දේශපාලන

යේමන් යුද්ධය:සෞදි ප්‍රොක්සි හමුදාවන්ට බරපතල හානි

Off

යේමනයේ අගනුවර වන සනා නගරය ආසන්නයේ හවුති සටන්කාමීන් සිදු කල සාර්ථක මෙහෙයුමක තොරතුරු සහ වීඩියෝ පට හවුති මාධ්‍ය ප්‍රකාශකයා ජනවාරි මස 31දා මාධ්‍ය හමුවකදී අනාවරණය කලේය.

සනා නගරයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරිමට මාස ගණනාවක් සැලසුම් කරමින් සිටි සෞදිය ප්‍රමුඛ සන්ධානය මැඩපැවැත්වීම සඳහා දියත් කල “සොලිඩ් ස්ට්‍රක්චර්” නම් මෙහෙයුම යටතේ ආරක්ෂිත මෙන්ම ආක්‍රමණික පියවරද ගත් බව බ්‍රිගේඩියර් ජෙනරල් යහියා සරි පැවසුවේය.

හවුති මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කල පරිදි මෙහෙයුම යටතේ මරා දමන ලද සෞදි ප්‍රොක්සි හමුදා සටන්කරුවන් ගණන 1,500ක් පමණ වේ.තුවාල ලැබූ ගණන 1,830කි.ඊට අමතරව සටන්කරුවන් සිය ගණනක් හවුති පාර්ශ්වයේ අත් අඩංගුවට පත් විය.

හවුති සටන්කාමීන් විසින් විනාශ කල සහ අල්ලා ගත් සන්නාහ සන්නද්ධ රථ,පාබල හමුදා ප්‍රහාරක රථ,යුද ටැංකි,ඉන්ජිනේරු රථ,කාලතුවක්කු අවි සහ රොකට් විදින දුසිම් ගණනක් පෙන්වන වීඩියෝ පට හවුති මාධ්‍ය ප්‍රකාශකයා විසින් ප්‍රසිද්ධ කලේය.

මෙහෙයුමට යේමන ගුවන් ආරක්ෂක බලකාද සහභාගි වූ අතර සෞදිය ප්‍රමුඛ සන්ධානයේ ගුවන් යානාවලට එරෙහිව 25 වරක් ප්‍රහාර එල්ල කර තිබේ.

ඊට අමතරව යේමන මිසයිල බලකාය සහ ගුවන් හමුදාව සහභාගී වූහ.එහිදී සතුරු පක්ෂය රැඳී සිටින ස්ථාන වලට මෙන්ම සෞදි අරාබියේ ප්‍රධාන පහසුකම් ඉලක්ක කර ගෙන ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර 62ක් එල්ල කරන ලදි.

සෞදිය ප්‍රමුඛ සන්ධානය යේමන අගනුවරට පහරදීමට කල සැලසුම් ව්‍යර්ථ කිරීමට අමතරව සනා නගරය ආසන්නයේ වර්ග කිලෝමීටර් 2,500ක පමණ භූමි ප්‍රමාණයක බලය අල්ලා ගැනීමට ඔපරේෂන් සොලිඩ් ස්ට්‍රක්චර් මෙහෙයුම උපකාරී විය.

මේ දක්වා සෞදිය ප්‍රමුඛ සන්ධානය මේ සම්බන්ධව අදහස් දක්වා නොමැත.පසුගිය වර්ෂයේදී සන්ධාන හමුදා යේමනයේ බටහිර වෙරළ ඔස්සේ සහ රටේ උතුරු දෙසින් ඉදිරියට ගමන් කිරීමට දැරූ උත්සාහයන් මීට සමාන පරාජයන්ගෙන් කෙළවර විය.

සංග්‍රාම භූමිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල