කෙටි කථා

අන්ධභූත ජාතකේ ග්‍රීස් ගාමිණී

Off

මේ කතාව ලියන්න හිටියේ සිද්ධිය වුන දවස් වලමයි. නමුත් වෙලාව මඳ වීම නිසාත් ජාතක කතාවේ නම මතක නැතිව හිටි නිසාත් පසුවුනා ලියන්න. පස්සේ අපේ මේ දිසා පාමොක් යාළුවෙක් නම මතක් කරලා දුන්නා. එයට ස්තුතියි.

කතාව මේකයි. මේ කතාව ගැන කවි බණකුත් අන්තරස්ධාන ජාලයේ යු ටියුබය පැත්තේ සැරි සරණ බවකුත් දැන ගන්නට ලැබුන.
මේ ජාතක කතාව බුදු හාමුදුරුවෝ කිව්වද කියලත් වෙලාවකට කුකුසක් පහලවෙනවා කියවගෙන යනකොට . ආලයෙන් අන්ධ වුනු හාමුදුරු නමක් අරභයා කිව්වා කියල තමා කියන්නේ.

හැමදාම කියනවා වගේ බරණැස් නුවර කියල නගරෙක එක රජ කෙනෙක් හිටියලු. රජතුමා දාදු කැටේ (dice) සෙල්ලන් කරන්න හෙන දස්සයාලු. හැබැයි හැම වෙලේම දිනනවලු. පුරෝහිත බමුණා එක්ක සෙල්ලම කරන හැම වෙලේම බමුණා පරාදයි. හැබැයි රත්රන් දාදු කැටේ රිදී මේසෙට අත හරින කොට රජතුමා කවියක් කියවනවලු.

සොබා දහමේ නියමයක් ලෙස
ගඟක් හැරි හැරි ගලන්නේ
සොබා දහමේ නියමයක් ලෙස
කැලේ ගස් වැඩෙන්නේ
අවස්ථාවක් ලැබූ පමණින්

ගැහැණු වරදින් බැඳෙන්නේ (හැම ගැහැනියෙක්ම චපලයි ) (immoral)
අර කවියකුත් ඒ කාලේ අහල තියනවා “අවසර ලද රහස් තැන – ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන ” කියල. වැඩේ කියන්නේ මේක හාමුදුරුවරු දේශනා කරන කොට උපසක්කම්මලත් සාධු කාර දෙනවා. තමන් ගැන ඕවගේ අන්තවාදී කතාවක් කියද්දීත් සාධුකාර දෙන අපේ අම්මල වගේ අහිංසක හිත හොඳ ලංකාවේ කාන්තා පක්ෂය ගැන දුක නැද්ද?

ඉතින් මේ කවිය කියන්නේ මහා සත්‍යයක් නිසා (ඒ කාලේ බ්‍රාහ්මණ ඇදහීම් වල හැටියට) මේක කියන තාක්කල් පුරෝහිත බමුණට මංඤන් වෙලා පොර පරදිනවා. රජු දිනනවා. ඔහොම යනකොට පුරෝහිතය නැතිවෙන සයිස් එකට දැන් ගේම සෙට්. පුරෝහිත තැන කල්පනා කරනවා “මෙහෙම හරියන්නේ නැහැ. වැඩක් දෙන්නම ඕනේ. මම කිසිම පිරිමියෙක් දැකපු නැති පුංචි ලමිස්සියක් ගෙදර තියා ගන්න ඕනේ කියල. පස්සේ පොරට ඔළුවට ආවා , නැහැ, හොඳම වැඩේ අලුත ඉපදුණු පුංචි ගෑනු දරුවෙක් තමන් යටතේ අරන් හදා ගෙන ගෙයි යතුරු දාල තියා ගන්නවා කිසිම පිරිමියෙක් පේන්නේ නැති වෙන්න. එතකොට ඒ කෙලිත්ති එක මිනිහෙක් ගැන විතරයි හිතන්නේ. එතකොට මට රජාව පරද්දල පොහොසත් වෙන්න පුළුවන් ” මේ වගේ. දැන් ඉතින් බලන්න පින්වත්නි මෙහෙම කතාවක් දැන් හිතල ක්‍රියාත්මක කලොත් “ළමා අපචාර ” යටතේ නඩු වැටිලා හිරේ ලගින්න වෙන්නේ.

ඉතින් පුරෝහිතය පුංචි ළමෙක් හොයන කොට දැක්ක බඩදරු දුප්පත් කාන්තාවක්. පොර අනාවැකි කියන නිසා දැනගත්තලු ලැබෙන්න ඉන්නේ ගැණු දරුවෙක් කියල. ඉතින් මේ ගල් බමුණා අර කාන්තාවට සල්ලි දීල නම්ම ගෙන තමන්ගේ ගෙදර ගෙනත් තියන් ඉඳල ළමය හම්බ වුනාට පස්සේ තෑගි බෝග දීල යව්වලු, දැන් ළමය හැදෙනවලු බමුණු ගෙදර. තාප්ප 7ක් වටේට දාල, බල කොටුවක් වගේ මාලිගාවේ ගැහැණු සේවිකාවෝ විතරයි ළමය බලන්න ඉන්නේ.

මේ ළමය හරි ලස්සනට හැදෙනවා. තුදුස්විය පැමිණුනාම බමුණ (ඒ කියන්නේ ළමයට අවුරුදු 13 වුණාම කසාදත් බඳිනවා. ඒ කියන්නේ ඉතින් දන්නවනේ. ඕව දැන් කාලේ නම් හිරේ යන වැඩ. ) පහල පින්තුරයෙන් පෙන්වන්නේ යේමනයේ අඩුවයස් මනාලියෝ දෙදෙනෙක්. (තවම වෙනවා ඔය ආකාරෙ වැඩ)

yonungchildbride

ඔය අතරේ පුරෝහිත බමුණා රජ්ජුරුවන්ට චැලේන්ජ් එකක් දානවා ආපහු දාදු සෙල්ලම් කරමු කියල. රජතුමා කැමති වෙලා සෙල්ලම් කරනවා. හැබැයි අර කවිය කියල ඉවර වෙනෙවත් එක්කම බමුණා කියනවා “මගේ ගෑනු ළමය ඇර (අනිත් හැමෝම චපලයි) ” කියල. මේක අහල රජතුමා මංඤන් වෙලා පරදිනවා. රජතුමා බැලුව වැඩේ හරියන්නේ නැහැ තමන්ගේ මේ මහා සත්‍යයට සීරියස් තර්ජනයක්, මොකක් හරි කොස්සක් තියෙනවා කියල. සුචරිත පතිවත රකින කෙල්ලක් බමුණාගේ ගෙදර ඉන්නවා ඇති කියල හිතල රජතුමා මිලිටරි ඉන්ටලිජන්සිය යවල චෙක් කරලා බලනවා. බලන කොට රජතුමා හිතපු විධිහ හරි. ගෑනු ළමයෙක් ඉන්නවා නේන්නම්.

රජතුමා එන්න කියනවා ගෑනු දැපනේ දාගන්න දක්ෂ පිරිමි gigolo (ගිගොලෝ) (ජි මල්ලි කියමු ) කෙනෙකුට. දෙනවා මේ ගනු දරුවාව වරදේ පොලම්බවගන්න කොන්තරාත්තුව. පොරත් ගිහිල්ල අර බමුණු මාලිගාව ගාව සුවඳ විලවුන් විකුණන කඩ කෑල්ලක් ප්‍රාදේශීය සභාවට පගාවක් දීල අරගෙන (නැත්නම් ඕව එකපාරටම ගන්නත් බෑනේ ) මල් නුයි (අර මල් නෙමේ) සුවඳ කුප්පියි විකුනනවා. අර බමුණු ගෙදර පොඩි කෙල්ලගේ ටිකක් වයස සේවිකාවත් මෙතනින් යනව එනවා. දවසක ජි මල්ලි අර සේවිකාවගේ දෙපතුල ළඟ වැටිලා කියනවා “මේ ඉන්නේ මගේ අම්ම. මම අම්මව හොයා ගත්ත වගේ කියල” හෙන රංගනයක් දාල සේවිකාව රවට්ටනවා. ඊට පස්සේ අර සේවිකාවට නිකන් මල්, සුවඳ කුප්පි දෙනවා ගොඩක්. බමුණාගේ කෙල්ල අහනවා දවස් කීපයක් ගියාම සේවිකාවගෙන් මෙච්චර මල්, සුවඳ කුප්පි ගන්න බමුණා දැන් වැඩිපුර සල්ලි දෙනවද කියල. සේවිකාව කියනවා මොන පිස්සුද දිගු කලක් නැතිව හිටි මගේ පුතා ඇවිත් අර කඩේ දාගෙන ඉන්නවා. එයා මට මේවා නිකන් දෙන්නේ කියල. කෙල්ලට ටක් ගාල පැහැදීමක් ඇතිවෙනවා වැඩේට. මේ අතරේ ජි මල්ලි හෙන දුක මුණක් දාල සේවිකාවට කියනවා පොරට කෙල්ල ගාවට යන්න ඕනේ නැත්නම් මම ලිඳේ පනිනවා, වතුර බීල මැරෙනවා , අස්ස කෝච්චියකට පැනල මැරෙනවා ඔන්න ඔහොම. පස්සේ සේවිකාව පොඩි මායමක් දාල පොරව ඇතුලට ගන්නවා. ජි මල්ලි අර ගෑනු ලමයව වරදේ පොළඹව ගන්නවා. ඒ මදිවට දවස් කීපයක් කෙල්ලගේ කාමරේ ලැගල කෙල්ලට කියනවා බමුණට ටොක්කක් දෙන්න ඕනේ කියල. කෙල්ල බමුණා ඉස්සරහ නැටුමක් දාන්න ඕනේ කියල ඉල්ලලා , පස්සේ ලැජ්ජයි කියල බමුණාගේ ඇස් රෙදි කඩකින් බඳිනවා. බමුණා බට නලාව වයන අතරේ ජි මල්ලි ඔටු මොල්ලියක් වගේ උඩට ඉදිමිලා එන්න බමුණු ඔළුවට දඩ ටොක්කකුත් දෙනවා. බමුණා කෙල්ලගේ අත අල්ලලා කියනවා , ඔබේ අතනම් සුමුදුයි මගේ පණ , නමුත් පහරට දැස නිලංකාර වුණා කියල.

ජි මල්ලි ගිය වැඩේ සාක්ෂාත් කරගෙන රජතුමා හම්බ වෙලා ගිහිල්ල සම්පුර්ණ රිපෝර්ට් එක ෆයිල් කරනවා. ඊළඟ දවසේ දාදු සෙල්ලමේදී රජතුමා සුපුරුදු පරිදි ශ්ලෝකය කියනවා. බමුණා කියනවා නැහැ මගේ කෙල්ල සුචරිතයි කියල. රජතුමා කින්ඩි හිනාවක් දාල අර අල්ලස් කොමිසමේ ෆයිල් ඇමතිවරු අතට දීල කටවල් ලොක් කරනවා වගේ, රජතුමාගේ ඔපරේෂන් ගිගොලෝ එකේ වාර්තාව බමුණට දෙනවා.
ඇස් බැඳලා නටන සීන් එකේ ඉඳන් ඔළුවට ටොක්කක් අනපු එකත් කියල රජතුමා කියනවා කිසිම ගැහැණියෙක් එක මිනිහෙකුට විතරක් විශ්වාසයෙන් ඉන්නේ නැහැ කියල. (ජාතක කාරයට මෙතැනදී අමතක වෙනවා අර ගිගොලෝ ගැනයි, රජ තුමාගේ අන්තඃ පුරෙයි .)

බමුණා ගේම පැරදිලා හන්දියේ බාර් එකක ෂොට් එකක් දාගෙන ගෙදර ගිහින් කෙල්ලත් එක්ක වලිය ඇද ගන්නවා. කෙලිත් අත අරින්නේ නැහැ. කියනවා, ගිනි මාලයක් ගහපන් මට පනින්න. මම වෙන පිරිමියෙකුගේ අතින් අල්ලල තියෙනවනම් මව පිච්චිලා මැරෙන්න ඕනේ. ඊට පස්සේ අර සේවිකාව හරහා පණිවිඩයක් අරිනවා අර ජි මල්ලිට ඇවිත් පනින්න කලින් අතින් අල්ලන්න කියල.

andabhutha1

පොරත් මොන වුනත් ඇවිත් ඒක කරනවා. බමුණා හැබැයි ඒත් කෙල්ලව එලවනව.

මේ ජාතක කතාවේ ඊට පස්සේ තියන දේවල් ලිව්වොත් ගෑනු ළමයි ගහයිද දන්නේ නැහැ මට . “ගැහැණුන්ගේ දරුණු කම වටහා ගන්න. ඔවුන් හැම අපරාධයක්ම කරති. , තමන්ගේ ස්වාමියාට දිවුරා පොරොන්දු දී ඒවා කඩ කරති. හදවත් නැති ගැහැණුය ඔවුන්. වරදෙහි බැඳෙති හොර රහසේ” ඔන්න ඔය වගේ. අර එක ආගමක කට්ටියක් තමන්ගේ ගෑනුන්ට මුළු ඇඟම වහගෙන යන්න කියනවා. එයාලගේ අහවල් එක කැළඹෙයි කියල බයට.

ඉතින් කල්පනා කරලා බලන්න පින්වතුනී, අර කවුද කියනවා ග්‍රීස් ගාමිණී අර පොඩි දරුවා පැහැරගෙන තියෙන්නේ ෆේස්බුක්, යු ටියුබ්, නිල් චිත්‍රපටි බලල කියල. ඒකගේ ගෙදර ෆොටෝ පත්තර වල ගියානේ . මට නම් හිතුනේ යු ටියුබ් තියා එස්ලෝන් ටියුබ් එකක්වත් නෑ කියල ඒ ගෙදර නම්.

නමුත් මේ පුතය අම්ම එක්ක පන්සල් යන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ. ජාතක කතා , කවි බන අහන්න ඇති. පොරට හිතෙන්න ඇති බමුණා කලා නම්, ඒකට අනිත් උන් සාදුකාරත් දෙනවනම් මන් කලාම මොකද වෙන්නේ කියල.

මේ අතරේ තව අහිංසක පුත්තු සුද්දන්ට , මේ බ්‍රිතාන්‍ය කාරයන්ට , ගහනවලු මරනවලු. සමහර වෙලාවට කියල දීපු විධිහට ගහන්න ගියාම මේ වනචර සුද්දොත් ගහනවලු ගුටි කාල ඉන්නේ නැතුව.

මොන ජාතකෙන්ද ඒක කියල දුන්නේ කියල හොයන කොට දැන ගන්න ලැබුණා , මන්ගම්වල පිලය කියන ඇමැත්තෙක් සුද්ද නිසා නාය යනවා කියල අලුත් විද්‍යාත්මක නීතියක් හොයා ගෙනලු. සුද්ද ගිහිල්ල අවුරුදු 66ක් වෙනවා. ඊට පස්සේ ආපු එවුන් අහවල් කෙන්ගෙඩියක්ද කලේ එහෙම නම්. මම දැකල තියනවා තේ වතුවල යටම පැත්තේ ගල් බැමි බැඳලා තියනවා. පාංශු ඛාදනය වලක් වන්න. සුද්ද වැරදියි කියමු. එත් ඇමති ලට පඩි ගෙවන්න එන සල්ලි ලැබෙන්නේ පිට රට යවන තේ වලින්. සුද්ද ට යවන ගාමන්ට් කෙල්ලෝ මහන ඇඳුම් වලින්. ඒ නිසා ඇමතිලා පඩි වර්ජනය කරලා ආදර්ශයක් දෙන්න ඕනේ. නැත්නම් මේ අහිංසක ළමයි සුද්දන්ට ගහල ගුටි කන්න ඕනය.

මේ ජාතක කතාවේ අවවාද:

රජුන් සමග දාදු කෙළියට යාම සුදුසු නැත .
නාය යෑම වැළැක්වීමට නම් සුද්දන්ට ගහන්න.

උපුටා ගැනීම – http://kolambagamaya.blogspot.co.uk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල