සඳැස් / නිසඳැස්

නන්දසිරි මහත්තයගේ කමලාසිනි – Kamalasini by P V Nandasiri

Off

මේ ළඟදි රෑ බෝ වෙලා ගෙදර ආපු වෙලාවක, ටැලිවිසොන් එකේ චැනල් කරකවගෙන යන අතරේ, කැලැසිකල් මියුසික් පාරක් යනවා “අයි” චැනල් එකේ. වැඩ සටහන දෙමළ. පට්ට රාගධාරී සංගීතයක්. මාතලන් බොහෝම ආසයි ඔය රාගධාරි සංගීතයට. දැන් ඉතින් සම හරක් කළබල වෙන්න ඕන නෑ, මේ මොළේ අවුල් පොරට මොන රාගධාරීද කියලා. මියුසික් වල මාතලන්ට බේදයක් නෑ. එකම දේකට ඇලිලත් නෑ. හැම එකේම කැමති ඒවත් තියෙනවා, අප්‍රිය ඒවත් තියෙනවා.

මේ රාගධාරි සංගීතය ප්ලේ කරන උන්, ඒක කරන්නේ බොහෝම භක්තියෙන්, මොකෝ එයාලගේ හින්දු ආගමත් එක්ක, සංගීතය බැඳිලා තියෙන නිසා. ඉන්ස්ටුමන්ට් ප්ලේ කරන්නෙත්, ගායනා කරන්නෙත් භාවනාවක් කරනවා වගේ. ඉතින් රසිකයත් බොහෝම නිවී සැනසෙන තත්වෙකට පත්වෙනවා ඉබේම. සමහර රසිකයෝ, ආවේස වගේ ගතියටත් පත් වෙනවා.

ඔය ඉන්ස්ටුමන්ට් අතරේ තියෙන, ඔවුන්ටම ආවේනික සංගීත භාන්ඩ දෙකකට, බොහෝම මනාපයි. එකක් තමයි “තවිල් බෙරේ”, ඔය “තවිල් බෙරේ” කියන වච්නය තියෙන හින්ගල සින්දු බොහෝමයක් අතරේ, මම කැමතිම එක තමයි, නිහාල් අයියගේ, “කාවඩි බයිලා” සින්දුව. මේක ඉස්ටේජ් එකේ ගායනා කරන කොට, “තවිල් බෙරේ” නම් නෑ. ඒත් ඩ්‍රමර් දෙනවා විනාඩි පහක විතර පට්ට ගේමක්. ඉස්සර අපේ වත්තේ අපි හදාගෙන තිබුන පොඩි ගෲප් එකේ නමත්, “ඩ්‍රම් සෙට් වාදක මන්ඩලය”. ඒ ගැන වෙනම ළිපියක් පස්සෙ වෙලාවක ලියන්නම්.

තවිල් බෙරෙයි නාදස්වරම් දෙකම එකට, පොරි හැලෙන්න දෙනවා.


අනික තමයි වැඩියෙන්ම කැමති එක. “නාදස්වරම් නලාව”. බිග් මැච් එකට, “පපරේ” බෑන්ඩ් එකට අමතරව, තව ගේනවා “මෝලම් සෙට්” එක කියලා සෙට් එකකුත්. මෝලං පාරට කන පැලෙන්න නටන්න පුළුවන්. ඒකෙදි, “ට්‍රම්පට්” එක වෙනුවට ගහන්නේ, “නාදස්වරම්”. දෙන්නෙක් වත් ඉන්න ඕන. ටිකක් ඔයිට හුරු එකක්, සුද්දොත් ප්ලේ කරනවා ඒකට කියන්නේ “ක්ලැරිනට්” කියලා. මේකත් ප්ලේ කරන්න බොහෝම අමාරු ඉන්ස්ටුමන්ට් එකක් කියලයි, දන්න උන් කියන්නේ. ඕකේ එක්ස්පර්ට් කෙනෙක් තමයි “කෙනී ජී” (Kenny G). ළඟදීම ලංකාවටත් එනවා. ,(වරද නිවැරදි කිරීම – කොමෙන්ට් එකකින් කියනකන්, මම හිතාගෙන උන්නේ කෙනී ජී ප්ලේ කරන්නේ ක්ලැරිනට් කියලා. ඒත් ඒක ක්ලැරිනට් එක නෙමෙයි. ඒකේ නම Soprano. ඒ වගෙම, කෙනී ජී ට වෙනම එකක් තියෙනවලු, “Kenny G Saxophones”කියලා – Wikipedia . බොහොම ස්තූතියි දැණුම්වත් කිරීමට). ඉස්පාසුවක් තිබුනොත් කොහොම හරි බලන්න ඕනා. ලයනල් අයියත් (Lionel Richie) ඇවිල්ලා ගියා. ඒත් ඉතින් කිට්ටු කරන්න පුළුවන් ගානක්ය. සුපියල්ම 20,000.00 ක් ප්‍රවේශ පත්තරේ. නාලා වරෙන්කෝ.

Kenny G ගේ Clarinet වාදනයක්

eye3pic12

සංගීත් නිපුන් කළශූරී පී වී නන්දසිරි
කොහොම හරි අර වැඩසටහන බලන අතරේ, මගේ හිත අතීතයට දිව ගියා කිසි මහන්සියක් නැතිව, ඇත්තම කියනවා නම් ඒක ගම හරහා දීවීමක්. තොරණ හංදියෙන් පටන් අරගෙන, වරාගොඩ පාර දිගේ දුවලා, බෞද්ධ මද්‍යස්ථානය හරියේ තමයි නැවතුනේ. ඒ, “පී වී නන්දසිරිලගේ” ගේ ළඟ. ඊට පස්සේ තමයි පෝස්ට් එකක් ලියන්න ඕන කියලා හිතුවේ. සුභාවිත ගීතය හා ගීත කළාව ගැන ලියපු, “දයානන්ද රත්නායක” දැන් සින්දු ගැන ලියන්නෙ නෑ. දැන් ලියන්නේ පොත් ගැන. එයත් ඉතින් ඕවරෝල් කලා රිටක්නේ.. ඒත් සුභාවිත ගීතයට අර්ථකතන දෙන කෙනෙක් ඉන්නවා “සඳුමල්” කියලා. ඒ ඇරුනම, ඉන්ගිරිසි ගීත හා ගායක ගායිකාවන් ගැන ලියනවා “ජීවන්”. ඒකේ නම “දම් පාට දේදුන්න”. මේ දෙන්නම ළඟදි සම්මානයටත් ලක් උනා. ඒක සතුටට කාරණයක්. ඒ වගේම අමතක කරන්න බැරි චරිතයක් තමයි “සින්දු ඇනෝ”. ඔහුගෙන් වෙන සේවාව ඉතා ඉහලයි.

eye3pic13
පී වී අමාරුවේ වැටුනු දා

කැසට් එකක් වත් නැති කාළේ, තිබුන එකම එන්ටර්ටේන්ට්මන් මීඩියා එක තමයි, හුලන් විදුලිය. ඕකේ අපි ඇහුවේ වෙළඳ සේවය. හරියටම උදේ දහයට යනවා, “චිත්‍රපටි ගීත”. ඔන්න ඔය ගීත අතරේ, මම ආසාවෙන් අහන්න බලාගෙන ඉන්න සින්දු දෙකක් තියෙනවා. එකක් තමයි, “සරා ගොයියා හරි මිනිහා…”. අනික තමයි, “කමලාසිනි”. “කමලාසිනි” සින්දුව කිව්වේ, “සංගීත් නිපුන් කළශූරී පී වී නන්දසිරි”. පී වී කියන්නේ පාළනගම විදානාරච්චිගේ කියන එක.

Upala_Nandasiri

උපුල මධුශංඛ
එයාගේ පුතා, අපේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ. අපේ හිතවත් පවුලක හිතවතුන්. අපේ හිතවත් පවුල උන්නේ නන්දසිරි මහත්තය්ගේ ගෙදරට අල්ලපු ගෙදර… නන්දසිරි උන්නැහේට, පුත්තු දෙන්නයි, දුවයි. වැඩිමල් පුතා උපුල තමයි ,මාතලන් එක්ක හිතවත්. ඌ තනිකර තාත්තා වගේ. අම්මත් චීචර් කෙනෙක්. දුව තනිකර අම්මා. බාල එකා මට එච්චර නිච්චියක් නෑ.

z_ART-p15-Page02

මනෝ මංජරි
මේ ගෙදර සංගීත පන්ති හැමදාම වගේ තිබුනා. මම අහලා තියෙන විදියට නම් විජේරත්න රණතුංගත් (ෆේමස් තබ්ලා ප්ලේයර්), සනත් නන්දසිරිත්, මුන්නැහේගේ ගෝලයෝ. තවත් ප්‍රසිද්ධ ගෝලයෝ බොහෝමයක් මතක නමුත්, ෂුවර් නැති නිසා ලියන්න බෑ. දන්න කෙනෙක් ඉන්නවා නම්, ඒ ගැන මතක් කරාවී. මම අහලා තියෙන විදියට, උන්නැහේ ජෝතිටත් ගීත කරලා දීලා තියෙනවා.

උපුල මධුශංඛ, අද නොම්මර එකේ තබ්ලා ප්ලේයර් කෙනෙක්, දුව, නම්බර් වන් වයලීන වාදකයෙක් එයාගේ නම මනෝ මංජරි. පොඩි බඩුවක් නෙමෙයි. සංගීත විශාරද, වාද්‍ය විශාරද, වාද්‍ය නිපුන්. ඒ වගේම ඩොක්ටර් රේට් එකකුත් තියෙනවා. උපුලත් මම හිතන්නේ, විශාරද වෙන්න ඕන. මේ පහල තියෙන වීඩීයෝ එකේ දෙන්නම ඉන්නවා, තවත් ප්‍රසිද්ධ පොරක් එක්ක. පුළුවන්නම් කියන්නකෝ බලන්න අනෙක් පුද්ගලයා කව්ද කියලා..

මෑතක, මම දකිනවා, උපුල මධුශංඛ “දෙරණ” රූපවාහිණියේ යන “ඩෙල් ස්ටූඩියෝ” වැඩ සටහනේ බේස් ගිටාර් එක ප්ලේ කරනවා. මාතලන්ට කියන්න තියෙන්නේ, කවුරු හරි මෙන්න මේ පනිවිඩේ උපුලට හරි, “මහේෂ් දෙනිපිටියට” හරි “දෙරණට” හරි දෙන්න. මොකක්ද පණිවිඩේ… මේ කමලාසිනි ගීතය ඒ ආකාරයටම හරි, අළුත් සංගීතයකට හරි හදලා අපිට දෙන්න කියලා. අනිවාර්යයෙන් වික්ටර් රත්නායකගේ, “හෝ පලු වන පෙත කම්පිත කරවන..”, වගේම, එහෙම නැතිනම්, එඩ්වඩ් ජයකොඩිගේ, “මාරම්බරි…”, වගේම හිට් වෙනවා දෙකක් නැතිවම. (මේ වීඩියෝ දෙකම ආධුනික ගායකයන්ගේ ඒවා දැම්මේ, සම හරක් හිතාගෙන ඉන්නවා සින්දු කියන්න පුළුවන් උන්ට විතරමය කියලා)

කමලාසිනි ගීතය ගායනා කරලා තියෙන්නේ, කලින් කිව්වා වගේ සෝ එකකට. මේ වීඩීයෝවේ තියෙන විදියට, සෝ එක “හිතක පිපුණු මල්” වෙන්න ඕන. සින්දුව ලියලා තියෙන්න පන්ඩිත් විමල් අභයසුන්දර… සංගීතය, පී වී, කොච්චර සංගිත කාරයා උනත්, ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ වැඩක්. අපි වගේ කොල්ලන්ට නම්, මේ සින්දුව ඇහුවාම මතක් වෙයි. අළුත් උන් නම්, අහන්නෙත් අද වෙන්න ඇති. මම නම් අදත් මේ ගීතය විඳිනවා, උපරිමයෙන්ම.


ඒ වගේම “කමලාසිනී” ගීතයට අමතරව, තවත් ගීත රාශියක් උන්නැහේ ගායනා කොරලා තියෙනවා. ඒ ගීත සෙට් එකයි, “කමලාසිනි” ෆුල් සින්දුවයි අහන්න ඕන නම්, >>> මේ අකුරු ටික උඩ ක්ලික් කලාම හරි. <<<

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල