කාලීන සංවාද

බහු සංස්කෘතිය සහ නාම පුවරුව

Off

ලංකාව බහු සංස්කෘතික රටක් කියනකොට කියවෙන අනෙක් කරුණ තමා සියලු සංස්කෘති සමානය කියන එක. නමුත් ලෝකෙ කිසිම රටක සියලු සංස්කෘති සමාන නෑ. එක සංස්කෘතියක් පදනම් වෙලා අනෙක් සංස්කෘති ඒකට බද්ධ වෙලා තමා රටක ජාතික සංස්කෘතිය ගොඩනැගෙන්නෙ. උදාහරණ විදියට ඕස්ට්‍රේලියාව ගත්තොත් එහි බටහිර ලිබරල් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධානයි. සියලු ජනවර්ග ආගම් අදහන අය ඒකට බද්ධ වෙලා ඉන්නෙ. රටේම ප්‍රධාන භාෂාව වන්නෙ ඉංගිරිසි. ප්‍රාදේශීය මිනිස්සු මොන භාෂාව කතා කරත් ඒක වෙනස් වෙන්නෙ නෑ. ඇත්තටම ක්‍රිස්තියාන නොවන සංස්කෘතිවලට ඉඩක් ඇත්තෙම නැති තරං. උදා ලෙස කිසිම සංස්කෘතික/ආගමික නිවාඩු දිනයක් නෑ ක්‍රිස්තියානි නොවන එකක්. ලංකාව ඊට සාපේක්ෂව සෑහෙන්ඩ සංස්කෘතිකව සහනශීලී රටක්.

දැන් මේ බහු සංස්කෘතිය ගැන කියන අයම උතුරු සහ නැගෙනහිර රජයේ නාමපුවරුවල දෙමළ භාෂාව සිංහල භාෂාවට උඩින් තියෙන්ඩ ඕන කියා කියන්නෙ ඇයි ? (පුද්ගලික පුවරුනං ගොඩක් ඒවා දෙමළ බසින්මයි ඇත්තෙ. සිංහල ජනයා බහුතරයක් ඉන්න පැතිවල ඇත්තෙ සිංහලෙන්. නැත්තං ඉංගිරිසියෙන්) එයින් හැඟවෙන දේ තමා ඒ ප්‍රදේශයේ දෙමළ සංස්කෘතිය ප්‍රධානය කියන එක. සියලු සංස්කෘති සමානනං මොන කෑල්ල උඩින් තිබ්බද කියලා අදාළ වෙන්නෙ නෑනෙ. මොකක් තිබ්බත් එකයි.

ලංකාව සිංහල බෞද්ධ රටක් කියනකොට එහි අදහස ලංකාවෙ පදනම් සංස්කෘතිය හෝ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ කියන එක. ඒක ප්‍රතික්ෂේප කරන අයම උතුරු සහ නැගෙනහිර රජයේ නාමපුවරුවල දෙමළ භාෂාව උඩින් තියන්ඩ ඕන කියන එක (එනම් ඒ ප්‍රදේශවල ප්‍රධාන සංස්කෘතිය දෙමළ ලෙස සලකන්ඩ ඕන කියන එක) පැති දෙකකින් ප්‍රශ්නයක්. එකක් තමා ඒක ඔවුන් නියෝජනය කරන බහු සංස්කෘතික මතවාදයටම විරුද්ධයි. බහු සංස්කෘතිකනං මොකක් උඩින් තිබ්බත් අවුලක් නෑ. අනෙක එයින් හැගවෙනවා උතුරු සහ නැගෙනහිර ඇත්තේ නිල නොලත් වෙනම රාජ්‍යයක් යන අදහස. මොකද ප්‍රධාන සංස්කෘතිය මත රටක ජාතිකත්තවය තීන්දු වෙනවානං එක ප්‍රදේශයක ප්‍රධාන සංස්කෘතිය අනෙක් පළාත්වලට වඩා වෙනස් කියන පදනමින් ඒ ප්‍රදේශයේ වෙනම රාජ්‍යයක් තිබිය යුතුය කියන තර්කය නගන්ඩ පුළුවන්.

හුදු ප්‍රායෝගික පදනමින් බෝඩ් එකක උඩින් තියෙන භාෂාව තින්දු විය යුතුය කියන එක ප්‍රශ්නයක් නෑ. එනම් බහුතරයක් කතා කරන භාෂාව උඩින් තියෙනකොට කියවන්ඩ ලේසි වීම වගේ දෙයක් මත. නමුත් මේව පිටිපස්සෙ හිටගන්න පිරිසගෙ මතවාද බැලුවම මෙතන තියෙන්නෙ ඒකම නෙවේ. සංස්කෘතිවල ප්‍රධානත්වය ගැන කතාවයි. (දෙමළ ජාතික ගීය පිටිපස්සෙත් තියෙන්නෙ ඒ කතාවමයි)

ජාතික චින්තනයට අටුවාවක්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල