අධ්‍යාපනික, දේශපාලන

සිරියානු යුද්ධය – අවසානයක් නොමැති සටන් විරාම

Off

ජනවාරි මස 12 දා ඊසානදිග සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ අලුත් සටන් විරාමයක් ආරම්භ විය. රජයට පක්ෂපාතී හමුදා දකුණු ඉඩ්ලිබ් හි පසුගිය සමයේ අත් කරගත් ජයග්‍රහණවලින් පසුව මෙවර සටන් විරාමය ඇති කරගන්නේ රුසියාවේ සහ තුර්කියේ එකඟත්වය මතයි. සටන් විරාමය ආරම්භ වී පැය කිහිපයකට පසුව හයාට් ටරිර් අල්-ෂාම් (කලින් සිරියාවේ අල්කයිඩා ශාඛාව) කණ්ඩායම සහ එහි මිත්‍ර කණ්ඩායම් ඇලපෝ නගරයේ ෂබා, අල්-කලිඩියා,අල්-නෙයිල්, අල්-සබීල් සහ ටිෂ් රීන් යන දිස්ත්‍රික්ක ඉලක්ක කර කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ. එහිදී සිවිල් වැසියන් තිදෙනෙක් මියගොස් පස්දෙනෙක් තුවාල ලබා ඇත.

එම ප්‍රහාර නොසලකා හරිමින්, සිරියානු හමුදාව ඉඩ්ලිබ්හි සටන්කාමීන්ට එරෙහිව සිදු කරන සියලු මෙහෙයුම්, සටන්කාමීන්ගේ යටිතල පහසුකම් විනාශ කිරීමට ගුවන් බෝම්බ හෙළීම් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම නවතා දැමූවේය. දැන් රජයේ හමුදා ප්‍රහාර එල්ල කරන්නේ හයාට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර කණ්ඩායම්වලින් ප්‍රහාරයක් එල්ල වුවහොත් පමණි.ඔවුන් රුසියානු සමගිසන්ධාන මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයක් ඇතිව, සටන්කාමීන් පාලන ප්‍රදේශවලින් සිවිල් වැසියන්ට ආරක්ෂිතව ඉවත්ව යෑම සඳහා මානුෂීය කොරිඩෝර තුනක් (දකුණු ඉඩ්ලිබ් හි – අල්-හොබෙයිට්, ගිනිකොණදිග ඉඩ්ලිබ් හි – අබු ඩුහුර්, නිරිතදිග ඇලපෝ හි – අල්-හඩර්) විවෘත කර තිබේ. ඉඩ්ලිබ් හි විපක්ෂය/සටන්කාමීන් ඊට ප්‍රතිචාර වශයෙන් තමන්ගේම මුර පොල කිහිපයක් ඉහත කී කොරිඩෝර ආසන්නයේ පිහිටුවා ඇත.තම පාලන ප්‍රදේශවලින් ඉවත්ව යෑමට යමෙකුට අවශ්‍ය නම් ඔවුන් නිල නොවන බද්දක් ගෙවීමට සිදුවන බව සටන්කාමීන් පවසා තිබේ.

අලුත් සටන්විරාමයට, ඉඩ්ලිබ් සටන්කාමීන්ගේ ප්‍රශ්නයට යුදමය විසඳුමක් ලබා ගැනීමට සහාය පල කරන පිරිස් වෙතින් ප්‍රබල ඝෘණාත්මක ප්‍රතිචාරයක් එල්ල වී ඇත. අල්කයිඩා පන්නයේ හයාට් ටරිර් අල්-ෂාම් ආදි කණ්ඩායම් සිරියාවේ මෙම කොටසේ බලය අල්ලාගෙන සිටින තෙක් සාමය ලගා කර නොගත හැකි යැයි ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ නිසා, තුර්කියේ සහාය ලබන ‘මධ්‍යස්ථ කැරලිකරුවන්ට’ අල්කයිඩාවෙන් වෙන්වන්නට නොහැකි නම් ඔවුන්ටද හමුදා මෙහෙයුමකට මුහුණ දීමට සිදුවේවි. අනෙක් පසින්, ඉඩ්ලිබ් සන්නද්ධ කණ්ඩායම්වලට සහාය පළකරන පිරිස් කියා සිටින්නේ සිරියානු හමුදාව,රුසියාව සහ ඉරානය සිය හමුදා ශක්තියට බිය වී ඇති බවයි. තවත් වරෙක ඔවුන් මෙම සටන්විරාමය, යම් ආකාරයක ආක්‍රමණශීලීත්වය ලෙස හඳුන්වන්නේ එමගින් සිවිල් වැසියන්ට ඉඩ්ලිබ් පළාත හැර යෑමට ඉඩ ලැබීමත්, ඒ හරහා ප්‍රදේශයේ මිනිස් පළිහ ඉවත් වීමත් යන කාරණා හේතුවෙනි.

2018 සැප්තැම්බර් මාසයේදී ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය පිහිටුවීමෙන් පසුව අන්තවාදී සටන්කාමීන්ට එරෙහිව මේ දක්වා සිදු කර තිබෙන සැලකිය යුතු මට්ටමේ යුද මෙහෙයුම් ගණන තුනකි.

2019 අප්‍රේල්-ජූනි ක්‍රියාන්විතය: රජයේ හමුදා වයඹදිග සිරියාවේ කැෆ්ර් නබුඩා නගරය සහ ඒ අවට ගම්මාන ගණනාවක් මුදා ගත්හ.
අගෝස්තු ක්‍රියාන්විතය: දකුණු ඉඩ්ලිබ් හි කාන් ෂයිකුන් නගරය සහ ආසන්නයේ තිබෙන ප්‍රදේශ මුදා ගත්තේය.
දකුණු ඉඩ්ලිබ්හි නොවැම්බර්-දෙසැම්බර් මෙහෙයුම: ගම්මාන සහ ජනාවාස 30කට ආසන්න ප්‍රමාණයක් මුදා ගත්තේය. එම් 5 මහා මාර්ගයේ පිහිටා ඇති සටන්කාමීන්ගේ තවත් බලකොටුවක් වන මරාට් අල්-නුමන් නගරයට පහරදිය හැකි සීමාවේ හමුදාව ස්ථානගත විය.

මෙම සියලු මෙහෙයුම් අවසන් වූයේ සහ අතරමගදී නවතා දැමුවේ තාවකාලික සටන් විරාම මගිනි. පහත දැක්වෙන්නේ සිදුවීම් පෙළ නැවත නැවත සිදුවන බව පෙනෙන්නට තිබේ.

තුර්කිය, රුසියාව, ඩැමැස්කස් සහ තුර්කි ප්‍රොක්සි හමුදා විපක්ෂය ගැටුම් අවසන් කිරීමට සහ ත්‍රස්තවාදීන් හා මධ්‍යස්ථ කැරලිකරුවන් වෙන් කිරීමට එකඟ වූහ.
මධ්‍යස්ථ කැරලිකරුවන්, ත්‍රස්තවාදීන්ගෙන් වෙන් නොවූහ. හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලුවලට දිගටම ප්‍රහාර එල්ල විය. කෲර අෂාඩ් පාලන තන්ත්‍රයට බියට පත්ව ඇතැයි බවත්, රෙජිමය සහ එහි ආධාරකරුවන් මැඩපැවැත්වීමට ක්‍රියා කරන බවත් ඉඩ්ලිබ් සටන්කාමී කණ්ඩායම්වල නායකයෝ පැවසූහ.
සිවිල් වැසියන්ට ඉඩ්ලිබ් පළාතෙන් ඉවත්ව යෑම සඳහා සිරියානු හමුදාව සහ සමගි සන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානය මානුෂීය කොරිඩෝරයන් පිහිටුවන ලදි. සටන්කාමීන් සිවිල් වැසියන් ඉවත් යෑම වළක්වමින් එම කාර්යයට බාධා පැමිණවීය. එම බාධා නොසලකා හරිමින් යම් පිරිසක් රජයේ පාලන ප්‍රදේශය වෙත ලගා වූහ.
රජයේ හමුදා ක්‍රියාන්විතයක් අරඹා සටන්කාමීන්ට බලවත් පසුබෑමක් අත් කර දෙමින් සැලකිය යුතු භූමි ප්‍රමාණයක පාලනය ලබා ගත්හ.
ඉඩ්ලිබ් හි ළපටි ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවලට එරෙහිව සිරියානු හමුදා සිදු කරන අපරාධ සම්බන්ධව වාර්තා ගණනාවක් ‘ජාත්‍යන්තර ප්‍රජාව’ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කලහ.තුර්කිය සහ රුසියාව තවත් සටන්විරාමයකට එකඟ විය.මෙම සිදුවීම් පෙළ නැවත නැවතත් සිදුවෙමින් තිබේ.

මේ දෙසට මුලින්ම බලද්දී පෙනී යන්නේ එය සෘජු තර්කයකට පටහැනි බවයි. නමුත් බිම් මට්ටමේ ප්‍රධාන රජුන්තනන්නෙක් වශයෙන් අල්කයිඩාව සිටින තාක් සැබෑ සටන්විරාමයක් සහ දේශපාලනික විසඳුමක් සඳහා යා හැකි ‍යැයි යමෙක් විශ්වාස කරනවා නම් එය විය නොහැක්කකි. කෙසේවෙතත් මෙම වාතාවරණය හරහා පැහැදිලිව පෙනෙන ප්‍රතිඵල අත් කරගෙන තිබේ. ඉඩ්ලිබ් වලින් සිවිල් වැසියන් වැඩි වැඩියෙන් ඉවත් කරගෙන, සිරියානු හමුදාව ප්‍රදේශ වැඩි වැඩියෙන් මුදාගත්හ.පසුගිය දෙසැම්බරයේ ක්‍රියාන්විතයේදී, යමක් වැරදී ගිය බව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ආධාරකරුවන් පවා සැක කලහ. මෙම තත්ත්වයන් යටතේ ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ කලාපය මුලුමනින්ම අන්තවාදීන්ගෙන් මුදා ගන්නට මෙවැනි ආකාරයේ සටන්විරාම කොපමණ අවශ්‍ය වේද යන්නයි.

සංග්‍රාම භූමිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල