සාහිත්‍ය කළා විචාර

හෙළ උරුමයේ අවසන් දින පහ – Last five days of JHU

Off

පිවිතුරු හෙටක් උස්සාගෙන වැඩ්ඩ වැඩිල්ල අන්තීමට නතර වූයේ අරලිය ගහ පූජා බූමියේය. දැන් උන්නාන්සේ සහ උන්නාන්සේගේ උපාසක රැල ඉස්නානය කර හා නාගෙන අවසානය. මහ රජතුමා තම ශ්‍රී මුඛයෙන් වදාරා තිබුනේ, මේක ඉස්සෙල්ලාම ගේන්න තිබුනේ නියමාකාරයෙන් නම් තමන් ළඟටය කියාය. ඒත් යන්න අවශ්‍යම තැනට ආවේ අන්තීමටය. ඒ අස්සේ ආන්ඩුවට වෝනින් දීලා, හෙන චන්ඩි පාට් දෙක තුනකුත් දැම්මේය. ආන්ඩුවේ ඇමතිවරු පහක් එක්ක එලියට වඩිනවා කියා එක වෝනින් එකකි. අනික පිවිතුරු හෙටකට කැමති නැත්නම්, අනිවාර්යයෙන් ආන්ඩුව ගෙදර ගෙදර යවනවා නම් තද බල ගර්ජනාවකි.

මෙහෙම චන්ඩි පාට් දාන්නේ, කරපු මළදානයක් නැති හින්දා, අපිත් ඉන්නවා කියලා රටේ බෞද්ධ ජනතාවට පෙන්නන්න ඕනා නිසාය. සිස්ටම් එකට කැමති නැත්නම් කරන්න තියෙන්නේ, සිස්ටම් එකෙන් අයින් වෙලා, පන්සලකට වැඩලා, පිනක් දහමක් කරගෙන, ධර්ම රාජ්ජේ පහළ වෙනකන්, බවුන් වඩනා එකය. එහෙම නැතිව ආන්ඩුවේ ඩිෆෙන්ඩර් එකෙන් වඩිනා අතරේ, බවුන් වඩන්න යාම පුල් කචල් සීන් එකක්ය. ඒක වැටෙන්නේ බුද්ධාගමේ මොන කොන්සැප්ට් එකටද කියා කියන්න නම් දන්නේ නැතිය. කොහොම හරි වෙන්ඩ ඇමති ශාන්ත බන්ඩාර නම් කියා තිබුනේ, ආන්ඩුවේ වාහන වලින් වඩින ගමන් පොර ටෝක් දෙන එක නම් කැත වැඩේ කියාය.

ඒත් මේ චන්ඩි පාට් එකක්වත් නැතිව, මහින්ද මහත්තයා එක්ක තේ කෝපි බොනවා මෙනම, ගිලන්පසත් කිසි අවුලක් නැතිව වළඳන ආකාරයත් දුටු විට අපේ හිත් නිවී සැනසී ගියේය. ඒ මොකෝ ඕන චන්ඩියෙක් මහින්ද මහත්තයා ගාව නොන්ඩි වෙන බව අප දන්නා නිසාය. මම බය උනේ දාපු සද්දේ හැටියට, අරලිය ගහ මන්දීරේදිත්, ලොක්කාට බඩ යන්න දෙයි කියාය. ඒත් එහම ගතියක් වත් තිබුනේ නැතිය. එලියට ඇවිල්ලා කිව්වේ, ආන්ඩුවෙන් යනවාද, වෙන එකෙකුට බැක් කරනවාද, එහෙම නැත්නම් එයාලාගේ පක්සෙන් වෙනම එකෙක් දානවාද කියා දින පහකින් කියනවා කියලාය. හැබයි ඉතින් මෙහෙම කිව්වේ ළක්ෂ 35-40 බජට් එකක් හදන්න, මාස ගානක් ගියපු පොර නිසා. දවස් පහත් රබර් වගේ ඇදේදෝ කියා අපේ ගොන් කමට අපට හිතෙනවාය.

එහෙම කියන්නේ, මහින්ද මහත්තයා දෙන උත්තරේ බලාගෙනය. මහින්ද මහත්තයා කියන්නේ ඒ පිළිබඳව සලකා බලන්නම් කියලාය. ඒක ඉර හඳටත් වඩ විශ්වාසය, එහෙම නැතිව, බරක් ඔබාමාලාගේ, බෑන් කී මූන්ලාගේ පදේටවත් නටන්නේ නැති මහින්ද මහත්තයා, මේ එක එක සෙප්පඩ විජ්ජා කාරයන්ගේ බයිලා, හුනූ බෙට්ටක් තරමටවත් මායිම් කොරන්නේ නැතිය. ඒවා, ඔය මොන මළදානේ හරි එල්ලිලා, බලේට එන්න ඉන්න හාල් පාරුවන්ට නම්, මහා ළොකු එවා වෙන්න ඇතිය. ඒ වගේම ඕන පුකක් දාගෙන නිව්ස් කවර් කොරන්න, පත්තර පිටු පුරවන්න බලාගෙන ඉන්න පිස්සු වාහේලාට නම් පට්ට නිව්ස්ය. අපිට නම් මේවා පට්ට ජෝක්ය. එයාගේ යෝජනාත්, අරලියගහ මන්දිරේ කුණු කූඩෙන්, මීතොටමුල්ලේ කුණු කන්දට වඩින එක වඩිනවාමය.

මාතලන් නම් කැමති අන්තිම ඔප්සොන් එකටය. ඒ කියන්නේ එයාලාගේ එක්කෙනෙක් ජනපති අපේක්සොකයා කොරන එකය. අපේ මට්ට ගොන් බුද්ධිමත්තු කියන උනුත් හාන්දුරු කෙනෙක් රජ කරන්න යන එකේ. රතන හාන්දුරුවන්ටත් රජකමට තරඟ කොරන්නත් පුළුවන්ය. එහෙම නැත්නම් අපේ චම්පික ඇමතිතුමා ඉන්නවාය. එහෙම නැත්නම් මිස්ටර් හන්ඩ්‍රඩ් රුපීස් ඇන්ඩ් නෝ ඉටි කොලස් ඉන්නවාය. එහෙම නැත්නම් කිසි කළබලයක් නැති, කීර්ති ශ්‍රී රාජසිංහත් ඉන්නවාය.

ඒ අය අතරින් මාතලන් වැඩිය මනාප. රතන සාධු ඉල්ලනවානම්ය, එතකොට සෝභිත සාධුත් ඉල්ලනවාය. අපේ නානසාර හාන්දුරුවෝත් ඉල්ලනවාය. අලි පාටියටත්, එකසත් භික්ෂු බල මණ්ඩලේ නායක නමක් දාන්න පුළුවන්ය. ජෙප්පන්ටත්, අන්තර් පිස්සු බල මණ්ඩලේ පොඩි සාධු කෙනෙක් දාන්න පුළුවන්ය. එතකොට මහින්ද මහත්තයා උනත්, අපේ හාන්දුරුවරුන්ට බොහෝම ගරු කොරන නිසා, සාධුලා එක්ක මන් පයිට් කොරන එක, මහා පව් වැඩක් නේද යකෝ කියා. ගෙදර යන්නත් ඉඩ තියෙනවාය. එතකොට රටටම හෙනේ වෙලා තියෙන ජනාධිපති කොමටත් කෙල වෙලා, මහා සංඝරත්නයට ඕනෑ විදියට, ධර්මිෂ්ඨ සමාජේ ගොඩ නගා ගන්නත් පුළුවන් වන සේක.

ඇත්ත කතාව ඔය එකක්වත් නෙමේය. ජාතික හෙළු උරුමයට වැලේ වැල් නැතිය. දැන් අම්මට සිරි ලංකාවේ, බුද්ධාගමේ හා හින්ගල ජාතියේ පේටන්ට් එක තියෙන්නේ, නානසාර හාන්දුරුවෝ ප්‍රමුඛ බී බී ඇස් ලා ගාවය. උන්නාන්සේ ඉස්ටේඩියන් එකෙදි දෙසා වදාලේ, උන් වහන්සේලා ගාව ඡන්ද ලක්ෂ පනහක් තියෙනවා කියලාය. කවුරු මක්කා කිව්වත් කතාව ඇත්තය. බුද්ධාගමේ උන් 99% උන් වහන්සේට ආදරේය. දැන් හින්ගල ජාතියයි, බුද්ධාගමයි ආරක්ෂා කොරන්න ඉන්නේ, මල්වතු අස්ගිරි නාහිමිපානන්ලා නොව, නානසාර හාමුදුරුවෝ කියා ඔප්පු කොරලා හමාරය. ආරක්ෂක ලේඛම් තුමාගේ පිරිතට ඇරුනාම, වැඩිම හාන්දුරුවෝ පිරිසක් වැඩ්ඩේ, නානසාර හාන්දුරුවන්ගෙයි, චිරං ජයතු උන්නාන්සේගෙයි සැර්කස් එක බලන්නය.

මේ බව දන්නා, හන්ඩ්‍රඩ් රුපීස් ඇන්ඩ් නෝ ඉටිකොලස් මහත්තයා, ලොක්කා ගාවට හේත්තු වෙන්න හොර ගල් අහුලන්නේ ඒ නිසාය. අනික මෙහෙම සද්දේ දාපු ඩීව්, තිස්ස, වාසු, සමාජවාදි නාකි හිවල්ලු තුන් දෙනා දැන් කියන්නේ, කොන්දේසිවලින් තොරව මහින්ද තුන්වෙනි සැරෙත් ජනපති කරන්න, බොක්කෙන් හා ලබ්බෙන්ම දෙනවා කියලාය. යෝජනා 12 ක් අරගෙන ප්‍රෙස් කොන්ෆර්න්ස් තියා, පුංචි බන්ඩා ජයසුන්දර පට්ට ගහලා, කොට්ට මහලා, ඒවායේ නිදා ගත්තු රජ ගෙදර රිලවාත්, අන්තීමට නැවතුනේ රජ ගෙදර පිලිකන්නේය. හෙළ උරුමයට තියෙන්නේත්, ඒ සරණම පමණය. එහෙම නැත්නම් ඉතින්, ඒ පස්සේ ගමනක අවසානය තව දින පහකින් මෙරට බෞද්ධ පිවතුන්ට දැක ගන්නට ලැබෙනවා ඇතිය.

ඉන් පසු අපට කළ හැක්කේ, මිය ගිය සිහල උරුමේට, පංශූකූලය දී, පින් අනුමොඅදන් කොටෑ. එපින් බලෙන් එතුමන්ලාගේ හා උන්වහන්සේලාගේ නමින් පක්ෂේ හැර ගිය, බෝලේ මිරිකාගෙන ගිය, වෙහිකල් පොර්මිට් විකුණාගෙන ගිය, සියළුම ඥාතී හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කොටෑ. එපින් බලෙන් සසර වසනා තෙක් මෙවන් අකල් මරණයකට ගොඳුරු නොවී, අවසාන ඒ අප කවුරුත් ප්‍රාර්ථනා කරන ධර්මද්වීපය මේ පින් බිම පහල වේවා කියා පින් අනුමෝදනා කිරීමැය.

අප නමින් මියගිය ඥාතී හිතමිත්‍රාදීන්ට පින් අනුමෝඅදන් කරන්න පස්සේ වේලාවක පුළුවන්ය.

මේ පිස්සු වාහෙලා උස්සාගෙන එන, පිස්සු විකාර, දොහොත් මුදුන් දීලා, නලලේ තබා, වැඳලා පිලිගන්නා උන්ට, දැන් ඉතින් තියෙන්නේ, අබ සරණම පමණය. මීට පස්සේ වත් ආන්ඩුවේ උන්ගේ, දිරච්ච කඹ ගිලින්නේ නැතිව, එන හැම එකාගෙම පුකට පයින් දෙකක් ගහලා එලවන්න, දැන්වත් හිතට ගන්නවා නම් ළොකු දෙයක්ය. අන්තීමෙදි ගොන්නු වෙන්නෙ උන්ය.

ඒ වගත් මෙසේය.

උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල