කාලීන සංවාද

ඔයාගේ කතාව ලියද්දී පෑන කිසි කෙනෙකුට දෙන්න එපා

Off

අපේ ජීවිතේ පොතක් නම් ඒ පොතේ පිටු හරවන්නත් අලුත් පිටුවක් ලියන්නත් අයිතිය තියෙන්නේ අපිටමයි. අලුත් පිටුවක් ලියන්න ඔයා දැනට පොතේ කොච්චරක් කියවලා තියේ ද කියලා අදාල නෑ. වැදගත් වෙන්නේ පොත හරවන්නෙත් ලියන්නෙත් ඔයා වීම විතරයි.

ජීවිතේ කියන පොතේ පිට කවරය කොහොම වුනත් කමක් නෑ. පිට කවරයකින් කෙනෙක්ගේ ජීවිතේ තීරණය කරන්න හදන අයට වටිනම කතාවක් මග හැරෙනවා. පිටින් පේන්නන්න හදන ලස්සන ඇතුලේ නෑ කියලා තේරෙන්නේ කියවන් යද්දී. ඒ නිසා ඔයාගේ පොතේ පිට කවරය ගැන වද වෙන්න එපා. හොදම දේවල් තියෙන්නේ පිටු අතරේ.

නම් තියලා පරිච්ඡේද වලට වෙන් කරපු කොටස් ගැන ඔයා හොදටම දන්නවා. දුක, සතුට, ආදරය, වියෝව, බලාපොරොත්තු සමහර පිටු ඇතුලේ ගුලි වෙද්දී කොටසක් කාලය ඇතුලේ ඔහේ පාවෙනවා. අලුත් පිටුවක් ලියන්න හදනකොට කලින් ලියපුවා ආයේ ආයේ හරවලා බලනවා. අතපසුවීම්, වැරදිම් පුලුවන් තරම් අඩු කරගෙන ලියන්න හදද්දී හිතට බයක් දැනෙනවා ඊලග පිටුව ගැන. මේක ලියාගන්න පුලුවන් වෙයි ද කියලා. ඒ විතරක් නෙවේ බලාපොරොත්තු කඩ වුනු පර්ච්ඡේදයන් පහු කරන් ආපු නිසා අලුත් පිටුවක් ලියන එක ගැන හිතට සැකයක් එනවා. ඒ ඔක්කොම දේවල් සාධාරණයි . එක දෙයක් හැරෙන්න. කොහොමහරි ඔයා පොත ලියන්න ඕනේ. විශේෂතවය තමා පොත අවසන් වෙන්නේ මරනයෙන් විතරක් වීම.

පොත හරවන් යද්දී විවිධාකාර මිනිස්සු ඔයාට මුණ ගැහේවී. එයාලත් එක්ක කතාව ඉස්සරහට යනකොට සමහරු අතරමගදී නතර වේවී. අලුත් අලුත් අය එකතු වේවී. ඒ කොහොම වුනත් ඔයාගේ කතාව ලියද්දි පෑන ඒ කිසි කෙනෙකුට නොදෙන්න වග බලා ගන්න මතක තියා ගන්න ඕනේ. නැත්නම් කතාව ඇතුලේ ඔයා අතරමං වෙන්න පුලුවන් .

සටහන : චාමිනි කුමාරතුංග

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල