කාලීන සංවාද, දේශපාලන

සිරියානු යුද වාර්තාව – 2019 ජනවාරි 15-17

Off

ජනවාරි 15 දා අපරභාගයේදී රජයට පක්ෂපාතී හමුදා 25 වන විශේෂ මෙහෙයුම් බලකා සේනාංකය සමග එක්ව ඉඩ්ලිබ් මුදා ගැනීමේ මෙහෙයුම යළි ආරම්භ කලහ. එතැන් පටන් ඔවුන් බර්සාහ්, නුහියා, ටෙල් කට්‍රා සහ කිර්බට් අවුඩ් යන ගම්මාන සහ අබු අල්-ඩුහුර් ගුවන් හමුදා කඳවුරෙන් බටහිර ඇතුලු ප්‍රදේශ අල්ලා ගත්හ. 2018 වර්ෂයේදී මුදා ගත් මෙම ගුවන් හමුදා කඳවුර නිසා එම ප්‍රදේශයේ මෙහෙයුම් කිරීමට ප්‍රයෝජනවත් අවකාශයක් හමුදාවට ලැබිණි.

ජනවාරි මස 16 දා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම, අබු ජුර්ෆ් අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කලේය. කෙසේවෙතත්, එමගින් ඉදිරියට ඇදෙන හමුදාවන්ට සැලකිය යුතු පහරක් එල්ල නොවීය.

හයාට් ටරිර් අල්-ෂාම් ඇතුලුව අනෙකුත් අන්තවාදී කණ්ඩායම්වල අවි ගබඩා සහ ආරක්ෂක බලකොටු විනාශ කිරීමට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වීමත් සමග පාබල හමුදා මෙහෙයුමත් ඇරඹිණි. ජනවාරි මස 15 දා සිරියානු ගුවන් හමුදාව ඉඩ්ලිබ් නගරයේ කර්මාන්ත පුරය සහ අල්-හල් ප්‍රදේශයට බෝම්බ හෙළුවේ වාහන රැසක් සහ ගොඩනැගිලි කිහිපයක් විනාශ කරමින්ය. මරාට් අල්-නූමන්, මාර් ෂොරීන්, ටෙල් කෙර්සයන් සහ එම් 5 මහා මාර්ගය ඔස්සේ තිබෙන අනෙකුත් ප්‍රදේශවලින්ද ගුවන් ප්‍රහාර වාර්තා විය. පසුගිය දිනවල තුර්කි ප්‍රොක්සි හමුදාවන්ගේ නිරන්තර කාලතුවක්කු ප්‍රහාරවල ඉලක්කයක් වූ ඇලපෝ නගරයේ නිරිතදිග ප්‍රදේශයටද ගුවන් ප්‍රහාර 20 කට වැඩි ගණනක් එල්ල වී ඇත. කාලතුවක්කු ප්‍රහාර වැඩිම ගණනක් එල්ල වූ ජනවාරි 16 දා නගරය ඉලක්ක කරගෙන රොකට් දුසිම් දෙකක් පමණ පතිත වී තිබේ.

නිරිතදිග ඇලපෝ ප්‍රදේශය මහා පරිමාණ හමුදා මෙහෙයුමක ඉලක්කයක් බවට පත් වේවි යැ‍යි රජයට පක්ෂපාත මූලාශ්‍ර අනුමාන කරයි. ඒ අතරතුර හමුදාව එම් 5 මහා මාර්ගයේ නැගෙනහිර ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන්කාමීන්ගේ පැහැදිලිව පෙනෙන ස්ථාන විනාශ කරමින් සිටියි. මෙවැන්නක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ, ඉදිරි මෙහෙයුමකදී මහා මාර්ගය සහ මරාට් අල්-නූමන්, කාන් අල්-සොබොල් සහ සරාකිබ් යන ප්‍රදේශ සටන්කාමීන්ගෙන් මුදා ගැනීම ලෙහෙසි කිරීම සඳහාය. මෙම නගර තුන සටන්කාමීන්ගේ පාලනය යටතේ තිබෙන තාක් මහා මාර්ගයද, සටන්විරාම සහ සටන්විරාම ගිවිසුම් යටතේ පවා පසුගිය වසර දෙක පුරාවට වසා දමා තිබේ.

ඉඩ්ලිබ්හි අලුත් වටයක ගැටුමක් සඳහා තුර්කිය සහ රුසියාව සූදානම් වෙමින් සිටි බව පෙනේ. ශීත සෘතුවේදී සිවිල් වැසියන්ට රැඳී සිටීම සඳහා ආරක්ෂිත කලාපයක් පිහිටුවීමට අන්කාරා සහ මොස්කව් රජයන් සාකච්ඡා කරන බව තුර්කි අමාත්‍ය හුලුසි අකාර් ජනවාරි 15 දා පැවසුවේය. ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කලේ සිවිල් වැසියන් රජයේ පාලන ප්‍රදේශ වෙත යෑම ප්‍රතික්ෂේප කිරීම යන්නයි. නමුත් ඩැමැස්කස් රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසන්නේ,තුර්කි හමුදා නිරික්ෂණ මුරපොල ආසන්නයෙන් දිවෙන මානුෂීය කොරිඩෝරය හරහා සිවිල් වැසියන් සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශවලින් ඉවත් යෑම අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් විසින් කඩාකප්පල් කරන බවයි.

ජනවාරි 15 දා දකුණු ඩීර් එසෝර් ප්‍රදේශයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු ජනරජ ආරක්ෂක සෙබලුන් පිරිසකට රැක සිට ප්‍රහාරයක් එල්ල කලහ. ත්‍රස්තවාදීන් BRDM-2 රථයක් සහ කුඩා ට්‍රක් රථයක් විනාශ කර සෙබලුන් 9 දෙනෙක් ඝාතනය කර තිබේ. එදිනම ඊශ්‍රායල ගුවන් හමුදාව හෝම්ස් පළාතේ ටී4 ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කලේය. එල්ල වූ මිසයිලවලින් කිහිපයක් සිරියානු ගුවන් ආරක්ෂක බලකා ගුවනේදී විනාශ කලද මිසයිල 4 ක් වත් ඉලක්කය වෙත පතිත වී තිබේ.

මධ්‍යම සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම කිරීම සඳහා ඉරානයට පක්ෂපාතී හමුදා ටී4 ගුවන් හමුදා තොටුපොල භාවිත කරයි. තවද ඉරාන ඩ්‍රෝන් යානාද මෙහි රඳවා තිබේ.

සංග්‍රාම භූමිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල