සාහිත්‍ය කළා විචාර

මාලක සිල්වා කථා වස්තුව.. – Breaking News (Nose)

Off

ලියන්න මෙළෝ දෙයක් නැතිව, වේලී වේලී ඉන්න වෙලාවේ, ටැලිවිසොන් වලයි, පත්තර වලයි, මෝනින් ටෝක් සෝ වලයි, කාටුන් වලයි, එකසිය ගානේ බ්‍රේකින් නිව්ස් එකක් යනවා, බ්‍රේකින් නෝස් එකක් ගැන. මුලින්ම අපේ සඟිස්කුරුතියේ හැටියට, මම මාලක සිල්වා මැතිතුමාට, මගේ හද පිරි ඉස්තූතිය පිරි නමා සිටියා මෙහෙම නිව්ස් එකක් ලබා දීම පිළිබඳව. මේ සැරේ නම් බඩු බනිස් වගේ පේන්නේ. නහයත් කුඩුලු. ඒ මදිවට බඩු ඇතුලෙ. ඇතුලේ කිව්වට ඇතුලෙමත් නෙමෙයි. ඒ උනාට, නමට හරි අත් අඩංගුවේ.

පිටරටින් එන, එක එක කුමන්ත්‍රණකාරයන්ට පුළුවන්ද, අපේ ඇමතිවරුන්ගේ රටක් වටින් දරුවන්ට, සම්පත් චන්ද්‍රපුස්ප වගේ, අපේ ශ්‍රේෂ්ඨ මහජන නියෝජිතයන්ට කෙලින්න. උගෙ අම්මට හැමිනෙන්න. ඕන් බටහිර ගැති රනිල්ගේ ආන්ඩුවක් යටතේ ඒවා උනා නම් අවුලක් නෑ. ඒත් මේ දේශප්‍රේමී රජෙක් සහ ගූ හුලිජ්ජා වලටත් දේශප්‍රේමය ශ්‍රාවය කරන ආන්ඩුවක් එක්ක කොහෙද ඒවා.

මීට කලිනුත් අම්ම්ට සිරි ලංකා හමුදාවේ මේජර් කෙනෙක්ද රණවිරුවෙක්ද මොකෙක්ද කාළකන්ණියෙක් ඌ ඌටම ගහගෙන මාලක සිල්වා මැති තුමාගේ චරිතයේ කක්කා ගාන්න ට්‍රයි කරලා අන්තීමෙදි හත් පොලේ ගාගෙන නෝන්ඩි වෙලා ගියා.. ආන් ඒ වෙලාවේ ත්මයි අපි දැන ගත්තේ මේ අපේ අනාගත අජ්ජාපන ඇමතිතුමාය මේ මාලක සිල්වානෝ කියන්නේ කියලා. ඒක කිව්වේ එතුමාගේ තාත්තා. දුටුගැමුණු මහ රජතුමා..

ආන් ඒ වෙලාවේ, කවුරුත් දන්නේ නැති උනාට, මාතලන් ටික කාළයක්, තවත් බ්ලොග් එකක් ලිව්වා. මේක කීප දෙනෙක් දන්න රහසක්.. බොගේ නම, “ඉතිහාසය නැවත කියවීම.”. ලිව්වේ, “ඉනාමළුවේ බුද්ධදාස” නමින්.. මේ ඒ වෙලාවේ ලියපු ළිපිය..

අභිනවයෙන් පත්වූ, ශිල්පාමාත්‍ය…

Picture1
බටහිර හා පෙරදිග බොහෝ රාජ්‍යයයන් දරුණු ආර්ථික අවපාතයකටද, ආහාර භව භෝග හීනතාවයකින්ද, අධිරාජ්‍යවාධී බලපෑම් හමුවේ පරාදින සමෙයෙකැ, අප රත්නද්වීපය ළොව දිදුලන කළෙකි, ගොවියෝ අස්වනු නෙලා, ආර්ථික සශ්‍රීකත්වයෙන් උපරිම තලයෙකැය. ඔවුහූ, රජුන්ගේ රථ හා සමාන රථයන්හි සැරිසරන්නෝය, මාගම් තොටින් නැව් නැග, දේශ දේශාන්තරයන්හි සංචාරය කරන්නෝය. අග හිඟ කම් ඇති ජනයෙක් සොයා ගැන්ම, අන්දරේ කැස්බෑවේදි විය සිඳුරෙන් අහස බැලුවා වැනි අපහසු කාරියක්ම වන, භව භෝගයෙන් පිරි, රාජ්‍ය සැනකෙලි වලින් ගහන වූ, ජනයා කෙලි දෙලෙන් කල් යවන කාළයෙහි….

ජම්බුද්වීපයන්හී පමණක්මැ නොවැ දේශ දේශාන්තරයන්හි සිප් සතර හදාරා සියළු ශිල්පයන්හි කෙල පැමිනැ, බුද්ධියෙහි අග තැන්පත්, ප්‍රඥාවන්ත, ධාර්මිෂ්ඨ මලක කුමරුවානෝ මෙසිරි ලක සිප් සතර වැඩිමෙහිලා අමාත්‍ය දූරයකින් පිදුම් ලද කල්හී, රජුන් හා පවසනුයේ, “මෙරට ශිල්ප ශාස්තෘන් වහන්සේලාද, දිසාපාමොක් වරුනද තම සුඛවිහරණය පිණිසමැ සිත් ඇත්තෝය. ඔවුනගේ ශිල්පයන් හැදෑරීමෙන් පලක් නැත්තෙමැයි, එය එසේ හෙයින් දේවයන් වහන්ස, මා ලද ශිල්ප ඥානය අසරණ දරු කැළ වෙත පහන් සිතින් පූජා කිරීමට අවසර පතනෙමි. මාගෙ යෝජනා ඇතුලත් ධවල භීෂණ පත්‍රිකාව ඔඹ වහන්සෙ වෙත මා මේ අවස්ථාවේ පිරිනම සිටින්නෙය දේවයන් වහන්ස.”.

එපින්වත් මහ රජානෝ, පත්‍රිකා කියවා, අන් මත විමසා, බොහෝ චිත්තඃප්‍රීතීයට පත්වැ, අමාත්‍ය මණ්ඩලයේ ආශීර්වාදයෙන්, මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද, නිල උත්සව පවත්වා, මගුල් බෙර හඬ මැද, මලක ඇමතියනට පිලි ගන්වා, රට වැසියාගේ දැණුවත්වීම පිණිසැ, අණ බෙර කරුවන් ලවා, සතර අතට ගෙන යන ලෙස, ධවළ භීෂණ සංදේශය මුද්‍රා තබා අනුමත කළැ වගයි…..

ශිල්ප ශාලවට ඇතුලත් කිරීමට පෙරැ, පච්ච කොටා හෝ හංවඩු ගසා සිටියැ යුතුමැයි.

මංකොල්ලය, අපචාරය, කප්පම, මිනිමැරීම, මහ මග නිකරුනේ සැරිසැරීම, වසන්ත මාලිග නැමැදීම, ජනයා බිය වැද්දීම, රහ මෙර පානය, දූෂණය, අනිවාර්ය විෂයයන් කළැ යුතුමයි.

අංගම්පොර සටන් කාළාව, ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සමත් විය යුතුමැයි. සවස් කාළයේ සුනඛ පොර පුහුණුවීම සඳහාද සිසුන් දිරි ගැන්විය යුතුමැයි.

විවේක කාළයෙදී “හරයින්” නම් ආයූර්වේදි ගුණ ඇති කුඩ, රහ මෙර සමඟ අඹරා, සෑම සිසුවුකුටම දිය යුතුමැයි.

සෑම ශිෂ්‍යාවක්මැ, මල්වර වීමෙන් පසු, ශිල්පායතනයන්හි මුල් ගුරු හා ප්‍රාදේශීය නිළමේවරුන් පිනැවීම සඳහා, කාමසූත්‍රය කඩ පාඩමෙන් මෙන්මැ ක්‍රියාවෙන්ද සමත් වියැ යුතුමැයි.

සෑම දිසාපාමොක් වරයෙක්මැ රහමෙර පානය, කාමසූත්‍රය, දෙතිස් වද, අල්ලස, දූෂණය (ස්ත්‍රී දූෂණය හා කාන්තාවන්නම් බාල අපරාධ.) රජුන්ට නැමැදීම හ හමුදා පුහුණුව ලබා තිබියැ යුතුමැයි.

ජේශ්ඨ සිසුනට “නීල රංගනයන්” නැරඹීමට හා එවන් රංගනයන් පුහුණුවීමට ශාලා සැපයිය යුතුමැයි.

සෑම පාසලකම, නාරි වෛද්‍ය විශේෂඥයින් සේවයේ පිහිටුවීම හා ප්‍රසූතීකාගාර ඉඳි කල යුතුමැයි.

පන්සිල් පද සංශෝධනය කොටැ, වේරමණී යන කොටැස ඉවත් කළ යුතුමැයි

පිරිවෙන් අධ්‍යාපනයේ මූලීක වෙනසක් ලෙසැ, මහණුන්, රජුන්ට, අමාත්‍යවරුනට, නිළමේවරුනට හා සිටුවරුනට පසඟ පිහිටුවා වැදීමට පුහුණු කලැ යුතුමැයි. .

උපුටා ගැන්ම – සද්ධර්ම මලකවලිය
කාළය – මෙසපොටේනියානූ යුගය

ප: ලි:
ඉහත සඳහන් කර සිටියේ, රටවැසියා වෙතැ, අණබෙර කරුවන් යොදා, ප්‍රසිද්ධියට පත් කලැ, සමහර කරුණුය. ඉතිහාස ග්‍රන්ථ වලද පවතිනුයේ කට වහරින් පැමිනි දෑ බව කරුණාවෙන් සලකන්න. එසේ, කිසිසේත්ම මුද්‍රණයට පත් නොවු, රජ පවුලේ කුමර කුමරියන් සඳහා වෙනම ඉදිරිපත් කල පත්‍රිකාවේ පහත සඳහන් කරුණු, ජනයා අතර කටකතා ලෙසෙන් පැවති බව සඳහන්ය.

භාන්ඩාගාර මුදල් මංකොල්ලය හා එහින් දේශ දේශාන්තරයන්හි දේපල මිලදී ගැන්ම.
දේශ දේශාන්තරයන්හී චාරිකා හා සියළු පස් පවු සඳහා කරන්නාවූ ගෙවීම් භාන්ඩාගාරයෙන් ලබාගැන්ම.
තමනට එරෙහි වන්නේ නම්, රාජපුරුෂයන්ගේ පමණක් නොව, හමුදා සේනාධිපතිවරුන්ගේ පවා ශීර්ෂයන් පොඩි කිරීම හා රජු ඉදිරියට පමුණුවා දඟ ගෙයි ලෑම.
කට කතා පතුරුවන්නන්ගේ පාදයන් බිදීම හා රටින් පිටුවහල් කිරීම…..
සහ තවත් බොහෝ කරුණු අඩංගු වන්නේය…..

-x-

උපුටා ගැනීම – http://maathalan.blogspot.co.uk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල