අධ්‍යාපනික, දේශපාලන

ආසියාවේ විශාලතම මිසයිල ප්‍රහාරක යුද නෞකාව චීන නාවික හමුදාවේ සේවයට එක්වේ

Off

චීන නාවික හමුදාව දැන් ආසියාවේ විශාතම මිසයිල ඩිස්ට්‍රෝයර් වර්ගයේ යුද නෞකාවට හිමිකම් කියන්නේ ජනවාරි 13දා ටයිප් 055 නන්චැන්ග් ඩිස්ට්‍රෝයර් නෞකාව අධිකාරීත්වයට පත් කිරීමත් සමගයි.එය ලොව දෙවන විශාලතම මිසයිල ප්‍රහාරක නෞකාව ලෙසද හැඳින්වේ.

නන්චැන්ග් නෞකාව නිල වශයෙන් මහජන විමුක්ති හමුදා නාවික හමුදාවට එක් වන්නේ ෂැන්ග්ඩොන්ග් පළාතේ චින්ග්ඩාඕ වරාය නගරයේ පසුගිය ඉරිදා දිනයේ පැවැත්වූ උත්සවයකින් පසුවයි.මෙම නවීන යුද නෞකාව එහි අවසන් පරීක්ෂාවන් 2019 වර්ෂයේදී අවසන් කල අතර 2017 වසරේ දියත් කිරීමෙන් පසුව මේ දක්වා නාවික හමුදාව සමග කටයුතු කරයි.

මහජන විමුක්ති හමුදා නාවික හමුදාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් 2019 අප්‍රේල් මාසයේදී පැවැත්වූ පෙළපාලියට නන්චැන්ග් නෞකාව සහභාගී වුවද රේඩාර්,සන්නිවේදන සහ අවි පද්ධති ආදී බොහෝ උපකරණ සවි කර අවසන් කර නොතිබුණේ යැ‍යි නාවික හමුදාවේ බලධාරියෙක් සවුත් චයිනා මෝනිං පෝස්ට් වෙබ් අඩවිය පවසා තිබිණි.

නෞකාව අධිකාරීත්වයට පත් කිරීමේ දිනය ප්‍රවේශමෙන් තෝරා ගෙන තිබුණේ,ඊට පෙර දිනය තායිවානයේ මැතිවරණය පැවැත්වීමත්,ඊට බලපෑමක් කිරීමෙන් අරමුණක් ඇතිව නොවන බවද හෙතෙම සඳහන් කලේය.

නේටෝ සංවිධානයට අනුව ටයිප් 055 නියාමක මිසයිල ඩිස්ට්‍රෝයර් නෞකාව රෙන්හායි පන්තියට අයත් අතර වර්ගීකරණයේදී එය ඩිස්ට්‍රෝයර් වර්ගයට නොවන කෲසර් වර්ගයට ගැනෙන බවද පවසා ඇත.මන්ද නෞකාවට විධාන කෘත්‍යයන් සිදු කල හැකිවීමයි. ඔවුන් කුමක් කීවද මෙම යුද නෞකාව,දියුණු සහ ඉතා විශාල එකකි.

ස්ටෙල්ත් ගුවන් යානා දකින රේඩාර් පද්ධති

ටොන් 13,000 ජල කඳක් විස්ථාපනය කරන,මීටර් 180ක් දිග ටයිප් 055 නෞකාව ආසියාව සතු එවැනි විශාලතම නෞකාවයි. එය ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සුම්වෝල්ට් පන්තියේ ඩිස්ට්‍රෝයර් යුද නෞකාවට පමණ දෙවැනි වේ(විස්ථාපනය කරන ජල පරිමාවේ බර ටොන් 15,000කි).ඒ අනුව චීන නෞකාව,එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධානතම ඩිස්ට්‍රෝයර් නෞකා පන්තිය යැ‍යි සැලකෙන ආර්ලි බර්ක් පන්තියේ නෞකාවක් මෙන් තුන් ගුණයක්ද,රුසියාවේ සොව්රෙමෙනි පන්තියේ ඩ්‍රිස්ට්‍රෝයර් නෞකාවක් මෙන් දෙගුණයක්ද විශාලය.janes.com වෙබ් අඩවිය පවසන පරිදි ඉහත කී යුද නෞකා දෙක සමග සංසන්දනය කරද්දී ටයිප් 055 නෞකාවේ ඇස්තමේන්තු ගත උපරිම වේගය නාවික සැතපුම් 30 කි.

ටයිප් 055 නන්චැන්ග් ඩිස්ට්‍රෝයර් නෞකාව

thediplomat.com වෙබ් අඩවියට අනුව නෞකාව සතුව ලම්බාකාර මිසයිල දියත් කිරීමේ පද්ධති 112කින් සමන්විතය.ඒවා මගින් Yj-18 දිගු දුර නෞකා නාශක මිසයිලය, Cj-10 කෲස් මිසයිලය සහ military-today.com වෙබ් අඩවිය පවසන පරිදි රුසියාවේ එස්-300 මිසයිල පද්ධතියට සමාන HHQ-9 ප්‍රති-ගුවන් මිසයිලය ආදී චීන නාවික හමුදාව සතු මාරක මිසයිල වර්ග දියත් කල හැකිය.

ඊට අමතරව,ටයිප් 055 නෞකාව බලසම්පන්න නෞකා නාශක සහ ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හෙලිකොප්ටර් යානයකින් සන්නද්ධ වනු ඇත.එය බොහෝවිට Z-20 හෙලිකොප්ටරයේ නාවික සංස්කරණය වේවි.

චීන නාවික හමුදාව සතුව ටයිප් 055 ඩිස්ට්‍රෝයර් නෞකා පහක් තිබෙන අතර අවසන් වරට එවැනි යුද නෞකාවක් දියත් කලේ 2019 දෙසැම්බර් 26දාය.

මෙම නෞකා පන්තිය,එක්සත් ජනපද නාවික හමුදාවේ පද්ධතිවලට සමානව එස්-කලාපයේ ක්‍රියාත්මක වන ටයිප් 346 නම් AESA රේඩාර් පද්ධතියේ නවතම සංස්කරණයෙන් සමන්විතය.එක්ස් සහ කු කලාපවල ක්‍රියාත්මක අධි සංඛ්‍යාත රේඩාර් පද්ධතිවලින් සැඟවී සිටිය හැකි අයුරින් නිර්මාණය කල ස්ටෙල්ත් ගුවන් යානා හඳුනා ගැනීමේ හැකියාව,පහත් සංඛ්‍යාත වල ක්‍රියාත්මක ටයිප් 346 රේඩාර් පද්ධතිය සතු යැ‍යි කටකතා තිබේ.

කෙසේවෙතත්,සිය පන්තියේ පළමු නෞකාව වශයෙන් නන්චැන්ග් නෞකාව,සැලසුම් කිරීමේදී අඩුපාඩු කිහිපයක් සිදුව තිබේ යැ‍යි thediplomat.com වෙබ් අඩවිය පවසයි.රේඩාර් පද්ධතිය ස්ථානගත කර තිබෙන ස්ථානය නිසා එහි පරාසය සීමාවී තිබේ.නෞකාවේ ඉහල තට්ටුව සඳහා ඇලුමිනියම් මිශ්‍ර ලෝහයක් භාවිතා කිරීම නිසා නාවික සටනකදී නොනැසී පැවැත්මට ඇති හැකියාව අවම වී ඇත.

“බීජිං රජය අවම වශයෙන් ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායම් හතරක් වත් නිර්මාණය කරන්නට සැලසුම් කර තිබෙන නිසා,අනාගතයේදී නන්චැන්ග් නෞකාව චීනයේ ගුවන් යානා ප්‍රවාහන නෞකා බල ඇණියේ ශරීර ආරක්ෂකයාගේ භූමිකාව රඟදක්වනු ඇත.” චීන නාවික විශේෂඥයෙක් වන ලි ජි සවුත් චයිනා මෝර්නිංපෝස්ට් වෙබ් අඩවියට පැවසුවේය.චීන නාවික හමුදාවේ ,ෂැන්ග්ඩොන්ග් ගුවන් යානා ප්‍රවාහන නෞකාව පසුගිය මාසයේදී අධිකාරීත්වයට පත් කරන ලදි.

බැරෑරුම් බලවේගයක්

චීනයේ මහජන විමුක්ති හමුදා නාවික හමුදාව සිය බල ඇණි සීඝ්‍රයෙන් නවීකරණය කරමින් සිටියි.2019 වර්ෂයේ දෙසැම්බර් මාසය තුල පමණක් චීන නාවික හමුදාවේ සේවයට එක් කර ගත් යුද නෞකා ගණන පහකි.ඒ ෂැන්ග්ඩොන්ග් නෞකාව නොමැතිවයි.දුරස්ථ මුහුදු ප්‍රදේශ වන බටහිර පැසිෆික්,ඉන්දීය සාගරය සහ යුරෝපය අවට මුහුදු ආදියේ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වර්ධනය කර ගන්නා බැරෑරුම් බලවේගයක් බවට චීන නාවික හමුදාව පරිවර්තනය වෙමින් තිබේ යැ‍යි අලුත්ම ඇමෙරිකානු කොංග්‍රසයේ පර්යේෂණ සේවා වාර්තාවේ සඳහන් වේ.

“අතීත සැලසුම් නිර්මාණ යුගය,නූතන බහු-මෙහෙයුම් ඩිස්ට්‍රෝයර්, ෆ්‍රිගෙට් සහ කොර්වෙට් පන්තිවල නෞකා නිෂ්පාදනය කරන්නට මාර්ගය ලබාදී තිබෙනවා සේම,නාවික සැලසුම්වල චීනයේ තාක්ෂණික වැඩි දියුණුව අනෙක් නූතන නාවික හමුදාවන්ගේ මට්ටමට සමාන වීමටත් සමහර අවස්ථාවලදී ඒවා ඉක්මවා යෑමත් ආරම්භ වී තිබේ.මෙහෙයුම් කල හැකි මට්ටමට පත් වූ පසුව නවතම රෙන්හායි පන්තියේ(ටයිප් 055) මිසයිල නියාමක කෲසර් නෞකාව ලොව දියුණුතම සහ බලසම්පන්නම නෞකාව වලින් එකක් බවට පත් වෙන්නේ උසස් හැකියාවන්ගෙන් සමන්විත,දේශීයව සංවර්ධනය කල අවි සහ සංවේදක විශාල ප්‍රමාණයක්ද අත් කරගනිමින්ය.” යනුවෙන් එම වාර්තාවේ සඳහන් කර තිබේ.

“චීන නාවික හමුදාවේ නෞකාවල වැඩිදියුණු වී තිබෙන වඩාත් සුවිශේෂීම ප්‍රදේශ වන්නේ,නෞකාවේ සතු ගුවන් ආරක්ෂක සහ ප්‍රති-පෘෂ්ඨික සංග්‍රාමික හැකියාවන් යැ‍යි විවාදයකින් තොරව කිවහැකිය” වාර්තාවේ තවදුරටත් පවසයි.කෙසේවෙතත්,හිඩැස වසා දැමීම නොසලකා හරිමින් බීජිං රජය තවමත් සැලසුම් කරමින් සිටින්නේ,සිය තාක්ෂණයන් සහ හැකියාවන්ට වඩා ඉහළින් පසුවන එක්සත් ජනපදය සමග සංග්‍රාමයක් සඳහාය.මෙහිදී ටයිප් 055 නෞකා පන්තිය උපායමාර්ගික මෙවලමක් වශයෙන් භාවිතා කෙරේ.මන්ද එය නිර්මාණය කරන්නේ,චීනයට පහරදිය හැකි පරාසය තුල එක්සත් ජනපද නාවික හමුදාවට මෙහෙයුම් කිරීම අතිශය අන්තරායදායක කාර්යයක් කිරීම අරමුණු කරගෙන ප්‍රවේශ නිශේධන/ක්ෂේත්‍ර ප්‍රතිශෝධන උපායමාර්ගයක් වශයෙනි.

වාර්තාවට අනුව චීනයේ HHQ-9 මිසයිලයේ පුළුල් කල පරාසය දළ වශයෙන් කිලෝ මීටර් 150කි.එනම් යුද නෞකාව වෙරළින් ඔබ්බෙහි දියත් කිරීම හරහා ගොඩබිම්-මූලික ගුවන් ආරක්ෂක කලාපය,සාගරයෙන් සහ ගුවනින් එන ප්‍රහාරවලට එරෙහිව පුළුල් කිරීමට චීන නාවික හමුදාවට හැකිවන්නේ සී ඊගල් සහ ඩ්‍රැගන් අයි වැනි රේඩාර් පද්ධතිද ඇතුලුව නූතන සංග්‍රාමික කළමනාකරණ පද්ධති සහ ගුවන් අවේක්ෂණ සංවේදකවල උපකාරයෙනි.මෙම අලුත් ඒකක හරහා චීන නාවික හමුදාවේ නෞකා බලකායට වෙරළාශ්‍රිත ගුවන් ආරක්ෂක පද්ධතිවල සීමාවෙන් පිටත මෙහෙයුම් කිරීමට ඉඩ ලැබෙන්නේ නෞකාවක් හෝ නෞකා දෙකක් සතුව තිබෙන ගුවන් ආරක්ෂක පද්ධති මගින් සම්පූර්ණ ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායමකට අවශ්‍ය ගුවන් ආරක්ෂාව සපයා ගත හැකි නිසාය.

-සංග්‍රාම භූමිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල