දේශපාලන

සිරියානු යුද වාර්තාව – 2020 ජනවාරි 29

0

ජනවාරි 28 දා 25 වන විශේෂ මෙහෙයුම් බලකා සේනාංකයේ නායකත්වය යටතේ සිරියානු හමුදාවේ ඒකක,මරාට් අල්-නූමන් නගරය,වඩි අල්-ඩියිෆ් හමුදා කඳවුර සහ ආසන්නයේ තිබෙන ගම්මාන හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම්වලින් මුදාගත්හ.

එදින මුල් භාගයේදී රථ 30ක පමණ ප්‍රමාණයක් සහිත තුර්කි හමුදාවට අයත් රථ පෙළක් කැෆ්ර් ලුසෙයින් දේශසීමා පැන්නුම හරහා සිරියාවට ඇතුල් වී දකුණු දෙසට ගමන් කලේය.එමගින් තුර්කිය ප්‍රදර්ශනය කලේ ඉඩ්ලිබ් හි සිය ස්ථාන සිරියානු හමුදාවට යටත් වන්නට දී බලා සිටීමට තමන් සූදානම් නැතැයි තුර්කි ප්‍රොක්සි හමුදාවන්ට පෙන්වීමයි.කෙසේවෙතත්,මෙම තුර්කි හමුදාවන්ට කල හැකි එකම දේ වන්නේ කලාපය තුල තවත් නිරීක්ෂණ මුරපොලක් පිහිටුවීම පමණි.ප්‍රාදේශීය මූලාශ්‍ර පවසන පරිදි මෙවර එය දකුණු සරාකිබ් හි ස්ථාපනය කරනු ඇත.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම පසුබෑමට ලක් වූ තවත් ප්‍රදේශයක් වන්නේ නිරිතදිග ඇලපෝය.එහිදී රජයේ හමුදාව කාන් ටුමන් ගොවිපොල සංකීර්ණයෙන් සටන්කාමීන් පලවා හැරීමට සමත් වූ අතර රෂිඩින් 5 ප්‍රදේශයේ යොදවා සිටින සටන්කාමීන්ට ප්‍රහාරයක් එල්ල කලහ.

ජනවාරි 29දා,රජයේ හමුදා සටන් පෙරමුණු දෙකෙහිම මෙහෙයුම් සිදු කලහ.දැනට ගිනිකොණදිග ඉඩ්ලිබ් හි සිරියානු හමුදාවේ ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ කාන් ෂයිකුන් සහ මරාට් අල්-නූමන් අතර ඇති එම් 5 මහා මාර්ගයේ බිම් කඩ සුරක්ෂිත කිරීමයි.ඉන්පසුව,හමුදාවේ මෙහෙයුමේ ඊළඟ ඉලක්කය වනු ඇත්තේ කැෆ්ර් නුබ්ල් සහ කැෆ්ර් සජ්නාහ් හි සටන්කාමීන් ශක්තිමත් ස්ථානයි.සවියාහ් කඳුකර ප්‍රදේශයෙන් එල්ල විය හැකි සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් හරි හැටි ආරක්ෂා වීමට අවශ්‍ය නම් ඉහත කී ප්‍රදේශ මුදා ගැනීම අවශ්‍ය වේ.

සරාකිබ් පිහිටා තිබෙන්නේ එම්4 සහ එම්5 මහා මාර්ගය හමුවන ස්ථානයකයි.එය ඉහළ ප්‍රමුඛත්වයක් හිමි ඉලක්කයකි.එනමුත් එම දිශාවෙන් ඉදිරියට ගමන් කිරීමක් නුදුරු අනාගතයේදී සිදු නොවනු ඇත.

බටහිර ඇලපෝ දෙසින් ඉදිරියට යන සිරියානු හමුදාවේ බලාපොරොත්තුව වන්නේ කාන් ටුමන්,රෂිඩින් 4 සහ රෂිඩින් 5 යන ප්‍රදේශ මුදා ගැනීමෙන් ඇලපෝ නගරයට සටන්කාමීන් එල්ල කරන රොකට් සහ මෝටාර් ප්‍රහාර සීමා කිරීමයි.

රුසියානු ගුවන් හමුදාව සහ විශේෂ බලකා හි සහාය ඇතිව සිරියානු හමුදාව ඉඩ්ලිබ් පළාත තුල මෙහෙයුමක් ආරම්භ කලේ 2019 දෙසැම්බර් 19 දාය.එතැන් පටන්,රජයට පක්ෂපාතී හමුදා ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයේ දකුණු සහ නැගෙනහිර කොටස්වලින් ජනාවාස 50කට වැඩි ගණනක් මුදා ගත්හ.අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම් ඉඩ්ලිබ් විපක්ෂයේ හරය වශයෙන් ක්‍රියාත්මක වන තාක් මෙන්ම තුර්කි ප්‍රොක්සි හමුදා ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන තාක්,මෙම මෙහෙයුම ඉදිරියට කරගෙන යනු ඇත.

සංග්‍රාම භූමිය

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල