කාලීන සංවාද, දේශපාලන

තෙල් නිපදවන වෙනිසියුලාවට සිදුවුණු අකර තැබ්බය

Off

මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al jazeera.com අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය. වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය වෙනත් මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත.

අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක් වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ මස් කෑල්ලක් මිලදී ගැනීමට පෝලිමට එක්වී සිටියදී අල්ජසීරා මාධ්‍යවේදියා අය සමග කතා බහකර තිබුණි.

500 ක් පමණ පිරිසක් අතර ඇය පැය 11 ක් පෝලිමේ සිටි බව මාධ්‍යවේදියාට කියා තිබුණි.

අවුරුදු 70 ක් පමණ වයසැති ඇය ගේ විශ්‍රාම වැටුප ඇමරිකානු ඩොලර් 8 කී .ඩොලරයක් රූ 180 න් වැඩි කර බැලුවිට උත්තරය රු.1440 කී.

“මට මේ පඩියෙන් මස් කිලෝ දෙකක් වත් ගන්න බෑ ” යයි Carmen Graffe නමැති එම විශ්‍රාමික ගුරුවරිය කියා තිබුණි .

ඇත්ත වශයෙන්ම ලංකාවේ විශ්‍රාමික ගුරුවරයෙකුට අඩු වශයෙන් රූ 30000 ඉක්මවා මසකට ලැබේ යන්න මගේ විශ්වාසයයි. ගිය අවුරුද්දේ අගදී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප විශාල සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබිය.

ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයෙකු වන වෙනිසියුලාව අවුරුදු කීපයක සිට යන්නේ රීම් එකෙනි . එයට හේතු දෙකකි.

එකක් සමාජවාදයට බර ප්‍රතිසංස්කරණ කරන්නට ගොස් අසාර්ථක වීමය අනික ඇමරිකාව විසින් තහංචි පනවා තිබිමය. වෙනිසියුලාවේ බැංකුවලට සහ තෙල් කොම්පැනියට තහංචි පනවා තිබේ. අවට රටවල් ගණනාවක්ද මදුරෝගේ ආණ්ඩුව පිළිගන්නේ නැත.

මේ නිසා වෙන රටවලින් භාණ්ඩ ගෙන්වා ගැනීමට ඩොලර් භාවිතා කිරීමට ඩොලර් වලට තෙල් විකිනීමට වෙනිසියුලාවට නොහැකි වී තිබේ.

අද වෙනිසියුලාව දුවන්නේ චීනයේ සහ රුසියාවේ සහයෝගයෙනි දේශීය මුදල් සහ යුරෝ භාවිතා කොට රුසියාවට ගෙවන්නට තිබු ණය ගෙවූ බව සඳහන් වේ.

ලංකාවේ සමාජවාදින්ට වෙනිසියුලාවෙන් ඉගන ගැනීමට හොඳ පාඩමක් තිබේ . ඒ බලවත් රටවල් කීපයක් සමාජවාදී මාවත අනුගමනය කරනතුරු ලංකාව වැනි ආර්ථක වශයෙන් දුර්වල රටකට සමාජවාදයක් ගැන සිතීමටවත් නොහැකිය යන්නය. අප සමාජවාදය කරන්නට ගියහොත් බලවත් රටවල් අපට ආර්ථික සම්බාධක පැනවීම ස්ථිරය සියලු ඇඟලුම් කම්හල් වසා දමා ගොන් කරත්තවලින් ගමන් බිමන් යාමට අපිට සිදුවනු ඇත.

සුදු කුකුළා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල