කාලීන සංවාද, ප්‍රහසන

ජීවිතයේ නීති 2

Off

බිස්මාර්ක්ගේ නීතිය :-
මිනිසුන් සොසේජස් සහ නීති හදන ආකාරය දන්නේ නැති තරමට ඔවුන්ට හොඳට නින්ද යයි.

වෙළඳ නීතිය :-
ඌරෙක්ට සින්දු කියන්න ඉගැන්විය යුතු නැත. එයින් ඔබේ වෙලාව නාස්ති වේ. ඌරා ද විඩාවට පත් වේ.

ශේෂ්ටෙස්ටරන්ගේ නීතිය :-
දුම්රියක් අල්ලා ගැනීමට හොඳම ක්‍රමය, ඉන් පෙර දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියට නැගීමට නොහැකි වීමය.

බෙන්ක්ලේගේ නීතිය :-
දුම්රියේ පන්ති දෙකක් පමණක් ඇත. පළවන පන්තිය සහ ළමයි සමඟ දුම්රියේ යෑම වේ.

ෆෂ්ගේ නීතිය :-
ගමන් බලපත්‍රයේ ඔබේ පින්තුරය දෙස බැලූ විට ඔබට ගුවන් ගමනක් යෙදෙන්නට නොහැකි ලෙඩෙක් හෝ හොරෙක් බව පෙනී යයි.

ගොබෙල්ගේ නීතිය :-
එකම බොරුව දහස් වතාවක් කියන විට සත්‍යයක් වේ.

අමරදේවගේ නීතිය :-
මේ ගුරුපාරේ, මේ දොළ අයිනේ අපේ රහස් සැඟවී ඇත.

මිලර්ගේ නීතිය :-
දේවල් නැතිවන්නේ, ඒවා නැතිවුන තැනම නොසොයන හෙයිණි.

අලි අහමඩ්ගේ නීතිය :-
ගැහැණුන් වයසට යන්න යන්න, ආගමික වී සිරුර වසා ගැනීම වැඩි වේ.

ලිට් ගේ නීතිය :-
හදිසියට හේතුව ප්‍රමාදයද, ප්‍රමාදයට හේතුව හදිසියද වේ.

මාක්ස්ගේ නීතිය :-
වැඩි ධනය දුප්පතුන් අතරේ බෙදා දිය යුතුය.

ඔල්ම්ස්ටඩ් ගේ නීතිය :-
සියල්ල කර කී අවසාන වූ විට, ඇත්තටම කී දේවල් වැඩිය.

ලලිත්ගේ නීතිය :-
ගැහැණුන් ‘එපා ’ කියන්නේ ‘ඕනා’ කීමට අතර, ‘ඕනා’ කියන්නේ ‘එපා’ කීමටය.

පාර්සන්ගේ නීතිය :-
ඔබගේ බිරිදගෙන් ඕනෑම අවස්ථාවක සමාව ඉල්ලා විට ලැබෙන එකම පිළිතුර, “දැන් ප්‍රමාද වැඩිය” යන්නය.

ක්විග්ලේගේ නීතිය :-
සීතල දිනෙක දකුණු අත් පළඳනාව ගැලවූ විට, යතුරු කැරැල්ල ඇත්තේ වම් සාක්කුවේ වේ.

සීගර්ගේ නීතිය :-
පඩි වැඩිවීම්, බෝනස්, ණය මොනවා ලැබුණද මාසය අවසානයේ ඉතිරිවන මුදල වෙනස් නොවේ.

වෝකල්ගේ නීතිය :-
යමක් කර නැත්නම්, එය වී නොමැත.

තෝමස්ගේ නීතිය :-
ඔබ මොන තරම් හොඳින් දෙයක් කලද කවුරුන් හෝ එයට අකමැතිය.

ටූමිගේ නීතිය :-
ඔබ වග කියන්නේ නැති දේවල් ගැන ඔබට තීරණ ගැනීම පහසුය.

සිනමා ශාලාවේ නීතිය :-
සිනමාවක් බලද්දී මදුරුවෙක් ඔබේ අතට සැමවිටම දෂ්ට කරන්නේ ඔබේ පෙම්වතියගේ සාය ඇතුලත දීය.

ජ්‍යෝෆ්‍රී බේකන්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල