයි. ඒ නිසා ෆිසින් හට් කියන සුන්දර නවාතැන් පොල බුක් කරන උදවියත් එන්නේ පොඩි බස් වල නැතිනම් මස්කෙලින්යෙන් අල්ලගත්ත වෑන් ඩිමෝබට්ටා වල. අපි අනාරාදිතව ගියත් ඒ ෆිෂින් හට්ස් වල ඉදපු අය්යලා අපිට නාන්න ඉඩකඩ දුන්නා. අපිඑ තනින් හොදට නාගත්තා. ඒ නිකම් ගලන දොලපාර තමයි. ඒත් එයල එන සංචාරකයින්ට නාන්න හදාපු තැන නේ. ටිකකින් ඒකේ එතකොට හිටපු සංචාරකයෝ ටික සිරිපාදේ ගිහින් ආයෙම නවාතැනට ආවා. එතකොට නම් අපිට නනා උන්න තැනින් එහාට යන්නෙයි කියලා කිව්වා.

මේ මරේ වත්ත කෙලෝර ෆිෂින් හට්ස් ඉදන් දැන් නල්ලතන්නියට අපිට යන්න ඕනි. මොකද අපි රෑ කොළඹ යන්න ඕනි. අපි ඉතින් අපිට පුලුවන් එකම විදිහ වුනු ඒ ෆිෂින් හට් වල හිටපු අය්යලා ටෝක් කලා. ෆිෂින් හට්ස් වල ඉදන් නල්ලතන්නියට ත්‍රිවිලර් එකක් රු 2,000ක් ඉල්ලුවා. මොනා කරන්නද අපි ඒවායේ ආවා. මේ වොලවේ වෙන ඔප්ශන් බලන්න විදියක් නැහැ..වෙන නවාතැනක් පේන මානෙක නැහැ..ඇරත් දැන් රෑ වේගෙන එනවා. මොබයිල් පෝන් සිග්නලුත් නැහැ.

නල්ලතන්නියේ සිට

ඒත් ටිකකින් ආපු පොඩි මිනි බස් එක මස්කෙළියේ ඉදන් එනවා කිව්වෙත් හාරදහකට වගේ. කොහොම වුනත් ඉතින් සමහර විට ගාන වැඩි වුනත් වෙන ඔප්සන් එකක් නැහැ. පාර කොහමත් සෞත්තු. අපි එන අතරමග ත්‍රිවිලර් එකේ ටෑර් එකකුත් ගියා. ඒ ගමන කලුවරේම වගේ ඒකත් දාගෙන අපි නල්ලතන්නියට ආවා. නල්ලතන්නියට ඇවිල්ලා යාලුවාගේ ලේ ගලන නාහේ නල්ලතන්නියේ තියෙන ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පෙන්නුවා. එතන දොස්තර මහත්තයෙක් ඉදියා. එයා බෙහත් දීල ලොකු අමාරුවක් නැහැය. නාස් පොල්ල බිදිලා වගේය කියලා බේත් ලියා දුන්නා.

ඒ බෙත් අරන් යාලුවෝ නල්ලතන්නියෙන් ගෙවල් වලට බූන්දි හෙමත් ගන්නකොටම වගේ ඔන්න බස් එකක් ආවා. බස් එකේ නගිද්දි වෙලාව හැන්දෑවේ 7.30යි. අට හමාර වෙනකොට අපි හැටන් වල. හැටන් ස්ටේශන් එකේ කෝච්චියක් තිබුනා නුවරට. ඒකේ නොගිය එකනම් සැර මෝඩකමක්. අපි ඉතින් දවස තිස්සේම බඩට හරියමන් දෙයක් නැති නිසා කාලම යන්න බලාගෙන උන්නා.

කාල බීල ලෑස්ති වෙලා එද්දි නයිට් මේල් කොළම යන කෝචචිය ප්‍රමාදයිලු. හැටන් වල දුම්රිය ස්ථානයට පොඩ්ඩක් එහයින් සිරිපාද නඩ වලට නවාතැන් ගන්ම විශ්‍රාම ශාලාවක් තියනවා. අපි ඒකට ගිහින් විශ්‍රාම සුවෙන් ටිකක් නිදාගත්තා. ඉන් පසසේ නයිට් මේල් එක ආහම ඒකේ නැගලා කොළඹ ආවා. කොළඹ එද්දි හොදටම එලි වෙලා තිබුනා.

මම අවදානම් කදු නැගිලි කිහිපයක් කරලා තියෙනවා. තායි රටේ නේපාලෙ හෙමත් පොඩි පොඩි කදු කෑලි නැගල බැහැල තියෙනවා. ඒත් මේ ගමන නම් සැරටම බය උනා. මොකද සීන්ස් එක අපිට බහින්න තිබුන එකම රූට් එක දොල පාර. දොල පාර දිගේ දිය ඇලි දිගේ බහින්න තිබුනා. ඒ දිය ඇලිත් සමහරක්වා මීටර පාලහ විස්ස විතර උස ඒවා. ඒ මදිවට වැහි බීරානිය. වැස්ස දරුණු වුනානම් තත්තේ තවත් සෞත්තු වෙන්න ඉඩ තිබුනා.

ansathu dinapotha

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල