අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන

ඊශ්‍රායලය හෙළි කල නවතම අධි-ශක්ති ලේසර් තාක්ෂණය

Off

අතිනවීන ලේසර් අවියක් නිපදවූ බව ජනවාරි 9දා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.රොකට් සහ යුද ටැංකි නාශක නියාමක මිසයිල ඇතුලුව ගුවනින් පැමිණෙන තර්ජන මැඩ පැවැත්විය හැකි නවතම ලේසර් තාක්ෂණයක් ඊශ්‍රායලය විසින් සංවර්ධනය කර තිබේ.

අලුත් ලේසර් තාක්ෂණය මගින් යුදෝපකරණ වඩාත් මාරක,වඩාත් බලවත් සහ වඩාත් දියුණු තත්ත්වයට පත් කරන බව ආරක්ෂක අමාත්‍යවරයා නැෆ්ටාලි බෙන්නෙට් පැවසුවේය.

මෙම ලේසර් අවිය උතුරින් සහ දකුණින් පැමිණෙන තර්ජන සමග ගනුදෙනු කිරීමට එකතු කරනවා යැයි අමාත්‍යවරයා කීය.

පසුගිය වර්ෂයන්හි සිදු කල පර්යේෂණ සහ සංවර්ධන හේතුවෙන් ඊශ්‍රායලය අධි-ශක්ති ලේසර් පද්ධති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ රාජ්‍යයන් අතරට එක්ව තිබේ යැයි බ්‍රිගේඩියර් ජෙනරල් යනිව් රොටෙම් ප්‍රකාශ කලේය.

දියුණු ඇල්ගොරිතමක් සමග ලේසර් කදම්භ කිහිපයක් එක් කරගෙන තනි ශක්තිමක් කදම්භයක් නිර්මාණය කර විවිධාකාරයේ තර්ජන බිම හෙළන්නට හැකි වූ බව එම ලේසර් තාක්ෂණය සොයා ගැනීමට දායක වූ ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ සහ සංවර්ධන ඒකකයේ ප්‍රකාශ-විද්‍යුත් අංශයේ ප්‍රධානියා සඳහන් කලේය.

රසායනික ලේසර් තාක්ෂණයට වඩා අධි-ශක්ති විද්‍යුත් ලේසර් මත පදනම් වූ මෙම නවතම තාක්ෂණය හරහා ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතියට අලුත් ස්ථරයක් එක් වේවි.එමගින් සිය රටේ ආරක්ෂක හැකියාවන් හි විශාල දියුණුවක් වනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

අලුත් තාක්ෂණය නිසා අඩු වියදමක්,ඉහළ කාර්යක්ෂමතාවයක් ඇතිව ලේසර් අවි භාවිතා කිරීමට හැකියාව ලැබෙන බව ඊශ්‍රායලය කියයි.එමගින් අයන් ඩෝම් වැනි මිලාධික ගුවන් ආරක්ෂක පද්ධති යොදාගෙන සිදු කරන මිසයිල අන්තඃඛණ්ඩන ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අවම වනු ඇත.

බ්‍රිගේඩියර් ජෙනරල් රොටෙම්ට අනුව මෙම අවිය ක්‍රියාත්මක වෙනවා දකින්නට හෝ අසන්නට නොහැකිය.තවද විදුලි බලය තිබෙන තාක් මෙම අවිය ක්‍රියාත්මකය.මෙය සංග්‍රාම භූමියේ හැරවුම් ලක්ෂයක් වන්නේ ඒ නිසා යැයි ඔහු පැවසීය.

ගොඩබිම මූලික කරගත් ලේසර් අවි පද්ධතිය මගින් අයන් ඩෝම් මිසයිල පද්ධතිය අඩුපාඩු සම්පුර්ණ කරනු ඇත.
ක්ෂේත්‍රයේ සිටින සෙබලුන් ආරක්ෂා කිරීම සඳහා වාහනවල සවි කල හැකි ලේසර් අවි පද්ධති නිර්මාණය කරාවි.
ඉහළ අහසේදී සතුරු තර්ජන අන්තඃඛණ්ඩනය සඳහා ලේසර් අවි පද්ධති ගුවන් යානා ආදියේ සවි කරනු ඇත.එමගින් අහසේ විශාල ප්‍රදේශයක් ආවරණය කරයි.

අලුත් තාක්ෂණයේ අත්හදා බැලීම් 2020 වර්ෂයේදී සිදු කිරීමට නියමිතය.

දේශසීමාව හරහා පුපුරණ ද්‍රව්‍ය හෝ ගිනිගන්නා සුළු අවි භාවිතා කරන්නට යොදා ගන්නා බැලූන සහ ඩ්‍රෝන් යානා බිම හෙළීමට යොදාගත හැකි කුඩා ප්‍රමාණයේ අලුත් ලේසර් අවිය සංවර්ධනය කල බව 2019 වර්ෂයේ දෙසැම්බර් 30 දා ඊශ්‍රායලය නිවේදනය කලේය.

සංග්‍රාම භූමිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල