කාලීන සංවාද

ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද? – Who needs an economic policy ?

Off

(චානුක වත්තේගමයන්ගේ ළිපිය පිලිබඳ, මාතලන්ගේ අදහස්…)

හදිසි ජනපතිවරණයක් එන බවට ඇති කට කතාවන් බොහෝමැයි. කටකතා කෙසේ වූවත්, “ඌවේ හූව” ආන්ඩුවට කන පුපුරන්න වැදී තිබෙනා බව, ඔවුන්ගේ හැසිරිම් වලින් පහසුවෙන් වටහා ගත හැකිය. දැන් බලන්නේ, හොඳින් හෝ නරකින් ආන්ඩු කිරීමට බව, කුකුළන් කෙටවීමේ සජීවී වැඩසටහන් තුල, පිස්සු බල්ලන් මෙන් හැසිරෙන, මැති ඇමතිවරුන් (ඇමතිවරියද ඇතුලත්ව) මෙන්ම, වෙන්න ඇමති පෙරුම් පුරනා, නඟරං කාරයෝ දුටුවාම, මොළේ කළඳක් ඇති ඕනෑම ජහමනයෙකුට වැටහී යනවා ඇත. (රන්ජන් රමන යකාට ගේමක් දීමට, හිරු නාලිකාව වටලන්නේ, විවාදයේදි මතු වූ දේ සත්‍ය නිසාද? අසත්‍යයක් නම් අපහාස නඩු වලට යා හැකියි නේද? මොකෝ බඩුයි, නඩුයි, ජජුයි, ඔක්කෝම එයාලගෙ නිසා…)

එමෙන්ම, කාළයකට පසු, තම පක්ෂයට උරුම ප්‍රතිශතය වෙත ළඟාවූ අලි පාටියේ නායකයන්, ශරීර කෘත්‍ය මණ්ඩලය මෙන්ම, අලි බෙට්ට පෑගුන හාල්පාරුවන් පවා, පිස්සු වැටී, මොළේ කොලොප්පන් වීමෙන් නොනැවති, මොළය ඉඳිමීමේ ජැපනීස් ඇන්සපලයිටීස් වැළදුන, මඳ කිපුනු අලි මෙන් හැසිරෙන ආකාරයද, කැළයකට හෝ පින්නවල නොගොස්, සවස හතෙන් පසු, අට අනූ කෝටියක් චැනල් වල පෙන්වන, ගොන් කතා තුලින්, අපූරුවට බලා ගත හැකිය.

තවත් වසර දෙකක කාලයක් කිසි අවුලක් නැතිව රජකම් කිරීමට විවස්ථාවද මොකක්ද එකෙන් අවසරයකුත් දීලා තියෙන එකේ, ආන්ඩුවේ ඉන්නා හැම එකාගෙම අකමැත්තත් නොසලකා, පත “රිස්ක්” එකක් ගන්න යන්නේ ඇයි? අපි නිකන් සිහිනයකට වගේ හිතමු ලොක්කා පැරදුනාය කියා. මොකෝ එහෙම හිතන්න අයිතියක් තියෙනවනේ. එක්කෝ ලොක්කා දිනන්න ඕන, එක්කෝ පරදින්න ඕන. සම්බාවිතාව ෆිෆ්ටි ෆිෆ්ටි. හරි…, හදිසියේ හරි පැරදුනොත් මොකෑ වෙන්නේ? ගෙදර යන්න වෙනවා. ඒ කියන්න කාල්ටන් හවුස් එකට යන්න වෙනවා.

එතකොට ලොක්කට කියන්න බෑ නේ, මට තව අවුරුදු දෙකක් තියෙනවා, ඒ නිසා මම ඒක ඉඳලා ගියාට අවුලක් නෑ නේද කියලා. එහෙම කියන්න බෑ. ඒ අර, විවස්ථවාද මොකක්ද මලදානේ නිසා. ඒ කියන්නේ මේක මේ ජීවීතයත් මරණයත් අතර ගේමක් වගේ, පත රිස්ක් එකක්. ලොක්කට විතරය…. නෑ. ලොක්කට පුක උඩ දාගෙන වඳින උන්ට, වන්දිභට්ට සැට් එකට, සට්ටැඹියන්ට, පෙත්තපුලට, වඳුරන්ට, ඩෝබිලට, වටේ ඉන්න හාල්පාරුවන්ට, ඔක්කෝටම, කෙල වෙන වැඩක්. හරියට බිසනස් එක උකස් තියලා, කැසිනෝ ගහපු සක්විතියා කලා වගේ වැඩක්. වා නා වා, පෝ නම් පෝ, කම් ඕ ගෝ චිකාගෝ ගේමක්.

ඉතින් එහෙම රිස්ක් එකක් ගන්නෙ ඇයි? ලොක්කා දන්නවා ලොක්කා යුද්දෙ දින්නට. ආර්ථිකය ෆේල් කියලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි කියලා. (නැහ්නං ඉතින් පිස්සට හැත්ප්ම නෑ වගේ දඩි බිඩි ගාලා ඔක්කෝම අඩු කරන්න ඕන නෑ නේ. පැස්ටෝල් ඩීසල් නම් ඔයිටත් අඩුවෙන් දෙන්න පුළුවන් බොර තෙල් මිළ බහින බැහිල්ලට.) මේ සිස්ටම් එකටම තව අවුරුදු දෙකක් ගිහිල්ලා මනාපේ ඉල්ලන්න ගියොත්, ඇපත් නෑ කියන එක.

අපි එදා ඉඳලම කිව්වා, මිනිස්සු මහා ළොකු දේවල් ඉල්ලන්නේ නෑ. මිනිස්සු ඉල්ලන්නේ හාල් තුනපහ සිල්ලර ටික, සාඩින් ටින් එක, (මාළු වල ගාන ඇහුවාම මිනිස්සුන්ට රජිතගේ මාළු කන්න හිතෙන්නේ. එහෙම හිතෙන්නේ, ලොක්කට ආදෙරේ නිසා. නැත්නම් ඉතින් ලොක්කගේ මාළුම තමයි කන්න හිතෙන්නේ), හාල්මැස්සෝ ටික, පරිප්පු, සීනී, ළදරු කිරිපිටි, ඔන්න ඔය වගේ අත්‍යාවශ්‍ය භාන්ඩ කීපයක මිල අඩු කරලා දෙන්න කියලා විතරයි. එහෙම දෙනවනම් මිනිස්සු වැඩි පඩි ඉල්ලන්නෙත් නෑ. වැඩි පඩි ඉල්ලන්නේ, බඩු මිල අම්බානක වැඩි නිසා. නැතුව වැඩි පඩි ඉල්ලන්නෙ, කැසිනෝ ගහන්න නෙමෙයිනේ. නමුත් කළේ මොකක්ද මේ අත්‍යාවශ්‍ය භාන්ඩ ඔක්කෝටම කන පැලෙන්න බදු ගහපු එක. මේවා මොකා කලත්, හෙන පාත් වෙන වැඩ.

ඇත්තටම මිනිස්සුන්ට කැසිනෝ නෙමෙයි, ඕන මළදානයක් දාගත්තට අවුලක් නෑ. මිනිස්සුන්ට ඕන, නිදහසේ කාලා බීලා, ආතල් එකේ ඉන්න. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මහා ළොකු බලාපොරොත්තු නෑ. කලින් කියපු විදියට ජීවත් වෙන්න තිබුනා නම් ඇති. එහෙම තියෙන කොට පිනක් දහමක් කර ගෙන, අවුරුද්දකට සැරයක් වට වන්දනාවේ ගිහිල්ලා එන්න තියෙනවනම්, ඒ ඇති. ඕන නම් මහා ළොකුවට දඹදිව යයි. මිනිස්සු තාමත් ඒ තරම් සරළයි. ඒ වගේම නූගත්. උගත් උන්ගෙත් ඊට එහා වෙනසක් නෑ.. ඔය ආන්ඩුවේ හිඟන පැන්සොන් රස්සාවක් අරගෙන, නාකි උනාම දරුවන්ගේ දරුවෝ බලාගෙන, පන්සල් වල පඩ ඇර ඇර, නිවන් හොයන එක තමයි කරන්නේ. ඒත් එහෙම මිනිහටත් මල පනින්නේ, අඩු ගානේ බඩේ බත් ටික දාගන්න බැරි උනාම. ඒ කියන්නේ, ආන්ඩුවට ඒ මිනිස්සු සැටිස් කරන්න බෑ. ඒ කියන්නේ ආන්ඩුව ෆේල්. ආර්ථික අතින්, අන්තිම ෆේල්.

ඔය සුපර් මාකට් වලයි, ටී වී වලයි ආශ්චර්යේ පෙන්නුවට, අනික් හැම කඩේම තියෙන්නේ, ෂැෂේ පැකට්. ඒ කියන්නේ ඒක පුදගල ආදායම ඩොලර් 3000 – 4000 යි කිව්වට මේ රටේ ආර්ථිකය ඇවිල්ලා “ෂැෂේ ආර්ථිකයක්”. බොරු නම් ඕනම කඩේකට ගිහින් බලන්න. හැම භාන්ඩෙම, හින්නික්කිතර චූටී පැකට් එකකට දාලා, මුළු කඩේ පුරාම එල්ලලා. කොච්චර පැකට් ජාති තියෙනවද කියනවා නම්, ප්‍රීති පැකට් උනත් හංගන්නේ නැතිව, වැල් පිටින් එල්ලලා විකුණන්න පුළුවන්, කිසි අවුලක් නැතුව. හැම දේම, රුපියල් 20 කට, රුපියල් 10 කට අඩුවෙන් දෙන්න තමයි බලන්නේ.

ඉස්සර නම්, මිනිස්සු මේවා ගන්න ලැජ්ජයි. ඒත් දැන් හැමෝම ගන්නේ, ඒ විදියට. කොටින්ම කියනව නම් ලොක්කා…, “ගල්” කාලේ බෝතල් තිබුනට, බාර් එක ළඟ සෙට් වෙලා, හතර දෙනෙක් සෙට් උනාම, ගල් බෝතලයක් අරගෙන, හතර දෙනා බෙදා ගන්නේ මිනිස්සුන්ට ඒ රුපියල් 40-50 ත් බොහොම වටින නිසා. මේවා කරන්නේ, පොලීසියට හොරෙන්. අහු උනොත් හෙම, පොලිස් පෙත්තප්පු, ඤෑ ඤෑ ගෑවට, ඡේතවනාරාමේ බුදු රැස් පේන්න, කන්න වෙනවා. මිනිස්සු රුපියල් 40-50 ට එහෙම රිස්ක් එකක් ගන්නේ, ඩ්‍රින්ක් එකක් දාන්නෙත් බොහොම අමාරුවෙන් නිසා. කොහොමත් ළඟදීම, අරක්කුත්, ෂැෂේ පැකට් එයි. ඩ්‍රෑම් පනහේ වගේ.. සිකැරට් එකත් දෙකට කඩලා විකුනයි. දැනටත් එක සිකැරට් එක හතර දෙනා ගහන්නේ. නැහ්නං බීඩී. පියෝ ටුබෑකෝ, ඉස්ට්‍රේට් ටු ද ලන්ස්…

දැන් අපි එමු චානුකගේ ළිපියට. චානුක කියන්නේ එජාපය බලයට එන්න නම්, එයාලගෙ ආර්ථික ප්‍රතිපත්තිය මිනිස්සුන්ට කියන්න කියලා. අර රාජ් කිව්වා වගේ ,එයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාවට කිව්වොත් හෙම, විමල් වීරවංශ දෙනවා, රනිල්ගේ මයිල් විතරක් නෙමෙයි, පුකත් නැතිවෙන්න. රනිල් අදටත් කන්නේ, චානුකත් කිව්වා වගේ, ආන්ඩුවේ රස්සාවල් නොදීපු එකට. ඒත්, ඒක හොඳ දෙයක් කියලා චානුකත් පිලිගන්නවා, මාතලනුත් පිලිගන්නවා. ඉතින් ඕවා කිව්වොත් හෙම, ගමේ ඉන්න යූ ඇන් පී කාරයටත් ගොම ගහනවා. ඒවා කියන්න බෑ. ඒවා ආවම කරන්න ඕන වැඩ.

අනික චානුකම පිලිගන්නවා, යූ ඇන් පීය ආපු හැම වතාවෙම, ආර්ථිකය ශක්තිමත් වෙච්ච බව. ඒ වගේම නිශ්චිත ආර්ථික ප්‍රොතිපත්තියක් තිබුන බව. මධ්‍යස්ථ, කැපුවත් නිල්, කැපුවත් වම, කැපුවත් රතු එකා උනත් පිලිගන්න දේ තමයි, යූ ඇන් පීය ආවම ආර්ථිකය දියුණු වෙනවා කියන එක. ජීවන බර ඒ තරම් දැනෙන්නේ නැතෙයිය කියන එක. එතකොට හදිසියේ හරි රනිල් ආවොත්, මහින්ද මහත්තයා කරන, “රිගේනින් සිරි ලංකා මහින්ද ඉස්ටයිල්” වැඩ පිලිවලම, චීනත් එක්ක ඉස්සරහට යාවි. මොන මළදානයක් හරි කරලා, ආර්ථිකේ හදාවි. එතකොට ඇත්තටම ඉකොනමි පොලිසි එකක් ඕන රනිල්ට නෙමෙයි, මහින්ද මහත්තයට.

මහින්ද මහත්තයා දිනන්න නම්, දැන් බඩු ම්ළ අරවා මේවා අඩු කරලා වැඩක් නෑ. මුලින්ම කරන්න ඕන පුංචි බන්ඩා ජයසුන්දර මහා ආර්ථික විද්‍යඥ්ඥයයි, ආර්ථිකය පිළිබඳ සකල කළා වල්ලභ, අජිත් නෙවාඩ් කබරාලයි දෙන්නම විදේශ සේවයට අනුයුක්ත කරන එක. මොකෝ, ඒක අර රජ කාළේ කලා වගේ, රටින් පිටුවහල් කිරීමක් වන නිසා. ඒ දෙන්නා තමයි ලොක්කට දිරච්ච කඹ දිලා ලොක්කව විනාශ කරන්නේ. ඕනම නම්, අධික්සොන මන්තිරිට කියලා, කම්බුල් පාරවල් කීපෙකුත් දෙන්න බැරිය. හැබයි මෙහෙම දේකුත් කියන්න ඕන. ඒ මහත්තුරු දෙන්නට මුකුත් කොරන්න නොදි, ඒ මහත්තුරු වැඩ කරන්නේ ලොක්කා කියන විදියට නම්, ඒ දෙන්නා රටින් පිටුවහල් කරන එක පවු. එහෙම නම් අපට කියන්න තියෙන්නේ, මහ රජ, ඔබ තුමා අම්බානක වැරදියි කියලයි.

මේ රට හදන්න නම්, යටි තල පහසුකම් වලට විතරක් මුල් තැන දීලා වැඩක් නෑ. අනික ආන්ඩුව හැම දේම බදාගෙන බෑ. ආන්ඩුවේ රස්සාවල් දීලා, මෙළෝ රහක් නැති, රටටත් වැඩක් නැති, උන්ටත් වැඩක් නැති, පින් පඩි කාරයෝ බිහි කරලා වැඩක් නෑ. මොකෝ උන්ට දෙන්න වෙන්නෙත් අපි හම්බ කරන එකෙන්. බලන්න, දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු පහක් වෙලා. තාමත් අපේ ප්‍රධාන ආදායම, වහල් වෙළඳාම. ආන්ඩුවේ හැම එකාම බාර් දානවා වෙනුවට, රජයේ බැංකුවලින්ම ලෝන් අරගෙන, අර ප්‍රේමදාස මහත්තයා කරපු ඇඟළුම් කර්මාණ්තේ ව්‍යාපෘතිය දිගටම ගෙනිච්චා නම්, ඇමතිවරුන්ටත් සල්ලි හම්බ වෙනවා. ගමේ ගෑණු මිනිස්සුන්ට රස්සාවල් හම්බ වෙනවා. නිකන්ම ගම දියුණු වෙනවා.

බාර් අඩු උනාම මිනිස්සු බොන්නෙත් නෑ.. මිනිස්සු එතකොට සල්ලි වලට ආදරය කරන්න පටන් ගන්නවා. මිනිස්සු ඉතුරු කරනවා. එයාලම හමබ කරලා ගත්ත මොටෝ බයික් එකේ හරි, “කැට් කූල්” එකේ හරි, මග නැඟුම දිගේ, ආතල් එකේ යනවා. මහින්ද මහත්තයගේ පොටෝ එකකුත් අලවගෙන. මොකෝ ඒවා ඇලෙව්වම ලයිසොන් ඉන්සූරන්ස් ඕන නෑ. පොලෝසිය මහින්ද මහත්තයගේ පොටෝ එකටත් බයයි.

ඒ සුළු කාළය තුල, ගම් කොච්චර දියුණු උනාද? කී දෙනෙකුට රැකියා ලැබුනද? වක්‍ර රැකියා කොයි තරම් බිහි උනාද? සබ් ඒජන්ට්ලා කී දෙනෙක් බිහි උනාද? ගෙදර ඉඳගෙන මහලා කී දෙනෙක් හම්බ කලාද? ලංකාවේ ප්‍රධාන ආදයම ඒක උනා, ඉතා සුළු කාලයකින්. ඇඟලුම්ම වෙන්න අවශ්‍යමත් නෑ. මොකක් හරි එක ගමකට එක කර්මාන්ත ශාලාවක් පටන් ගත්තාම හරි. එතකොට කර්මාන්ත 33000 ක් ඉබේම ඇතිවෙනවා. මේ ඇති මුළු රටටම. මොකෝ, ඇමති තුමා කරන එක තමයි, (දැන් ජනතා සේවකයෝ කියලා පිරිසක් නෑ නේ. ඉන්නේ බිස්නස් කාරයෝ සෙට් එකක් නිසා.) වටේ ඉන්න උනුත් කරන්නේ.

අද හැම එකාම කරන්නේ, නිශ්පාදන ආර්ථික නෙමෙයි, සේවා ආර්ථික. ඒවත් පට්ට සේවා. කොල්ලන්ට කෙල්ලන්ට ඒ සී රූම්. ඒ කියන්නේ ගෙස්ට් හවුස්, බඩු ඉස්පොට්, බ්‍රොතල් හවුස්. බාර්, රැස්ටොරන්ට්, කුඩු ඉස්පොට්, ගංජා කල්ටිවේසොන්, කසියා පෙරීම්ස්, ඕන් ඕවා. ඒ වෙනුවට පළාතෙ මහ එකා, ගාමන්ට් එකක් පටන් ගත්තොත්, අනික් උනුත් පොඩි පොඩි ඒවා හරි දානවා, මොන ජල්බරිය හරි දාලා. හැබයි ඉතින් ආදරුසෙ එන්නේ ඕනා රජ මාලිගෙන්මයි.

ඒ කියන්නේ, මුල් තැන දෙන්න ඕන නිශ්පාදන ආර්ථික ක්‍රියාවලියකට. (හැබයි ඉතින් අරක්කු බියර් නෙමෙයි. ඒව නම් දැනටත් පටන් අරගෙන.) කෘෂිකාර්මික ජන පදනමක් ඇති පලාත්වල, කෘෂි නිශ්පාදන ක්‍රියාවලියක් වගේ දේවල්. ඒවට මේ තරම් මැති අමතිවරු ඕනත් නෑ.. මැද පෙරදිග කාන්තාරේ ගිහින් වවන්නෙ, අපේ කෘෂි විශේෂඥයෝ. ඉතින් නියමාකාරයෙන් කරනවා නම්, ඇයි උන්ගේ සේවය මෙහේට ගන්න බැරි. ඒ ඩිග්‍රිය ගත්ත එකා පනිනවා, ඔට්ටේලියා, නිව් සී ලෑන්ඩ්.

මහා ළොකු කාලයක් ඕන නෑ. අවුරුදු දෙකෙන් තුනෙන් මේ රට සුර පුරයක් කරන්න පුළුවන්, යටි තල පහසුකම් සංවර්ධනයක් එක්කම. එකම් දේ, දැක්මක්, ප්‍රතිපත්තියක්, නැති එක විතරයි. ඔය යටි තල පහසුකම් වැඩෙයි, නගර ලස්සන කරන වැඩෙයි, ඝෝථාභය මහත්තයා ලස්සනට කරගෙන යාවී. ඒයා යුද්දෙත් ඉවර කලා. අදත් හැම එකාටම කතා කරන්න තියෙන්නේ එච්චරයි. ඒ ඇරුනම නාගරික සංවර්ධනය හා නගර අලංකාරණය. එතකොට වැඩක් කරලා තියෙන්නේ ගෝඨාභය සෙනවියා විතරයි. අනෙක් එකෙක් ගෙන් වත් තඹ දොයිතුවක වැඩක් නෑ.

ආයේ දින්නොත්, මහින්ද මහත්තයට ඔප්සොන් දෙකක් තියෙනවා. පළවෙනි එක සහ හොඳම එක, ලොක්කට පුළුවන්, යටි තල පහසුකම් සංවර්ධනය අභිබවා යන නිශ්පාදන ආර්ථික ක්‍රමයක් ආරම්බ කර, අත්‍යාවශ්‍ය භාන්ඩ සුළු ප්‍රමාණයේ, සියළු බදු අඩු කොට, ජනතාව බඩගින්නේ නොතබා, මේ රට සුරපුරයක් වගේම, ආර්ථික අතින් ඉතා දියුණු, ප්‍රීතිමත් පුරවැසියන් සිටින, දියුණු ළෝකයේ රටක් කරන්න.

ඒ වගේම, දෙවන ඔප්සොන් එක තමයි, මේ තියෙන වර්ස් කේස් සිනාරියෝ එක ඉදිරියටම ගෙනියන එක. මේ ඉන්න හාල් පාරුවෝ සෙට් එකත් එහෙමම තියාගෙන, මීටත් වඩා චොර වෙලා, මේ රට විනාශ කරපු ජන අප්‍රිය නායකයෙක් ලෙස, ඉතිහාස ගත වෙන එක. ඒ විතරක් නෙමෙයි, ආර්ථික වශයෙන් පිරිහෙනවා කියන්නේ, මර්ධනය තව දරුණු වෙන එක. ඒකේ ප්‍රති විපාක මම කියන්න ඕන නෑ නේ. එක කාටත් අහිතකරයි. හැබයි ඉතින් මේ ඉන්න හාල් පාරුවෝ සෙට් එක එක්කම නම් ගමන යන්නේ, ඊළඟ පාර බලේට ආව ගමන්, ඔය ව්‍යවස්තාවද මොකක්ද එක ගිනි තියලා.. චීනේ ඉට්ටයිල් එකටම, රට කරවන එකයි තියෙන්නේ.

ආයේ ඡන්ද ඕන නෑ..

තැටිය රත් වෙච්චි වෙලාවෙත්, රොටියක් පුච්ච ගන්න බැරි විපක්සෙකට, අහවල් කාරිය කොරන්නෙයි චන්ද…?

උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල