සඳැස් / නිසඳැස්

තවත් එක් බොහීමියානුවෙක් ඕනෑකර තිබේ

Off

නහර පෑදුණු ඇඟිලි තුඩුවල
ගැවසිච්ච ෆිල්ටරේ
ඊයෙත් දැක්ක මං
දිරනවා කාණුවේ
ඉදහිටක බෝඩිමේ
හිස්වෙච්ච
බියර් ගල් බෝතල්
දොර මුල්ලෙ තාමත්
ඉකිබිඳිනවා පාළුවේ……….

“මල්ලි. මේ moment එකේ ජීවත් වෙයන්. අනිත් ඒව අල්ලලා දාපන්. ලෝකෙ කැරකෙනවනෙ. කැරකෙන්න එපැයි නේ? ඒ කියල අපි කැරකිලා වැඩක් නෑනෙ. නේ? මං නිදාගන්නව. ලයිට් එක ඕෆ් කරපන් වැඩ ඉවර වෙලා.”

උඹ තාම නිදිද බං
රුසියාවටත් හිම වැටුණෙ
මෙන්න මේ කාලයේ
නතාෂත් ඇති
වෙවුල වෙවුලා සීතලේ
හෙමිහිට අඩිය තියලා
යමං එලියට
හංදියෙ කඩේ
සිගරට් තියෙයි මේ වෙලේ.………..

කුරුසියේ ඇණගහගත්ත ඉරීනා
හොයනවලු තාමත්
ආදරේ හිම අස්සෙ හංගාපු තැන්වල
වෙරිවෙච්ච ඇලෙක්සැන්දර
විමුක්තිය මුට්ටියක දාගෙන
බීවලු පොල් ගහක් යට ඉදගෙන.………

සිව්වසක් කියන්නෙත්
හරිම දිග කාලයක් යාළුවේ……..

“මල්ලියේ… කවියක් කියන්නේ අවියක්. පුළුවන් වෙලේක ලියපන්. ලියල හම්බෙන වෙලාවක කියපන්.”

ගොගල් දාගත් ගොගොල්
එල්ලිච්ච ඇණ තාම බිත්තියේ
පොලිටිකල් කවි මරපු
මිඩ්නයිට් කොච්චරක්
පහුකරපු හැටි
අපි අපේ පාඩුවේ…….

“මල්ලියෙ ආයෙ හම්බෙයි අපිත්
උඹත් අඩියක් ගහන දවසක……..”

එලියට බැස්ස බැස්සමයි
ආයෙ ආවේ නෑ උඹ
උඹ ගෙනා
ගල් බෝතලේ ඉතිරිය
තාම බෝඩිමෙ
මං එක්ක තනියෙම……..

ඉතින්
මාස්ටර් ඇවිදින්
ඉල්ලුවත් ආදරය,
ඉතිරි නෑ බං
උඹ කිව්ව විදිහට
බෙදුව මං ඔක්කොම……..

✍️ සර් එඩ්වඩ් බාන්ස්

කොලනියක_කෙලවර

ආදරයද ශූන්‍යත්වයේම එක දිගුවක් බව නොකියා කියාදුන් පසන් අයියේ උඹට. ඉන්න තැනක හිනාවෙලාම ඉදපන්. ආදරෙයි. ❤️

මාතලන්ගෙ පත්තරේ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල